නව ගුණවැල

නව ගුණවැල භාවනාව ප්‍ර‍මාණ කර ගැනීම පිණිස සියලු ඉරියව්වල දී ම භාවිතයට සුදුසු ඉතා ප්‍රයෝජනවත් උපකරණයෙකි. බුද්ධානුස්මෘතිය වැඩීමට ඇට සියයක් ඇති නව ගුණ වැලක් ගත යුතු ය. නව ගුණ වැල පාවිච්චි කරන්නවුන් විසින් භාවනාවට හිඳගෙන කාලය ගැන සැලකීමක් නො කොට වාර ගණන ගැන සැලකිය යුතු ය. මෙ පමණ වාර ගණනක් භාවනා කරමියි වාර ගණන නියම කරගෙන නව ගුණ වැලේ ඇටවලින් වාර ගණන් ගැණ ගත යුතු ය. එක් හිඳ ගැනීමක දී සිය වරකට අඩු නො වන්නට භාවනා කරනු. දිනකට දහස් වරක් පිරවිය හැකි නම් ඉතා යෙහෙකි. උදය කාලයේ පන්සිය වාරයක් හා සවස් කාලයේ පන්සිය වරක් ද භාවනා කිරීමෙන් දහස පිරවිය හැකි ය.

බෞද්ධයන් නමස්කාර කරන ක්‍රම

අර්ධ ජානුක වන්දනාව

දකුණු දණ මඩල බිම තබා දොහොත් මුදුන්හි තබා වැදීම අර්ධ ජානුක වන්දනාව නම් වේ.අර්ධ ජානුකව වැඳුමට විවරණ යෙදුම දකුණු දණ මඩල බිම තබා මුදුනත් වැඳුම වම් දණ මඩල මත වැලමිට තබා යෙදුම අපහසුවක් නොමැති සරු ඵල වැඳුම

පසඟ පිහිටුවා වැඳිම

දෙදණ දෙවැල මිට නළල යන පස් තැන බිම ස්පර්ශ වන සේ දොහොත් මුදුන්හි තබා වැදීම පසඟ පිහිටුවා වැඳිමයි.පසඟ පිහිටුවා වැඳුමට විවරණ යෙදුම දෙදණ දෙවැල මිට නළලද බිම තැබුම දෑතේ ඇගිලි මල් කැකුලක් මෙන් වැඳුම පසඟ පිහිටුවා වැඳුමත් දැන ගැනුම

අංජලිකර්ම වන්දනාව

දෙඅත් නෙළුම් මල් කැකුලක් මෙන් සකස් කොට සිටගෙන දොහොත් මුදුන්හි තබා මදක්ඉ දිරියට නැඹූරුව කරන වන්දනාව අංජලිකර්ම වන්දනාවයි.අංජලිකර්ම වැඳුමට විවරණ යෙදුම අත් දෙක මුදුනේ සිටගෙන සිට මේ වැඳුම කය දුබලව ගියත් උතුමන් ගරු කෙරුම නිවනට යන්න හොද අඩිතාලම මුදුනත් වැඳුම

උක්කුටික වන්දනාව

දෙදණ මත දෙවැල මිට තබා විළුම් දෙක මදක් ඔසවා ඇගිලි අගින් හිඳ දොහොත් මුදුන්හි තබා කරන වන්දනාව උක්කුටික වන්දනාවයි.උක්කුටියෙන් වැඳුමට විවරණ යෙදුම දෙදණ මත දෙවැලමිට තබා මුදුනත් වැඳුම දෙපා ඇගිලි මත සමබර උතුමන් වැඳුම අගේ කළ යුතුයි සවිබල ඇති කල්හිම යෙදුම

දණ්ඩ නමස්කාරය

දණ්ඩක් මෙන් මුනින් අතට බිම දිගා වී දෙවැල මිට බිම ස්පර්ශ වන සේ දෙඅත් නෙළුම් මල් කැකුලක් මෙන්සකස් කොට දොහොත් මුදුන්හි තබා කරන වන්දනාව දණ්ඩ නමස්කාර වන්දනාවයි.දණ්ඩ නමස්කාරයට විවරණ යෙදුමදෙපා දෙඅත් එකතුව දිග වී වැඳුම බිම අත නොපා මුදුනත් කර ඒ වැඳුම උතුමන් බිහි කරයි උත්තරීතර වැඳුම

අතිපූජනීය රේණුකානේ චන්දවිමල හිමියන්ගේ බෞද්ධයාගේ අත්පොත කෘතිය පොත් මිලදී ගැනීමට : https://www.fb.com/1358438437680062