දේවදත්ත හිමි ඉල්ලූ වර පහ

මොන අන්දමේ උපක්‍රම යෙදුවත් බුදුරදුන් ශාරීරිකව නසාලන්නට නොහැකි බව සක්‌සුදක්‌ සේ තේරුම් ගත් දෙව්දත් තෙරුන් සද්ධර්මය හෝ නසලමි යන අධිෂ්ඨානයට පැමිණියේය. භික්‌ෂුන් වහන්සේ අත්තකිලමතානු යෝගයට ඇද දමා හෝ සංඝ බේදය ඇතිකිරීමේ කුමන්ත්‍රණකාරී සිතුවිල්ලක්‌ තබාගෙන අමතර ශික්‍ෂාපද පහක්‌ පනවන්නැයි බුදුරදුන්ගෙන් ඉල්ලා සිටියේය.

1. සියලු කල්හි භික්‍ෂුන් පිණ්‌ඩපාතික විය යුතුය.

2. සියලු කල්හි රුක්‌මුල් සෙවණේ බවුන් වැඩිය යුතුය.

3. සියලු කල්හි ශුන්‍යාගාරවල වැඩවාසය කළ යුතුය.

4. පාංශකූල සිවුරු පමණක්‌ පරිහරණය කළ යුතුය.

5. මාංශ පරිභෝජනයෙන් වැළකිය යුතුය.

දෙව්දතුන්ගේ සූක්‍ෂම උපාය දිවැසින් දුටු බුදුරදුන් මුනිවත රකිමින් මුවින් නොබැණ වචනයකින් හෝ පිළිතුරු නොදී වැඩසිටියහ.

වස්‌සාන කාලයේ වස්‌ විසීමට සිදුවන හෙයින් භික්‍ෂුන්ට පිඬුසිඟා වැඩිය නොහැකිය. ශුන්‍යාගාර යනු අමු සොහොන් සහ එවැනි අතිශුන්‍ය ස්‌ථානයන්ය.

සදහටම එවැනි ස්‌ථානවල විසීම අත්තකිලමතානුයෝගයකි. රුක්‌මුල්වල වසමින් බවුන් වැඩීම ද කළ නොහැකි අන්තවාදයකි. මළ මිනී රෙදිවලින් ඔතා කනත්තට විසිකිරීමක්‌ ඉදිරි අනාගත කාලයේදී සිදු නොවන බව දෙව්දත් නුවණට නොපෙනුනාට බුදු නුවණට පෙනෙන්නට ඇත. මේ වර හතරම මධ්‍යම ප්‍රතිපදාවට පටහැනි අත්තකිලමතානුයෝගයයි.

මෙලෙස දෙව්දත් පනවන්නට ඉල්ලා සිටියේ එකක්‌ දෙකක්‌ නොව වර පහම එකවරය. මෙවන් ශික්‍ෂාපද පැනවූවා නම් බුදුරදුන් ජීවමාන කාලයේදීම භික්‍ෂුන් වහන්සේලා ශාසනය හැර දමා යනු ඇත. එයම සම්බුද්ධ ශාසනයේ අවසානය වනු ඇත.

අවසන් වරය ලෙස දෙව්දතුන් ඉදිරිපත් කළේ භික්‍ෂුන් වහන්සේලා මාංශවලින් තොරව සිටීමේ වරයයි. මෙය කෙටියෙන්ම පවසනවා නම් විෂගුලියකට උඩින් පැණි වත්කර රස ගුලියක්‌ කිරීමකි.

එම වරය තම වාසියට තීන්දු කරන ඇතැමකු පවසන්නේ කැමති අය ඒ අනුව ක්‍රියා කරපුදෙන්, අකමැති අය නොකරපුදෙන් යනුවෙන් බුදුරදුන් දෙසූ බවය. සම්බුදුරදුන් දෙසූ ශ්‍රී මුඛ උතුම් කරණීය මෙත්තසූත්‍රය පරිදි උන්වහන්සේ උජූත සුජූත ර්‍ජු සහ වඩාත් ර්‍ජුව කටයුතු කරන උතුමෙකි. සම්බුදුරදුන් වැනෙනසුළු වචන පවසන්නකු නොවේ. මෙම අවස්‌ථාවේ උන්වහන්සේ ඉතා නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කළහ. පිළිතුරු නොදිය යුතු ප්‍රශ්න පිළිබඳ සම්බුදු පිළිවෙත එයයි. දේවදත්ත වර පහම එකවර පැනවීමට ඉල්ලා සිටියා මිස එක එක වරය වෙන වෙනම ඉල්ලා නොසිටි බවද අවසන් වරයට වෙනම සිල්පදයක්‌ අනවශ්‍ය බවද දැනගතමනාය.

ඒ මක්‌නිසාද, අවසන් වරය හෙවත් නිර්මාංශ වරය ගැන ඉතා සියුම් විග්‍රහයක්‌ එකී වරය මාංශ වැළඳීමට නිදහසට කරුණක්‌ වශයෙන් සිතන්නන් වෙත මෙසේ ඉදිරිපත් කරමු.

මවක්‌ තම එකම පුතුට දිවිපුදා හෝ දක්‌වන මෛත්‍රිය මෙන් සියලු සත්වයන් කෙරෙහි මහා කරුණාව දැක්‌විය යුතු බව උතුම් කරණීය මෙත්ත සූත්‍රයෙන් දක්‌වා ඇති නිසාත් “සබ්බේ සත්තා භවන්තු සුතත්තා” යනුවෙන් එහි දෙවතාවක්‌ උච්චාරණය කර ඇති නිසාත් නිර්මාංශ වරයක්‌ අනවශ්‍යය. සතුන්ට මෛත්‍රිය කරමින් උන්ගේ මාංශ අනුභව කළ නොහැකිය.

සත්ව ඝාතනයට එයට අනුබලදීම සියලු සතුන් දඬුවමට මරණයට බියවෙති යන්න තමන්ට අනුරූපව සිතන්න යෑයි බුදුරදුන් දෙසා වදාරා ඇති නිසාත්, ප්‍රථම සිල්පදයේ පැහැදිලි අරුත තමන් නොමරමි, සොමරවමි, මැරීමට අනුබල ද නොදෙමි. මැරීම සිත කය වචනයෙන් අනුමත ද නොකරමි යන්න ගම්‍යමාන වන නිසාත් විශේෂ නිර්මාංශ ශික්‍ෂාවක්‌ අනවශ්‍යය.

නොකළ යුතු වෙළ¹ම්වලට ප්‍රථමයෙන් සහ දෙවනුව ඇතුළත් වන්නේ මාංශ සහ සතුන් යෑයි බුදුමුවින් දේශනා කර ඇති නිසාත් හේතුඵලවාදය අනුව මාංශ අනුභවය නොකළ යුතු වෙළෙ¹මට අනුබල දීමක්‌ වන නිසාත් අනේක ජාති සංසාරයේ තමන් වහන්සේගේම ඇස්‌, ඉස්‌, මස්‌, ලේ මිස අන්‍යයන්ගෙන් බලෙන් ලබාගත් දෑ දන්දී නොමැති නිසාත් වස්‌සානකාලයේ පොළොවෙන් මතුවන පෙනෙන නොපෙනෙන කෘමීන්ට සහ තණකොල පත්වල අලවන ඔවුන්ගේ බිත්තර නමැති දරු පැටවුනට පතල මහා කරුණාව නිසා වස්‌විසීම අනුදැන වදාළ නිසාත් (පිණ්‌ඩපාතයේ නොයෙදී)

අට පිරිකරට ඇතුළත් එක්‌ පිරිකරක්‌ වශයෙන් පෙරහන්කඩය නියමකළේ එකල සම්බුදු ඇසට ජලයේ සිටින නානාවිධ ක්‍ෂුද්‍ර ජීවීන්ගේ ජීවිත අයිතිය රැකදීමටත් ජලය පානය කළ පසු එම පෙරහනය ජලයේ ගසාදැමීමටත් වඩින වඩින අවස්‌ථාවලදී පෙරහන්කඩය ගෙන යැමට යෝජනා කිරීමත් අමතක වූ අවස්‌ථාවක සිවුරේ කොනකින් ජලය පෙරාබී එම සිවුරු කොනද වතුරේ ගසා දමා නොපෙනෙන ජීවිත බේරන ලෙසත් නියම කළේ වෙනම නිර්මාංශ වරයක්‌ අනවශ්‍ය නිසාවෙනි.

නවදොරින් ජරාව වැගිරෙන දෙතිස්‌ කුනු පයක්‌ වන් මිනිස්‌ සිරුරට තවත් එවැනිම කුණුප කොටස්‌ ඔබා නොගැනීමට වෙනම සිල්පදයක්‌ (වරයක්‌) අනවශ්‍ය නිසාත් මහණෙනි, බුදු ඇසටද අගමුල නොපෙනෙන මෙම අති දීර්ඝ සංසාරයේ අපට දෙමව්පිය, සහෝදර දූදරු, ස්‌වාමිභාර්යා නොවූ කිසිදු සත්වයෙක්‌ නොමැති බවද (එසේ නම් අප ආහාරයට ගනුයේ අපගේම ලේ ඥතීන් බව නොකියා කිවූ බවත්)

මෙත්තා කරුණා මුදිතා උපේක්‌ඛා සතර බ්‍රහ්මවිහරණ මාංශ පාත්‍රයක නොමැති හෙයින් ඒ පිළිබඳ වෙනම වරයක්‌ අනවශ්‍ය නිසාත්, කරණීය මෙත්ත සූත්‍රයේ ප්‍රථම කොටසේ මෙත්‍රිය කරන්නාගේ ගුණාංග දහහතරෙන් සියල්ලම මාංශ අනුභව නොකරන්නකුගේ ගුණාංග නිසා අලුතින් වෙනම වරයක්‌ අනවශ්‍යය.

එක සතකු මැරීමට (මාංශ වැළඳීමට) ඝාතකයන් පස්‌දෙනකු සිටී. මැරීමට නියම කරන්නා මරන්නා, පාරිභෝජකයා, උයන්නා, අනුභව කරන්නා වශයෙන් බුද්ධ දේශනවල සඳහන්ව ඇති නිසාත්, දිට්‌ඨං සුතං පරිසංකිතං, ජීවකබමුණ දැකීමෙන් ඇසීමෙන් සැකයක්‌ ඇතිවීමෙන් මාංශ කලවම් නැති බවට පිරිසිදු වූ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශ මම වළඳමි. තුන්කල් පෙනෙන බුදු ඇසට සියල්ල පෙනෙන නමුදු එය දේශනා කළේ පෘථග්ජනයන් සඳහාය. මියගිය ක්‍ෂණයක්‌ පාසා කුණුවී යන මළ සිරුරක්‌ කෙසේද වැළඳිය යුතු ත්‍රිකෝටිකයක්‌ වන්නේ? එසේ නම් එය ප්‍රථම සිල්පදයට පමණක්‌ නොව සියලු සිල්පදවලට ද ත්‍රිකෝටික විය යුතුය.

ජීවමාන බුදුවරයකුට පූජා කරන සිව්පස දානයක්‌ හා සමාන අභයදානය යන උතුම්ම දාන සංකල්පය සුනුවිසුණු කොට සතුන් මරා උයන ලද සත්ව මාංශ පාත්‍රයක ජීවිතදාන සංකල්පය නොමැති බව කොයිකවුරුත් දන්නා නිසා දෙව්දත්ගේ අවසන් නිර්මාංශ වරය අනවශ්‍ය බැවිණි.

මිනිස්‌ ශරීර අවයව සියල්ල පිහිටා ඇත්තේ නිර්මාංශ ආහාරවලින් දිවිරැකගන්නා සත්වයන්ගේ පරිදි බව ඕනෑම පොතපත කියවූ බුද්ධිමත් අයකු දන්නා නිසාත් ඒ දැනුම සඳහා විශේෂ සිල්පදයක්‌ අනවශ්‍ය නිසාත්, භික්‍ෂුන් හෝ ගිහියන් සත්ව මාංශ භක්‍ෂණය කරන්නේ කුසගින්නට නොව රසතෘෂ්ණාව නිසා බවත්, තෘෂ්ණාව නිවනේ දොරටුව නොවන බව භික්‍ෂුන් දැනගත යුතු නිසාත්, ඒ සඳහා වෙනම සිල්පදයක්‌ පැනවීම තේරුමක්‌ නොමැති දෙයක්‌ නිසාත්, කොටින්ම මෙම සංසාරගත වෛරක්‌කාරයා කුමකට එන්නේද යන්න සම්බුදුරදුන් හො¹කාරවම දැන සිටියහ.

මේ ආදී මෙකී නොකී විශාල කරුණු කාරණා රාශියක්‌ නිසා නිර්මාංශ වීමේ මෙවන් නිෂ්ඵල වරයක්‌ හෝ ශික්‍ෂාවක්‌ පැනවීම පූÒවශයෙන්ම අනවශ්‍ය බව දහම තේරුම්ගත් වත_මාන ගිහි පැවිදි සියල්ලන්ම හො¹කාරව දනිති. දෙව්දත්ගේ ක්‍රියාපටිපාටිය උපේක්‍ෂාවෙන් නිහඬව ඉවසා වදාළ බුදුහිමියන් කෙරෙහි තව තවත් වෛර බැඳගත් දෙව්දත් තෙර ප්‍රති පිළිතුරු නොමැති කල එතැනින් නික්‌ම ගියේය.

මාංශ වැළඳීමට දෙව්දත් තෙර ඉදිරිපත් කළ අවසන් වරය බලපත්‍රයක්‌ කර නොගැනීමට වගබලාගන්නා ලෙස ගිහි පැවිදි බෞද්ධ සැදැහැවතුන්ගෙන් ධම_ සංවේගයෙන් යුතුව ශාසනාලයෙන් ඉල්ලමු. දෙව්දත් තෙරගේ වර ඉල්ලුම දෙපැත්ත කැපෙන පිහියකට උපමා කළ හැකි බව තවදුරටත් ප්‍රකාශ කළ හැකිය.

පූජ්‍යපාද සාහිත්‍යශූරී ආචාර්ය බුද්ධගයාවේ සිසිලචන්ද්‍ර මෛත්‍රිය හිමි

දෙව්දත් ඇතුළු පිරිස මාංස බෝජ්නය තහනම් කරමින් පංචවස්තුන් කැප ලෙස පනවන මෙන් ඉල්ලුම් කල ආකාරය හා එය ප්‍රතික්ෂේප වූ ආකාරය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නොයෙක් අයුරින් අපිස් බවෙහි, සන්තුට්ඨියෙහි, සල්ලේඛයෙහි, ධුතගුණයෙහි, ප්‍රසාද එළවන බවෙහි, නිවනෙහි, වීර්යාරම්භයෙහි ගුණ කියන සුළු ය. ස්වාමීනි, මේ පඤ්චවස්තූහු අල්පේච්ඡ බවට, සන්තුෂ්ටියට, සල්ලේඛයට, ධුතගුණයට, ප්‍රසාදයට, නිවනට, වීර්යාරම්භයට වැටෙත්’’ කවර පඤ්චවස්තුවෙක් ද යත්?

01 භික්‌ඛූ යාවජීවං ආරඤ්ඤකා අස්සු, යො ගාමන්තං ඔසරෙය්‍ය වජ්ජං නං ඵුසෙය්‍ය.
දිවි හිම් කොට, එනම් දිවි ඇති තෙක් භික්ෂූහු ආරණ්‍යක වන්නාහු නම් මැනව. යමෙක් ග්‍රාමාන්තයට පැමිණ පහස ලබන්නේ නම් වරදකි.
02 භික්‌ඛූ යාවජීවං පිණ්ඩපාතිකා අස්සු, යො නිමන්තනං සාදිසෙය්‍ය වජ්ජං නං ඵුසෙය්‍ය.
දිවි හිම් කොට, එනම් දිවි ඇති තෙක් භික්ෂූහු පිණ්ඩපාතික වන්නාහු නම් මැනව. යමෙක් නිමන්ත්‍රණ (කැඳවා පිළිගන්වන බත) භාරගෙන පහස ලබන්නේ නමේ වරදකි.
03 භික්‌ඛූ යාවජීවං පංසුකූලිකා අස්සු, යො ගහපතිචීවරං සාදියෙය්‍ය වජ්ජං නං ඵුසෙය්‍ය.
දිවි හිම් කොට, එනම් දිවි ඇති තෙක් භික්ෂූහු පංසුකූලික වන්නාහු නම් මැනව. යමෙක් ගෘහපති චීවරය භාරගෙන පහස ලබන්නේ නම් වරදකි.
04 භික්‌ඛූ යාවජීවං රුක්ඛමූලිකා අස්සු, යො ඡන්නං උපගච්ඡෙය්‍ය වජ්ජං නං ඵුසෙය්‍ය.
දිවි හිම් කොට, එනම් දිවි ඇති තෙක් භික්ෂූහු වෘක්ෂමූලික වන්නාහු නම් මැනව. යමෙක් සෙවනකට එළැඹේ පහස ලබන්නේ නම් වරදකි.
05 භික්‌ඛූ යාවජීවං මච්ඡමංසං නඛාදෙය්‍යුං, යො මච්ඡමංසං ඛාදෙය්‍ය වජ්ජං නං ඵුසෙය්‍ය.
දිවි හිම් කොට, එනම් දිවි ඇති තෙක් භික්ෂූහු මත්ස්‍යමාංශ (දියමස් හා ගොඩමස්) නො වළඳන්නාහු නම් මැනව. යමෙක් මත්ස්‍යමාංශ කෑමෙන් පහස ලබන්නේ නම් වරදකි.

“ඇවැත්නි, ඒකාන්තයෙන් මහණ ගොයුම්හු මේ පඤ්ච වස්තූන් නො අනුදන්නා හ. ඉක්බිති අපි මේ වස්තූන් කරණ කොට ගෙන ජනයා දන්වාලමු. ඇවැත්නි, මේ පඤ්චවස්තූන් කරණ කොට ගෙන මහණ ගොයුම් හට සඞ්ඝභේද කරන්නට, චක්‍රභේද කරන්නට හැකි ය. ඇවැත්නි, යම් හෙයකින් මනුෂ්‍යයෝ රෑක්ෂ ප්‍රසන්නයෝ වෙත් ද, එහෙයිනි.’’
ඉක්බිති දෙව්දත් සහ පිරිස, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ, අභිවාදනාදිය පුද කොට, එකත්පසෙක හිඳ සිය වරය ඉල්වී ය. එහි ලා භාග්‍යවත්හු : ‘‘අලං, දෙවදත්‌ත, යො ඉච්‌ඡති ආරඤ්‌ඤිකො හොතු, යො ඉච්‌ඡති ගාමන්‌තෙ විහරතු; යො ඉච්‌ඡති පිණ්‌ඩපාතිකො හොතු, යො ඉච්‌ඡති නිමන්‌තනං සාදියතු; යො ඉච්‌ඡති පංසුකූලිකො හොතු, යො ඉච්‌ඡති ගහපතිචීවරං සාදියතු. අට්‌ඨමාසෙ ඛො මයා, දෙවදත්‌ත, රැක්‌ඛමූලසෙනාසනං අනුඤ්‌ඤාතං, තිකොටිපරිසුද්‌ධං මච්‌ඡමංසං අදිට්‌ඨං අසුතං අපරිසඞ්‌කිතන්ති.’’“කම් නැත දේවදත්ත ය, යමෙක් රිසි නම් හේ ආරණ්‍යක වේවා. යමෙක් රිසි නම් හේ ග්‍රාමාන්තයෙහි වාසය කෙරේවා. යමෙක් රිසි නම් පිණ්ඩපාතික වේවා. රිසි යමෙක් වේ නම් හේ නිමන්ත්‍රණ ඉවසාවා. යමෙක් රිසියේ නම් පංසුකූලික වේවා. රිසි යමෙක් ගැහැවි සිවුරු ද ඉවසාවා. දේවදත්ත, මා විසින් අට මසෙක්හි ම රුක් මුල් සෙනස්න අනුදන්නා ලදි. එසේ ම, තමා පිණිස මරන ලදැ’යි නො දුටු, නො ඇසූ, සැක නො කරන ලද යන මේ (තුන් කරුණෙන්) ත්‍රිකෝටිපාරිශුද්ධ වූ මත්ස්‍යමාංශය ද අනුදන්නා ලදි’’.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ පඤ්චවරය නො අනුදන්නා ලදැ’යි සතුටු සිත් ඇති දෙව්දත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට අභිවාදන කොට, පැදකුණු කොට එතැනින් නික්ම ගියේ ය. නික්මැ, රජගහනුවරට වැදැ, ජනයාට මෙසේ කී හ. “ඇවැත්නි, අපි මහණ ගොයුම්හු කරා එළැඹ මෙසේ පඤ්චවස්තූන් ඇයැදීමු. එහෙත්, උන්වහන්සේ මේවා නො අනුදනිති. එතෙකුදු වුවත් අපි එය සමාදන් ව වෙසෙමු’’යි කියා යි. එහි යම් මිනිස් කෙනෙක් වේ ද, ශ්‍රද්ධා නැත්තාහු, තෙරුවන කෙරෙහි නො පහන් ඇත්තාහු, එසේ ම බුද්ධි නැත්තාහු, අඥාන වූවාහු උහු මෙසේ කීහු. “මහණ ගොයුම්හුත් බහුල වූ පැවැතුම් ඇත්තෝ ය. බහුල කොට පහසු ව ම සිතන්නා හ’’යි කියා යි. තව ද සැදැහැති, ප්‍රසන්න, බුද්ධිමත්, පණ්ඩිත යම් මිනිස් කෙනෙක් වේ ද ඔවුහු දෙව්දතුන්ට අවමන් කෙරෙත්; නුගුණ කියත්. “මේ දේවදත්තයෝ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ සඞ්ඝභේදයට චක්‍රභේදයට උත්සාහ කරත්’’යි කියා යි. උවසුවන්ගේ ඒ ඝෝෂාව ඇසූ අපිස් මහණහු භාග්‍යවතුන් වහන්සේට ඒ බව දැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ එ’කරුණින් දෙව්දත් ගෙන්වා කරුණු විමසා මෙසේ වදාළ හ.
“අලං, දෙවදත්‌ත. මා තෙ රුච්‌චි සඞ්‌ඝභෙදො. ගරුකො ඛො, දෙවදත්‌ත, සඞ්‌ඝභෙදො. යො ඛො, දෙවදත්‌ත, සමග්‌ගං සඞ්‌ඝං භින්‌දති, කප්‌පට්‌ඨිකං කිබ්‌බිසං පසවති, කප්‌පං නිරයම්‌හි පච්‌චති. යො ච ඛො, දෙවදත්‌ත, භින්‌නං සඞ්‌ඝං සමග්‌ගං කරොති, බ්‍රහ්‌මං පුඤ්‌ඤං පසවති, කප්‌පං සග්‌ගම්‌හි මොදති. අලං, දෙවදත්‌ත. මා තෙ රුච්‌චි සඞ්‌ඝභෙදො. ගරුකො ඛො, දෙවදත්‌ත, සඞ්‌ඝභෙදො’’
“දේවදත්තයෙනි, මෙසේ කිරීම නුසුදුසු ය. තොපට සඞ්ඝභේදය රිසි නො වේවා. දේවදත්තයෙනි, සඞ්ඝභේදය බරපතල පාපකර්මයෙකි. දේවදත්තයෙනි, යමෙක් සඞ්ඝයා බිඳුවාලයි නම් හෙතෙම කල්පස්ථායී පාපයක් රැස් කරයි. කල්පයක් නිරයෙහි පැසෙයි. දේවදත්තයෙනි, යමෙක් වනාහි භින්න වූ සඞ්ඝයා සමගි කරවන්නේ ද, හේ මහත් වූ පින් රුස් කෙරෙයි. කල්පයක් ස්වර්ගයෙහි සතුටු වෙයි. දේවදත්තයෙනි, එහෙයින් මෙය නුසුදුසු ය. තොපට සඞ්ඝභේදය රිසි නො වේවා. දේවදත්තයෙනි, මේ සඞ්ඝභේදය වනාහි ඒකාන්තයෙන් බරපතල පාපයෙකි.’’
එකල අනඳ තෙරණුවෝ රජගහනුවර පිඬුසිඟා වඩිති. දෙව්දත් තෙර, පිඬු පිණිස හැසිරෙන අනඳ තෙරුන් දුටුයේ ය. දැක, එළැඹ මෙසේ කීයේ ය. “අජ්‌ජතග්‌ගෙදානාහං, ආවුසො ආනන්‌ද, අඤ්‌ඤත්‍රෙව භගවතා, අඤ්‌ඤත්‍රෙව භික්‌ඛුසඞ්‌ඝා, උපොසථං කරිස්‌සාමි සඞ්‌ඝකම්‌මං කරිස්‌සාමී’’ : “ඇවැත් ආනන්දයෙනි, අදින් පසු මම භාග්‍යවතුන් වහන්සේගෙන් වෙන් ව ම, භික්ෂු සඞ්ඝයාගෙන් වෙන් ව ම පොහෝ කරන්නෙමි; සඞ්ඝකර්ම කරන්නෙමි’’යි කියා යි. පසු ව අනඳ තෙරැන් ඒ බව භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ, එ’පවත් දන්වා “භන්‌තෙ, දෙවදත්‌තො සඞ්‌ඝං භින්‌දිස්‌සතී’’ : “වහන්ස, දෙව්දත් තෙරණුවෝ අද සඞ්ඝයා භේද කරන්නාහ’’යි සැල කළා හ. එ’පවත් අසා භාග්‍යවත්හු “සුකරං සාධුනා සාධුං, සාධුං පාපෙන දුක්‌කරං; පාපං පාපෙන සුකරං, පාපමරියෙහි දුක්‌කරන්ති’’ : “හොඳ දේ වනාහි සත්පුරුෂයාට පහසුවෙන් කළ හැක්කකි. අසත්පුරුෂයාට හොඳ දේ කරනු ලෙහෙසි නො වේ. පවිටුන්ට පාපය ලෙහෙසින් කළ හැක්ක. ආර්යයන් හට පාපය කළ නො හැක්කේ ය’යි වදාළ හ.