Ruwanwali Maha Saa Rajiun රුවන්වැලි මහා සෑ රජාණන්

රුවන්වැලි මහා සෑ රජාණන්

ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින ලෝකයේ පූජනීයම ස්ථාන අතුරින් එකකි. ඒ අතරම ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින එකම දාගැබ වන්නේද රුවන්වැලි මහා සෑයයි.උසින් අඩි 338ක් (මීටර් 103) සහ අඩි 942ක (මීටර් 287.1) විෂ්කම්භයකින් යුක්ත වන මෙය ලෝකයේ දැනට පවතින උසම ස්මාරක අතරින් එකක් වේ.(ගර්භයේ මුල වටප්‍රමාණය අඩි 807 කි.)වාස්තු විද්‍යාත්මක ගුණාංග සහ ආශ්චර්යවත් බව නිසා ලොව පුරා බෞද්ධ ජනතාව අතර අති පූජනීය තත්වයට පත්වී ඇති ස්ථූපයකි.

මහාථූප (පාලි භාෂාවෙන්)
මහා ස්ථූපය
මහා ථූපය
මහා සෑය
රුවන්වැලි මහා සෑය
රුවන්මැලි මහා සෑය

රත්නමාලි මහා සෑය
රතනමාලි මහා සෑය
හේමමාලි මහා සෑය
අසදෘශ මහා සෑය
ස්වර්ණමාලී මහා සෑය

සයිංසු යස්මිං සුගතස්ස ධාතු
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණමාලීති පතිතනාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං

ස්වර්ණමාලි දෙව්දුව

දුටුගැමුණු රජ කාලයේ මෙම ථූපය ඉදිකිරීමට යන අවස්ථාවේ ඉදිකිරීමට නියමිත භූමියේ තෙලඹු ගසක් තිබුණා. එය කපා දැමීමට සිදු වුණ බවත්, එම ගසේ වැඩ සිටි දේවතාවියකට උපහාර පිණිස මෙය ස්වර්ණමාලි මහා චෛත්‍යය යන නම ලැබූ බවත් ජනප්‍රවාදවල සඳහන් වෙනවා. එවකට රටේ ඉදිවූ විශාලම දාගැබ මෙය නිසා වංශකතාකරුවන් මේ දාගැබ මහා ථූපය නමින් ද හඳුන්වා තිබෙනවා

දේවානම්පියතිස්ස මහ රජතුමා බෞද්ධයකු වීම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට හේතුවක් වූ බව පුරාණ කතා ඇසුරේදී පෙනීයයි. එතුමා මිහිඳු මහ රහතන් වහන්සේගෙන් දහම් අසා ධර්මාවබෝධය ලැබුවා පමණක් නොව ලක්දිව සෑම දෙසම වෙහෙර විහාර කරවන්නටද මූලික විය. ථූපාරාමය ඉදිකිරීම මෙන්ම අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි රෝපණයද සිද්ධ වූයේ දේවානම්පියතිස්ස රජ දවස මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදිය.swrna malli dewduwa

අනුරාධපුරයේ අටමස්ථාන වලින් ඉතිරිය ඉදිවුයේ ඉන් සියවස් ගණනකට පසුවය. නමුත් අනුරාධපුරයේ අටමස්ථානය ඉදිවන තැන් මිහිඳු මහ රහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට පෙන්වා වදාළහ. මේ පුවත පුරාණ ලේඛනවල සඳහන් වේ.

මිහිඳු මහරහතන් වහන්සේ සමන් මල් මිටක් දෝතට ගෙන අහසට විසි කළහ.

මහරජ මේ සමන් මල් මිට අහසේදීම අට කොටසකට බෙදී අනුරාධපුරයේ අට තැනෙක පතිත වන්නේය. ඒ වනාහි මතු රුවන්වැලි මහාසෑය, මිරිසවැටිය, ථූපාරාමය, අභයගිරිය ආදී වූ අටමස්ථානය ඉදිවන තැන්ය.

ඒ අනුව අනුරාධපුර අටමස්ථානය ඉදිවුයේ එදා මිහිඳු මහ රහතන් වහන්සේ පෙන්වා වදාළ ස්ථානවල බව කියැවේ.

මේ සිදුවීමෙන් වසර ගණනකට පසුව දුටුගැමුණු මහ රජතුමා අනුරාධපුරයේ රජවිය. එතුමාට රාජ්‍ය බලය ලබාගැනීමට එළාර නම් ද්‍රවිඩ රජකු සමග විශාල සටනක් කරන්නට සිදුවිය. සටනින් ‘දුටුගැමුණු’ ජය ලැබීය. එතුමා තුන් සිංහලය එක්සත් කිරීමෙන් පසු ඊළඟට කළ දැවැන්තම කාර්ය වූයේ රුවන්මැලි මහා සෑ චෛත්‍ය කර්මාන්තයයි.

චෛත්‍යය හැකි තාක් විශාලව සිදු කිරීම දුටුගැමුණු රජතුමාගේ අදහස විය. එතුමා රිදී නගුලක් ගෙන ස්තූපය බැඳීමේ සීමාව ලකුණු කළේය. ඒ, ප්‍රමාණය අති විශාල වූවකි.
රජතුමාගේ ජීවිත කාලය තුළ මේ ඉදිකිරීම් නිමාකළ නොහැකියි’…. එදෙස බලා සිටි ඍධිමත් සිද්ධාර්ථ නම් රහතන් වහන්සේ තීරණය කළහ.
රජතුමනි ඔබට චෛත්‍යය කළ හැකි සීමාව මා පෙන්වන්නම් ’ යනුවෙන් පවසා සිද්ධාර්ථ රහතන් වහන්සේ මහ සෑයේ ප්‍රමාණය ලකුණු කළහ.
එතැනින් පසු රජතුමාට ඊට වඩා බරපතළ ප්‍රශ්නයක් මතු විය.

මහ සෑය ඉදිකිරීමට වෙන්වූ භූමියේ විශාල තෙළඹු ගසක් තිබෙයි. මේ ගස චෛත්‍ය කර්මාන්තය සඳහා කැපිය යුතුම වේ. මේ වෙලේ තෙළඹු ගසට අධිගෘහිත දේවතාවියක් පෙනී සිට, ‘ මහ රජ … මේ ගස කැපීමට මා විරුද්ධය. මේ මගේ වාස භවනයි. ඔබේ කටයුත්තට වෙනත් ස්ථානයක් තෝරා ගන්න’…. යි ප්‍රකාශ කළාය.

දේවතාවිය, අපි මේ කරන්නේ සම්බුද්ධ ශාසනයට උතුම් සේවයක්. මහා සෑය කිරීමට අතීතයේ මහරහතන් වහන්සේ පවා පෙන්වා වදාළ ස්ථානය මෙතැනයි… ඔබ අපට ඉඩ දෙන්න….’ රජතුමා ඉල්ලා සිටියේය.
රජතුමා කී දෙය අසා සිටි දෙවඟන, හොඳයි… මා වෙනුවෙන් යමක් ඔබට කළ හැකිද? යි විමසා සිටියාය. ‘එසේය….. දේවතාවිය’‘එහෙනම් මහරජ මගේ නම ස්වර්ණමාලී….. රත්නමාලී කියලත් කියනවා. ඔබ කරවන මහ සෑයට මගේ නම තබන්න. එය කළ හැකිද?
රජතුමා මහ සෑයට ස්වර්ණමාලී නම තැබීමට කැමැති විය. රුවන්වැලි මහා සෑයට රත්නමාලී හා ස්වර්ණමාලි නාමය වැටුණේ මේ සිදුවීම මුල් කරගෙනයි.
එදා වූ මේ සිදුවීම ස්වර්ණමාලී දෙවඟනට තවමත් දවසක් දෙකක් වැනි පුංචි කාලයක් විය හැකියි. ඇයගේ වෘක්‍ෂ දේව ආත්මයේ ආශිර්වාදය තවමත් ස්වර්ණමාලී මහා සෑයට නොමඳව ලැබෙනවා ඇති. ස්වර්ණමාලි සෑයට කරන පින්කම්වලට ස්වර්ණමාලී දෙවඟන අදටත් උදව් උපකාර කරනවා ඇති.

ඉදිකිරීම් ද්‍රව්‍ය ලබාගැනීම

පුරාණ ග්‍රන්ථ වලට අනුව,අනුරාධපුර රාජධානියට,

යොදුනක් (දුර මනින මිම්මකි.) උතුරු දෙසින් පිහිටි ගම්භීර නදියේ ඉවුරෙන් ගත් මැටි වලින් සෑය ඉදිකිරීම සඳහා ගඩොල් තනන ලදී.
යොදුන් තුනක් ගිණිකොන දෙසින් වූ අවුරුවිනී ග්‍රාමයෙන් රන් කැටි ලබාගන්නා ලදී.
යොදුන් හතක් නැගෙනහිර දෙසින් වූ තම්බපින්න ග්‍රාමයෙන් තඹ ලබාගන්නා ලදී.
යොදුන් සතරක් ගිණිකොන දෙසින් පිහිටි සමන්වැව ග්‍රාමයෙන් මැණික් ගෙන්වන ලදී.
යොදුන් අටක් දකුණු දෙසින් පිහිටි රිදී නැමැති ගල් ගුහාවෙන් රිදී ලබාගන්නා ලදී.
යොදුන් පහක් බටහිර දෙසින් පිහිටි උරුවෙල් නම් කුඩා නගරයෙන් නෙල්ලි ගෙඩියක ප්‍රමාණයේ වූ මුතු සහ පබලූ ගෙන්වන ලදී.
යොදුන් සතරක් වයඹ දෙසින් වූ පැලවාපි ග්‍රාමයෙන් විශාල ප්‍රමාණයේ මාණික්‍යය සතරක් ගෙන්වන ලදී.    wikipedia

ස්ථූපයට ආශීර්වාද කිරීම

සිත්තසේන රහතන් වහන්සේ මහා සෑය වටා ඇඳ තිබූ සීමා රේඛාවේ නැගෙනහිර ප්‍රදේශයේ සුවඳැති ලාටු පිඩක් තැන්පත් කළේය.ජයසේන රහතන් වහන්සේ උත්තරසීහ සහ සුපටින්හිත තාරකා මණ්ඩලය යටතේ ඒ මත පිරිත් පැන් ඉසින විට උත්සව මංගල්‍යය භාර අමාත්‍යවරයා ඉසින ලද පිරිත් පැන් මත රන් ගඩොල් සහ අධික ලෙස ධනය වැයකොට කරන ලද පූජාවන් තැන්පත් කළේය.ජනප්‍රවාදයේ සඳහන් පරිදි මේ අවස්ථාවේදී දෙලක්ෂ හැත්තෑදහසක් යොදුන් වූ දෙරණ තලය ගිගුම් දෙමින් කම්පා විය.

ඔහු ඔහුගේ පුතුන් ලවා මේ ආකාරයෙන් මහා ස්ථූපයේ අනෙකුත් දිසා සතෙහිද රන් ගඩොල් තැන්පත් කරවන ලදී.ඉන් පසුව මළුවේ සතර දිසාවේ වැඩ සිටි රහතන් වහන්සේලාට පිරිකරාදිය පූජා කළ දුටුගැමුණු රජතුමා ඇතුළු ජනතාව පියදස්සී මහ රහතන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කිරීම සඳහා අසුන් ගත්හ.එම ධර්මය ශ්‍රවණය කිරීමෙන් හතළිස්දහසක් පිරිස අරහත් භාවයට පත් විය.හතළිස්දහසක් පිරිස සෝවාන් ඵලයට පත් විය.දහසක් පිරිස සකෘදාගාමී තත්වයටත් තවත් දහසක පිරිසක් අනාගාමී තත්වයටත් පත් විය.

ඉදිකිරීම ඇරඹීම

රුවන්වැලි සෑයේ ප්‍රධාන පිවිසුම
දුටුගැමුණු රජතුමා විසින් මැයි මස යෙදෙන වෙසක් මස පුර පසළොස්වක පොහොය දින, විශාඛා නක්ෂත්‍ර මණ්ඩලය යටතේ ස්ථූපයේ වැඩ කටයුතු අරඹන ලදී.

අඩිතාලම

එක් පුන් පොහෝදිනයක, දුටුගැමුණු රජු, දේවානම්පියතිස්ස රජ විසින් ස්ථාපනය කළ “අභිලිවිත්” ශිලා ලිපිය ඉවත් කරන ලදී.

භූමිය සමතලා කරන ලදී.
එය රියන් හතක ගැඹුරට සාරන ලදී.
එහි යුධ භටයන් ලවා වක්‍රාකාර ගල් අතුරන ලදී.
ගල් මිටියෙන් කඩන ලදී.
ඉන්පසු එය ඇතුන් ලවා පාගවන ලදී.
එම ගල් ස්ථරය මත ගඩොල්ද, ගඩොල් මත රළු බදාමද, රළු බදාමය මත තිරුවාණද,තිරුවාණ මත යකඩ ජාලයක්ද, යකඩ ජාලය මත සුවඳැති මැටිද,සුවඳැති මැට්ට මත සුදු පාෂාණද, සුදු පාෂාණ මත සෙල් පිලිමිණිද, ඒ මත ගල් පුවරුද අතුරවන ලදී.
ඉන්පසු රසදිය, අලිගැටපේර ලාටු හා පදම් මැටි එක්කර මිශ්‍රණයක් සාදවා ගල් පුවරු ඒ මත අතුරුවා, ඒ මත අඟල් අටක ඝනකම් ඇති ලෝකඩ පත් අතුරවන ලදී.
එම ලෝකඩ පත් මත ආසනියම් හා තල තෙල් එකට මිශ්‍ර කර අතුරවා ඒ මත අඟල් හතරක් ඝනැති රිදී පත් තැන්පත් කරවන ලදී.
රජු මෙසේ මේ මහා සෑයේ අඩිතාලම සාදවා නිමකර, අත්තිවාරම් ගල ඇසළ පුර පසළොස්වක පොහෝ දින ස්ථාපනය කිරීමට කටයුතු පිළියෙල කරන ලදී. ඉන්පසු ඔහු අනුරාධපුර නගරය සහ රුවන්වැලි සෑ මළුව දිව්‍යමය පුරවරයක් සේ සරසවන ලදී. මේ වෙනුවෙන් ඉන්දියාවෙන් අනූහය කෝටියක් රහතුන් වහන්සේලා වැඩම කළහ. ඇසළ පුරපසළොස්වක පොහෝ දින, උත්තරසීහ තාරකා මණ්ඩලය යටතේ මහා සෑයේ අත්තිවාරම් ගල ස්ථාපනය කර “මා මේ ස්ථූපය වෙනුවෙන් කරනා ක්‍රියාවන් සාර්ථකව නිම කිරීමට හැකිවේවා!!.එවිට බුද්ධරක්ඛිත, ධම්මරක්ඛිත, සංඝ රක්ඛිත හා ආනන්ද රහතුන් වහන්සේලා මහා සෑ මලුවේ සතර දිශාවෙන් නැගීසිටීවා”කියා අධිෂ්ඨාන කළේය.ඔහු අධිෂ්ඨාන කල පරිදිම පූජ්‍ය සිද්ධත්ත, මායිගල, පදුම, සීවලී, චන්දගුත්ත, ඉන්දගුත්ත, සූරියගුත්ත, සිත්තසේන, ජයසේන හා අකල රහතුන් වහන්සේලා නැගෙනහිර දෙස බලා උත්සව අවස්ථාවේ දොරටුව අසළ තිබූ කොතළය ඉදිරිපිට සිටගත්හ.නන්දිසේන, සුමනා දේවියගේ පුත් සුපටින්හිත හා උත්සව මංගල්‍යය සඳහා පත්කෙරුණු ඇමතිවරයා, ධාතු මන්දිරය වටා සක්මන් කර මහා සෑයේ වක්‍රාකාර සීමාව මැනීම සඳහා රිදීයෙන් තැනූ යශ්ටියක් ගෙනෙන ලදී.ඇමතිවරයා මේ අයුරින් ධාතු මන්දිරය වටා ඉතා විශාල පරිමාණයක් මනිමින් යනු දැක සිද්ධත්ත රහත් තෙරුන් ඔහුට මධ්‍යම ප්‍රමාණයෙන් මනින ලෙස උපදෙස් දුන්හ. සිද්ධත්ත තෙරුන්ගේ, ඇමතිවරයාගේ හා ඔහුගේ දෙමාපියන්ගේ නම් ඇසීමෙන් දුටුගැමුණු රජු “ස්ථූපයේ වැඩ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේ” යැයි සිතා සතුටට පත් විය. අනතුරුව ඔහු විශාල රන් කළ අටක් හා රිදී කළ අටක් මහා සෑය මධ්‍යයේ ස්ථාපිත කර ඒ විශාල දිය කළ වටා පුන්කළස් එකසිය අටක් තැන්පත් කළේය.මේ අයුරින් ඔහු රත්‍රන් ගඩොල් අටක් අට කොනේ තබා තැන්පත් කර ඒ වටා රිදී ගඩොල් එකසිය අට බැගින් තැන්පත් කළේය.    wikipedia

දුටුගැමුණු රජුගේ මරණය

අද්විතීය රුවන්වැලි මහා සෑය හතරැස් කොත් දහය දක්වා රහතුන් වහන්සේලාගේ ආරක්ෂක සූත්‍ර සඡ්ජායනා මධ්‍යයේ නිමවෙද්දී, විසි සතර වසරක් ලක්දිව පාලනය කළ දුටුගැමුණු රජු, ඔහු විසින් කරන ලද පින් ඇතුළත් පොත කියවා මහා සෑය දෙස බලා සිටියදී මියැදී දිව්‍ය පුත්‍රයකුව තුසිත දෙව්ලොව උපත ලද්දේය.

සද්ධාතිස්ස රජුගේ මරණය

දුටුගැමුණු රජුගේ සහෝදර සද්ධාතිස්ස රජතුමා සෑයේ ඉතිරි වැඩ කොටස නිමකර, මරණයෙන් පසු තුසිත දෙව්ලොව උපන්නේය.

මහා රජු
අනාගත මෛත්‍රී බුද්ධ ශාසනයේ දුටුගැමුණු රජු, බුදුරදුන්ගේ දකුණු අගසව් බවට පත්වනු ඇත.සද්ධාතිස්ස රජු වම් අගසව් බවට පත්වනු ඇත.කාවන්තිස්ස හා විහාර මහා දේවිය මෛත්‍රී බුදුන්ගේ දෙමාපියන් බවට පත්වනු ඇත.කාවන්තිස්ස රජුගේ බාල නැගණිය වන අනුලා කුමරිය මෛත්‍රී බෝසතුන්ගේ අග මෙහෙසිය බවට පත්වනු ඇත.සාලිය කුමරු මෛත්‍රී බෝසතුන්ගේ පුතු බවට පත්වනු ඇත.දුටුගැමුණු රජුගේ භාණ්ඩාගාරයේ ඇමති සනොඟා, මෛත්‍රී බෝසතුන්ගේ අග්‍ර උපස්ථායක වනු ඇත.භාණ්ඩාගාරය භාර ඇමතිවරයාගේ දියණිය අග්‍ර උපස්ථායිකාව වනු ඇත.      wikipedia

සිය­වස් හයක් තිස්සෙ ගරා වැටුණු සෑය

රුව­න්මැලි සෑය නට­බුන්ව යෑමට හේතු වූයේ රජ­ර­ටට එල්ල වූ පර­ස­තුරු ආක්‍ර­ම­ණයි. ක්‍රිස්තු වර්ෂ 1215 දී රජ­ර­ටට එල්ල වූ කාලිංග මාඝගේ ආක්‍ර­ම­ණයේ ප්‍රති­ඵ­ලය වූයේ සිංහල පාල­ක­යන් හා ජන­තාව ජීවි­තා­ර­ක්ෂාව පතා දිව­යිනේ නිරිත දිග හා අනෙ­කුත් ප්‍රදේ­ශ­ව­ලට පලා යෑමය. එසේ පලා­ගිය පිරිස් අත­රින් 3 වන විජ­ය­බාහු 1232දී දඹ­දෙණි රාජ­ධා­නිය ආරම්භ කළේය. එතු­මාගේ පුත් දෙවන පරා­ක්‍ර­ම­බාහු රජ­තුමා විසින් 1255 දී රජ­ර­ටින් මාඝ එළවා දැමී­මෙන් පසු ආර­ක්ෂක හේතු මත නැවත අනු­රා­ධ­පු­රය හෝ පොලො­න්න­රුව රාජ්‍ය මධ්‍ය­ස්ථා­නය බවට පත් කර නොගැ­නීම නිසා රජ­රට වන වැදී ජන ශුන්‍ය වීම ඇර­ඹිණි. එහෙ­යින් අනු­රා­ධ­පුර රාජ­ධානි සමයේ දී එහි ඉදිවූ මහා ස්තූප ඇතු­ළත් මහා විහාර පිළි­ස­ර­ණක් නැතිව නට­බුන් වී මහ වන­යෙන් වෙළී ගියේය.

englis englandමේ තත්ත්වය යටතේ අනු­රා­ධ­පු­රයේ තර­මක් හෝ එළි­පෙ­හෙ­ළිව තිබුණේ ශ්‍රී මහා බෝධිය අවට භූමි ප්‍රදේ­ශය පමණ ය. මහ­නු­වර රාජ­ධානි සමයේ අනු­රා­ධ­පු­රය ඇතු­ළත් නුව­ර­ක­ලා­විය උඩ­රට පාල­නය යටතේ තිබුණ අතර 1815 ඉංග්‍රී­සින්ට උඩ­රට යටත් වීමත් සම­ගම නුව­ර­ක­ලා­විය ද ඉංග්‍රී­සින්ට අයත් විය. ඒ අනුව ඉංග්‍රී­සින් නුව­ර­ක­ලා­විය පාල­නය සඳහා ඔවුන්ගේ කාර්යාල හා නවා­තැන් සාදා ගත්තේ එසේ තර­මක් හෝ එළි­පෙ­හෙ­ළිව තිබූ ශ්‍රී මහා බෝධිය අවට භූමියේ ය.    Copy Silumina

රුවන්වැලිසෑයේ ප්‍රතිසංස්කරණ

රුවන්වැලි මහා සෑය වෙනුවෙන් රජ දවස සිදු කරන ලද පූජා හා ප්‍රතිසංස්කරණ පිළිබඳව විමසා බැලීම මෙහිදී වැදගත් වේ. ආරම්භයේදී ස්තූපය මුදුනත ඒක ඡත්‍රයක් පමණක් තිබූ අතර, ආමණ්ඩගාමිණී රජු (ක්‍රි.ව.19-29) විසින් එම ඡත්‍රය මත තවත් ඡත්‍රයක් කරවා ඇත. සිරිනාග රජු (ක්‍රි.ව.189-209) ඡත්‍රයක් නැවත සාදවා වර්තමානයේ කොත් කැරැල්ලේ රත්තරන් ආලේප කරන්නාක් මෙන් එම ඡත්‍රයේ රන් ආලේප කර ඇත. සංඝතිස්ස රජතුමා (ක්‍රි.ව.243-247) සහ ධාතුසේන රජුද (ක්‍රි.ව.455-473) ඡත්‍රය ප්‍රතිසංස්කරණය කර ඒවාහි රන් ආලේප කර තිබේ.

සංඝතිස්ස රජු ඡත්‍රය මත පළිඟු මුද්දක් සවිකර චූඩා මාණික්‍යයේ සතර දිශාවේ විශාල මාණික්‍ය සතරක් ද සවි කළේය. අග්බෝ රජුගේ කාලයේදී රුවන්වැලිසෑයට ශිලා ඡත්‍රයක් සවිකර ඇත. භාතිකාභය රජු, ධාතුසේන රජු හා දෙවන මොග්ගල්ලාන රජු (ක්‍රි.ව.614-619) විසින් අලුතින් බදාම යොදා චෛත්‍යය අලුත්වැඩියා කර තිබේ. එසේම මොග්ගල්ලාන රජු ඒ වෙනුවෙන් මහාර්ඝ උත්සවයක් ද පවත්වා ඇත. මහානාග රජු (ක්‍රි.ව.569-571) මහා ස්තූපය ප්‍රතිසංස්කරණය කර අකුණුවලින් ආරක්ෂා කිරීමට වළල්ලක් සවි කළේය. මල් පූජා කිරීම සඳහා ලජ්ජිතිස්ස රජු ගලින් තනන ලද වේදිකා ත්‍රිත්වයක් පූජා කර තිබේ. එසේම භාතිකාභය රජු ද එවැනි වේදිකා ද්විත්වයක් කරවා ඇත. 10වන සියවස අගදී චෝල ආක්‍රමණයෙන් විනාශ වූ මහා ස්තූපය පළමුවන මහා පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව.1153-1186) විසින් රියන් 120ක් උසට නංවා ප්‍රතිසංස්කරණය කර තිබේ.රුවන්වැලිසෑයේ ප්‍රතිසංස්කරණ

නිශ්ශංකමල්ල රජු (ක්‍රි.ව.1187-1196) මහා ස්තූපය ප්‍රතිසංස්කරණය කරවා චෛත්‍යයේ ආකෘතියක් ද මළුවේ තනවා ඇත. අගනුවර අනුරාධපුරයෙන් පොළොන්නරුවට මාරුවීමත් සමඟ රුවන්වැලි සෑය ප්‍රමුඛ සියලුම අනුරාධපුර උරුමයන් නටබුන්ව ගියේය. 1830දී මහා ස්තූපය නිරීක්ෂණය කළ ටෙනන්ට් ඒ ගැන විස්තරයක් සපයා ඇත. ඒ අනුව එකල ගරාවැටී තිබූ මෙම ස්තූපයේ උස අඩි 189ක් වී තිබේ. ඒ පිළිබඳව සඳහන් කරන ටෙනන්ට්, 1850දී තම කෘතිය ප්‍රකාශයට පත් කරන විට එය තවදුරටත් සේදී යාම නිසා එහි උස අඩි 150ක් දක්වා අඩු වී ඇති බව පවසයි.

මෙම තොරතුරු මඟින් එකල රුවන්වැලි මහා සෑය ඉතා වේගයෙන් ජරාවාසවෙමින් පැවැති බව පෙනී යයි. 1886දී හෙන්රි පාකර් ද මහා ස්තූපය පිළිබඳව වාර්තා කර ඇත. ඒ අනුව මෙම මහා ස්තූපය නැවත ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹූයේ 1870 දශකයේදීය. ඒ නාරංවිට සුමනසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් වූ රුවන්වැලිසෑ චෛත්‍ය ප්‍රතිසංස්කරණ සමිතිය මඟිනි. එම ප්‍රතිසංස්කරණ අවසන්කර 1940 පොසොන් පොහෝ දින කොත් පලඳවා විවෘත කරවා ඇත.

එහිදී සවිකරන ලද රන් ආලේපිත කොත් වහන්සේ අඩි 24ක් උසවන අතර, එම කොත් වහන්සේ මුදුනත සවි කරන ලද අඩියක් උසැති පළිඟු මැණික බුරුමයෙන් පරිත්‍යාග කර තිබේ. ඒ අනුව රුවන්වැලි මහා ස්තූපයේ වර්තමාන උස අඩි 338ක් හා විශ්කම්භය අඩි 370ක් වේ.

නාරංවිට සුමනසාර හිමියන්නාරංවිට සුමනසාර n.aranwita sumanasara thro himi

දීර්ඝ කාලයත් තිස්සේ ජරාවාසව පැවැති රුවන්වැලිසෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වූයේ 1872 වර්ෂයේදීය. නමුත් නාරංවිට හිමියන් ඒ සඳහා මැදිහත්වන විට උන්වහන්සේගේ නිකාය පිළිබඳව අර්බුදයක් හටගෙන තිබේ. රාමඤ්ඤ නිකායේ පැවිදිව සිටි නාරංවිට සුමනසාර හිමියන් උපන් ගම වූ ගම්පොළ නාරංවිට අතහැර අනුරාධපුරයට පැමිණ අටමස්ථානාධිපති හිමියන් හමුවී රුවන්වැලි මහා සෑය ප්‍රතිසංස්කරණය කිරීමට අවසර ඉල්ලා ඇත.

නමුත් උන්වහන්සේ සුමනසාර හිමියන්ට පවසා ඇත්තේ සියම් නිකායේ නොවන භික්ෂුවකට අටමස්ථානයට අයත් විහාරස්ථානයක් භාරදිය නොහැකි බවය. ඒ අනුව සුමනසාර හිමියන් මල්වතු නා හිමි වෙතට ගොස් පැවිදි වී උපසම්පදාව ලබාගෙන ඒ පිළිබඳව ලිපියක් ද රැගෙනවිත් රුවන්වැලි සෑය භාරගෙන ඇත. උන්වහන්සේ මෙම ප්‍රතිසංස්කරණ ආරම්භ කර ඇත්තේ ඕවිල්ලේ කුමාරිහාමි, නැතහොත් බුලන්කුලමේ කුමාරිහාමි විසින් සපයා දෙන ලද කම්කරුවන් සහ ආධාර මුදල්වලින් බව ලේඛනයකින් සනාථ වී ඇත.

මෙම මහා ප්‍රතිසංස්කරණවලට පෙර නාරංවිට සුමනසාර හිමියන් 1853දී එහි පින්කමක් සිදුකර පිත්තලවලින් කරන ලද කොතක් රුවන්වැලි සෑ මුදුනේ සවිකර ඇත. 1940 නව කොත පලඳනතුරු සෑය මුදුනේ දක්නට ලැබුණේ මෙම පිත්තල කොතයි. මෙම ප්‍රතිසංස්කරණ මනාව පවත්වාගෙන යාම සඳහා 1902 වර්ෂයේ අගෝස්තු 19 දින අනුරාධපුර රුවන්වැලි සෑ චෛත්‍ය වර්ධන සමිතිය පිහිටුවන ලදි. 1872 සිට 1902 වනතෙක් වසර 30ක කාලය තුළදී සුමනසාර හිමියන් චෛත්‍යය වටා පිරිසිදු කර ගර්භය අඩි 45ක් දක්වා උසට නිමාකර ඇත. ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ආධාර ලබා ගැනීමට චෛත්‍ය වර්ධන සමාගමේ ශාඛා දිවයින පුරා ඇති කර තිබේ. එම ශාඛා අතරින් ප්‍රමුඛත්වය ගෙන ඇත්තේ අම්බලන්ගොඩ ශාඛා සමිතියයි. ප්‍රතිසංස්කරණ වැඩසටහන හා එහි අයවැය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ‘සිරි අනුරාපුර පුවත‘ නම් ප්‍රවෘත්ති පත්‍රයක් ද සුමනසාර හිමියන්ගේ මූලිකත්වයෙන් 1909 අගෝස්තු මස 2 දින සිට පළකර ඇත.රුවන්මැලි සෑය නැගෙනහිර දොරටුව ළඟ පොකුණ - 1960

1910දී වර්ෂාව නිසා ඒ දක්වා ඉදිකර තිබූ චෛත්‍යයේ නැඟෙනහිර කොටස කඩා වැටී තිබේ. එයට මූලික හේතුව වී ඇත්තේ ප්‍රතිසංස්කරණ කටයුතුවල දුර්වලතාවයි. මෙයින් පසුව චෛත්‍ය වර්ධන සමිතිය චෛත්‍යයේ පැරැණි බැම්ම සම්පූර්ණයෙන්ම ගලවා ඉවත්කර සිමෙන්ති, කළු ගල් හා ගඩොල් ආදිය යොදවා අලුතින්ම නිර්මාණය කිරීමට වැඩ ආරම්භ කර තිබේ. චෛත්‍යයේ කඩා වැටීම් සමඟ ප්‍රතිසංස්කරණ පිළිබඳව විවිධ විවේචන එල්ල වී ඇති අතර චෛත්‍ය වර්ධන සමිතියේ ශාඛා සමිති මඟින් ආධාර මුදල් එවීම ද නතර කර ඇත. නාරංවිට සුමනසාර හිමියන්ගේ මූලිකත්වයෙන් කරන ප්‍රතිසංස්කරණවලට විරුද්ධව ආ විවේචන පිටුපස කොළඹ මහාබෝධි සමාගම සිටි බවට ද සාධක වේ. ආරම්භයේ චෛත්‍ය වර්ධන සමිතියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍රයන් ඉන් ඉවත්වී ඇති අතර එතුමාගේ සහ අනගාරික ධර්මාපාලතුමාගේ ප්‍රධානත්වයෙන් පළවූ සිංහල බෞද්ධයා පුවත්පත මඟින් රුවන්වැලිසෑයේ ප්‍රතිසංස්කරණ විවේචනය කර තිබේ.

මීට පිළිතුරු වශයෙන් ‘සිරි අනුරාපුර පුවත‘ පත්‍රය මඟින් මහාබෝධි සමාගම හා එහි නායකයන් ද විවේචනය කරමින් පුවත් පළකර ඇත. එක් අවස්ථාවක ‘සිංහල බෞද්ධයා‘ පුවත්පතේ ලිපියක් පළ කරන ධර්මපාලතුමා බුදුන් දහම් දෙසුවා මිස පන්සලකට වී වෙහෙර විහාර නොසෑදූ බව දක්වමින් නාරංවිට සුමනසාර හිමියන් විවේචනය කර තිබේ. එසේම රුවන්වැලිසෑයේ ප්‍රතිසංස්කරණයන්ට ආධාර ලබා දෙන්නන් අපාගතවන බව ද ප්‍රකාශ කර ඇත.

‘සිංහල බෞද්ධයා‘ පුවත්පතට ලිපියක් රචනා කළ තවත් අයකු රුවන්වැලි මහා සෑයේ ප්‍රතිසංස්කරණ සඳහා විදේශයන්ගෙන් ගෙන්වන ලද සිමෙන්ති හා ද්‍රවිඩ කම්කරුවන් යොදා ගැනීම ද විවේචනයට ලක්කර ඇත. සිරි අනුරාපුර පුවතට අනුව වරක් ධර්මපාල හිමියන්ගේ මෑණියන් ද ආධාර එකතු කරමින් පැමිණ චෛත්‍යයේ කටයුතු සඳහා දායක වී ඇති නමුත් ඇයගේ ක්‍රියා කලාපය පිළිබඳව කලකිරුණු චෛත්‍ය වර්ධන සමාගමේ ලේකම් වූ රාජපක්ෂ නොතාරිස් අස්වී තිබේ. මෙම අර්බුදය ද ධර්මපාලතුමා හා රුවන්වැලිසෑ ප්‍රතිසංස්කරණ අතර විරසකයක් ඇතිවීමට බලපාන්නට ඇත.Ruwanwali Maha Saa Rajiun රුවන්වැලි මහා සෑ රජාණන්

ලාංකේය පුරාවිද්‍යාවේ පියා ලෙස සැලකෙන මහාචාර්ය සෙනරත් පරණවිතානයන් 1972දී රචිත ‘පුරාවිදු පරියේසණ‘ නම් කෘතියේදී ද රුවන්වැලිසෑයේ සිදුවූ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව විවේචනාත්මකව අදහස් දක්වා තිබේ. එහි සටහනක් තබන පරණවිතානයන් “1946 මාර්තු අගදී පමණ දකුණු වාහල්කඩේ ප්‍රතිසංස්කරණ කටයුතු, සමිතිය මඟින් අරඹන ලදි. ඒ ගොඩනැඟිල්ලේ මූණතට අල්ලන ලද ගල් තහඩු අඩි 10ක් 12ක් පමණ උසට ආරක්ෂා වී තිබුණු නමුත් ඒ පැරැණි ගොඩනැගිල්ල ගලින් ගල ගලවා ඉවත්කර ඒ වෙනුවට අලුත් ගොඩනැඟිල්ලක් ඒ ස්ථානයේ ඉදි කිරීමට සමිතිය තීරණය කර තිබුණි. පැරැණි බදාම තට්ටුව ආරක්ෂා කරවීමත් අලුත් වැඩවලට ඒ බදාම තට්ටුව පදනම කර ගැනීමත් උසස් කාර්මික දක්ෂතා ඇති අය ලවා කරවිය යුතු දෙයක් විය. සමිතියේ සේවකයන් කිසිවෙකුට මේ දක්ෂතා තිබුණේ නැත. දෙපාර්තමේන්තුවට නොදන්වාම ගොඩනැඟිල්ල ගැලවීමේ කාර්යය ආරම්භ කරන ලදී. ඒ කාර්යය කරගෙන යන ලද්දේත් ඒ අතරතුර සම්භවිය හැකි පුරාවස්තු පිළිබඳ සුදුසු නිරීක්ෂණයක් කිරීමට හෝ ඒ පිළිබඳ සටහන් තබා ගැනීමට හෝ සෑහෙන සැලැකිල්ලක් දක්වමින් නොවේ.”

ඒ පිළිබඳව තවදුරටත් විස්තර කරන පරණවිතානයන් “….එසේ වුවත් ගොඩනැඟිල්ල ගලවා දැමීමේ ඉතුරු වැඩ කොටස ක්‍රමවත් ලෙසකින් නිම කරවීමට සමිතිය එකඟකරගත නොහැකි විය. සමිතිය විසින් නව ගොඩනැඟිල්ලට මුල් ගල තැබීම සඳහා සුබ දිනයක් ද ළඟ ළඟම නියම කරගෙන උත්සවයට සහභාගිවීම සඳහා සම්භාවනීය පුද්ගලයන් කීපදෙනෙකුට ආරාධනා කරලා ද තිබුණේය. සමිතියට වුවමනා වූ එකම දෙය ආරාධිත සම්භාවනීය අමුත්තන්ට අවහිරයක් නොවන පරිදි මුල් ගල් තැබීමේ උත්සවය යෝජිත ආකාරයෙන් පැවැත්වීමය. මීට සමාන කර බලන විට පැරණි වස්තුවකට හානියක් වීම හෝ පුරාවිද්‍යානුකූල සාක්කියක් නැතිවී යාම හෝ ඔවුන්ට එතරම් සැලැකිය යුතු දෙයක් නොවීය. ප්‍රායෝගික වැදගත්කමක් එතරම් දුරට හෝ කොහෙත්ම හෝ නොමැති කරුණු ගැන පුරාවිද්‍යාඥයන් දක්වන උනන්දුව සමිතියේ උදවියට තේරුම්ගත නොහැකි දෙයක් විය.”

රුවන්වැලි මහා සෑයේ ප්‍රතිංසංස්කරණ පිළිබඳව අනගාරික ධර්මපාලතුමන්ගේ විවේචන තුළ යම් යම් පෞද්ගලික අභිමතාර්ථයන් ද කැටිව තිබූ බව පැහැදිලි ‍ෙවනවා සේම සෙනරත් පරණවිතානයන් පුරාවිද්‍යාත්මක දෘෂ්ටියෙන් දක්වන විවේචන තුළ පැහැදිලි සත්‍යයක් ඇති බව ද වැටහේ. මෙම මත ගැටුම් මැද ප්‍රතිසංස්කරණ අවසන් කිරීමෙන් පසුව චෛත්‍යය විවෘත කිරීමේ වෛජයන්ති මංගල්‍යය 1940 ජුනි මස 15 වැනි දින අරඹා තිබේ.

සිළුමිණ සවිකිරීමේ කටයුතු ජුනි 17 වැනි දින උදෑසන 8.50ට යෙදුණු සුබ නැකතින් සිදුකර ඇත. චූඩාමාණික්‍යය විවෘත කිරීම ජුනි 19 පොසොන් පොහෝ දින සිදුකර ඇති අතර එදිනම සවස 4ට පමණ සර් ඩී. බී. ජයතිලක, ඩී. එස්. සේනානයක, ඩබ්. ඒ. සිල්වා ප්‍රමුඛ බෞද්ධ නායකයන් පිරිසක් විසින් කොත් වහන්සේ විවෘත කර තිබේ.

කේ. උදේනි අරුණසිරි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, රත්නපුර

ධාතූන්වහන්සේලා පිලිබදව

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව රටවල් අටක නරපතියන් විසින් සෑම රටකටම ධාතූන් වහන්සේලා නැලි දෙක බැගින් ගෙනනොස් ස්ථූපවල නිදන් කරවා වන්දනාමාන කරන ලදී. රාමාගම ග්‍රාමයේ නිදන් කර තිබූ ධාතූන් වහන්සේලා සහිත නැලි දෙක බුදුන් වහන්සේගේ අධිෂ්ඨානයට අනුව රුවන්වැලි මහා ස්ථූපයේ නිධාපිත කරන්නට නියම කෙරිනි. ඇසළ පුන් පොහෝ දින උත්තරාසීහ නැකතින් මහා ස්ථූපයේ ධාතු නිධානය කිරීමට නිල උත්සවයක් සංවිධානය කළ දුටුගැමුණු රජතුමා, පුන් පොහෝ දිනට පෙර දින සංඝ රත්නය මුණගැසී වැඳ නමස්කාර කොට, Ruwanwali Maha Saa Rajiun රුවන්වැලි මහා සෑ රජාණන්පසු දිනය ධාතු නිධාපිත කිරීමට සූදානම් කර ඇති බවට මතක් කරමින් ධාතූන් වහන්සේලා රැගෙන එන ලෙස ඉල්ලා සිටියේය.සංඝයා වහන්සේගේ විධානයෙන් පසුව සෝඋත්තර නම්වූ අධුනික රහතන් වහන්සේ සෘද්ධි බලයෙන් ධාතූන් වහන්සේලා රැගෙන වැඩම කළහ. ඉන් ඉක්බිති සංඝයා වහන්සේගෙන් ධාතූන් වහන්සේලා පිළිගත් දුටුගැමුණු රජතුමා, එය රත්‍රන් මංජුසාවක බහා තම හිස මතට ගෙන, අනේක විධ දක්ෂිණ හා උපහාරත්, දිව්‍ය සහ බ්‍රහ්මයන්ගේ ගරු බුහුමන් මධ්‍යයේ ස්වර්ණමය මණ්ඩපයෙන් පිටත් විය.ඔහු, තුන්වරක් ධාතු මැදිරිය වටා පැදකුණු කොට නැගෙනහිර දිශාවෙන් ඇතුල් වී උතුරු දෙසට මුහුණලා පිළියෙල කර තිබූ රිදී සයනයක ධාතු මංජුසාව තැන්පත් කළ විට බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් සිංහසෙ‍යාවෙන් බුදු පිළිරුවක් හටගෙන සියලුම ධාතූන් වහන්සේලා ඒ ප්‍රතිමාව තුල නිධන්ගත වූහ. ධාතූන් වහන්සේලා රුවන්වැලි මහා ස්ථූපයේ නිධන්ගත වීම සම්පූර්ණ වූ පසු, උත්තර සහ සුමන සාමණේරයන් වහන්සේලා විසින් පියනක් ලෙස පසුව පාවිච්චි කිරීම සඳහා කලින් සඟවා තිබූ ගල් ආවරණයකින් ධාතු ගර්භය වසා දමන ලදී.

“ධාතු ගර්භය භූමිකම්පාවකින් වුවද නොසෙල්වේවා ; එදින පූජා කළ පිච්ච මල් ආදී මල් වර්ග ගෞතම බුද්ධ ශාසනය අවසන් වන තුරු මැල නොවේවා;ගිතෙල් වලින් දල්වන ලද පහන් නොනිමේවා; සඳුන් සහ සුවඳ විලවුන් මිශ්‍ර කරන ලද පස් වියළී නොයේවා; ධාතු ගර්භයේ එකදු සීරීමක් වත් නොවේවා; පූජා කළ රත්‍රන් භාණ්ඩවල මල නොබැඳේවා” මේ සියලු ප්‍රාර්ථනා මෙම උත්සවයට වැඩම කර සිටි රහතන් වහන්සේලාගේ අධිෂ්ඨාන බලයෙන් සඵල විය.ඔවුන් “සතුරන්ට වත් මේ ධාතු ගර්භය දකින්නට පවා නොලැබේවායි” අධිෂ්ඨාන කළහ. තවද දුටුගැමුණු රජතුමාගේ නියෝගය පරිදි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඇතුලත් රන් හා රිදී මංජුසාද තවත් බොහෝ වස්තූන්ද ධාතු ගර්භය මත නිදන් කෙරිණි.    wikipedia

රුවන්වැලි මහා සෑය වඳින ඔබට වැදගත් වන කරුණු .

මහ සෑයේ ගර්භයේ තිබෙනවා.රනින් කල සාල වෘක්ෂ දෙකක් අතර රත්තරන් සයනයක් හදා තිබෙනවා.එහි වැඩහිඳිනවා.ජීවමාන බුදුහාමුදුරුවෝ වගේමඉර්දියෙන් මැවුනු බුදුරුවක්.ධාතූන් වහන්සේලා ආශ්‍රිතව.එවන් අසිර්මත්දෙ සිස්මහා පුරුෂ ලකුනින් යුතු එර්දිමත් සම්බුදු සිරුරක්කො හේවත් නෑ.. මේ දසදහසක් ලෝකධාතුව තුල.සම්බුදු ශීර්ෂය-උතුරු දිශාවටත්සි රිපතුල්-දකුණු දිශාවටත්ලෙසට පිරිණිවන් මංචකයේ සැතපුන ඉරියව්වෙන්බ ටහිර(පැරණි වාහල්කඩ දිශාව) දිශාවට මුහුණලා වැඩ හිඳින්නේ.රහතුන්ගේ අධිෂ්ඨානය නිසා,එදා පූජා කරපු මල්වල,
සුවඳ සදුන්වල,සුවඳ තාම හමනවා.එදා දැල්වූ පහන් තාම දැල්වෙනවා.සාසනය පවතින තුරුම.
තවත් බොහො අසිරිමත් දේ පවතිනවා.මහ සෑය හදන්න දායක් වුපින්වත් උතුමන් සදහන් කරන්නම්.සක් දෙවියන්එ තුමාට තමයි,අපේ බුදු හාමුරුවෝ,ධාතූන් වහන්සේලා ද්‍රෝණයක් වෙන් කරගන්න කටයුත්ත පැවරුවේ.සක් දෙවියන් ම තමය,ධාතූ කරඬුව පරිත්‍යාග කලේත්සහ බොහෝ උපකාර කලා දෙව්පිරිසත් සමඟ.සතර වරම් දෙවි වරු සහ භූමාටු දෙවිවරුමහාකාල නා රජු- සහ පිරිවරරාම ග්‍රාම ස්තූපය බිඳී ගිය පසූ එදා සිට ධාතූන් වහන්සේලා රැකබලාගත්තා.මිහිඳු මහ රහතන් වහන්සේ-සෑය සෑදියයුතු ස්තානය සහ සෑය සෑදීමටපින් ඇති දුටුගැමුණු මුණුබුරා ගැන දෙවන්පෑතිස් රජුට කියා දීම.

ස්වර්ණමාලි දෙව්දුව-භූමාටු දේවතාවියක්ස්තානය ලබා දීම.සහම්පති බ්‍රහ්ම රජු,ගඨීකාර බ්‍රහ්මයන්සහ සාසන ලැදි බ්‍රහමයන් බොහෝ උපකාර කලා.බුදු සසුනට හිතැති යක්ෂයින්
රහතන් වහන්සේලා-*සෝනුත්තර රහතන් වහන්සේ-නා ලොවේ සිට ධාතූන් වැඩම කරවීම*සුමන සහ උත්තර රහතන් වහන්සේලා දෙනම-ධාතු ගර්භය තැනීමට අවශ්‍යවිශාල ගල් ලෑලි හය උතුරු කුරු දිවයිනෙන් ගෙන ඒම.*ලක්ෂ ගනන් විදේශීය රහතන් වහන්සේලා
මුල් ගල තැබීමේ උත්සවයට පැමිණීම *පියදස්සී රහතන් වහන්සේ-ධර්ම දේශනය පැවැත්විම
*සහ බොහො සිංහල රහතන් වහන්සේලා දුටුගැමුණු රජතුමා-(මෛත්‍රී බුදු සසුනේ අගසවු උතුමෙකි.) මිනිසුන් නියෝජනය කරමින් සෑය සෑදීමට මූලිකත්වය ගෙන,ඉතාම සුන්දර ලෙස සිදු කිරීම. සද්ධාතිස්ස රජතුමා (මෛත්‍රී බුදු සසුනේ අගසවු උතුමෙකි) මහ සෑයේ කටටුතු නිම කිරීම.සිංහලඅපේ මුතුන් මිත්තන්බොහෝ සේ ජීවිතය දෙවනිකොට කැප වුනා.
බලන්න පින්වත් මිතුරනේ,ඔබ දැන් හිඳිනා තැන කොතරම් අසිරිමත්ද..මහා සෑය
වන්දනා කිරීමට,පිරිසිදු කිරීමට,පිලිසකර කිරීමට,දැක බලා අනුමෝදන් වීමට
අද දවසේ පින් ඇත්තේ කාටද?

1.කෝටි හත්සියයක අධික ලෝ වැසි මිනිසුන්ගෙන්ඉතා සුළු පිරිසකට(ඔයාත් ඉන්නවා)
2. සක් දෙවිදුවිස්කම් දෙවිදු සතර වරම් දෙවිවරු දුටුගැමුණු දෙවියන් සහ පිරිස ස්වර්ණමාලි දෙවියන්සහ අල්පෙසාක්‍ය මහේශාක්‍ය පින් වත් දෙවිවරු.
3. මහා බ්‍රහ්මයා ගඨීකාර බ්‍රහ්මයා සහ පින්වත් බ්‍රහ්මයින්
4.මහා කාළ නා රජු සහ පිරිස 5.ශ්‍ර්ද්ධාවන්ත යක්ෂයින්බ ලන්නකො ඔයාත් ඒ බලවත් පින්වත් පිරිස අතර කෙනෙක් නේද. සාදු සාදු සාදුඉතිං දුර්ලභ ලාභ්‍යක් මයි ඔයාට. බුදු ගුණ අසා,
ඒ බුදුන් වහන්සේ වෙනුවෙන්පුංචි වැලි සෑයක් හදලා,ඒ සෑයට වන්දනා කරලාත්බොහෝ පින් කරගත්සුගතියෙ කල්පගනන් සුවසේ හිටපු අට ගැන අහලා තියනවා.වැටකොටු මල් හතරක්
අරන් සෑය වඳින්න , බුදුගුණ සිතමින් ගියා පමණි. පූජා කරන්න බැරි වුනා. හරකෙක් ඇනලා මැරුණා. ඒත් ඇය දැන්..දෙවගනක්රහතන් වහන්සේ නමක්රහත් වෙලා බැලුවා, කුමක්ද මා කල පින කියලා, අරහත් බව පිනිස.කල්ප 30 ක්ආපසු බැලුවා. පිනක් හමු වුනේ නෑ. දෙව් මිනිස් සැප විඳිනවා පමණයි දුටුවේ.

අහෝ අසිරියකි,කල්ප 30 කට පෙර බුද්ධානුස්සතිය වඩනවා.සාදු සාදු සාදූ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.!!! උපුටා ගැනීමක්. තෙරුවන් සරණයි ..! (උතුම් ධර්මදානය පිණිස බෙදාහැර අප්‍රමාණ පිං රැස්කර ගන්න )

මෙම අසිරිමත් සිදුවීම ගැන එකල හෙළ බසින් කථා කළ අයුරු මහා පඬිවර ගුරුළුගෝමීන් විසින් ධර්මප්‍රදීපිකායෙහි මෙසේ දක්වයි.

සෝනුත්තර මහ රහතන් වහන්සේ“ථුති මංගල ගීතේහි’ යන තන්හි ස්තුතීන් යුත් මංගල ගීත නම් රත්නත්‍රයට ද රජහට ද ස්තුති විසින් ප්‍රවෘත්ත ගීත යැ; දැන් වැටෙන මංගල ගීත නො වෙ. මෙ කවර කලැ වූයෙ යැ යත්?

රුවන්මැලි මහා සෑයෙහි දා නිදන් කරණ දවස් සෝණුත්තර හෙරණපාණො පොළොවැ කිමිද නාවිමන් වැද ධාතු හැරගෙන අවුදු පුදපිරිවෙනින් නැගී ‘කිමැ?’ යි පුළුවුත් සඟනට ‘දා යි මා ළෙ’ යි කීහ. එහි ‘මා ළෙ’ යනු ‘මා අළියෙ යැ’ යූ සෙ යි. ඉක්බිති දෙව්මිනිස්හු ගෙන නැඟි දාකරඬුව දැක ‘දා නැඟෙ’ යි තුෂ්ටරවයෙන් ගුගුළහ. අකනිටා බඹලොව දක්වා ඒකනින්නාද විය. එක්බිති නාගයො අවුදු නාගලු ළිඳින් නැගී ‘ඉන් සෙ, ඉන් සෙ’ යි ගුගුළහ. හෙ ‘ඉන් ශෙෂයක් දෙන්නෙ යැ’ යූ සෙ යි. එක්බිති හෙරණපාණො රැස්වූ දෙව්මිනිස්නට ‘දා පුදා යි මා ළෙ’ කීහ. හෙ ‘දා පුදව මා අළියෙ යැ’ යි යූ සෙ යි.

එතැන් පටන් ගෙන ‘දා යි මා ළෙ’ යන පළමු උද්ගත වචනය පුරුෂයනට මංගල වචන විය. ‘දා නැඟෙ’ යන දෙවනුවැ උද්ගත වචනය ස්ත්‍රීනට මංගල වචන විය. ‘ඉන් සෙ, ඉන් සෙ’ යන තුන්වනුවැ උද්ගත වචනය ස්ත්‍රීපුරුෂ දෙදෙනා හට මංගල වචන විය. ‘දා පුදා යි මා ළෙ’ යන වචනය ධාතු රූපයන් වටා නඟා වඳවන මඟුල් දරුවනට මංගල වචන වී.”

(ධර්මප්‍රදීපිකාව)

සරලව තේරුම් ගැනීම :

“ථුති මංගල ගීතේහි” යනුවෙන් අදහස් කරන්නේ ස්තුති ප්‍රශංසාවෙන් යුක්ත ව තුනුරුවන්ට ද රජ්ජුරුවන්ට ද රචිත මංගල ගීතයන් ය. දැන් (පොළොන්නරු යුගයේ) කියවෙන මංගල ගීත නොවේ. මේ කියන ස්තුති මංගල ගීත රචනා වූයේ කවර කලකද?

රුවන්මැලි මහා සෑයෙහි ධාතූන් වහන්සේලා නිධන් කරන දවසේ සෝණුත්තර නම් රහත් සාමණේරයන් වහන්සේ පොළොවෙහි කිමිද නාග ලෝකයට වැඩම කොට ධාතූන් වහන්සේලා රැගෙන පිරිවෙණින් උඩට මතු වුනා. එකල්හි සංඝයා වහන්සේ මේ කුමක්දැයි අසා වදාළා. එවිට සෝණුත්තර රහතන් වහන්සේ පැවසුවේ ‘දා යි මා ළෙ’ යන වචන යි. එනම් ‘ධාතූන් වහන්සේලා වඩමවාගෙන ආවා. දැන් ප්‍රමාද වෙන්නට එපා’ යන කරුණයි. ‘මා අළියෙ යැ’ යනුවෙන් අදහස් කරන්නේ ‘ප්‍රමාද වෙන්නට එපා’ යන්නයි. එකල්හි දෙවියෝත් මිනිස්සුත් ඒ රහතන් වහන්සේ විසින් වඩමවාගෙන එන ලද ධාතු කරඬුව දැක ‘දා නැඟෙ’ යි සතුටින් යුක්තව ප්‍රීතිඝෝෂා කළා. එහි ‘දා නැඟෙ’ යනුවෙන් අදහස් කරන්නේ ‘ධාතූන් වහන්සේලා නාලොවෙන් උඩට වැඩැම්මුවා’ යන කරුණයි. එකල්හි නාලොවින් නාගයෝ පැමිණ නාගලු ලිඳෙන් මතුවී ‘ඉන් සෙ, ඉන් සෙ’ යනුවෙන් ඝෝෂා කළා. ඉන් සෙ යනුවෙන් අදහස් කරන්නේ ‘ඒ ධාතූන් වහන්සේලාගෙන් ස්වල්පයක් දෙන්න’ කියන එකයි. එකල්හි සෝණුත්තර සාමණේරයෝ රැස්වූ දෙවියන්ටත් මිනිසුන්ටත් ‘දා පුදා යි මා ළෙ’ යන වචන පැවසුවා. එනම් ‘ධාතූන් වහන්සේලාට පූජා පවත්වන්නටයි වැඩැම්මුවේ. ඒ ගැන ප්‍රමාද වෙන්න එපා’ කියන එකයි.

එදා සිට ‘දා යි මා ළෙ’ යනුවෙන් එතැනදී මතු වූ පළමු වචනය පුරුෂයන් හට මංගල වචනය වුනා. ‘දා නැඟෙ’ යනුවෙන් එතැනදී මතු වූ දෙවෙනි වචනය ස්ත්‍රීන් හට මංගල වචනය වුනා. ‘ඉන් සෙ, ඉන් සෙ’ යනුවෙන් එතැනදී මතු වූ තුන්වෙනි වචනය ස්ත්‍රීපුරුෂ දෙදෙනා හට මංගල වචනය වුනා. ‘දා පුදා යි මා ළෙ’ යන වචනය ධාතූන් වහන්සේලාට දොහොත් නගා වන්දනා කරවන මංගල දරුවන්ට මංගල වචනය වුනා.

මෙහි සඳහන් ‘දා යි මා ළෙ’ ‘දා නැඟෙ’ ‘ඉන් සෙ, ඉන් සෙ’ ‘දා පුදා යි මා ළෙ’ යන වචන එකල පැරණි සිංහලට අයිති වචනයන් ය. ධාතූන් වහන්සේලා පමණක් නොව එම වචන පවා මංගල වචන ලෙස එකල බෞද්ධයන් සැලකූ අයුරු අසිරිමත් ය.

ප්‍රතිසංස්කරණ

නාරංවිට සුමනසාර n.aranwita sumanasara thro himi20වන සියවසේ ප්‍රතිසංස්කරණය
19 වන සියවසේ අග භාගයේ දී, නාරංවිට සුමනසාර හිමියන් අටමස්ථාන වැඳ පුදා ගැනීමට අනුරාධපුර ශුද්ධ නුවරට වැඩම කරන ලදී. උන්වහන්සේ මෙම ගමනේදී අටමස්ථානයට අයත් එසේම, ගරා වැටී තිබූ රුවන්වැලි මහා ස්ථූපය ද වන්දනා කිරීම සඳහා වැඩම කළ අවස්ථාවේ දී මහා සෑය දැක, මහත් වූ කම්පාවට පත් විය..

ශ්‍රී ලාංකේය බෞද්ධයන්ගේ අතිශය වන්දනාවට හා ගෞරවයට පාත්‍ර වූ ස්ථාන ත්‍රිත්වය ලෙස දන්ත ධාතූන් වහන්සේට සෙවණ දෙන මහනුවර දළදා මාළිගය, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා ද්‍රෝණයක් ධාතූන් වහන්සේ නිධන්ව ඇති රුවන්වැලි මහා සෑ රඳුන් හඳුන්වා දිය හැකිය. ත්‍රස්තවාදීහූ ශ්‍රී මහා බෝ මුල මහා සංහාරයක් කළ දිනයේදී මෙරට පමණක් නොව ලොව පුරා බෞද්ධයෝ ද හඬා වැටුණහ. ත්‍රස්තවාදීන් දළදා මාළිගයට බෝම්බ ලොරියක් එවා හානි කළ දිනයේදී ද බෞද්ධ හදවත් එසේම සසල විය. වසරකට පමණ පූර්වයේ රුවන්වැලි මහා සෑයේ කොත් කැරැල්ලේ ප්‍රතිසංස්කරණ උදෙසා එම මළුවේ යකඩ බට යොදා දැවැන්ත පලංචියක් ඉදිකිරීම මඟින් සෑයට හානියක් වේද යන්න පිළිබඳව බෞද්ධයන් තුළ ප්‍රශ්නාර්ථයක් මතුවිය. පෞද්ගලික සංවිධානයක් මැදිහත් වී කොත් කැරැල්ලේ රන් ආලේප කිරීම පිළිබඳව දැඩි විවේචන ද එල්ල කරන ලදි. එසේම තවත් වරෙක මාධ්‍ය ආයතනයක් මඟින් ආලෝක රටාවන්ගෙන් රුවන්වැලි මහා සෑය ආලෝකවත් කෙරිණි. මෙහිදී සෑය ඇතුළත ස්කෑන් කරන බවට ඇතැම්හු මත පළ කළහ. රුවන්වැලි මහා සෑය පිළිබඳව කාර්යයන්වලදී මෙසේ විවේචන පැමිණියේ වර්තමානයේ පමණක් නොවන බව එහි ප්‍රතිසංස්කරණ ඉතිහාසය පිරික්සීමේදී පෙනී යයි. අදින් සියවසකට පෙර සිදු කරන ලද ප්‍රතිසංස්කරණවලදී පවා මෙසේ විවේචන එල්ල වී ඇත.

බුදුන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් ශුද්ධ වූ රුවන්වැලිසෑය සහිත භූමිය, මිහිඳු මා හිමියන් දේවානම්පියතිස්ස රජු සමඟ මහමෙවුනා උයනේ ගමන් කරද්දී මල් විසිර වූ විට කම්පිත වූ ස්ථානයක් ලෙස සැලකේ. අනාගතයේ මේ සිරිලක රජවන දුටුගැමුණු නම් රජතුමෙක් මෙම ස්ථානයේ චෛත්‍යයක් කරන බව සටහන් කළ ටැම් ලිපියක් දේවානම්පියතිස්ස රජු විසින් මෙහි සිටුවා තබා ඇත.

පසු කලෙක දුටුගැමුණු රජු එම ටැඹ දැක මෙහි මහා ස්තූපයක් කරන ලද බව මහාවංශයේ සඳහන් වේ. එම ස්ථම්භය යැයි සැලකෙන ටැඹක් වර්තමානයේ සෑයට උතුරු දෙසින් පිහිටුවා තිබේ. රුවන්වැලි සෑයේ ඉදිකිරීම් පිළිබඳව ඉතා දීර්ඝතම හා සිත්ගන්නා විස්තරයක් මහාවංශයේ ඇතුළත් වී ඇත.

චෛත්‍යය ඉදිකිරීම් අවසන් කිරීමට ප්‍රථමව දුටුගැමුණු රජු මිය ගිය බැවින් එහි කටයුතු අවසන් කිරීමට සිදුවූයේ ඔහුගේ සොයුරු සද්ධාතිස්ස රජුටය. ඔහු ස්තූපය වටා ඇත් පවුරක් ද කර වූයේය.

රුවන්වැලි සෑයෙහි වාස්තු විද්‍යාත්මක ලක්‍ෂණ

කේ.එච්. තිලිනි දුමින්ද්‍යා
පුරාවිද්‍යා නිලධාරි, ආළාහන පරිවෙන ව්‍යාපෘතිය, පොළොන්නරුව.

තිලිනි දුමින්ද්‍යා
රුවන්වැලි සෑය ඓතිහාසික වශයෙන් වැදගත් වන්නා සේම එහි විද්‍යාමානව පවතින ස්තූප අංග නිරීක්‍ෂණය කිරීමේ දී ද වැදගත් වාස්තු විද්‍යාත්මක නිර්මාණයක් ලෙස අපට හඳුනාගත හැකි ය. ඒ තුළින් අපගේ අතීත මුතුන්මිත්තන් සතුව පැවැති වාස්තු විද්‍යාත්මක දැනුම, තාක්‍ෂණය පිළිබඳව වූ කරුණු බොහෝමයක් සොයාගත හැකි ය.

රුවන්වැලි සෑය මහාවංසයේ සඳහන් ආකාරයට නිම වූ පසු එහි උස රියන් 120ක් (අඩි 300) විය. එවකට ශ‍්‍රී ලංකාවේ උසම හා විශාලතම ස්තූපය එය විය. එනිසාවෙන් මහා ථූපය ලෙස හඳුන්වන ලදී. නමුත් මෙය මධ්‍යම ප‍්‍රමාණයේ ස්තුපයක් බව සංඝයා විසින් මුල දී ප‍්‍රකාශ කර තිබුණි. සෙනරත් පරණවිතාන මහතා රුවන්වැලි සෑය පිළිබඳව පර්යේෂණ කරන අවධියේ විශ්කම්භය අඩි 298ක් විය. පළමු ස්තූපය වර්තමාන ප‍්‍රමාණයන් හා බොහෝ දුරට සමාන බවත්, පසු කලෙක දී කරන ලද ප‍්‍රතිසංස්කරණ වලින් මුල් ප‍්‍රමාණයන් විශාල නොවු බවටත්, එය ඔප්පු කිරීමට පුරාවිද්‍යාත්මක සාධක පවතින බවටත් සෙනරත් පරණවිතාන මහතා පවසයි. ස්තූපය හැඳින් වූ මහා ථූප යන නාමය ඊට උචිත වුවකි. නිමවීමෙන් පසු මෙම ස්තූපයේ ප‍්‍රමාණය පරදවන තරම් අන් එබඳු නිර්මාණයක් ලංකාවේ පමණක් නොව මුළු බෞද්ධ ලෝකයේම නොවී ය. අනුරාධපුරයෙහි පිහිටි පසු කාලයට අයත් ස්තූප දෙකක් ප‍්‍රමාණයෙන් රුවන්වැලි චෛත්‍ය අභිබවා සිටිය ද රුවන්වැලි සෑය නිර්මාණය කළ දුටුගැමුණු රජතුමා කෙරෙහි බැඳී පවත්නා අපූර්ව ගෞරවය හා අනෙක් හේතූන් නිසා මෙම ස්තූපයට ලංකාවේ ස්තූප අතර ප‍්‍රධාන ස්ථානය වීමට හැකි වී ඇති බව සිංහල බෞද්ධයන්ගේ පිළිගැනීම වේ (පරණවිතාන 1963, පිටු 5).

මුල් රුවන්වැලි සෑය පේසා වළලූ තුන, ගර්භය, හතරැස් කොටුව, ඡත‍්‍රය යන අංගයන්ගෙන් යුක්ත විය. එම එක් එක් අංගයන් පිළිබඳව වු වාස්තු විද්‍යාත්මක ලක්‍ෂණ මොනවාද යන්න විමසා බලමු.

පාදම

රුවන්වැලි ස්තූපය ගොඩනැංවීම පිළිබඳ මහාවංසයේ දීර්ඝ විස්තරයක් ඇතුළත් වේ. එහෙත් මේ සිද්ධිය සම්බන්ධයෙන් එහි අතුළත් වන්නේ ස්තූප නිර්මාණය පිළිබඳ සත්‍ය තොරතුරුවලට වඩා ගුණවර්ණනාත්මක කතා පුවත්ය. කෙසේ වුවත් මෙම කතා පුවත අතුරෙහි ස්තූපයේ නිර්මාණ ලක්‍ෂණ ගැන අහම්බෙන් ඇතුළත් වූ තොරතුරු ස්වල්පයක් වේ.Ruwanwali Maha Saa Rajiun රුවන්වැලි මහා සෑ රජාණන්

රුවන්වැලි සෑය නරඹන්නකුට විද්‍යාමාන වන එක් අංගයන් වන්නේ පේසා වළලුය. එය ස්තූපයේ පහළින්ම දක්නට ලැබේ. පේසා වළලු නිර්මාණය කිරීමට ප‍්‍රථම එහි අත්තිවාරම නැතහොත් පාදම නිර්මාණය කරගත යුතු ය. එනිසාවෙන් අත්තිවාරම පිළිබඳ ප‍්‍රථමයෙන් කරුණු සොයා බැලීම වැදගත් වේ. ගඩොළින් බඳින ලද ස්තූපය එහි බරින්ම කිදා බැසීම වැලැක්වීම පිනිස අත්තිවාරම ස්ථිර ලෙස පිහිටුවීමට ඉතා සැලකිලිමත් වූ බව පෙනේ. එහි දී දුටුගැමුණු රජු සත් රියනක් පොළොව යටට කැන ගඩොළු, කළු ගල්, හුණු ගල් ආදිය විවිධ ගල් වර්ග දමා ඇතුන් ලවා පාගවා පාදම ඉතාම ශක්තිමත් ලෙස නිර්මාණය කරන ලද බව මහාවංසයේ සඳහන් කතා පුවතින් පැහැදිලි වේ (පරණවිතාන, 1963, පිටු 11). බෙල් මහතා විසින් අභයගිරිය ස්තුපයේ අඩිතාලම පෑදීමේ දී පඩි සහිත ගඩොළු බැම්මකින් යුත් එහි අත්තිවාරම මළුව මට්ටමේ සිට අඩි 26ක් යට සිට පටන් ගන්නා බවත්, ගඩොළු බැම්මට යටින් කොන්ක‍්‍රීට් තට්ටවක් අතුරා තිබූ බවත් දැන ගන්නා ලදී (Bell, ASCA Report, 1894, P. 02). මේ අනුව සසඳන විට අභයගිරිය ස්තූපයට තරම් නොවුවත් රුවන්වැලි සෑයෙහි පාදම ද ඉතාමත් ශක්තිමත් ලෙස සකස් කිරීමට කටයුතු කොට ඇති බව පැහැදිලි වේ. ඒ අනුව, රුවන්වැලි සෑයෙහි ස්ථිර බාවය ආරක්‍ෂා කිරීම පිනිස විශාල පරිශ‍්‍රමයක් දැරූ බව පැහැදිලි වේ.

ගර්භයෙහි ආකෘතිය

Ruwanwali Maha Saa Rajiun රුවන්වැලි මහා සෑ රජාණන්මහා ථූපයෙහි හැඩය සම්බන්ධයෙන් ද මහාවංසයේ කරුණු සොයාගත හැකි ය. දුටුගැමුණු රජ විසින් දාගැබෙහි හැඩය කුමනාකාරයෙන් විය යුතු දැයි ප‍්‍රධාන නිර්මාණ ශිල්පියාගෙන් විමසූ අවස්ථවේ දී, “රන් තලියක් ජලයෙන් පුරවා අතින් දිය ටිකක් ගෙන දිය මතුපිට නැඟීය, එවිට අර්ධගෝලාකාර පළිඟුවක් මෙන් වූ මහා දිය බුබුලක් පැන නැන්ගේ ය” (මහාවංසය, 30 වැනි පරිච්ජේදය, ගාථා 12-13). එම දිය බුබුළේ හැඩයට ස්තූපය ගොඩනංවන ලෙස ශිල්පියා රජුට පවසා ඇත. මෙම සිදුවීම පිළිබඳව විශ්වාසනීයත්වය කෙසේ වෙතත් මහාවංසය රචනා කරන අවධියේ දී මහා ථූපය අර්ධගෝලාකාර ගර්භයකින් යුක්ත වූ බව එයින් තහවුරු වේ. එම්. ෆුෂේ මහතාට අනුව බුබ්බුලාකාර හැඩය බුද්ධ ධර්මයේ නිතර හුවා දක්වන ලෝකයේ අනිත්‍ය ස්වභාවය උසස් ලෙස පිළිබිඹු කෙරෙන සංකේතයකි. රුවන්වැලි සෑයෙහි ගර්භ ආකෘතිය සම්පූර්ණයෙන්ම අර්ධගෝලාකාර නොවේ. මුදුනෙහි මදක් පැතලි වී තිබේ. එය එසේ වන්නේ ගර්භයේ ඉහළින් හතරැස් උපරි භාගය සඳහා ඉඩකඩ ඇති කිරීම පිණිස වේ (පරණවිතාන, 1963, පිටු 12). පසු කාලීනව සිදු කරන ලද ප‍්‍රතිසංස්කරණ කර ඇත්තේ ද එම බුබුලාකාර අකෘතියට අනුවමය (වික‍්‍රමගමගේ, 1990, පිටු 39).

ධාතු ගර්භය

මහා ථුපයෙහි පේසා වළලු තුන සම්පූර්ණයෙන් ඉදි කොට අවසන් වූ පසු ගර්භය නිර්මාණය කිරීමට ප‍්‍රථම මුදුන් පේසාව මත ධාතු ගර්භය තැනීමට කටයුතු කරන ලදී. ඒ පිළිබඳව මහවංසයේ දීර්ඝ විස්තරයක් දැක්වේ. එම වර්ණනාවේ එන විස්තරයන්ට අනුව බොහෝ ප‍්‍රකාශයන් විශ්වාසනීයත්වයෙන් තොර වේ. මෙහි දී ගල් පුවරු 6ක් භාවිත කොට ධාතු ගර්භය නිර්මාණය කළ බවට තොරතුරු මහාවංසයේ දැක්වේ. ඒ අනුව, ධාතු නිදන් කිරීමට ගල් පුවරුවලින් සකස් කරන ලද මඤ්ජුසාවක් යොදා ගත් බව පෙනෙයි. මෙලෙස නිර්මාණය කරගත් ධාතු ගර්භය තුළ ධාතු කරඬුව පමණක් නොව විවිධ වටිනා වස්තු ද තැන්පත් කරන ලදී. ඒ පිළිබඳ දීර්ඝ විස්තරයක් මහාවංසයේ 30 වැනි පරිච්ෙඡ්දයෙන් අනාවරණය කෙරේ. සමහර වස්තු ඇදහිය නොහැකි වටිනා ඒවා ය. කෙසේ වෙතත් මුදුන් පේසාව මත ධාතු ගර්භය නිර්මාණය කළ බවට අනුමාන කළ හැකි ය (පරණවිතාන, 1963, පිටු 16

පේසා වළලු

පේසා වළලු මේධ, පුප්ඵධාන, වේදිකා, ත‍්‍රිමාල, මල්පියවසා ආදී නම්වලින් හඳුන්වනු ලැබේ (වික‍්‍රමගමගේ 1990, පිටු 50). මහා ථූපයේ ගර්භය එක පිට එක ගොඩනඟන ලද වටකුරු මාලකයන් 3ක ඉහළම මාලකයෙන් පැන නැඟෙන ආකාරයට නිර්මාණය කොට තිබේ. මේවායේ උඩ මාලය ඊට පහතින් ඇති මාලයට වඩා කුඩා විශ්කම්භයකින් යුක්ත වේ. මෙම මාලක මහාවංසයේ පාලියෙන් සඳහන් වන්නේ පුප්ඵධාන යන වචනයෙනි. එහි අර්ථය වන්නේ මල් පුදන ස්ථානය යනුවෙනි. ඒ අනුව, මෙම මාලක මුල් කාලීනව මල් පිදීම පිනිස භාවිත කළ බවට අනුමාන කළ හැකි ය. වත්මන් ස්තුපවල පේසා වළලුවල මල් පූජා කිරීම දක්නට ලැබේ. එය කාලයක දී මෙය ප‍්‍රදක්ෂණා කිරිමට නිර්මාණය කරන්නට අනුමාන කෙරේ. මහා ථුපයෙහි පේසා වළලූ ආරම්භයේ දී ගඩොලින් නිර්මාණ කරන ලදී. එහෙත් ලඤ්ජිතිස්ස රජු (ක‍්‍රි.පූ. 59-50 දී පමණ) විසින් ඒවා සුදු හුණුවලින් ආවරණය කරන ලදී (මහාවංසය, 33 වැනි පරිච්ජේදය, ගාථා 21-22). මෙලෙස නිර්මාණය වුණු පේසා වළලුවල පාදයන් විවිධ බොරදම්වලින් පසු කාලීනව අලංකෘත විය. හත්ථිවේදී හෙවත් ඇත් රූපවලින් පේසා වළලු අලංකරණය කරන ලදී. මහානාග රජු විසින් මහා ථූපයට එය එක් කරන ලදී. රුවන්වැලි සෑයේ මුදුන්ම පේසාවේ සිට ගැටිය දිගේ බිත්ති තලයේ සිට අඟල් 10ක් හෝ 12ක් පිටට නෙරා සිටින සේ අඩි 6 අඟල් 3ක් පමණ වූ නියත පරතරයන් අතර ඇත් හිස් නිමවා ඇත. මෙම ඇත් රූපවල යටි පැත්තෙහි කණු දරා සිටීමට මෙන් හරන ලද ඇලි විය. ඇත් හිස්වලින් සැරසූ ගරාදි වැටක් වී නම් ඊට උචිත වූ හත්ථිවේදී නාමයෙන් එය හඳුන්වන්නට ඇති බව සෙනරත් පරණවිතාන මහතා පවසයි (පරණවිතාන, 1963, පිටු 15).

මහා ථූපයේ මුදුන් පේසාව මත ගරාදි වැටක් ද තිබූ බවට සාධක තිබේ. භාතිකාභය රජු රුවන්වැලි සෑය සඳහා ගරාදි වැටවල් 2ක් තැනූ බව මහාවංසයේ සඳහන් වේ. කුච්ඡුවේදී හා මුද්ධවේදික යන නාමයන්ගෙන් එම ගරාදි වැටවල් 2ක් තැනූ බව මහාවංසයේ සඳහන් වේ. කුච්ජවේදී හා මුද්ධවේදික යන නාමයන්ගෙන් එම ගරාදි වැටවල් 2 මහාවංසයේ ටීකාවේ විස්තරයට අනුව සඳහන් වේ. මුද්ධ වේදිකා යනු ගර්භය මුදුනේ පිහිටි ගරාදි වැට වේ. කුච්ඡු යනු උදර යන්න වේ. ඒ අනුව කුච්ජ වේදිකා යනු ගර්භය හා සම්බන්ධව පැවැති ගරාදි වැටක් විය හැකි ය (පරණවිතාන, 1963, පිටු 15).

පාදම මත නිර්මාණ වූ රුවන්වැලි සෑයෙහි තුන් මහල් පේසාව මුල් කාලීනව ප‍්‍රදක්‍ෂිණා පථයක් ලෙසත්, පසුව මල් පිදීමට භාවිත කළ බවත් අනුමාන කළ හැකි ය. එසේම තුන් මහල් පේසාවන් අතුරින් මුදුන් පේසාව ඇත්හිස් රූපවලින් හා ගරාදි වැටකින් විවිධ අවස්ථාවලදී අලංකාර වූ බවට පුරාවිද්‍යාත්මක සාධක පවතී.

ගර්භය /හතරැස් කොටුව / ඡත‍්‍රය, ඡුත‍්‍රාවලිය හා යූපය /දේවතා කොටුව /කොත් කැරැල්ල / කොත / වජිර චුම්භට / රුවන්වැලි සෑය හා සාංචි ස්තුපය 

මහා සෑය ගොඩනැගීමේ මෑත ඉතිහාසය

මහා ආශ්චර්යයන් රැසක ආනුභාවයෙන් නැගුණු ස්වර්ණමාලී ථූපය, රජරට රාජධානියේ බිදවැටීමත් සමග කෙමෙන් ගරා වැටිණි. මහා ථූපය ද සහිත අනුරපුර පූජා නගරය වල්බිහි විය. ඉංග්‍රීසි පාලන සමයේ අනුරාධපුර ප්‍රදේශයේ විසු ඉංග්‍රීසි ජාතික ඒජන්තවරුන්ගේ වාර්තාවල ද දැක්වෙන පරිදි අනුරපුර පූජානගරයේ චෛත්‍ය කුඩා කදු ගැට ලෙසයි, දිස්ව ඇත්තේ. එමෙන්ම ඒවා තුරුලතා වලින් වැසී තිබිණි.

ඒ විහාරාරාම, ස්ථූප අතරින් ගරාවැටුනු රුවන්වැලි මහා සෑය ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹෙන්නේ 1870 දශකයේ දී ය. ගම්පොළ ප්‍රදේශයේ සිට අනුරාධපුරයට වන්දනාවේ පැමිණි, නාරංවිට සුමනසාර හිමි මේ පුණ්‍ය කටයුත්තට මුල් වූහ. කිසිදු පහසුකමක් නොතිබුණු කාලයක විසිතුන් වියැති සුමනසාර හිමිපාණෝ කළ අධිෂ්ඨානයේ නාමයෙන් ඉතා මනරම්ව යලිත් ගොඩනැගූ මහා ථූපය වන්දනා කිරීමේ අවස්ථාව ලෝකවාසී බෞද්ධ ජනතාවට උදාවී තිබේ.

එවක අටමස්ථානාධිපති පූජ්‍ය කලුඑඹේ ශ්‍රී සුමන ධම්මරක්ඛිත හිමිපාණන්ගේ ආශිර්වාදයෙන් රුවන්වැලිසෑයේ භාරකාරත්වය සුමනසාර හිමි වෙත පැවරෙන්නේ 1872 දී ය. 1873 දී ප්‍රතිසංස්කරණ කටයුතු අරඹයි. එය ඉතා අසීරු කටයුත්තකි. මේ පුවත සැලවීමත් සමග දේශීය හා විදේශීය වශයෙන් බොහෝ පිරිස් ආධාර උපකාර සිදුකරන්නට පටන් ගනී. මහා ථූපයෙහි ප්‍රතිසංස්කරණ සදහා පලමු පරිත්‍යාගය කර තිබෙන්නේ, එවක ලංකාවේ ඒජන්තවරයා වු ශ්‍රීමත් විලියම් හෙන්රි ග්‍රෙගරි ය. එතුමා 1876 වසරේ දී සිය පෞද්ගලික මුදල් වලින් රුපියල් 1000 ක් පරිත්‍යාග කර ඇත. ඉන්දියාවෙන් හා බුරුමයෙන් ද ආධාර මුදල් ලැබී තිබේ. බුරුම පාලක “ මින්දං මිං “ විසින් ද සිය පෞද්ගලික මුදලින් රුපියල් දහසක් පරිත්‍යාග කර ඇත.

බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර මහතාබ්_රහ්මචාරී-වලිසිංහ-හරිස්චන්ද්_ර-191x300 (1)
1872 සිට 1902 දක්වා කලයේ දී පෞද්ගලික පරිත්‍යාග, පරිශ්‍රම මත සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වූ අතර 1902 දී රුවන්වැලි චෛත්‍ය වර්ධන සමිතිය ආරම්භ කෙරිණි. එහි සභාපතිවරයා වූයේ බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර මහතායි. කෙසේ වෙතත් 1910 පමණ වන විට චෛත්‍ය වර්ධන සමිතියේ ක්‍රියාකාරිත්වය ඇනහිට තිබේ. එහෙත් කටුනායක ඇවරිවත්තේ කුමාරසිංහ රන්සිරිනෙල් පෙරේරා මහතාගේ පුණ්‍යවන්ත මැදිහත් වීම මත චෛත්‍ය වර්ධන සමිතිය නැවත සක්‍රීය විය.

රන්සිරිනෙල් පෙරේරා

මේ අතරතුර දී සිදු වූ අවාසනාවන්තම සිද්ධිය වූයේ චේතියේ මේ සා විශාල ප්‍රතිසංස්කරණයක් කරන්නට අත්පොත් තබා අනේක අයුරින් වෙහෙසුනු නාරංවිට සුමනසාර හිමියෝ අපවත් වීමයි. එහෙයින් මෙම කටයුතු 1921 සිට උදුරුව හල්මිල්ලෑවේ රේවත හිමිපාණන්ට පැවරිණි. 1935 වන විට රන්සිරිනෙල් පෙරේරා මහතා ද අභාවප්‍රාප්ත විය. එතැන් සිට චෛත්‍ය වර්ධනයේ ගිහි පාර්ශවයේ බර කරට ගත්තේ රන්සිරිනෙල් මහතාගේ බෑණනුවන් ය. ඔහු නමින් මහර ඒබරං එදිරිසිංහයි.

මේ කාලය වන විට චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ බොහෝමයක් අවසන්ව තිබිණි. පිත්තල කොත් වහන්සේ නිර්මාණය කිරීම පිළිමතලාව දී සිදුවිය. එය ටොන් 6 ක් බරැතිය. අඩි 26 ක් උසැති ය. කොළඹට ගෙන ආ කොත්වහන්සේගේ රන් ආලේප කිරීමට මාස තුනක පමණ කාලයක් ගතව ඇතැයි සදහන් වේ. පසුව එය ජනතා වන්දනය උදෙසා ඇවරිවත්ත සුමිත්‍රාරාමයේ තැන්පත් කර ඇත.

යූ. විනයාලංකාර හිමි
මහත් පරිශ්‍රමයක් යලි නැන් වූ මහා සෑය උදෙසා චූඩා මාණික්‍ය සපයා ගැනීම,මීළග ගැටලුව විය. එවක ලංකාවේ විසූ බුරුම හිමි නමක් වූ යූ. විනයාලංකාර හිමිගේ මැදිහත් වීමෙන් ඊට විසදුම ලැබේ. 1938 වසරේ දී යූ. විනයාලංකාර හිමි බුරුමයට වැඩම කර රුපියල් 6000 ක් වටිනා පළිඟුවක් රැගෙන නැවත ලංකාවට වැඩම කරයි. උන්වහන්සේට එම පලිඟුව නොමිලේ ලැබී ඇත.

නමුත් එම පලිඟුව ඔප දමා චූඩාමාණික්‍යක් සේ සකස් කිරීමට දත්තෝ ලංකාවේ නොසිටි හෙයින් එම කාර්යය උදෙසා විනයාලංකාර හිමි යලි බුරුමයට වැඩම කළහ. එම පලිඟුවෙන් චූඩා මාණික්‍ය කැපූ නමුත් අවශ්‍ය ප්‍රමාණයට නොතිබිණි. එසේ හෙයින් විනයාලංකාර හිමි යලිත් පලිගුවක් සොයන්නට වෙහෙසිනි. මීට පෙර බුරුමයෙන් හමු වී නොමැති ආකාරයේ විශාල පලිගුවක් හමු වී ඇති බව විනයාලංකාර හිමිට සැලවිය. එය රුපියල් 8000 ක් වටිනා එකකි. එයද නොමිලයේ ලැබීම විශේෂත්වයකි. එම පලිඟුවෙන් කැපූ චූඩා මාණික්‍ය උසින් අඟල් 18 කි. බර රාත්තල් 12 ½ ක් විය. චූඩාමාණික්‍ය තැබීමට සැකසූ ස්වර්ණමය පාදමේ උස ල්අඟල් 13කි. එයට රන් රාත්තල් 12 ක් ද රිදී රාත්තල් 152 ක් ද යොදාගෙන ඇත. යොදාගෙන ඇති මැණික් ගල් ප්‍රමාණය 4796 කි.

යූ. විනයාලංකාර හිමි

චූඩා මාණික්‍ය හා රන් පාදම බුරුමයෙහි ම තැනූ හෙයින් එරට ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයක් වන ස්වේදගොන් චෛත්‍ය අසල අභිනව චූඩා මාණික්‍ය තබා මහජන වන්දනාවට ඉඩ සැලසීය. පසුව එය එවක ශ්‍රී ලංකා ආණ්ඩුකාර ඇන්ඩෘ කොල්ඩිකෝට් මහතා වෙත එවා ඇත්තේ 1940 දී යී. පසුව එය බෞද්ධ ජන වන්දනය උදෙසා දෙමටගොඩ මකුටාරාමගේ තැන්පත් කෙරිණි. ඉන් පසුව මහ පෙරහරින් අනුරාධපුරයට වැඩම වූ චූඩා මාණික්‍ය මහත් හරසරින් පිළිගෙන ඇත්තේ, අටමස්ථාන කමිටුව වෙනුවෙන් පී.බී. බුලංකුලම දිසාවේ විසිනි. ඒ 1940 ජුනි 10 වන දිනයි.

නාරංවිට සුමනසාර හිමියන්ගේ සිතිවිල්ල මත ඇරඹී ධෛර්ය සම්පන්න ශාසන මාමක මේ ක්‍රියාව දුටුගැමුණු රජ සමයේ මහා සෑය මුලින්ම තැනීමට ගත් උත්සාහයට දෙවනි නැත. අපමණ පීඩා මධ්‍යයේ නොපසුබට උත්සාහයෙන් සිදු කළ මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසානයේ කොත් පැළදවීමේ මහා පිංකම 1940 ජූනි 15 වනදාට යෙදිණි. 1940 ජූනි 17 වනදා උදෑසන 8.50 ට යෙදුණු සුබ මොහොතින් චූඩා මාණික්‍ය පැළදවීය.

පසුව සැදැහැති බෞද්ධ ජනයාගේ වන්දනය උදෙසා කොත් වහන්සේ හා චූඩා මාණික්‍ය නිරාවරණය කළේ 1940 ජූනි 19 වන දිනට යෙදුණු පොසොන් පොහෝ දා සවස 4.00 ට යි. මේ පුණ්‍ය කටයුතු සිදුකිරීම උදෙසා රුවන්වැලි සෑ භාරකාර උඳුරව හල්මිල්ලෑවේ රේවත, යූ විනයාලංකාර, බද්දේගම පියරතන යන නා හිමිවරු මූලිකත්වය ගත්හ. පොසොන් පොහෝ දා පැවැති කොත නිරාවරණය කිරීමේ උත්සවයට එවක රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ස්වදේශ කටයුතු ඇමති ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතා ද සහභාගී වී ඇත

Donations