පරලොව ජය ගන්නා ස්ත්‍රිය

December 20, 2021
Published by: Dhamma Deepa

380 Views

 




පරලොව ජය ගන්නා ස්ත්‍රිය

“චතූහි ඛො විසාඛෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො පරලොක විජයාය පටිපන්නො හොති, පරො ලොකො ආරද්ධෝ හෝති. කතමෙහි චතූහි? ඉධ විසාඛෙ, මාතුගාමො සද්ධා සම්පන්නො හොති, සීල සම්පන්නො හොති, චාග සම්පන්නො හොති, පඤ්ඤා සම්පන්නො හොති”

ශ්‍ර‍ද්ධාවෙන් යුක්ත වීම ය, ශීලයෙන් යුක්ත වීම ය. දෙන ස්වභාවය ඇත්තියක් වීම ය, නුවණින් යුක්ත වීම ය යන මේ කරුණු සතර පරලොව ජය ගන්නා පිණිස පිළිපන් ස්ත්‍රියගේ අංගයෝ යයි එයින් ප්‍ර‍කාශිත ය. දෙලොව ජය ගැනීමට හේතු වන අංග අටින් යුක්ත වූ කාන්තාව මෙලොව ප්‍රීතියෙන් වාසය කොට මරණින් මතු “මනාපකායික” දෙවියන් කෙරෙහි උපදින්නී ය.

අතිපූජනීය රේණුකානේ චන්දවිමල හිමියන්ගේ බෞද්ධයාගේ අත්පොත කෘතිය පොත් මිලදී ගැනීමට : https://www.fb.com/1358438437680062