සංක්ෂේපයෙන් කියත හොත් බාහිර වස්තු දානය ය, ආභ්‍යන්තරික වස්තු දානය යි ආමිස දානය දෙ වැදෑරුම් බව කිව යුතුය. ආහාර – පාන – වස්ත්‍ර – බෙහෙත් – කෙත් – වතු – රන් – රිදී – මුතු – මැණික් – මිල – මුදල් – ගේ – ඇඳ – පුටු – මේස – පැදුරු – කොට්ට – කැති – උදලු – නගුල් – වෑ – පොරෝ – පිහියා – මල් – සුවඳ – විලවුන් ආදී අවිඥානක වස්තූන් හා ඇත් අස්, මහිෂාදී සවිඥානක වස්තූන් ද දීම බාහිර දාන නම් වේ. ඇස් – ඉස් – මස් – ලේ ආදී තමාගේ ශරීරයේ කොටස් හා දාසත්වයට පැමිණීම් වශයෙන් සම්පූර්ණ ආත්ම භාවය ද දීම ආභ්‍යන්තරික වස්තු දාන නම් වේ.