Kaludiya Pokuna Mihintalaya කලුදිය පොකුණ

(Translated by Google) The Kaludiya Pokuna Thapowana monastery, Mihintale is a haven for modern meditators who have been blessed with the touch of the feet of thousands of Arahants. When you are a tourist, you must explore mountains, waterfalls, rivers and seas, as well as places of cultural value in a country. Cold Foggy Mountains are my favorite destinations, but I prefer to visit the country’s past glory. Every year, until August, awaits the sight of tens of thousands of ballads of the past, the beautiful solitude of the forest. I consider it a privilege to participate in the alms giving to the Most Venerable Monks who visit this secluded place in August each year. Located at the foot of the western slope of Mihintale, this pond is the largest of the ponds. A lake which collects water from the Mihintale mountain during the rainy season, has been constructed using ponds. There is no clarity on the name used to describe this place in the past. The pond is known as the Kaludiya Pond because of the depth of the pond and the water is colored by the shade of the nearby forest and hills. The Mihindu Buddhist monks used to provide accommodation to the Buddhist monks who lived in the vicinity since they were in Sri Lanka. The complex has been used since the middle of the Anuradhapura period. At about 1750 square meters, the pond can be seen at the bottom of a series of ceiling columns used by the monks to look like a ship. The structure of the pond was designed to reflect the knowledge that Helene possessed. Dagobas, Upstarts, Stones of stone with natural stone roofs, Toilets and toilets in ruins It is believed that Kaludiya Pokuna is the pond in which the Buddhakraktha Thero who lived in the reign of King Saddhatissa, on a Black Poya day, under a black tibia tree, on a black stone seat, gave a timely discourse on the discourse of timeless sutra. This is a special and unforgettable event for the Buddhists as all things are chronological. This pond, which is never seen and never seen at the bottom, is used to bathe the monks and the laity who are participating in meditation programs. When using this pond, it is necessary to be aware of its risks and should not be harmed by the various organisms living in the vicinity. The Buddhist monks of the Arahath Dynasty are also present in this place where the Arahants who lived in the past had been blessed with the blessings of the Arahants. It is widely acknowledged to be a source of universal energy, and that some areas of it are undergoing changes in magnetic fields. Many legends say that this place is associated with the archetypes of Ravana and that the Kaludiya Pond has been used as a gateway to the universe by the Ravana Uyana. One who enters the monastery of the Tapovana Monastery with a large number of lanterns is sure to grow up. Separate programs are available for laymen to visit and to observe sil on every Poya day. This place should be located on the same purpose and it is better not to go there if you are going for other purposes. Always remember that it is our responsibility to maintain the sacredness of this sacred site and to preserve the place for future generations. (Original)

දහස් ගනන් රහතන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් පින් බිමක් වූ නූතන භාවනායෝගීන්ට බවුන් වැඩීමට තෝතැන්නක් වන මිහින්තලය කලුදිය පොකුණ තපෝවනය ආරාමය. සංචාරකයෙක් වුනහම කදු, දියඇලි, ගංගා, මුහුදවල් හොයාගෙන යනවා වගේම රටක සංස්කෘතික වටිනාකමක් තියෙන ස්ථානය වලත් සංචාරය කලයුතුය. සීතල මීදුමින් පිරි කදු මුදුන් මාගේ ප්‍රියතම ගමනාන්තයන් වුවත් මා අප රටේ අතීත ශ්‍රී විභූතිය විදහාපාන ස්ථානය නැරඹීමටත් ඉතා ප්‍රියතාවයක් දක්වමි. සෑම වසරකම අගෝස්තු මාසය ලබන තෙක් බලා සිටින්නේ බැලුවන්ගේ නෙත් සිත් වශීකෘතවන අතීතයේ රහතන් වහන්සේලා දස දහස් ගනනකගේ පාදස්පර්ශය ලැබූ සුන්දර හුදකලා වන ලැහැබකින් යුත් මේ පුන් බිමේ පහස විදීමය. සැම වසරක අප පවුලේ සාමාජිකයන් විසින් අගොස්තු මස මෙම හුදකලා බිමේ බවුන් වඩන සුපින්වත් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් පිරිනමනු ලබන දානමය පිංකමට සහාභාගීවීමට ලැබීම මම ලැබූ භාගයක් ලෙස සලකමි. මිහින්තලේ බටහිර බෑවුම පාමුල පිහිටා ඇති මෙම පොකුණ පොකුණු අතුරින් විශාලතම වන අතර වර්ෂා සමයේ මිහින්තලා කන්දෙන් එන ජලය එක්‍ රැස්වුන විලක්, පොකුනක් ලෙස විදිමත්ව බැමි යොදා සකසා ඇත. අතීතයේ මෙම ස්ථානය හැදින්වීමට භාවිතාකල නම පිලිබඳ පැහැදිලිතාවයක් නොමැති අතර අසල ඇති වනාන්තරයේ සහ කදුවල හෙවනැලි දවසේ බොහෝ වෙලාවක් මෙහි දිය මතට වැටෙන නිසා මෙන්ම මෙම පොකුනේ ගැඹුර නිසා ජලය කාල වර්ණයෙන් යුක්ත බැවින් මෙම පොකුණ කලුදිය පොකුන ලෙස වරතමානයේදී හදුන්වනු ලබයි. මිහිදු හිමියන් ලංකාවට වැඩිය කාලයේ සිටම මේ අවට පවතින ගල් ලෙන් ස්වාමීන්වහන්සේලාගේ නේවාසික පහසුකම් වෙනුවෙන් භාවිතාකල අතර මෙය වධිමත් ආරනය. සංකීර්ණයක් ලෙස භාවිතාකරන්නේ අනුරාධපුර යුගයේ මධ්‍යභාගයේ සිටය. වර්ග මීටර 1750 ක් පමනවන මෙම පොකුනු මද්‍යයේ බැලූ බැල්මටම නැවක් ආකාරයෙන් දිස්වන භික්ෂූන් වහන්සේලාගේ විනයකර්ම සිදුකිරීමට භාවිතාකල සීමා මාලකයක පාදමකට අයත් කොටසක් දැකිය හැකිය. මෙම පොකුනේ පිහිටීම අනුව නිර්මාණය කර ඇති ගොඩනැගිලි සංකීර්ණය එදා හෙලයින් සතුවූ දැනුම පිලිබිඹුකරන කැඩපතක් වැනිය. දාගැබ්, උපෝසතාගාර, ස්වාභාවික ගල්වල පියස්සවල් ආධාරයෙන් ගලින් නිම කෙරූ කුටි, ගොඩ නැගිලිවලට සම්බන්දව ඉදිකෙරූ වැසිකිලි, කැසිකිලි වල අයත් නටබුන් මෙහිදී දැකගත හැකිය සද්ධාතිස්ස රජුකල වැඩ විසූ කාල බුද්ධරක්ඛ්‍ත හිමියන් කලු පෝය දිනක,කලු තිබිරි ගසක් යට, කලු ගල් ආසනයක් මත වැඩසිට,කාලකාරාම සූත්‍රයෙන් සිදුකල දේශනය පිලිබදව මනෝරතපූරනීය අටුවා ග්‍රන්ථය සදහන් අතර එහි සදහන් වන කලුදිය පොකුණ මෙම පොකුණ බවට විශ්වාස කරනු ලබයි. සියල්ලම කාලවර්ණ බැවින් බොදුණුවන්ට විශේෂ මෙන්ම අමතක නොවන මෙම සිදුවීම මෙම ස්ථානයේ මෙම ගල් ආසනයක සිදුවූ බැවින් ඒවායේ හිස තබා බොහෝ සැදැහැවතුන් ආචාරකරනු ලබයි. කිසිදා නොහිදෙන මෙන්ම පතුල කිසිදු දිනක නොදැකින මෙම පොකුන අතීතයේ මෙන්ම වර්තමාන සංඝරත්නයද, භාවනා වැඩසටහන් වලට සහභාගිවන ගිහියන්ද ස්නානය කිරීමට භාවනාකරන අතර මෙම පොකුන භාවිතාකරන විට එහි අවදානම පිලිබදව සැලකිලිමත් වියයුතුය.එමෙන්ම එය ආශිතව ජීවත්වන විවිධ ජීවීනට හානියක් නොවන ලෙස භාවිතාකල යුතුය. ගත සිත නිවී සනහන අතීත රහතන් වහන්සේලා වැඩ සිටි පින් කෙතක් බදුවූ මෙම ස්ථානයයේ වරතමානයේද එම අරහත් පරපුරෙන් පැවත එන සිල්වත් ස්වාමීන්වහන්සේලා වැඩසිටින අතර මෙහිදී බන භාවනා කිරීම තුලින් තම චිත්ත ශක්තිය ඉක්මනින් වඩා ගත හැකි බව පිලිගැනීම වන අතර මෙහි භාවනා කිරීම සදහා දේශීය මෙන්ම විදේශීකයන්ද පැමිනේ. විශ්ව ශක්තිය ලබාගත හැකි ස්ථානයක් ලෙස බොහෝ දෙනා පිලිගන්නා අතර එහි ඇතැම් ස්ථානවල චුම්බක ක්ෂේත්‍රයන්ගේද වෙනස්කම් සිදුවන බව සදහන් වන අතර අදටත් විදේශිකයන් මෙහි පරීක්ෂණ සිදුකරයි. බොහෝ රාවනා පුරාවුර්ථයන් හා මෙම ස්ථානය බැදී පවතින අතර ඒ අතරින් ලංකාවේ පවතින බලකේණ්ද්‍ර ලෙස සලකනු ලබන සීගිරිය, රන්මසු උයන අතරට මෙම කලුදිය පොකුණද රාවනා රජු විශ්වය සමග සම්බන්ද වීමට යොදාගන්නා සක්වල දොරටුවක් ලෙස භාවිතාකල කර ඇතැයි යන්න බොහෝ ජනප්‍රවාදවල සදහනය. විසල් තුරු ලතා වලින් පිරි තපෝවනය ආරාමයට පිවිසෙන කෙනෙකුට බවුන් වැඩීමට සිතෙනු නොඅනුමානය. ඒ සදහාම වෙන්වූ වැඩසටහන් ගිහියන් වෙනුවෙන් ක්‍රියාත්මක වන අතර සෑම පොහොය දිනකම එහි ගොස් සිල් සමාදන්විය හැකිය. මෙම ස්ථානයට මෙම අරමුනවලම පිහිටා යායුතු අතර වෙනත් අරමුනු වලින් එහි යන්නේ නම් එහි නොයා සිටීම යහපත්ය. මෙම පුදබිමේ සංවරව හැසිරීම සහ එම ස්ථානය මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම අපගේ වගකීම බව නිරතුරැ සිහිරදවා ගන්න

Donations
You cannot copy content of this page