Somawathi Raja Maha Viharaya සෝමාවතී රජ මහා විහාරය

Somawathi Raja Maha Viharaya සෝමාවතී රජ මහා විහාරය

0272 050 000

Location

Call

0272 050 000

සෝමාවති පුදබිම

සෝමාවතී චෛත්‍යය වන්දනා කිරීමට බෞද්ධයන් තුළ ඇත්තේ මහත් කැමැත්තක් .රටේ බොහෝ පළාත්වලින් වන්දනා නඩ දාගැබ වැඳීමට කිරි පිඩු පූජා කිරීමට පැමිණෙනවා ඒ නිසා සෑම දිනකම වාගේ පන්සල පිහිටි විශ්‍රාම විශ්‍රාම ශාලා බැතිමතුන්ගෙන් පිරී පවතිනවා .
මෙම දාගැබ පිහිටා තිබෙන්නේ මහ වනාන්තරය මැදයි. එය සෝමාවතී ජාතික වනෝද්‍යානයට අයත්වෙනවා. කොළඹ සිට පොලොන්නරුව හරහා සෝමාවතියට ඇති දුර කිලෝමීටර් 244ක්. පොළොන්නරුවේ සිට දුර කිලෝමීටර් හතළිස් එකක් . මෙම මාර්ගය ගංවතර කාලයට යට වෙනවා. ඒ මහවැලි ගංගා උතුරා යාම නිසයි. ඒ වගේම දාගත් මලුවත් යට වෙනවා .අධික වර්ෂා කාලවල දී මෙම දාගැබ වන්දනාමාන කිරීමට නොහැකි තරම් ය .
කාන්තාවකගේ නමකින් ඉදිව ඇති ලංකාවේ ප්‍රධාන ස්තූප දෙකකින් එකක් ලෙස ඓතිහාසික සෝමාවතී මහා සෑය හැඳින්වීමට පුළුවන්. ලංකාවේ මහා ස්තූපය වූ රුවන්වැලි මහා සෑරදුන් ස්වර්ණමාලී මහා සෑය වශයෙන් දෙවගනක නමින් හැඳින්වීම ද කාන්තා නමක් සඳහන් වීම දැක්විය හැකිය .

ඉතිහාසකතාව

රාජ්‍ය වර්ෂ පූර්ව දෙවැනි සියවසේ දී සෝමා නමින් නුවර සෝමාවතී මහා සෑය ඉදිකරන ලද්දේ ගිරි අභනම් රජෙක් විසින් බව ධාතුවංශයේ සඳහන් කරනවා. කැලණියේ පාලකයා වූ ශිව රජු තම බෑනා වූ අභයරාජ කුමාරයාට කාවන්තිස්ස රජුගේ සොහොයුරිය වූ සෝමා කුමරිය විවාහ කර දුන්නා. මේ විවාහයෙන් පසුව කාවන්තිස්ස රජු අභය කුමරුට මාගම ආසන්නයේ වූ ගිරි නුවර පාලනය බාර දුන්නා. ඒ නිසා අභය ගිරිඅභය වුණා. ඉන්පසූ කාවන්තිස්ස රජු දුටුගැමුණු කුමරුගේ ආරක්ෂාව සඳහා ඔහු ගිරි නුවරට පිටත් කර යැව්වා. පසු කලෙක ගැමුණු කුමරු සමඟ ඇතිවූ ආරවුලක් නිසා අභය රජු තම බිසව වූ සෝමා දේවිය සමඟ සේරුනුවර තම හිතවත් ශිව රජුගේ පාලන ප්‍රේදේශයට පිටත් වුණා.ශිව රජු හා අභය රජු හමුවීම ඉතා මිශ්‍ර මිත්‍රශීලී වුණා. ශිව රජතුමා පසුව ගිරි අභය රජතුමාට තම රාජධානිය සුදුසු භූමියක් සොයා දීමට වෙහෙස වුණා. මහා වාලුකා නදිය අසබඩ විල්වලින් තණ පිට්ටනි වලින් යුක්ත වූ මනෝරත්න වූ භූමියෙහි ගිරි අභය රජු රාජධානිය ගොඩ නැඟුවා. රාජධානියට ගිරි අභය රජතුමා තම දේවියගේ නමින් සෝමා නුවර ලෙස න්ම් තැබුවා.
ඉන්පසුව ද පසුව දේවියගේ ඉල්ලීම වූයේ රාජධානියට අඩුවක්ව පවතින දාගැබ්ක් හා විහාරයක් ඉදි කර දෙන ලෙසටයි.
රජු මහා දාගැබක් ඉදි කිරීමට ආරම්භ කළා තුන්මහල් පේසාව දක්වා ස්තූපය ගොඩනැගෙන විට නුදුරින් බණ භාවනා කළ මහින්ද නම් තෙරුන් වහන්සේ අවශ්‍ය ධාතුන්වහන්සේ එයි නිදන්කිරීමට බාර දුන්නා. මේ මහාර්ඝ සර්වඥ සර්වඥධාතුවක් වූ බුදුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ වීම සුවිශේෂී කරුණක්. රජු මේ දාගැබටත් තම බිසව සිහිපත් කිරීමට සෝමාවතී යන නම ලබා දුන්නා. එසේ සිදුවූයේ මීට වසර දෙදහස් එකසියකට පමණ පෙරදීය. ඒ වනවිට ලක්බිමේ මහා සෑය වන රුවන්වැලි සහය හෝ හෝ ඒ ආසන්නයේ වූ සේරුනුවර ස්තූපයත්වත් ඉදිවී තිබුණේ නෑ .
ඉන්පසුව යුගයේදී කූඨකණ්ණ තිස්ස , මහාදාධික්ස් මහා නාග, ආමන්ඩ ගාමිණී අභය, කනිෂ්ඨ තිස්ස ආදී රජවරුන්ගේ රාජ්‍ය අනුග්‍රහය සෝමාවතී චෛත්‍යයට ලැබුණු බව වංශකතා හා සෙල්ලිපි ආදිය හෙළි වෙනවා. අනුරාධපුර යුගයෙන් පසුව ජනාවාස වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීමෙන් මෙම ප්‍රදේශය ජනශූන්‍ය වුණා. රාජධානියේ ගොඩනැගිලි මෙන්ම විහාර ආරාම ද වනයට යට වුණා. ඉන්පසුව මෙම පුදබිමේ වන වනසතුන්ගේ කෙළිබිමක් බවට පත්ව සියවස් ගණනාවක් පැවතුණි.

නැවත සොයා ගැනීම්

පරම්පරාගත ජනප්‍රවාද අනුවත් ධාතුවංශයට අනුවත් දකුණු දළදා වහන්සේ නිධන් කර තිබෙන සෝමාවතී දාගැබ බව මහනුවර මල්වතු මහා විහාරය කාරක සංඝ සහිත සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දැන ගත්තා. උන්වහන්සේ විසින් 1947 අගෝස්තු 29 වන දින අංක 9760 දරන රජයේ ගැසට් නිවේදනයෙන් එවකට ඉංග්‍රීසි ආණ්ඩුවේ සිටි හෙන්රි මුවන් මහතාගෙන් සෝමාවතී චෛත්‍ය හා ඒවට භූමි භාගයක් ලබා ගත්තේ එය නැවත බොදුව්ග්න්ගේ අතර පත් කිරීමටයි. 1948 පොසොන් පුර පසළොස්වක පොහොය දිනය කැළය කැපීම දාගැබ අවට එළි කිරීම ආදී කටයුතු ශ්‍රමදානයකින් ආරම්භ කළා එතැන් පටන් සැදැහැවතුන් පොළොන්නරුවේ සිට සුංගාවිලට පැමිණ වන මැදින් දිවෙන දුෂ්කර මාර්ගය ගෙවා පාගමනින් චෛත්‍යරාජයා වෙත ළඟා වුණා.
1963 වන විට සෝමාවතී චෛත්‍ය වර්ධන සමිතියක් පිහිටුවාගෙන දාගැබ ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු සූදානම් කෙරුණා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දාගැබ් කැණීම් කටයුතු ආරම්භ කළා. ඒ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ ගේ ප්‍රධානත්වයෙන්. මෙම කැනීම්වලදී අවස්ථා කිහිපයක දී ප්‍රතිසංස්කරණය ගැන හෙළි වුණා. ඒ අවස්ථා අදත් නරඹන්නට දැකබලා ගැනීමට හැකිවන සේ දාගැබ් ගර්භයේ ප්‍රතිසංස්කරණය නොකර ඉතිරි කර තිබෙනවා. පුරාවිද්‍යා කැණීම්වලදී සඳකඩ පහණ, සිරිපතුල් ගල් ,මලසුන් ගෙවල් ආදී නටබුන් රැසක් හමු වුණා .
එදා භික්ෂූන් වහන්සේ වැඩ සිටි සංඝාරාම කිහිපයක නටබුන්ද අවට දක්නට ලැබෙනවා. ඒවා වනයට යට වී ගල් කුණු පමණක් මතුවී පෙනෙනවා. සමහර විශාල ගල් කණු සහිත ගොඩනැගිලි දෙමහල් ව පවතින්නට ඇති බව පුරා විද්‍යාඥයන් අනුමත කරනවා. මලුවට අඩි හයසියයක් පමණ දුරින් පැරණි ගඩොල් ප්‍රාකාර බැම්මක් අවශේෂ දක්නට ලැබෙනවා. මේහි කොටස් පමනක් සංරක්ෂණය කර තිබෙනවා. පුරාණ දාගැබට අයත් ඡත්‍ර ගල් සහ යූප කණුව ද අද දැක ගත හැකිය.

ප්‍රතිසන්ස්කරන

දාගැබේ ධාතු නිධානෝත්සවය පැවැත්වූයේ පැවැත් වූයේ 1974 වර්ෂයේදී ය. සියලු ප්‍රතිසංස්කරණ කාර්යය නිම කරවමින් නැවත කොත් පැළදවීමේ උත්සවය සිදුවූයේ සිදු වූයේ 1981 ජූලි 4 වැනිදා එවකට ජනාධිපතිව සිටි ජේ ආර් ජයවර්ධන මහතා අතිනනි. ඊට පසුව බොහෝ බැතිමතුන් සෝමාවතිය වන්දනා කිරීමට යාමට පටන් ගත්තා. නමුත් ටික කලකින් හටගත් ගත් කොටි ත්‍රස්තවාදී උවදුර නිසා මෙම පුදබිම වන්දනා කිරීමට බාධා එල්ලවුණා. 1987 වර්ෂයේදී එසේ කොටි ප්‍රහාරයක් එල්ල වුනා අවට ගම්මානවල විශාල පිරිසක් කොටි ඝාතනය කළා. මෙම හේතූන් නිසා මෙම පුදබිම නැවතත් ජනශූන්‍ය ප්‍රදේශයක් බවට පත් වුණා .
1987 දෙසැම්බර් 15 වන දින තස්ත්‍රවාදීන් දාගැබ චූඩාමාණික්‍යය ගලවා දමා චෛත්‍ය ගර්භය අඩි අඩි 11 හමාරක් පමණ sara නිදන් sewwa. මෙම චූඩාමාණික්‍ය සොයා ගැනීමෙන් පහසු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයේ සුරක්ෂිතව තිබී 2002 ජුනි 19 දින නැවතත් පැළඳුවා.
2009 වසරේ කොටි ත්‍රස්තවාදීන් පරාජය කළ පසුව නැවත විශාල වශයෙන් බැතිමතුන් සෝමාවතිය වැඳපුදා ගන්නට යාමට පටන් ගත්තා. මෑතක දී බොරුලු පාරක් වශයෙන් පැවැති මාර්ගය කොන්ක්‍රීට් යොදා සකස්කර තිබෙනවා. සෝමාවතිය අසල මහවැලි නදියේ පාලමක් ඉදිකර ඇති නිසා දැන් සේරුවාවිල දක්වා පහසුවෙන් යාමට අවස්ථාව ලැබෙනවා .
පූජා භූමිය පිහිටා ඇත්තේ වනාන්තරය මැද නිසා විවිධ වන සතුන් පූජා පූජාභූමිය වටේ පූජාභූමිය වටේ සැරිසරනවා.සෝමාවතිය චෛත්‍ය සමීපයෙන් සිත් සේ සැරිසරන වන අලි වන්දනාකරුවන් පිනවන දසුනක් වෙලා. වන්දනාකරුවන්ගේ ආරක්ෂාවට දැන පූජා භූමියට අලි වැට සකස් කර තිබෙනවා.
සෝමාවතියේ සෑරදුන් යනු බෞද්ධයන්ට ඉතාමත් වැදගත් සිද්ධස්ථානයක්
උපුටාගැනීමකි……

සෝමාවතී සෑය

සිරිලක එක්‌සේසත් කළ දුටුගැමුණු මහරජුන්ගේ පියාණන් වන කාවන්තිස්‌ස නිරිඳුන් විසින් අප සම්බුදුරජුන්ගේ ලලාටධාතුව නිධන් කොට සේරුවිල මංගල මහා සෑය කරවන ලද්දේය. එකල මහවැලි ගං මෝය අසබඩ වූ තැනිතලා ප්‍රදේශය සශ්‍රීක වූ ජනී ජනයාගෙන් පිරීගිය සමෘද්ධිමත් රාජධානියක්‌ විය. ඒ අවදියේ ම කැලණියේ සිව රජුගේ බෑණනුවන් වූ අභය කුමරු සමග කාවන්තිස්‌ස රජුගේ නැගණිය වන සෝමවතී දේවිය විවාහපත් වූවාය. දකුණේ ගැමුණු කුමරුගේ බලය වැඩෙමින් තිබීමත් සමගම ගිරි අබා කුමරු සෝමාවතී දේවිය එවකට සේරු නුවර රජකළ සිව රජු වෙත ගියහ. සිව රජුගෙන් මහවැලි නදිය අසබඩ ඉතා සශ්‍රීක වූ ප්‍රදේශයක්‌ ඔවුනට තෑගි වශයෙන් ලැබිණි. එම ප්‍රදේශය ලැබුණේ සෝමවතී දේවියට බැවින් ගිරිඅබා කුමරු විසින් අලුතින් ගොඩනැගූ නුවරට නම් තබන ලද්දේ සෝම නුවර වශයෙනි.

සෝමවතී දේවිය තෙරුවන් කෙරෙහි මහත් සැදැහැයෙන් යුතු බෞද්ධ මහෝපාසිකාවකි. ඕ තොමෝ සැමට යහපත පිණිස දාගැබක්‌ සහිත විහාරයක්‌ කිරීමට අදිටන් කරගත්තාය. තම ස්‌වාමියා වන ගිරිඅබා කුමරුට ද එය යෝජනා කළාය. මහත් සේ සතුටට පත් වූ කුමරුන් රහතන් වහන්සේලා හැට නමක්‌ වැඩම කොට දන් පැන් පිළිගන්වා දාගැබක්‌ සහිත වූ විහාරය සෑදීමේ අදහස ඉදිරිපත් කළේය. රහතන් වහන්සේලාගේ සම්පූර්ණ ආශිර්වාදය ලැබුqණි

එකල ලක්‌දිව සඟ පරපුර නිර්මලව පැවති අවදියකි. අරිට්‌ඨ මහරහතන් වහන්සේගේ සිසු පරපුරෙන් පැමිණි මහාදේව මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වූ මහින්ද නම් එක්‌තරා රහත් තෙරුන් වහන්සේ නමක්‌ ළඟ සර්වඥයන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ සුරැකිව තිබිණි. මෙය දැනගත් ගිරිඅබා රජු සහ සෝමවතී බිසව අලුත් දාගැබෙහි තැන්පත් කිරීම පිණිස ධාතුන් වහන්සේ නමක්‌ ලබාදෙන මෙන් මිහිඳු තෙරුන්ගෙන් ඉල්ලා සිටියහ. මහත් සතුටට පත් මිහිඳු රහතන් ප්‍රධාන ඒ උතුම් සඟරුවන තමන් මෙතෙක්‌ කලක්‌ භක්‌ත්‍යාදරයෙන් සුරැකි ඒ දකුණු දළදා වහන්සේ ගිරිඅබා රජුට දුන්සේක. මහත් ප්‍රීතියට පත් රජතුමාත්, සෝමවතී බිසවත් රහතුන්ට වැඳ නමස්‌කාර කරමින් චෛත්‍ය කර්මාන්තය පටන් ගත්හ. දකුණු දළදා වහන්සේ නිදන් කොට තැන වූ එම චෛත්‍යරාජයාගේ සියලු කටයුතු සෝමවතී දේවියගේ මූලිකත්වයෙන් කළ හෙයින් සෝමවතී චෛත්‍ය යන නාමය ලැබිණි.

තත්කාලීන සෙල්ලිපිවලින් මෙම විහාරය හඳුන්වනු ලබා ඇත්තේ “මණිඅගිය” නමිනි. එහි තේරුම අනඟි මැණික යනුයි. මෙය එකල සකල විහාරාංගයන්ගෙන් පරිපූර්ණ වූ සිද්ධස්‌ථානයකි. පොහොය ගෙවල්, විහාර, සක්‌මන් මළු, භාවනා කුටි, පැන් පොකුණු, පුෂ්පාරාම, ඵලාරාමයන්ගෙන් සමලංකෘතව තිබුණි.

ක්‍රි.ව. 10 වන සියවසේ දකුණු දඹදිව උමතු සිව බැතිමත් රජවරුන්ගෙන් එල්ල වූ ආක්‍රමණයෙන් හටගත් බෞද්ධ සිද්ධස්‌ථාන සංහාරය නිසා ක්‍රමක්‍රමයෙන් මෙම ප්‍රදේශ වල් බිහිවී වනාන්තර ගත වෙන්නට විය. කාලයාගේ ඇවෑමෙන් මහවැලි නදියේ ගලාබස්‌නා රටාව ද වෙනස්‌ව ගියේය. එකල මහවැලි නදියට නැගෙනහිරින් වූ සෝමවතිය දැන් පවතින්නේ මහවැලි නදියට මෙපිටිනි. එයට හේතුව නම් නදියෙහි ගලා බස්‌නා ආකාරය වෙනස්‌ වීමයි. අද චෛත්‍ය රාජයා වෙත යන මාර්ගය පවා වැටී ඇත්තේ පැරණි මහවැලි ගඟ ගැලූ ප්‍රදේශ ඔස්‌සේය.

කලක්‌ තිස්‌සේ වල්බිහිවී වනාන්තර ගත වී තිබුණු මෙම ප්‍රදේශයෙහි පිහිටි සෝමවතී දාගැබ පිළිබඳව තොරතුරු පැතිර ගියේ මෙහි ඇති හාස්‌කම් නිසාවෙනි. මෙම දාගැබෙන් බුදුරැස්‌ විහිදීමත්, අනේක වූ දිව්‍යභේරි නාදයන්ගේ රාවයන් නිකුත් වීමත් ආදී ප්‍රාතිහාර්යයන් ගැන අසන්නට ලැබී මෙම දාගැබ සොයා පළමුවෙන්ම පියවර තබන ලද්දේ සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමියන් ඇතුළු පිරිස විසින් 1947 දීය. උන්වහන්සේලා අලි, කොටි, වග වලසුන්ගෙන් ගහණ මහ වනයට පිවිස කෙමෙන් කෙමෙන් වන ගැබ තුළට පිවිසෙද්දී වනයේ අතරමං වූහ. කිසිවක්‌ කරගත නොහැකිව ත්‍රාසයට පත්ව සිටි ඒ අවස්‌ථාවෙහි ඈතින් අහසට ආලෝක ධාරාවක්‌ විහිදෙනු දැක එය ඔස්‌සේ මහාසෑය තිබුණු ප්‍රදේශය සොයාගන්නා විට රාත්‍රි 11 පමණ වී තිබිණි. ඔවුහු අපමණ බුද්ධාලම්භන ප්‍රීතියට පත්වූහ. තමන්ගේ නෙත් ඉදිරියේ දිස්‌වන්නේ හුදෙකලා ඝෝර වනයක කුඩා කඳුගැටයක්‌ මෙන් දිස්‌වෙන ගරා වැටුණු සෑයෙන් අහසට විහිදෙන බුදුරැස්‌ මාලාවන්ය. තුනුරුවන් වැඳ, පිරිත් කියා මහා සෑය ප්‍රතිංස්‌කරණයට අදිටන් කරගත් උන්වහන්සේලාට ඒ මහාසෑය ඇතුළින් හේවිසි හඬ ද ශ්‍රවණය කරන්නට ලැබුණි.

සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සෝමාවතියේ චෛත්‍ය ප්‍රතිසංස්‌කරණය ආරම්භ විය. ක්‍රම ක්‍රමයෙන් මහාසෑයේ පිළිසකර කටයුතු අවසන් වෙමින් තිබිණි. 1991 ජූලි මස 4 වැනි දින මහාසෑයේ කේතුපළන්දන මහෝත්සවය කළ වේලෙහි එහි පැමිණ සිටි ලක්‍ෂ සංඛ්‍යාත පිරිස මවිතයට පත්කරමින් දුටුදුටුවන්ගේ සිත් සතන් බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔකඳ කරවමින් සෝමවතී මහාසෑයෙන් බුදුරැස්‌ විහිදෙන්නට පටන් ගත්තේය. මෙම දර්ශනය මිනිත්තු 45 ක්‌ පමණ තිබුණි.

1983 හටගත් ජූලි කලබල වලින් පසු යළිත් සෝමවතිය හුදෙකලා වන්නට විය. බෞද්ධ ජනතාවගෙන් තොරවූ මෙම ප්‍රදේශයෙහි චෛත්‍ය රාජයාට වන්දනාමාන වතාවත් කිරීම එහි වැඩසිටින භික්‍ෂූන් වහන්සේලා විසින් කරන ලද්දේ ඉතා දුෂ්කරතා මධ්‍යයේය. කොටින්ම යන්නට පාරක්‌ තොටක්‌ නොමැති, අලි, කොටි, වලසුන්ගෙන් ගහණ සෝමාවතිය වෙත ළඟාවීමට බොහෝ දුක්‌ වින්ද යුතු විය. සෝමාවතී මහා සෑය වෙනුවෙන්ම තම ජීවිතයම පූජා කළ සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වීමෙන් පසු එහි භාරකාරත්වයට පත් පහමුණේ ශ්‍රී ගුණානන්ද අනුනායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ අප්‍රමාණ ශ්‍රද්ධා භක්‌තියකින් යුක්‌තව මෙම චෛත්‍යරාජයාණන් වහන්සේගේ ආරක්‍ෂාවත් අභිවෘද්ධියත් උදෙසා මුළු ජීවිතයම කැපකළ සේක. උන්වහන්සේ අපවත්වීමෙන් පසු උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය වූ පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සෝමාවතී චෛත්‍යරාජයාණන් වහන්සේගේ අභිවෘද්ධියත්, ආරක්‍ෂාවත් උදෙසා මහත් ශ්‍රද්ධාවකින් කැප වී සිටින අයුරු ලක්‌වැසි සියලු භික්‍ෂූන් හට උදාර ආදර්ශයක්‌ සපයයි.

වරින් වර කොටි ත්‍රස්‌තවාදීන්ගේ ප්‍රහාරයන්ට මහාසෑය ලක්‌විය. එක්‌වතාවක්‌ මහාසෑය සාරා තිබුණි. තව වතාවක්‌ කොත ගලවා තිබිණි. සිංහල බෞදAධයන්ව ද ඝාතනය කර තිබිණි. මහාසෑය පිහිටි ප්‍රදේශයට යැම භීතියෙන් සිත් කළඹවන තරම් දරුණු දෙයක්‌ බවට ත්‍රස්‌තවාදීන් විසින් පත්කොට තිබුණි. නමුත් ඒ කිසිවකින් බුදුරැස්‌ විහිදෙන මහාසෑයට හානි කළ නොහැකි විය.

2008 වසරේ මම සෝමවතී මහා සෑය වන්දනා කරන්නට ගියෙමි. 2008 පෙබරවාරි මස ස්‌වර්ණමාලි මහාසෑය වන්දනාව බඳු වන්දනාවක්‌ කිරීමට සෝමාවතියේද හැකියාවක්‌ ඇත්නම් කෙතරම් අගේදැයි අපට සිතුණි. මහා සෑය වන්දනා කොට මල් පුදා, දම්සක්‌ පැවතුම් සූත්‍රය සඡ්Cධායනා කොට දෙවියන්ට පින් දී අප විසින් ප්‍රාර්ථනා කරන ලද්දේ සිරිලක වනසන බියකරු ත්‍රස්‌තවාදය ඉක්‌මනින් නිමාවක්‌ දකින්නට අවස්‌ථාවක්‌ අපට සලස්‌වාදෙන ලෙසයි. ත්‍රස්‌තවාදී භීෂණය දුරු වූ විට සෝමාවතී මහාසෑ වන්දනාවක්‌ කරන බවට චෛත්‍ය රාජයාණන් වහන්සේට වන්දනා කොට ප්‍රාර්ථනා කළෙමි. තිස්‌වසරක්‌ පුරාවට පැවති බිහිසුණු ජාතිවාදි ත්‍රස්‌තවාදය අවසන් වූයේ ලක්‌වාසීන්ගේ වාසනාවටය.

මහාසෑ වන්දනාව පිළිබඳව සාකච්ඡා කිරීමට අප ගොස්‌ දවල් දෙකට පමණ පහමුණේ ශ්‍රී සුමංගල ස්‌වාමීන් වහන්සේත් සමග මහා සෑ වන්දනා කොට පිරිත් කියා මෙම වෙසක්‌ මාසයේ 8 වැනි සෙනසුරාදා සෝමාවතී මහා සෑ වන්දනාවක්‌ සංවිධානය කිරීමට ආශිර්වාද ලබාගන්නා වේලෙහි අප සියලු දෙනා මවිතයට පත් කරමින් මහා සෑයෙන් රැස්‌ විහිදෙන්නට විය.

අතීතයේ ශ්‍රී විභූතිය සිහිකරමින් ශෛලමය ආසනයක්‌ මත තැන්පත් කෙරුණු අඩි නවයක්‌ උසැති ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්‌ එදිනට පූජා කෙරෙනු ඇත. මහාසෑයට නිරතුරුව සුවඳ දීම පිණිස පිච්චමල් පඳුරු පනහකින් සමන්විත සුවිශාල මල් පෝච්චි පනහක්‌ මහා සෑය වටා පිදෙනු ඇත.

දැනට සෝමාවතිය වනාහි අති දුෂ්කර වූ ප්‍රදේශයකි. එහි පානීය ජලය මෙන්ම සනීපාරක්‍ෂක සේවාවන්ද, නවාතැන් පහසුකම්ද, ආහාරපාන ආදිය සොයාගැනීම ද නොහැකිය. ඒනිසා සෝමාවතී වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් උදෙසා සිසිල් ජලය, ආහාර පාන ආදියෙන් දන්සල් පවත්වා පින් කිරීමට කැමැති පින්වත්හු ඒ සඳහා සිත යොදත්වාෘ පින්වත් ජනාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් සහ සහයෝගයෙන් කෙරෙන මෙම උතුම් වන්දනාව ගෞතම බුදුරජුන්ගේ ධාතූන් වහන්සේලාගේ අනුහස්‌ පැතිරූ සිරිලක පුරා සෙත ශාන්තිය, සෞභාග්‍යය හා සාමය පැතිරීමට හේතුවේවා
දිවයින පුවත්පත අැසුරෙනි

සෝමාවතී කතා වස්තුව මෙසේ දිග හැරෙන වගයි………

ලාංකික බෞද්ධ බැතිමතුන්ගේ මුදුන් මල්කඩක් බඳුවූ ඓතිහාසික සෝමාවතී චෛත්‍ය රාජයා‍ණන් වහන්සේගේ පුරාතන කතා වස්තුව මේ වෙසක් පුන් පෝදා අපි මෙසේ දිග හරිමු.

මහාවංශය, සිංහල ධාතු වංශය, පාලි ධාතු වංශය, ජිනකාලමාලි ආදී ‍ඓතිහාසික ග්‍රන්ථවලින්ද පුරාවිද්‍යාත්මක ගවේෂණයන් ගෙන් සොයා ගත් නටඹුන් හා සෙල්ලිපිවලින් සෝමාවතී චෛත්‍යරා‍ජයා හා සෝමාවතී ප්‍රදේශය පිළිබඳ කරුණු අනාවරණය වේ.
ඓතිහාසික ග්‍රන්ථවල සඳහන් පරිදි රුහුණු, මායා, පිහිටි වශයෙන් කොටස් 03කට බෙදුණු ශ්‍රී ලංකාවේ රුහුණු ප්‍රදේශයට සම්බන්ධ ගිරි, සෝම,සේරු, ලෝණ නගර යනුවෙන් රාජ්‍ය 04ක් තිබූ බව ධාතු වංශයේ සඳහන් වේ.

එකල රුහුණු මාගම්පුර රජ කළ කාවන්තිස්ස මහරජුගේ නැගණිය වන සෝමාවතී දේවිය, කැළණියේ තිස්ස හෙවත් ශිව රජුගේ බෑනා වූ අභය කුමරු සමඟ විවාහ වී ගිරි නුවර වාසය කළාය.

දු‍ටුගැමුණු කුමරුගේ පැමිණීමත් සමඟ ඇතිවූ අමනාපයෙන් අභය කුමරු ගිරි ජනපදය අතහැර සෝමාවතී දේවිය සමඟ සේරු නුවර ශිව රජු වෙත ගිය බවත්, ඔහුගෙන් පරිත්‍යාග වශයෙන් ලැබුණු මහවැලි ගඟ අසබඩ සෝමපුරය නමින් රාජධානියක් කොට පාලනය කළ බව ධාතුවංශය හා ජිනකාල මාලිනියෙහි සඳහන් වේ.

එනමුත් මේ පිළිබඳව තොරතුරු සොයා යාමේදී හමුවූ තවත් පුවතක් නම් කාවන්තිස්ස රජතුමා ස්වකීය පුතණුවන් වන දුටුගැමුණු කුමාරයා උතුරේ 44 වසක් රජ කළ එළාර රජතුමාගෙන් වන උවදුරුවලින් ආරක්ෂා කර ගැනීමේ හා අනාගත සුරක්ෂිතතා‍වය සඳහා ස්වකීය නැගණිය වන සෝමාවතී දේවිය සමීපයට අප්‍රසිද්ධව යැවූ බව සඳහන් වේ.

ගිරි රාජ්‍යයෙහි විසූ සෝමාවතී දේවිය ස්වකීය බෑනණුවන් වන දුටුගැමුණු කුමාරයා අප්‍රසිද්ධව ආරක්ෂා කර ගනිමින් ක්‍රමයෙන් මහජනතාව සමඟ සම්බන්ධ වීමට සලස්වා තමාගේ දියණිය වන ස්වර්ණමාලිය සහිත එම ප්‍රදේශය භාර කොට අභය කුමරු හා පිරිවර සමඟ සෝම නමින් නුවරක් හිතමිත්‍ර ශිව රජුගේ සේරු නුවරට යාබදව මහවැලි ගඟ අසබඩ පිහිටුවා ගත් බවත්, දුටුගැමුණු කුමරු එම ගිරි ජනපදයෙහි (වර්තමාන කන්ද උඩරට) වාසය කරමින් ආයුධ සන්නද්ධ වී උතුරුකරයේ මහවැලි ගඟින් එගොඩ ප්‍රදේශ රාජ්‍ය කළ එළාර රජතුමා පරදවා අනුරාධපුරයට ගොස් සෝමාවතී දේවියගේ දියණිය වන ස්වර්ණමාලියගේ නමින්ම “ස්වර්ණමාලි” චෛත්‍යරාජයා සෑදවූ බවත් වසර 24ක් අනුරාධපුර රාජධානියෙහි රජකම් කළ බව ද සඳහන් වේ.

ගිරි අභයකුමරු හ‍ා සෝමාවතී දේවිය මෙම අභිනව සෝම නම් රාජධානියෙහි වාසය කරන කල්හි වැඳුම් පිදුම් කිරීම සඳහා විහාරයක් නොමැති හෙයින් දාගැබක් සහිත විහාරයක් ඉදි කිරීමට සුදුසු ස්ථානයක් සොයා බැලීය.

එම ඉදි කළ විහාරය පිළිබඳව ලියැවී ඇති “ජිනකාලමාලි” නම් ග්‍රන්ථයෙහි 151 පිටුවෙහි සඳහන් අන්දමට සිව නමැති සේරු නුවර රජ, අභය රජුගේ මිතුරෙක් විය. සේරු රජ විල්කෙළවර රම්‍ය භූමි භාගයක නුවරක් මවා අභය රජුට දුනි. අභය රජු ඒ නුවරට දේවියගේ නාමය අනුව සෝම නුවර යැයි තැබීය.සමෘද්ධ වූ ඒ නගරයෙහි අභය රජු රාජ්‍යය කළේය.

පසු කලෙක සෝම දේවිය රජු අමතා “දේවයිනි, අපේ නුවර චෛත්‍යයක් හා විහාරයක් කරවීම වටී” යයි කීය. රජතෙම යහපතැයි කියා විහාරයට සුදුසු බිමක් සොයන්නේ නුවරට ඉතා දුර නොවූත් ඉතා ළං නොවූත් සල් වනයක් නොදුටුවේය.

ඒ වනෙහි මහා අරිට්ඨ තෙරුන්ගේ පරම්පරාවෙහි වූ මහින්ද නම් තෙරුන්ගේ පරම්පරාවෙහි වූ මහින්ද නම් තෙර නමක් සැට නමක් භික්ෂූන් සමඟ වාසය කරයි. රජතෙම ඒ තෙරුන්ට පැහැදී සල් වනයෙහි විහාරයක්ද දාගැබක් ද සාදවා “ස්වාමිනී, ධාතු කොහෙන් ලබා ගන්නෙම්දැයි” තෙරුන්ගෙන් විචාළේය.එකල තෙර නම තමා විසින් පුදන ලද බුදුන්ගේ දකුණු දළදාව රජුට දුනි. රජතුටු පහටු වූයේ යහපත් නැකතකින් එය දාගැබෙහි පිහිටුවා අතිම‍නෝහර වූ දිය බුබුළක් හා කෛලාශකූටය වැනි වූ චෛත්‍යයක් සෑදවීය.

රජතෙම දේවිය සමඟ ධාතූන් වහන්සේට මහත් සත්කාර කරමින් මිහිඳු තෙරුන් ප්‍රමුඛ සංඝයාට මහදන් දෙමින් රාජ්‍යය කරවීය.” මේ අයුරින් පාලි පාඨයේ සිංහල අනුවාදය සඳහන් වේ.

මහාදාඨික මාහානාග රජු(ක්‍රි.පූ.09 සිට ක්‍රි.ව.21) විසින් පිහිටුවන ලද සෙල්ලිපි 02ක සඳහන් කරුණු අනුව “පජනි නක අරබ” වනුවෙන් ප්‍රාචීන නාගාරාමය නමින් මුලදී මෙම විහාරය හැඳින්වූ බවත්, ඒ අනුව රුහුණේ ආරම්භකයා වූ මහානාග රජුගේ නමින් මෙම සෝමාවතී විහාරය මුලදී නම් කොට ඇති බව පෙනේ. මහානාග රජුගේ පුතණුවන් වන යටාලතිස්ස රජතුමා ඔහුගේ පුත් ගෝඨාභය රජතුමා බවත්, ඔහුගේ දියණිය සෝමාවතී දේවිය වූ අතර පුතා කාවන්තිස්ස විය.

සෝමාවතී දේවිය තම පියාණන්ගේ පියා වූ යටාලතිස්ස රජුගේ පියා වන තම මුත්තණුවන් හෙවත් මහානාග රජු විසින් කරවන ලද නාගරම විහාරයේ “මණිඅගිය‍” නමින් මෙම සෝමාවතී විහාරය නම් කර ඇති බව පළමුවන ගජබාහු (ක්‍රි.ව.112 සිට 134) රජතුමාගේ හා කනිට්ඨතිස්ස (ක්‍රි.ව.164 සිට 192) රජතුමාගේ සෙල්ලිපි 02ක සඳහන්ව ඇත.

සෝමාවතී දේවියගේ අභාවයෙන් පසු ඈ සිහිවීම සඳහා සෝමාවතී යන නාමය මෙම විහාරය සහිත ප්‍රදේශයට හඳුන්වා ඇති බවත්, පරාක්‍රමබාහු රජතුමා සෝමාවතී නමින් ඇළක් කරවූ බවත් මහාවංශයෙහි සඳහන් වේ.

මේ කරුණු අනුව පොලොන්නරු යුගයේ අවසානය දක්වාම සෝමවතී විහාරය සහිත ප්‍රදේශය පැවති බවත්, කාලිංඝ මාඝ, චන්ද්‍රභාණු ආක්‍රමණය නිසා මුළු පොළොන්නරුව රාජධානියම විනාශයට පත්වූ බව ඉතිහාස පුවත් අනුව සඳහන් වේ.

මේ අනුව මහානාග රජුගේ බිරියක් වන සෝමවතී දේවිය හා ගිරි අභය කුමරු වැඳුම් පිදුම් කිරීම සඳහා දාගැබක් හා විහාරයක් ඉදි කිරීමට ස්ථානයක් සොයනුයේ මිහිඳු නම් රහතන් වහන්සේ සමඟ 60 නමක් රහතන් වහන්සේලා වැඩ විසූ මනරම් සල් වනයක් මැද තිබූ නාගාරාමය නම් විහාරය දැක එය තම මුත්තණුවන් විසින් ඉදි කරන ලද බව දැන ගැනීමෙන් අපමණ සතුටට පත්ව විහාරයක් සහිත දැගැබක් ඉදි කිරීමට කටයුතු සූදානම් කරන ලදී.

දාගැබෙහි නිදන් කිරීමට ධාතූන් වහන්සේලා ලබා දෙන මෙන් ගිරි අභය කුමරු හා ‍සෝමාවතී දේවිය මහින්ද රහතන් වහන්සේගෙන් ඉල්ලා සිටියහ. ලංකාවට සම්බුද්ධ ශාසනය වැඩම වූ මහා මහින්ද මහ රහතන් වහ‍න්සේගේ ශිෂ්‍ය වූ මහාදේව මහ රහතන් වහන්සේ ද උන් වහන්සේගේ ශිෂ්‍ය වූ දෙවන මහින්ද මහ රහතන් වහන්සේ මේ පුවත අසා අපමණ සතුටට පත්ව මෙම ප්‍රාචීන නාගාරම විහාරය ආරම්භ කළ දේවානම්පියතිස්ස රජුගේ සහෝදරයා වන මහානාග කුමාරයාගේ මුණුපුරාගේ දියණිය වන සෝමාවතී දේවිය හා ගිරි අභා කුමරුට තමන් වහන්සේ මෙතෙක් වැඳ පුදා ගෙන පැමිණි බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ පරිත්‍යාග කළහ.

මහාවංශයෙහි සඳහන් වන අයුරින් දේවානම්පියතිස්ස රජතුමාගේ බිසව අඹයකට විෂ යොදා අනිත් අඹ සමඟ මහානාග කුමාරයා වෙත යවන විට දේවානම්පියතිස්ස රජතුමා‍ගේ පුතා එම අඹ‍ ගෙඩිය අනුභව කිරිමෙන් මරණයට පත් වීමෙන් මහානාග කුමාරයා තම ජීවිත ආරක්ෂාව සඳහා සිය බිසව හා බල සේනාව සහිත භික්ෂූන් වහන්සේ සමඟ උතුරේ සිට රෝහණයට යන ගමනේදී මහවැලි ග‍ඟෙන් එගොඩ වීමත් සමඟ පිහිටි මනරම් භූමියෙහි තමාගේ නමින්ම සාදවන ලද විහාරය මෙම නාගරාම විහාරය බව පැහැදිලි වේ.

වංශ කතාවලට අනුව ‍සෝමාවතී දාගැබ පිහිටා ඇත්තේ මහවැලි නදියට නැගෙනහිරින් වූ රුහුණු ප්‍රදේශයේය. නමුත් දැනට මහවැලි නදියට සැතපුම් භාගයක් පමණ දුරින් බස්නාහිර දෙසින් උතුරු මැද ප්‍රදේශයට සම්බන්ධව පිහිටා ඇත.කාලයාගේ ඇවෑමෙන් මහවැලි නදිය වෙනස් වෙමින් ගැලීම නිසා මෙය සිදු වූ බව පුරාවිද්‍යාත්මක සාධක අනුව හෙළි වන අතරම චෛත්‍ය රාජයා වෙත යන මාර්ගය ද අද වැටී ඇත්තේ පුරාතනයේ ගැලූ මහවැලි ගඟ දිගේ බවත්, එහි දක්නට ඇති වැලි තලාව ඉපැරණි කුඹුක් ගස් ආදියෙන් මනා සේ පැහැදිලි වේ.
එදා සෝමාවතිය රුහුනු ප්‍රදේශයට අයත් වුවද මහවැලි නදිය ගැලූ මාර්ගය වෙනස් වීම නිසා අද රජරට ප්‍රදේශයේ තමන්කඩුව පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත්ව පවතී.

සෝමාවතී දැගැබ් වහන්සේ බුදු රැස් විහිදෙන සෝමවතී චෛත්‍ය රාජයා නමදිමු.

ශ්‍රී දකුණු දළදා වහන්සේට නමස්කාර වේවා!

ඒකාදාඨාතිදසපුරෙ – එකානාගපුරෙ අහූ එකා ගන්ධාරවිසයෙ – එකා‍සි කාලිංගවිහයෙ එකසි පූන සීහලෙ චතසෙස‍ාතා මහාදාඨා නිබබාණ රස දීපිකා පූජිතා නර දෙවෙහි තාපි වන්දාමි ධාතුයො

තේරුම – ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේලා සිව් නමගෙන් එක් නමක් තව්තිසා දිව්‍ය ලෝකයෙහිත්, එක් නමක් නාග ලෝකයේත්, එක් නමක් ගාන්ධාර දේශයෙහිත් එක් නමක් කලිඟු රටෙහිත් විය. නැවත එක් නමක් සිංහල ද්වීපයට ද වැඩම වූහ. නිර්වාණ රසය ළඟා කර දෙන ඒ මහා දළදා වහන්සේලා සිව් නම මිනිසුන් හා දෙවියන් විසින් පුදන ලදහුය.ඒ ධාතූන් වහන්සේලා මම ද වන්දනා කරමි.

ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ ශ්‍රී බුද්ධ දේහය ආදාහන කළ මොහොතේදී ඉතිරි වූ ප්‍රධාන ධාතූන් වහන්සේලා අතරින් පසු කාලය වන විට අකු ධාතූන් වහන්සේ අනුරාධපුර ථූපාරාම (ලංකාවේ ප්‍රථම) චෛත්‍යරාජයාගේත්, දකුණු දළදා වහන්සේ පොළොන්නරුවේ ‍ඓතිහාසික සෝමාවතී චෛත්‍ය රාජයාගේත්, ලලාඨ ධාතුන් වහන්සේ සේරුවිල මංගල චෛත්‍යරාජයාගේත්, ග්‍රීවා ධාතූන් වහන්සේ මහියංගන චෛත්‍යරාජයාගේත්, නිදන් කොට ඇත.

“ඒකදාඨා තිදසපුරෙ” යන ගාථා පාඨය අනුව තව්තිසා දෙව්ලොව සිළුමිණි සෑයෙහි නිදන් කොට ඇත්තේ, බුදු රජාණන් වහන්සේ නමක් බව පාලි ලලාඨ ධාතු වංශයෙහි, පූජාවලියෙහි හා දළදා සිරිතෙහි සඳහන් වේ. “එකාසි පූන සීහලෙ” යන්නෙන් ශ්‍රී ලංකාවේ දළදා වහන්සේ නමක් වැඩ වසන බව පැවසේ. සිංහල ලලාඨ ධාතු වංශයෙහි මෙන්ම පාලි ධාතු වංශය හා ජිනකාලමාලි නම් ග්‍රන්ථ අනුව මේ දකුණු දළදා වහන්සේ බුදු රජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා බෙදූ දිනයේ දී ජයසේන නම් නා රජෙකු නාග ලෝකයට රැගෙන ගොස් රන් දාගැබක තබා වන්දනා කළ බවත්, කාවන්තිස්ස රජු කාලයේ මහාදේව හිමියන්ගේ ශිෂ්‍ය මිහිඳු හිමියන් නාග ලෝකයට වැඩමවා දකුණු දළදා වහන්සේ ගෙන ගිරි අභය රජුගේ සේරු නුවර පසුව සෝම නුවර පර්වතයට නුදුරු චෛත්‍යයෙහි තැන්පත් කළ බව ධාතු වංශයෙහි ‍සඳහන් වේ.

මෙම ජිනකාලමාලි ග්‍රන්ථයෙහිත් ,ධාතුවංශයෙහි හා සෝමාවතී චෛත්‍ය රාජයා සමීපයේ පිහිටි දිග්ගල හෙවත් එරික්සෝන් ගලේ ඇති ශිලා ලේඛනවල හා සෑ මළුවෙහි පිහිටි ගල් පුවරු ශිලා ලේඛනවල සඳහන් වන කරුණු අනුවත්, චෛත්‍ය රාජයා අවට ඇති පුරා විද්‍යාත්මක සාධක හා නශ්ටාවශේෂ අනුව බලන විට ගිරි අභය කුමරු හා සෝමාවතී දේවිය විහාරයට සුදුසු තැනක් සෙවීමේදී මෙම ස්ථානයෙහි මිහිඳු හිමියන් ප්‍රධාන 60 නමක් වැඩ විසූ ආකාරය සඳහන් වේ.
එම සැට නම වැඩ සිටි විහාර සංකීර්ණය හෙවත් සංඝාවාස 60ක නටඹුන් සෝමාවතී චෛත්‍යරාජයාට නැගෙනහිරින් අඩි 1000කට ඈතින් පිහිටුවා ඇති වාහල්කඩ සහිත ප්‍රාකාර බැම්මට නුදුරින් නැගනෙහිර පැත්තේ අදත් දැකයි හැකි වන අතර එම ස්ථානවල පාත්‍ර කෑලි, වලන් කෑලි හා ඉපැරණි ගඩොල් ආදියෙන් සමන්විත ගොඩනැගිලි දක්නට ඇති අතර ජල ගැල්ම නිසා පස්වලින් වැසී ඇතත් එම ස්ථානවල ගස් නොපැලවී ගඩොල් කෑලි, පාත්‍ර කෑලි ආදිය මතු වී ඇති අයුරු දැක ගත හැක.

සටහන – ජීවන්ති වීරසිංහ

සෝමාවතී චෛත්‍යය

සෝමාවතිය යන නාමය සඳහන් සෑම මොහොතකම මෙරට ජනතාවගේ සිහියට නැගෙනුයේ විවිධ රශ්මිමාලා විහිදුවමින් අනේකවිධ ඓශ්චර්යමත් සිද්ධි ප්‍රකට කරමින් මහ වන මැද වැඩ සිටින චෛත්‍ය රාජයෙකි. බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ නමක්‌ වැඩ සිටින මෙම ස්‌තූපය වර්තමානයේ පොලොන්නරු හා ත්‍රිකුණාමලය යන දිස්‌ත්‍රික්‌ක දෙක වෙන් කෙරෙන සීමාවේ පිහිටා තිබේ. සාපේක්‍ෂ වශයෙන් ගත් විට පොලොන්නරුව නගරයට කිලෝමීටර 40 ක්‌ පමණ උතුරින් පැරැණි මීන්විල්ලු නම් ග්‍රාමයේ පිහිටි මෙම පරම පවිත්‍ර පූජා භූමියට සුංගාවිල ගම්මානය කෙළවරින් ගලා යන පෙරියාරු අතු ගංගාවෙන් එතෙර වී කිලෝමීටර් 13 ක්‌ පමණ මහ වනය මැදින් උතුරු දෙසට ගමන් කළ විට මෙම ස්‌ථානයට ළඟා වීමට පුළුවන. සැබවින්ම මෙම ලිපියෙහි අරමුණ වනුයේ එකී උත්තරීතර සෑය ආශ්‍රිත පුදුම සහගත සිදුවීම් නැවත නැවත හුවා දැක්‌වීම නොව මෙම ස්‌තූපයේ හා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ පවත්නා පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික පසුබිම හඳුනා ගැනීමට උත්සහ කිරීමය. මෙබඳු ඓතිහාසික තත්ත්ව අධ්‍යයනයකදී පාලි සාහිත්‍යය මූලාශ්‍රයවලට හා පුරාවිද්‍යාත්මක නැතහොත් පැරැණි අවධීන්ට අයත් ද්‍රව්‍යාත්මක සාධක කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතුව පවතියි. ඒ අනුව පාලි ධාතුවංසය, ජීනකාලමාලී, මහාවංසය, දීපවංසය යන ප්‍රාථමික සාහිත්‍ය මූලාශ්‍රයන් මෙහිදී අපගේ විශේෂ සැලකිල්ලට බඳුන් වේ.
පාලි ධාතුවංසය හා ජිනකාලමාලි යන මූලාශ්‍ර දෙකම සඳහන් කර ඇති පරිදි සෝමාවතී නමින් ස්‌තූපයක්‌ ක්‍රිස්‌තු පූර්ව දෙවන ශත වර්ෂයේදී කාවන්තිස්‌ස මහ රජුගේ නැගණිය වූ සෝමා දේවියගේ ඉල්ලීම පරිදි ඇයගේ ස්‌වාමියා වූ ගිරිඅභය විසින් බුදුන් වහන්සේගේ දක්‍ෂිණ දළදා වහන්සේ තැන්පත් කොට බුබ්බුලාකාරව ගොඩනඟා තිබේ. මෙම ග්‍රන්ථවල එන (ගිරි) අභය කැලණිය ප්‍රාදේශීය පාලන ඒකකයේ විසූ ශිව නම් පාලකයාගේ බෑණනුවන් ය. පාලි හා සිංහල ධාතුවංසයේ මේ සම්බන්ධයෙන් එන තොරතුරු තවදුරටත් විමසුව මනාය. සෝමාවතිය ස්‌තූපය ඉදි කෙරෙන කාල පරිච්ඡේදය ඉතා පැහැදිලි ලෙසම ක්‍රිස්‌තු පූර්ව දෙවන සියවසයි. මෙම කාල වකවානුව මෙරට දේශපාලන කටයුතු සම්බන්ධයෙන් විමසීමේදී පෙනී යනුයේ කොටස්‌වලට බෙදී ඒ ඒ ප්‍රදේශවල ස්‌වාධීන කුඩා රාජ්‍ය ව්‍යාප්තව පැවැති කාල සීමාවක්‌ බවයි. මෙකල ප්‍රධාන පාලකයන් දෙදෙනා වනුයේ මහවැලි නදියෙන් උතුරු පෙදෙස පාලනය කළ එළාර රජු හා මහවැලියට දකුණු දෙසින් පාලන කටයුතු කළ රුහුණේ කාවන්තිස්‌ස රජුත් ය. මොවුන් දෙදෙනාට අමතරව ලෝණ නුවර මහානාගත්, කැලණියේ ශිවත්, සේරු නුවර ශිවත් යන ප්‍රාදේශීය පාලකයෝ තම තමාගේ ප්‍රදේශවල ස්‌වාධීන පාලනයක්‌ පවත්වා ගත්හ. විවාහ වීමෙන් අනතුරුව කැලණියේ ශිව රජ විසින් අභය හා සෝම යන යුවළ ගිරිනුවර පදිංචියට පිටත් කර හැරීය. මෙම ගිරි නුවර බොහෝ විට මෙරට කඳුකර ප්‍රදේශය වීමට පුළුවන. ඒ ගැන ඉතිහාසඥයන් හෝ පුරාවිද්‍යාඥයන් අතර පැහැදිලි මතයක්‌ නැත.
අභය, ගිරි අභය බවට පත්වනුයේ මෙහි විසුමට යැමේදීය. මහාවංසයේ හා ධාතුවංසයේ ද සඳහන් වන තවත් සුවිශේෂී සිදුවීමක්‌ මේ අතරතුර සිදුවිය. එනම් කාවන්තිස්‌ස රජුගේ වැඩිමහල් පුත් ගැමුණු ද දාවා නම් අමාත්‍යයකු ද පිය තනතුරෙහි තබා (ගිරි) අභය විසින් පාලනය කෙරෙන ගිරි නුවරට පිටත් කර හැරීමයි. ගැමුණු කුමරු ඇතුළු පිරිස ගිරි නුවරදී ගිරිඅභයගේ පිළිගැනීමට ලක්‌විය. නමුත් මහාවංසයේ මෙම පුවත සඳහන් වනුයේ වෙනත් ස්‌වරූපයකිනි. එනම් තම පියාගෙන් එළාරට විරුද්ධව යුද පිණිස යැමට ඉල්ලූ අවසරය ප්‍රතික්‍ෂේප වූ බැවින් පිය රජුට ස්‌ත්‍රීවස්‌ත්‍රාභරණ ආදිය යවා මලය දේශයට නොහොත් ගිරි නුවරට පලාගිය බවයි. කෙසේ නමුත් ගැමුණු කුමාරයා ගිරි නුවරට ගිය බව පිළිගත හැකි සත්‍යයකි. මෙම ප්‍රදේශයේදී ගැමුණු හා ගිරිඅභය අතර මත භේදයක්‌ ඇති වූ අතර එහිදී ගිරිඅභය තම බිසව වූ සෝමා දේවියත් සමඟ සේරු නුවර මිත්‍ර පාලකයා වූ ශිව වෙත එළඹෙයි. සේරු නුවර ශිවගේ පාලන කටයුතු සිදු වූයේ වරාභසොණ්‌ඩී නම් විලක්‌ සමීපයේ බව පෙනී යයි. තම උපකාර පතා පැමිණි ගිරි අභය හා සෝමා දේවිය පදිංචි කරවූයේ ද මෙකී විල කෙළවරමය. පසු කලෙක සෝමපුර – සෝමනුවර වශයෙන් ප්‍රසිද්ධ වූයේ ද මෙම නව පාලන ඒකකයයි. එය පසුව අභය රජුගේත් සෝමා දේවියගේත් පාලන මධ්‍යස්‌ථානය ද වේ. සැබවින්ම මෙම විල අවම වශයෙන් කිලෝමීටර 30 ක වත් දුරස්‌ථ පරතරයකින් පැවතිය යුතුය. එසේ නොමැතිව ප්‍රාදේශීය පාලන ඒකක දෙකක්‌ එකම විල්දෙකෙළවර වඩාත් සමීපව පිහිටියේ යෑයි සිතීම ප්‍රායෝගික ද නොවේ. වර්තමාන සෝමාවතිය පූජා භූමියත්, සේරුවාවිල පූජා භූමියත් අතර සෘජු පරතරය යට කී දුර ප්‍රමාණයට ද සාම්‍ය වේ.
වර්තමාන සෝමාවතිය ස්‌තූපයේ ස්‌ථානගත වීම පැරැණි මූලාශ්‍රයවල සඳහන් වන තොරතුරු සමඟ නොගැලපේ. මහාවාලුකා හෙවත් මහවැලි නදියට දකුණු දෙසින් පැරැණි රෝහණ රාජ්‍යයට අයත්ව එහි ඉදි වූ බව වංශ කථා තොරතුරුවලට අනුව පෙනේ. නමුත් වර්තමානයේ එය මහවැලි නදියට උතුරින් පිහිටා තිබීම කාටත් ගැටලුවක්‌ වීමට පුළුවන. මේ සඳහා ප්‍රබල විද්‍යාත්මක සාධක ගුවන් ඡායාරූප අධ්‍යයන මගින් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව වර්තමාන සෝමාවතිය ස්‌තූපයට කිලෝමීටරයක්‌ පමණ උතුරු දෙසින් වර්තමානයේ මහවැලි ගංගාවට සමාන පළලකින් යුක්‌ත පැරැණි මහවැලි ගංගාවක ශේෂ මාර්ග අනාවරණය විය. එම ගංගාව අදින් වසර 1000 කට පමණ පෙර අවධියකදී තම ගමන් මාර්ගය වෙනස්‌ කොට අද දක්‌නට ඇති මාර්ගය තෝරාගත් ආකාරය මෙරට සිටි විශිෂ්ඨ උගතුන් කිහිපදෙනකු විසින් ම පෙන්වා දී ඇත. සැබවින්ම පැරැණි මහවැලි නදිය දඟර සහිතව ගලා ගිය ලක්‍ෂණ අදාළ ගුවන් ඡායාරූප පරීක්‍ෂා කිරීමෙන් මොනවට ප්‍රත්‍යක්‍ෂ වේ. රට මැද සිට ගලා ආ ප්‍රබල ජල පහරක්‌ හේතුවෙන් හෝ භූ+ ගර්භ විපර්යාසයක්‌ හේතුවෙන් පෙර කී දඟර සහිත මාර්ගය අතහැර දමා වත්මන් සෘජු මාර්ගය තෝරා ගත් බව පෙනී යයි. එය භූගෝල හා භූ ගර්භවිද්‍යාව මගින් ද සනාථ කෙරෙන ක්‍රියාවලියකි. මේ කරුණු අනුව වර්තමාන සෝමාවතිය ස්‌තූපයේ පිහිටීම පිළිබඳ කිසිදු ගැටලුවක්‌ ඇති නොවන අතරම එය පැරැණි යුගයේ නිවැරැදි ලෙසම රෝහණ රාජ්‍යයේ උතුරු සීමාව වූ මහවැලි නදියට දකුණින් පිහිටි බව පෙන්වා දීමට පුළුවන.
සෝමාවතිය ස්‌තූපයේ පිහිටීම මෙන්ම එහි වැඩ සිටිනවා යෑයි සැලකෙන බුදුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ පිළිබව ද කිසි විටෙකත් ගැටලු ඇති නොවේ. ශ්‍රී ලංකාවේ මේ වන විට දළදා වහන්සේ දෙනමක්‌ වැඩ සිටින අතර, මහනුවර දළදා මාලිගාවේ එක්‌ වම් දළදාවක්‌ ඇතැයි සැලකේ. එම වම් දළදාව ශ්‍රී ලංකාවට රැගෙන ආවේ ක්‍රිස්‌තු වර්ෂ සිවුවන ශතවර්ශයේ කිත්සිරිමෙවන් රජ දවසය. එය රැගෙන ආවේ ඒ වන විට වඩාත් ප්‍රබලව හා ප්‍රසිද්ධව පැවැති මහා විහාරයට ප්‍රතිවරෝධී වූ අභයගිරිකයන් වෙත ය. එම වම් දළදාව මෙරටට රැගෙන ඒමට වසර පන්සීයකට පමණ පූර්වයේදී අපගේ සාකච්ඡාවට බඳුන් වන සෝමාවතිය ස්‌තූපයේ වැඩ සිටිනවා යෑයි විශ්වාස කෙරන දකුණු දළදාව පමුණුවා තිබේ. එය පරිහරණය කරන ලද්දේ මෙරට මුල්ම සංඝ පරම්පරාව විසිනි. එනම් මහා අරිට්‌ඨ භික්‍ෂු පරපුරෙන් පැවත ආ මහින්ද නම් තෙර කෙනෙකු විසින් ගිරි අභය රජුට දකුණු දළදාව ලබා දුන් බව ධාතු වංසය හා පාලි ජිනකාලමාලිය පවසයි. වම් දළදාවට මෙන්ම දකුණු දළදාවට උපස්‌ථාන කරන ලද්දේත් අභයගිරිවාසී භික්‍ෂුන් බව සෝමාවතිය සෑ මළුවේ ඇති ශිලා ලිපියකට අනුව තහවුරු වේ. මෙම කරුණු තුළින් පැහැදිලි වන තවත් කරුණක්‌ වේ. එනම් මුල්ම අවධියේදී දකුණු දළදාවට උපස්‌ථාන කිරීමේ පැවැති පළපුරුද්ද පදනම් කර ගනිමින් ඊට පසුව රැගෙන ආ වම් දළදා වහන්සේ ද අභයගිරිවාසීන් වෙතම පවරන්නට ඇත. ශ්‍රී ලංකාවේ මූඛ්‍ය වංසකථාd ලෙස ගැනෙන මහාවංසය හෝ දීපවංසය වැනි කෘතීන්හි සෝමාවතිය ස්‌තූපය ඉදිකිරීම හෝ දකුණු දළදාව ගැන හෝ වම් දළදාව ගැන හෝ කරුණු සඳහන් නොවන තරම් ය. වම් දළදාව ගැන විටින් විට ඉතා දුර්ලභ වශයෙන් ගාථාවකින් හෝ දෙකකින් කරුණක්‌ සඳහන් කළ ද දකුණු දළදාව හෝ සෝමාවතිය පිළිබඳ කරුණු සඳහන් වන්නේ පොළොන්නරු සමයට අයත් තොරතුරු සමඟ පමණි.
පොලොන්නරු රාජ්‍ය සමයේ වඩාත් ශක්‌තිමත් පාලකයා ලෙස හඳුනාගත හැකිව පවතින්නේ මහා පරාක්‍රමබාහු (ක්‍රි. ව. 1153 – 1186) රජුය. ඔහු සිදුකළ සේවාවන් දක්‌වන මහාවංසය ගිරිතලේ වැවෙන් කාවේරි නම් ඇළක්‌ මාර්ගයෙන් කදුරුවඩමන් (කදුරුවෙල) වැවටත් එහි සිට සෝමාවතී නම් ඇළක්‌ මගින් ඇරිමද්දී විජය නම් ගමටත් ජලය රැගෙන ගිය බවට තොරතුරු සඳහන් වෙයි. සෝමාවතී නම් ඇළ පිළිබඳව එන සඳහන මෙහිදී අපට අතිශය වැදගත් වේ. මහා පරාක්‍රමබාහුට සෝමාවතී නමින් බිරිඳක්‌ සිටි බව හඳුනා ගැනීමට අපහසුය. එසේ නම් පොලොන්නරුව රාජ්‍ය සමය වන විට සෝමාවතී නමින් ප්‍රදේශයක්‌ ප්‍රසිද්ධව පැවති බව පෙනේ. මෙසේ කෙනෙකුගේ නමින් ප්‍රදේශයක්‌ ප්‍රසිද්ධව පැවතීමට කිසියම් ප්‍රබල ඓතිහාසික පුවතක්‌ පැවතිය යුතුය. එය සෝමාවතිය ස්‌තූපය නිසා ඇති වූ ප්‍රකට නාමයේ පැවැත්ම විය හැකිය. මෙහිදී තවත් වැදගත් කරුණක්‌ වන්නේ එම රජුගේම බිරිඳ වූ ලීලාවතිය විසින් රජු සිටින කාලය තුළදීම සෝමාවතිය ස්‌තූපයට කරන ලද පුද පූජාවන් පිළිබඳව කරුණු සඳහන් පුවරු ලිපියක්‌ සෝමාවතිය චෛත්‍යය මළුවේ තිබී හමු වීමය. අනෙක්‌ අතට සෝමාවතිය ස්‌තූප මළුව ආශ්‍රිතවත් මහාවනය තුළත් ක්‍රිස්‌තුපූර්ව අවධිය දක්‌වාම පුරාවිද්‍යාත්මක සාක්‍ෂි ලැබීම මෙහිදී තවදුරටත් වැදගත් වන්නකි. කාලිංග මාඝ ආක්‍රමණය දක්‌වාම එනම් මෙරට ප්‍රධාන පාලන මධ්‍යස්‌ථානය දඹදෙණියට සංක්‍රමණය වන තුරුම සෝමාවතිය ස්‌තූපයත් ඒ ආශ්‍රිත ප්‍රදේශයත් වඩාත් ජනාකීර්ණව මෙන්ම සශ්‍රීකව ද පැවැති බව තහවුරු වේ.
සෝමාවතිය ස්‌තූපය හා ඒ ආශ්‍රිත ප්‍රාදේශීය පුරාවස්‌තු, ශිලා ලේඛන ගැන ද මෙහිදී අපගේ අවධානය යොමු කළ යුතුව පවතියි. සෝමාවතිය චෛත්‍ය ආශ්‍රිතව මේ වන විට අභිලේඛන හෙවත් සෙල්ලිපි 10 ක්‌ පමණ අනාවරණය කරගෙන තිබේ. එම ලිපි ක්‍රිස්‌තු පූර්ව පළමුවන ශත වර්ශයේ සිට ක්‍රිස්‌තු වර්ෂ 12 වන සියවස දක්‌වා ගමන් කරයි. රාජ්‍ය මැදිහත්වීම්, ජනාවාස ව්‍යාප්තිය හා සමාජ ආර්ථික ප්‍රවණතාවන් පිළිබඳ වූ වසර 1300 ක ඉතිහාසයක්‌ මෙම ලිපි මගින් අනාවරණය කරයි. එකල මහවැලි නදිය ආශ්‍රිතව ක්‍රියාත්මක වූ ආර්ථික කටයුතුවලින් ලද ධනය මෙකී විහාරයේත්, සෝමාවතිය ස්‌තූපයේත්, නඩත්තුවට, සංවර්ධනයට යොමු කළ යුතු බවට පනවන ලද රාජකීය නියෝග එම සෙල්ලිපිවලින් හෙළිදරව් කරයි. මීට අමතරව ඇළ මාර්ග පිදීම, තොටුපළවල් පිදීම, කුඹුරු යායවල් පිදීම, පිළිබඳවත් ඒ තුළින් කරුණු හෙළි කෙරේ. මා විසින් සෝමාවතිය රක්‍ෂිත ප්‍රදේශයේ වසර තුනක පමණ සිට කරන ලද පුරාවිද්‍යාත්මක ගවේෂන තුළින් පෙනී ගියේ ශිලා ලේඛන හමුවන එකම පුරානටබුන් බිම මෙම සෝමාවතිය බවය. කොම්භනාච්චි, ත්‍රිකොණමඩු ආශ්‍රිතව කළ පුරාවිද්‍යා ගවේෂණවලදී ගල්ලෙන් සහිත (රුහුණු සෝමාවතිය නමින් 1980 දශකයේදී හැඳින්වු) ස්‌ථානයක්‌ ද පරීක්‍ෂා කළෙමි. එහි “බත” (ස්‌වාමි) යන වචනය එන සෙල්ලිපි කොටසක්‌ දක්‌නට ලැබිණි. එල්ලාවල මේධානන්ද නායක ස්‌වාමීන් වහන්සේ ද එම අක්‍ෂර දෙක පිළිබඳව කරුණු සඳහන් කර තිබේ..
පාලි ධාතුවංසයට අනුව සෝමාවතිය ස්‌තූපය ගොඩනඟන ලද භූමිභාගය වඩා පුළුල් ලෙස පැතිරුණු සමතලා බිම්කඩක්‌ බව පෙනේ. ධාතුවංසයේ “එතැන් පටන් ඒ රජ ඒ භූමිය වල් අරවා කණුමුල් උදුරවා ඇර, බෙර ඇසක්‌ සේ සමතලා කරවා, ඉක්‌බිති උළුවඩුවන් ගෙන්වා” යනුවෙන් එන සඳහන මෙහිදී වැදගත් වේ. බෙර ඇසක්‌ සේ සමතලා කිරීමට නම් යට කී පරිදි පුළුල් භූමි භාගයක්‌ තිබිය යුතුය. වංසකථාවේ එන තොරතුරු වර්තමාන සෝමාවතිය භූමි භාගය ආශ්‍රිත භූමි දර්ශනය සමග සමපාත වනුයේ මේ හෙයිනි. මේ චෛත්‍ය ආශ්‍රිතව පCඳ්¹වාසයකින් යුක්‌ත විහාරයක්‌ ද කරවූ බව ධාතුවංසය පවසයි. වර්තමාන සෝමාවතිය ස්‌තූපය ආශ්‍රිතව ද පCඳ්චාවාස ආරාම ඉදිකිරීමේ ගෘහ නිර්මාණාත්මක ක්‍රමවේද යොදා ගනිමින් ඉදිකළ එනම් ආවාස නටඹුන් හමුවිය. මේ හේතුවෙන් ධාතු වංසයේම එන තොරතුරුවලට අනුව දකුණු දළදාව ලබාදුන් මහින්ද තෙරුන් සමඟ මුල් කාලයේ විසූ 60 නමක්‌ භික්‍ෂූන්ට ද ඒ ඒ තැන්වල විහාර 60 ක්‌ කරවා පූජා කොට ඇත. මහා වනාන්තරයේ කරන ලද පුරාවිද්‍යාත්මක ගවේෂණ අධ්‍යයනවලදී මෙම අවශේෂ විහාරවලට අයත් යෑයි සිතිය හැකි නටඹුන් ද 30 කට ආසන්න ප්‍රමාණයක්‌ මේ වන විට අනාවරනය කරගෙන තිබේ. ඒ අතර මැදශාලාව, පුල්ලේයාර්පට්‌ටි, ගල්කණුවාන, දේවදෙච්තිය, කොම්භනාච්චි ත්‍රිකෝණමඩු ගල්ලෙන් සහිත පුරාවිද්‍යාක්‍ෂේත්‍ර, කන්දකාඩුව, පොට්‌ටුඅම්මාගේ ඔරුව කපාපු තොට, ඊරියාවල ආදිය වේ. මේවා විශාල ආරාම සංකීර්ණ නොව ඉතා කුඩා ප්‍රමාණයේ ආගමික මධ්‍යස්‌ථාන ලෙස පෙනී යයි. අදාළ කලාපයේ හමුවන එකම මහා විහාර සංකීර්ණය ලෙස සැලකිය හැක්‌කේ වර්තමාන සෝමාවතිය චෛත්‍යය ආශ්‍රිත පූජා භූමියයි.
වර්ෂ 1980 දී පමණ යට කී කුම්භනාච්චි ත්‍රිකෝණමඩු ප්‍රදේශය ආශ්‍රිත ගල්ලෙන් සහිත (කටාරකෙටු) පුරාවිද්‍යා ක්‍ෂේත්‍රය ආගමික ක්‍රියාකාරීන්ගේ මැදිහත්වීම්වලට ලක්‌කොට තිබේ. එහි පැරැණි නටඹුන් ලෙස කටාර කෙටූ ගල්ලෙන් දෙකක්‌, ආසනයක්‌. කැටයම් රහිත සිරිපතුල් ගලක්‌, බෝධිසත්ව ප්‍රතිමාවක කොටසක්‌, බිමට සමතලා කරන ලද ඉතා කුඩා ප්‍රමාණයේ චෛත්‍යයක නටඹුන්, විශාල ගල් පදනමක්‌ මත ඉදිකළ ගොඩනැඟිල්ලක නටබුන් ආදිය වේ. 1980 දශකයේ නව රුහුනු සෝමාවති විහාරය නමින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්‍ෂුන් වහන්සේලා විසින් පරිහරණය කරන ලද්දේ මෙම ගල්ලෙන් සහිත පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයයි. එයින් එක්‌ ගල්ලෙනක්‌ නූතන ඉදිකිරීම්වලට බඳුන් වී ඇති අයුරු දක්‌නට ලැබිණි. බැතිමතුන් සඳහා රචිත පොත් පිංචක යට කී බෝධිසත්ව ප්‍රතිමා කොටස සෝමාවතී දේවියගේ පිළිරුව වශයෙන් හඳුන්වා තිබෙනු දක්‌නට ලැබිණි. එය සැබැවින්ම වැරදි අවබෝධයකින් යුතුව කර ඇති සඳහනකි. ධාතුවංසයේ හෝ පාලි ජිනකාලමාලියේ එන තොරතුරු සමඟ මෙම නව රුහුණු සෝමාවතිය නමින් කලක්‌ හැඳින්වූ පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේ නටබුන් කිසිසේත් සාම්‍ය වන බවක්‌ හඳුනා ගැනීම අපහසුය. මෙම ස්‌ථානයේ පවතින්නේ වෙනත් පුරාවිද්‍යාත්මක අගයකි. එනම් මූල ඓතිහාසික යකඩ යුගයේ එනම් මෙරට යකඩ තාක්‍ෂණය භාවිත කළ මුල් අවධියේ විසූවන්ගේ වාසස්‌ථානයක්‌ වශයෙනි. පසුකාලීනව විවිධ පිරිස්‌ විසින් භාවිත කළ බවට ද පුරාවිද්‍යා සාක්‍ෂි අනාවරණය විය.
මීට අමතරව අදාළ ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක පසුබිම පිළිබඳව තවදුරටත් අවධානය යොමු කරන විට පෙනී යන්නේ දැනට පුරාවිද්‍යා ක්‍ෂේත්‍ර විශාල ප්‍රමාණයක්‌ වනගතව පවතින බවයි. 1890 දී මෙරට විසූ විශිෂ්ඨතම පුරාවිද්‍යාඥයකු වූ ද පළමු පුරාවිද්‍යා කොමසාරිස්‌වරයා වූ ද එච්. සී. පී. බෙල් නම් මහා පඬිවරයා සෝමාවතිය ලෙස හඳුනාගෙන ඇත්තේ ද වර්තමාන සෝමාවතිය පුද බිමයි. ඔහු විසින් රචිත Eචසටර්චයස්‌ Zeහක්‌බසජ් නම් කෘතියේ ද සෙනරත් පරණවිතාන විසින් රචිත ෂබිජරසචඑසදබි දෙ ජැහකදබ නම් කෘතියේ ද සෝමාවතියේ සෙල්ලිපි පිළිබඳවත් අදාළ ථූපය සෝමාවතිය ලෙසත් හඳුන්වා තිබීම වැදගත් කරුණකි. සැබවින්ම මෙම පුරාවිද්‍යා ක්‍ෂේත්‍රය ආශ්‍රිත මතුපිට දත්ත පමණක්‌ පදනම් කරගෙන එහි ක්‍ෂේත්‍ර ඓතිහාසික සංදර්භගත කිරීමකට පෙළඹීම ඉතා අසීරු කරුණක්‌ වුවද සෝමාවතිය ස්‌තූපය වංසකතාවේ සඳහන් ආකාරයට වඩාත් ප්‍රබල ලෙස පුරාවිද්‍යා සාධක ප්‍රකට කරන බැවින් බුදුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ වැඩ සිටින ස්‌තූපය මෙය බවත් එය වඩාත් ප්‍රායෝගික යථාර්ථයක්‌ වන බවත් සඳහන් කළ හැකිව පවතියි.
බුදුරැස්‌ විහිදෙන සෝමාවතිය නමින් වර්තමාන සමාජයේ ලොකු කුඩා ගිහි පැවිදි බෞද්ධ අබෞද්ධ කාගේත් සම්භාවනාවට පාත්‍රව ඇති මෙම ස්‌තූපය වර්ෂ 2100 ට පමණ පෙර පැවැති සමාජ, ආර්ථික, පදනම මත ඉදි වූවකි. ක්‍රිස්‌තු පූර්ව තුන්වන සියවසේ එනම් මෙරට ඓතිහාසික යුගය ආරම්භ වන කාල පරිච්ඡේදය වන විට අනුරාධපුරය, තිස්‌සමහාරාමය, අකුරුගොඩ ආදී නාගරික ශිෂ්ටාචාර මෙන්ම සෝමාවතිය චෛත්‍යය ආශ්‍රිත ප්‍රදේශය ද ප්‍රබල නාගරික සමාජයක්‌ පිළිබිඹු කරයි. විශේෂයෙන්ම සේරුවාවිල තඹ නිධිය ආශ්‍රිතව සිදු වූ ලෝහ තාක්‍ෂණික ක්‍රියාකාරකම්, ත්‍රිකුණාමලය (ගෝකණ්‌ණ වරාය) ආශ්‍රිතව පැවැති ආර්ථික පසුබිමත් මහවැලි නදිය ඒ ඒ ස්‌ථානවලින් හරස්‌ කොට ඇළ මාර්ග මගින් ජලය ගෙන ගොස්‌ ඉතා පුළුල් ආකාරයෙන් සිදුකරන ලද කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍රියාවලියත් මහවැලි නදිය හරහා සිදුකෙරුණු දේශීය – විදේශීය වෙළෙ¹මේ නියෑලුණු සමාජයක්‌ මෙම නාගරික සමාජයට පසුබිම විය. මෙබඳු නාගරික සභ්‍යත්වයක්‌ ආශ්‍රිතව නිෂ්පාදනය ක්‍රියාවලියේ නියුතු වන ග්‍රාමීය සමාජ ද වූ බවට සාධක හමු වී ඇත. මෙම නාගරික සමාජයේ ධනය ආයෝජනය කර එම සමාජයේ ම අවශ්‍යතාව මත දකුණු දළදාව වැනි ප්‍රධාන ධාතුවක්‌ තැන්පත් කොට සෝමවතිය ස්‌තූපය ඉදිකර තිබේ. වසර 2000 කට වඩා පැරැණි යකඩ නිෂ්පාදනාගාරයකට අදාළ විශාල යබොරකුට්‌ටි, (කරදබ Sක්‌ටි) කළුරතු බඳුන් (ඊක්‌ජන aබා Red උaරු) සහිත ප්‍රදේශ සෝමාවතිය ස්‌තූපය ආශ්‍රිතව අප විසින් අනාවරණය කර ගැනුණි. ප්‍රභූ පැලැන්තිය විසින් සුභාවිත භාජන වර්ග ලෙසට යට කී බඳුන් වර්ග පෙන්වා දීමට පුළුවන. සෝමාවතිය ස්‌තූපය අසලින් ම මෙබඳු සාධක අනාවරණය වීම පාලි සාහිත්‍යය මූලාශ්‍රවල සඳහන් වන තොරතුරු සමඟ තවදුරටත් අපගේ විශ්වාසය තහවුරු කරන්නකි.
ශ්‍රී ලංකාවේ වංසකථාවලත්, අභිලේඛනවලත් සෝම යන නාමය සහිතව පූජනීය ඉදිකිරීම් කීපයක්‌ ගැනම කියවේ. ඒ අතුරින් වළගම්බා රාජ්‍ය සමයට අයත් ප්‍රවෘත්තිය ද වේ. ද්‍රවිඩ ආක්‍රමණයකට මුහුණ දිය නොහැකිව පලා යන වළගම්බා දෙවන වර රාජ්‍යත්වයට පත්වීමෙන් අනතුරුව සෝමා නම් වූ දේවිය වෙනුවෙන් සෝමාරාමයක්‌ කළ බව මහා වංශයේ සඳහන් වේ. සැබවින්ම මෙය අනුරාධපුර මහා විහාරය ආශ්‍රිතව කරන ලද්දක්‌ බව මහාවංශයේ 33 වැනි පරිච්ඡේදයේ 86- 89 ගාථාවලින් මැනවින් පැහැදිලි වේ. අනෙක්‌ අතට වළගම්බා රජු රාජ්‍යත්වයට පත් වනුයේ පළමුවර ක්‍රිස්‌තුපූර්ව 103 දීය. ඔහු දෙවන වර රාජ පදවියට පත් වනුයේ ක්‍රිස්‌තු පූර්ව 89 – 77 කාලයේදී ය. වළගම්බා රජුගේ පියා සද්ධාතිස්‌ස රජුය. වැඩිමහල් සොහොයුරා දුටුගැමුණුය. මේ දෙදෙනාගේම පියා කාවන්තිස්‌ස රජුය. බුදුන් වහන්සේගේ දකුණු දළදාවක්‌ හා සෝමාවතිය ස්‌තූපය ඉදිකිරීමක්‌ පිළිබඳව තොරතුරු සඳහන් වන්නේ කාවන්තිස්‌ස රාජ්‍ය සමයට අයත්වය. පාලි ධාතුවංසයේ හා ජිනකාලමාලියේ කරුණු සඳහන් වනුයේ ගැමුණු කුමරු පිළිබඳ පමණි. එබැවින් සෝමාවතිය ස්‌තූපය ගොඩනැඟෙන කාල පරිච්ඡේදයේදී සද්ධාතිස්‌ස කුමරායා ඉපදී සිටියා ද යන්නත් සැක සහිතයට. ඉපදී සිටියත් ඔහු ඉතා ළදරු වියේ පසුවන්නට ඇති බව නම් නිසැකය. කරුණු මෙසේ හෙයින් වළගම්බා රජුගේ පියා වූ සද්ධාතිස්‌ස රජුත් ඉපදීමට පෙර අවධියකදී සෝමාවතිය ස්‌තූපය ඉදිකර ඇති බව පෙනේ. කරුණු මෙසේ හෙයින් වලගම්බා රජු සෝමාවතිය ස්‌තූපයට සම්බන්ධ කර දැක්‌වීම පදනම් රහිත බව පෙන්වා දීමට පුළුවන. තවදුරටත් මෙම කරුණු විශ්ලේෂණය කරතොත් බුදුන්ගේ දකුණු දළදා වහන්සේ තැන්පත් කර සෝමාවතිය චෛත්‍යය ඉදිකිරීමෙන් වසර 130 පමණ පසුවය වළගම්බා රජු ඉපදී ඇත්තේ. එසේම වළගම්බා රජු තම දේවියගේ නමින් ඉදිකළ සෝමාරාමය, වර්තමාන අනුරාධපුර මහා විහාර සීමාවේ ඇති ලංකාරාමය බව සෙනරත් පරණවිතාන ආදී උගත්තු පෙන්වා දී ඇත.
ක්‍රිස්‌තු වර්ෂ 10 වන සියවසට අයත් අනුරාධපුර වෙස්‌සගිරියෙන් හමුවූ අංක 01 දරණ පුවරු ලිපියේ ද වන්පුල්ලා නම් උපාසකයාගේ වීරාංකුරාරාමයට අයත් වූ මූලසෝ විහාරයක්‌ ගැන ද කියවේ. (මූලසෝම නොවේ) මෙම විහාරය හා සෝමාවතිය සම්බන්ධ කරමින් ඇතමෙක්‌ කරුණු දැක්‌වුවද, ඒවායේ කිසිදු ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක පදනමක්‌ නැත. එබැවින් බුදුන් වහන්සේගේ දක්‍ෂිණ දළදා වහන්සේ තැන්පත් කොට ඉදිකරන ලදැයි පැවසෙන සෝමාවතිය ස්‌තූපය හා එහි පිහිටීම නිවැරැදි ලෙස ම වර්තමානයේ කාගේත් අවධානයට පාත්‍ර වී ඇති පූජනීය භූමිය හා මැනවින් සැසඳෙන බව වසර ගණනාවක්‌ මුළුල්ලේ කරන ලද පුරාවිද්‍යා ගවේෂණ, සමීක්‍ෂණ මගින් පෙන්වා දී තිබේ.
වර්තමාන සෝමාවතිය ස්‌තූපය මෙරට සියලු ජනයාගේ ගෞරවාදරයට පාත්‍රව ඇති අතර එහි පුරාවිද්‍යාත්මක අගය තහවුරු වන පරිදි ආගමික මධ්‍යස්‌ථානයක්‌ වශයෙන් පවත්වා ගෙන යනු ද පෙනේ. මේ අවස්‌ථාවේදී ජනාධිපතිතුමාගෙනුත්, සංස්‌කෘතික හා ජාතික උරුමයන් භාර ඇමැතිවරුන්ගෙනුත්, පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්තුමාගෙනුත් ඉල්ලීමක්‌ ද කරනු කැමැත්තෙමි. වනාන්තරය පුරා විහිදී ඇති නටඹුන් ක්‍ෂේත්‍ර සියල්ලම හෝ හැකි කීපයක්‌වත් සංරක්‍ෂණයට බඳුන් කර මෙරට මහජනයාට දැක පහන් සංවේගය උපදවා ගැනීමට කටයුතු කරන ලෙසය. මහ වන මැද උරුමය ලොවට ගෙනහැර පෑමේ භාරදූර කාර්ය අප හැකි උපරිමයෙන් සිදු කරන අතර, ඔබතුමන්ලාගේ අවධානය, අනුශාසනය, අනුග්‍රහය ඒ සඳහා ලැබීම ද මහා පිටිවහලක්‌ වනු ඇත.
(වසර 03 කට ආසන්න කාලයක්‌ සිදුකරන ලද පුරාවිද්‍යා ගවේෂණවලින් අනාවරණය වූ පුරාවිද්‍යාත්මක සාධක මත පදනම්ව මෙම ලිපිය සකස්‌ කරන ලදී.)
මැදමහනුවර ධම්මසිරි හිමි,
පුරාවිද්‍යා අධ්‍යයන අංශය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

සෝමාවතී රජමහා වෙහෙර

දිවයිනේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්‌ථාන අතරින් පොලොන්නරුව සෝමාවතී රජමහා වෙහෙරට හිමි වන්නේ අද්විතීය ස්‌ථානයකි. ක්‍රි. පූ. දෙවැනි සියවසේ රුහුණු රටේ රජ කළ කාවන්තිස්‌ස රජතුමාගේ නැගණිය වූ සෝමාදේවිය හා ඇගේ සැමියා වූ ගිරිඅභය කුමරු සමඟ මහවැලි ගඟ අසබඩ සෝමපුර නමින් රාජධානියක්‌ පිහිටුවා ගෙන එම පළාත පාලනය කළ බව ඉතිහාසයේ සඳහන් වේ. ඒ වන විට අවට ගල්ලෙන් තුළ මහ රහතන් වහන්සේලා වැඩ සිටි බව දැන සෝමාදේවිය නමින් චෛත්‍යයක්‌ ඉදිකර බුදුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ ලබාගෙන එම චෛත්‍ය තුළ නිධන් කළ බව ශාසන ඉතිහාසයේ දැක්‌වේ.
මේ අනුව බලන කල මහනුවර දළදා මාලිගාවේ වැඩ වෙසෙන දන්ත ධාතුන් වහන්සේටත් බොහෝ කාලයකට පෙර සර්වඥ දකුණු දළදා වහන්සේ සෝමාවතී චෛත්‍ය තුළ නිධන් ගතව රාජ රාජ මහාමාත්‍යාදීන් විසින් පුද පූජා පැවැත්වූ බව ධාතු වංශය පෙන්වා දෙයි.
මෑතක්‌ වන තුරු සෝමාවතිය ගැන බොහෝ දෙනා දැන සිටියේ නැත. මහනුවර දන්ත ධාතුන් වහන්සේගේ ඉතිහාසය සිංහල රජදරුවන් අතින් නොකඩවා පැවත ආ නමුත් සෝමාවතිය පිහිටි පොලොන්නරුව ප්‍රදේශය පොලොන්නරු යුගය අවසන් කළ නිශ්ශංක මල්ල රජුගෙන් පසුව එනම් 12 වැනි ශත වර්ෂයෙන් පසු වනගත වී නටබුන් ස්‌වභාවයට ගිය නිසා සෝමාවතිය හා දකුණු දන්ත ධාතුන් වහන්සේ ද එතනින් අමතක විය. මෙම ප්‍රදේශය තවත් පරිහානියට යැමට හේතු වූයේ එය පොලොන්නරු නගරයෙනුත් සැතපුම් 26 ක්‌ පමණ ඈත මහ වන මැද පිහිටි නිසා ය.
සේරුවිල චෛත්‍යයේ නිදන්කර ඇති ශ්‍රී ලළාට ධාතුන් වහන්සේ පිළිබඳ ඉතිහාසය දක්‌වන ධාතු වංශයේ සෝමාවතිය සම්බන්ධ ඉතිහාසය ද සැකෙවින් දක්‌වා ඇත. සෝමාවතී නමැති කාවන්තිස්‌ස රජුගේ සොහොයුරිය අභය නම් කුමරෙකු සමඟ විවාහ වී රුහුණේ ‘ගිරි’ නමැති ස්‌ථානයක වාසය කර ඇති කල්හි මෙම දෙපළ රජු සමඟ අමනාප වී සේරුවිල පිහිටි ‘සේරු’ නම් ප්‍රදේශයෙහි සිටි සිව රජු බැහැදැක කරුණු කාරණා අවබෝධ කිරීමෙන් අනතුරුව රජ පැහැදී ඔහු විසින් තෑගි කර දෙන ලද පුණ්‍ය භූමියේ සෝමාවතී චෛත්‍යය ඉදිකර වූ බවත්, අනතුරුව රහතුන් වහන්සේ නමක්‌ විසින් ඉන්දියාවේ සිට වැඩම කරවන ලද දකුණු දන්ත ධාතුන් වහන්සේ නිදන් කළ බවත් ධාතු වංශය පෙන්වා දෙයි.
ඓතිහාසික සෝමාවතී රජමහා විහාරය පොලොන්නරුව අතීත කතා පුවත
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහනය කළ කල්හි උන්වහන්සේගේ අදිටනට අනුව ලළාට ධාතුවය, අකු ධාතු දෙනමය, සතර දළදා යන මෙම මහා ධාතු සත කොටස්‌වලට වෙන් නොවී, නොබිඳී, නොවිසිරී එළෙසින් ම ඉතිරි විය. ශ්‍රී ශරීරයේ ඉතිරි අස්‌ථි සියල්ලම මුං පියලි කඩ සහල්, අබ ඇට යන ප්‍රමාණයන්ට බිඳී වෙන් වී ගොස්‌ ඇත.
මෙහි දළදා යනුවෙන් හඳුන්වනු ලබන්නේ ‘රදනක’ (Cඅනිනේ නම් වූ දත් විශේෂයයි. එයට පාලි භාෂාවෙන් ‘දාඨා’ යනුවෙන් කියනු ලැබේ. දීඝ නිකායේ ලක්‌ඛණ සූත්‍රයේ සඳහන් වන ආකාරයට බුදුරදුන්ට දත් සතළිහක්‌ විය. මෙම සියලු දත් සමාන්තරව මුතු ඇට පෙළක්‌ මෙන් විය. දළදා සතර අන් දත්වලට වඩා ඉතාමත් සුදු පැහැයෙන් යුක්‌ත විය. සතර දළදාවහන්සේගෙන් දීප්තිමත් ආලෝකධාරා විහිදේ. ඒවාට ‘දාඨා ප්‍රභා’ යයි කියනු ලැබේ.
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ බව ඇසූ නාග ලෝකයේ ජයසේන නා රජු මහත් වූ දුකට පත්ව “අවසාන වතාවටත් බුදුරදුන් දැක බලා ගෙන වන්දනා මාන කරන්නෙමි” යෑයි සිතා මහත් වූ නාගයින් පිරිවරාගෙන කුසිනාරාවට පැමිණ නමස්‌කාර කර ධාතු බෙදන කල්හි එම ස්‌ථානයට විත් එකත්පසෙකින් සිටියේය. ධාතු බෙදීමේදී එහි පැමිණ සිටි ද්‍රෝණ නම් බමුණා සර්වඥ දකුණු දළදා වහන්සේ බිම දමා පයින් වසාගෙන ඇත. උඩු වම් දළදා වහන්සේ වස්‌ත්‍ර අතරේ සඟවාගෙන ඇත. එහි වැඩමව සිටි ඛේම මහරහතන් වහන්සේ විසින් චිතකයේ ගිනි නිවීමටත් පෙර චිතකයෙන් සර්වඥ යටි වම් දළදා වහන්සේ ගෙන කාලිංග දේශයට වැඩම කර එහි රජුට පිරිනමා ඇත.
සර්වඥයන් වහන්සේගේ එක්‌ දකුණු දළදාවක්‌ බිම දමා පයින් වසා ගෙන සිටින බැව් දුටු ජයසේන නාරජු ඔහුට නොදැනෙන සේ ධාතුන් වහන්සේ සෘද්ධියෙන් ගෙන නා ලොවට වැඩම කර නාග පුරය මැද මැණික්‌ සෑයක්‌ තනා දකුණු දළදා වහන්සේ එහි තැන්පත් කර මහත් වූ පුද පූජා පවත්වනු ලැබීය.
යටි වම් දළදාව සක්‌දෙව් රජු තව්තිසා දෙව්ලොවට ගෙන ගොස්‌ සිළුමිණ මහා සෑයේ තැන්පත් කළේය. පසු කලෙක හේමමාලා කුමරිය හා දන්ත කුමරු මෙම දළදා වහන්සේ ලක්‌දිවට වැඩම කරවූහ. මේ අනුව අවබෝධ විය යුත්තේ අද මහනුවර ශ්‍රී දළදා මැඳුරේ වැඩ සිටින්නේ මෙම යටි වම් දළදා වහන්සේ බවයි.
සෝමාවතියට වස්‌තු වන්නේ ද්‍රෝණ බමුණා විසින් පයින් වසාගෙන සිටියදී ජයසේන නා රජු විසින් ලබාගෙන නාග ලොවට ගොස්‌ මැණික්‌ සෑයේ තැන්පත්ව පූජෝපහාර දැක්‌වූ ඒ සර්වඥ දකුණු දළදා වහන්සේ ය.
කාවන්තිස්‌ස රජු සමයේ මහා දේව මහතෙරුන්ගේ සිසුවෙකු වූ මහින්ද නාහිමි තෙරණුවෝ සර්වඥ දකුණු දළදාව ගෙන ලක්‌දිවට වැඩම කළහ. ගිරි අභය රජතුමා විසින් එම දකුණු දළදාව නිදන්කර ස්‌ථූපයක්‌ තැනවූයේය. එය සෝමාවතී මහා සෑය නම් වෙයි. මෙය ක්‍රි. පූ. 2 වැනි සියවසේදී සෑදුවක්‌ වේ.
සෝමාවතී මහා සෑයේ වැඩ සිටින දකුණු දළදා වහන්සේ බොහෝ ප්‍රාතිහාර්යයන් සිදු කරන ධාතුන් වහන්සේනමක්‌ බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. අවස්‌ථාවන් කිහිපයකදීම මේ ධාතු ස්‌ථූපයෙන් දීප්තිමත් ආලෝක ධාරා විහිදී ඇත. ධාතු ගර්භයෙන් හේවිසි හඬ හා මධුර මනෝහර සංගීත හඬ නිකුත් වී ඇත. මෑත භාගයේදී මෙවැනි ප්‍රතිහාර්ය දුටු බොහෝ අය වෙති. සෝමාවතී පුද බිම නොයෙක්‌ අසිරිමත් හා ආශ්චර්යයන්ගෙන් ගහණ පුණ්‍ය භූමියක්‌ ලෙසත්, බෞද්ධ අබෞද්ධකාගේත් ගෞරවයට හා පූජනීයත්වයට පත්ව තිබේ.

copy write සන්චාරේ

Donations

You cannot copy content of this page