Seelaya සීලය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දසබලධරස්ස චතුවේසාරජ්ජ විශාරදස්ස සබ්බසත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්ධස්ස !!!
භාග්යවත් වූ අරහත් වූ සියලු ධර්මයන්හි නොපැකිල ඥාන හැසිරීම සහිත වූ දසබලධාරී වූ චතුර්වෛශාරදත්ව විශාරද වූ සියලු සත්වයන්ට උත්තම වූ ධර්මයට ඊශ්වර වූ ධර්මරාජ වූ ධර්මස්සාමි වූ තථාගත වූ සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි !!!

02 සීලය

ගිහි සීලය

ප්‍රාණඝාතාදී පාප ක්‍රියාවලින් වැළකීම හා තථාගතයන් වහන්සේ විසින් පැණවූ සික පද රැකීම ද වත් පිළිවෙත් කිරීමද ශීලය ය. තවත් ක්‍රමයකින් කියතහොත් යම් ප්‍රතිපත්තියකින් කාය වාග් ද්වාර දෙක හා ආජීවය ශුද්ධය වේ නම් ඒ ප්‍රතිපත්ති ශීලයය.

ඒ ශීලය ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි බාල මහළු සෑම දෙනාටම සුදුසු ඇඳුමෙකි. උඩු සුළඟෙහි ද යන්නාවූ ස්වර්ගය තෙක් පැතිරෙන්නා වූ සුවඳකි. කෙලෙස් රෝගයට දිව්‍යොෂධයකි. කෙලෙස් නැමැති විෂයට දිව්‍ය මන්ත්‍රයකි. පව් නමැති කිලුටු සෝධා හරින්නා වූ දුක් ගිනි නිවන්න වූ ජලයෙකි. කෙලෙස් සතුරන්ට ඇතුළු විය නොහෙන බලකොටුවෙකි. මහා පිහිටකි. දෙව්ලොවට හීනෙකි. සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ගේ තීරණයෙකි. නිවනට පිවිසෙන දොරටුවෙකි.

ශීල පදාර්ථය ඇති විශාලය. එයට අයත් කරුණු බොහෝය. ඒ සියල්ල සැමටම රැකිය නොහෙන බැවින් ගිහිගෙයි වසනුවන්ට රැකිය හැකි වනු පිණිස ශීලාංග පස බැගින් ගෙන පංචශීලය හා බ්‍රහ්ම චරිය පංචශීලය නිර්මිතය.
ශීලාංග අට බැගින් ගෙන අෂ්ඨාංග ශීලය නිර්මිතය. ශීලාංග නවයකින් නවාංග ශීලය ද , ශීලාංග දශයකින් දශ ශීලය නිර්මිතය.

ගිහි සීලය යනුවෙන් හැඳින්වෙන්නේ බෞද්ධ උපාසක උපාසිකාවන්ගේ සීලයයි බෞද්ධ උපාසක උපාසිකාවන් අතර ගිහි සුදුවත් හඳිනා බ්‍රහ්මචාරී උපාසක උපාසිකාවන් ද ගිහි සුදුවත් හඳිනා කාමභෝගී උපාසක උපාසිකාවන් ද සිටි බව ත්‍රිපිටකයෙහි සඳහන් වේ ( දීඝ නිකාය – මහා පරිනිබ්බාන සූත්‍රය )

සිල් ඉල්ලන වාක්‍යය

ඕකාස අහං භන්තෙ තිසරණෙන සද්ධිං ….. ධම්මං යාචාමි, අනුග්ගහං කත්වා සීලං දෙථ මේ භන්තෙ, අනුකම්පං උපාදාය. දුතියම්පි අහං භන්තෙ, තිසරණෙන සද්ධිං ….. ධම්මං යාචාමි, අනුග්ගහං කත්වා සීලං දෙථ මෙ භන්තෙ, අනුකම්පං උපාදාය, තතියම්පි අහං භන්තෙ තිසරණෙන සද්ධිං…. ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දෙථ මෙ භන්තෙ, අනුකම්පං උපාදාය.

මේ වාක්‍යය කියා සිල් ඉල්ලීම කළ යුතු ය. මෙහි ඉඩ තබා තිබෙන තැන්වලට පන්සිල් ඉල්ලීමෙහි දී “පංච සීලං” ඉතිරි සිල් ඉල්ලීමේ දී අට්ඨාංග උපොසථ සීලං, නවාංග උපොසථ සීලං, දස සීලං” යන වචන සුදුසු පරිදි යොදා වාක්‍යය කිය යුතුය.

මෙම සීලයන් සමාදන් වීමේ දී පළමුව උතුම් වූ භාග්යවතුන් වහන්සේට තෙවරක් නමස්කාර කර තිසරණ සමාදන් වී තමා කැමති සීලය නිවැරදිව උච්චාරණය කර කියා සමාදන් විය යුතුය උපෝසථ සීලය සමාදන්ව පැය 24ක කාලයක් සිටීමෙන් පූර්ණ උපෝසථ සපිරෙයි පැය 24ක කාලයක් සිටීමට වීර්යය මඳ පුද්ගලයා විසින් අවම වශයෙන් පැය 12 ක කාලයක් එම උපෝසථ සීලය රැකිය යුතුය ලෙස අඩු කාලයක උපෝසථ සිල් රැකීමක් ත්රිපිටකයෙහි සඳහන් නොවේ

සිල් සමාදන්වීම

සිල් සමාදන් වීම ය යන්නෙහි තේරුම ආරක්ෂා කරනු සඳහා ශීලය පිළිගැනීමය. එය සමාදන් වන කල්හි භික්ෂූන් වහන්සේ කෙනෙකු ලවා සික පද කියවාගෙන සමාදන් විය යුතුය. සිල් සමාදන් වෙමින් කියා භික්ෂූන් වහන්සේ කියවන පරිදි සික පද කීයේද රක්ෂා කිරීමේ බලාපොරොත්තුව නැතිව කියන්නා ශීලයෙහි නොපිහිටන්නේය. ශීලය නොපිළිගත් බැවින්, සිල් සමාදන්වීමට භික්ෂුවක් නැති කල්හි සිල් සමාදන් කරවන්නට දත් අයෙකු ගෙන් ද සමාදන් විය හැකිය. තෙ මේ ම සික පද කියා සමාදන් වූවා ටද වරදෙක් නැත. සික පද කියන්නට පාඩම් නැතිනම් මම බුදුන් වහන්සේ විසින් පනවන ලද මෙනම් ශීලය සමාදන්වෙමියි අධිෂ්ඨාන කර ගත යුතුය . යම් කිසි වරදක් සිදුවී ශීලය බිඳුනුහොත් නැවත සමාදන් විය යුතුය නොබිඳුනුහොත් නැවත සමාදන්වීමට උවමනා නැත. එහෙත් නැවත නැවත සමාදන් වීමෙන් පිනක් මිස වරදක් නොවේ.

සිල් රැකිය යුතු ආකාරය

ශීලය සමාදන් වී නො රැකිය හොත් එහි ඇති වටිනාකමාක් නැත. සමාදන් වූ ශීලය එක් ඇසක් ඇති තැනැත්තා ඇස ආරක්ෂා කරන්නාක් මෙන් ද, එක් දරුවකු ඇති මව දරුවා රක්නාක් මෙන් ද ඉතා ආදරයෙන් රක්‍ෂා කළ යුතුය. ලාභයක් හෝ අලාභයක් නිසා හෝ කෙනකු සතුටු කිරීමට හෝ අඹු දරුවන් නිසා හෝ ශීලය නො බිඳිය යුතුය. නුවණැත්තෝ ජීවිතය නිසා ද සිල් නො බිඳිති.

පෙර මේ ලක්දිව උතුරු වඩුන්නාව නමැති ගම විසූ එක්තරා ගොවියෙක් අඹරැළි වෙහෙර වෙසෙන පිංගල බුද්ධරක්ඛිත තෙරුන් වහන්සේගෙන් පන්සිල් සමාදන් වී හැසිරෙනුයේ වනයෙහි දී පිඹුරකු විසින් වෙළා ගත් කල්හි වේදනා බලවත් වන විට පිඹුරා මරන්නට සිත් වන බැවින් එයින් වළකිනු සඳහා අත තුබූ කැත්ත දුරට වීසි කෙළේය. එකෙණෙහි පිඹුරා ද ඔහු හැර ගියේය.

පෙර මේ ලක්දිව විසූ ධම්මිකතිස්ස නොහොත් සද්ධාතිස්ස නම් වූ රජතුමා වටුමස් කෑමට ආශාව ඇති වී ඒ බව අනෙකකුට කිවහොත් තමා නිසා වටුවන් මරතියි යන බියෙන් තුන් අවුරුද්දක් ඉවසා සිටියේය.

ඒ රජතුමාගේ කාලයේ විසූ තිස්ස නම් අමාත්‍ය පුත්‍ර‍යා රාජාඥාවෙන් වධක ස්ථානයට ගෙන ගොස් දංගෙඩිය මත නිදි කරවා, මේ කුකුළා මරා පිසූ මසින් රජ්ජුරුවන්ට උපස්ථාන නො කරත හොත් තාගේ හිස සිඳිමි’යි කියා රාජ පුරුෂයන් විසින් කුකුළකු ඔහු අතට දුන් කල්හි ඒ කුකුළා අතට ගෙන ‘මාගේ දිවි තට පුදමි. තාගේ දිවි මම ගනිමි’ යි කියා කුකුළා මුදා හැර ප්‍රාණඝාතයෙන් වැළකී ඒ වෙනුවට මරණීයදණ්ඩනය ද පිළිගත්තේ ය. මෙ බඳු උතුමන්ගේ චරිත ආදර්ශයට ගෙන නොකඩ කොට සිල් රැකීමට උත්සාහ කරත්වා.

තිසරණ සරණ යෑම

01 බුද්ධං සරණං ගච්ඡාමි
02 ධම්මං සරණං ගච්ඡාමි
03 සංඝං සරණං ගච්ඡාමි
04 දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
05 දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
06 දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි
07 තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
08 තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
09 තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.

මේ තිසරණය සමාදන් වන ක්‍ර‍මය යි. සියලු සිල්ම සමාදන් වීමේදී පළමුකොට තිසරණය සමාදන් විය යුතු ය. එබැවින් මතු දැක්වෙන සියලු ශීලයන්ට ම මෙය යොදා ගත යුතු ය. මේ වාක්‍යවල තේරුම අංක පිළිවෙළින් දක්වනු ලැබේ.

01 සකල ධර්ම සමූහය තත්ත්වාකාරයෙන් දැන වදාළා වූ බුදුන් වහන්සේ උතුම් පිහිටක් කොට සේවනය කරමි.
02 පර්‍ය්‍යාප්ති ධර්මය සහිත වූ නව ලෝකෝත්තර ධර්මය උතුම් පිහිටක් කොට සේවනය කරමි.
03 කල්‍යාණ පෘථග්ජනයා සහිත අෂ්ටාර්‍ය්‍ය පුද්ගල මහා සංඝරත්නය උතුම් පිහිටක් කොට සේවනය කරමි.

දුතියම්පි යන්නෙහි තේරුම දෙවනුව ද යනුයි. තතියම්පි යන්නෙහි තේරුම තුන් වනුව ද යනුයි.

පංච සීලය

සික පද පස

01 පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
02 අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
03 කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
04 මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
05 සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

තේරුම :

01 ප්‍රාණඝාතයෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.
02 අදත්තාදානයෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි.
03 කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි.
04 බොරු කීමෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි.
05 මදයට ප්‍ර‍මාදයට හේතු වන සුරාමේරය පානයෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි.

ආදිබ්‍රහ්මචරියක පංච සීලය

01 පාණාතිපාතා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
02 අදින්නාදානා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
03 අබ්‍රහ්මචරියා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
04 මුසාවාදා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.
05 සුරාමේරය මජ්ජපමාදට්ඨානා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.

අබ්‍ර‍හ්ම චර්‍ය්‍යාව ය යි කියනු ලබන කාමසුඛාස්වාදය වනාහි ඒ සුඛය පිළිබඳ වූ ලෝභය හා එහි ආදීනව පක්‍ෂය වසන්නා වූ මෝහයත් නිසා සත්ත්වයන් විසින් උතුම් කොට සලකන නමුත් තථාගතයන් වහන්සේගේ දර්ශනයේ සැටියට නම් එය නිස්සාර වූ බොහෝ දුක්වලට හේතු වන්නා වූ දෙයකි. ඒ කාම සුඛය ස්වප්නයක් බඳු බව ද, ණයට ගත් දෙයක් බඳු බව ද, මස් නැති ඇට කැබෙල්ලක් බඳු බව ද, සර්ප හිසක් බඳු බව ද, තණ සුලක් බඳු බව ද, මස් කපන කොටයක් බඳු බව ද, මස් කපන පිහියක් බඳු බව ද, බුදුන් වහන්සේ වදාළ සේක.

“අබ්‍ර‍හ්මචරියං පරිවජ්ජයෙය්‍ය
අංගාර කාසුං ජලිතංව විඤ්ඤූ”

යනුවෙන් දිලිසෙන ගිනි අඟුරු වළක් මෙන් නුවණැත්තේ අබ්‍ර‍හ්මචර්‍ය්‍යාව හරනේ ය යි වදාළ සේක.

අබ්‍ර‍හ්මචර්‍ය්‍යාවෙන් වැළකී සිටීමේ අනුසස් බොහෝ ය. අබ්‍ර‍හ්මචර්‍ය්‍යාව නිසා විඳින්නට වන දහස් ගණන් දුක් කරදරවලින් මිදෙන බව ද, නිරෝගී වන බව ද, වහා ජරාවට නො පැමිණෙන බව ද, දීර්ඝ කාලයක් ජීවත් විය හැකි බව ද, සිහි නුවණ වැඩීම ද, තේජස වැඩීම ද, ඉන්ද්‍රිය ශක්තිය හා කාය ශක්තිය ද, වර්ණය කල් පවත්නා බව ද, මරණින් මතු ස්වර්ගගාමී විය හැකි බව ද, බ්‍ර‍හ්මචර්‍ය්‍යාවේ ආනිසංසයෝ ය. මෙසේ බොහෝ අනුසස් ඇති බැවින් ගිහියන් විසින් ද රැකිය හැකි නම් බ්‍ර‍හ්මචර්‍ය්‍යාව රක්නට වටනේ ය. එය රැකිය හැකියවුන් විසින් නිත්‍යශීලය වශයෙන් බ්‍ර‍හ්මචර්‍ය්‍ය පඤ්චශීලය රක්ෂා කළ යුතු ය. බ්‍ර‍හ්මචර්‍ය්‍ය ශීලය සමාදන් වන්නහු විසින් සාමාන්‍ය පඤ්චශීලයේ තුන් වන සික පදය හැර එය වෙනුවට “අබ්‍ර‍හ්මචරියා වෙරමණී සික්ඛාපදං සමාදියාමි” යන්න යොදා ගෙන සමාදන් විය යුතුය.

අෂ්ටාංග ශීලය

අරුණෝදයේ පටන් හිරු මුදුනට පැමිණීම දක්වා කාලය බුද්ධාදීන් විසින් අහර වළඳන කාලය යි. හිරු මුදුනට පැමිණි තැන් පටන් අරුණෝදය දක්වා කාලය බුද්ධාදීන් විසින් අහර නො ගන්නා කාලය වූ විකාලය ය. හෙවත් නො කාලය ය. ආහාර වශයෙන් ගන්නා දෙයක්, යටත් පිරිසෙයින් එක බත් හුලක් වුව ද නො කල්හි උගුරෙන් එතරට කිරීමෙන් සවන සික පදය බිඳෙන්නේ ය.

උච්චාසයන යනු මධ්‍යම පුරුෂයාගේ අතින් රියනකට වඩා උස් වූ පා ඇති අසුන් ය. මෙ කල උච්චාසයන භාවිතයක් දක්නට නැත. මහාසයන යනු බොහෝ සුව ගෙන දෙන්නා වූ ආසනයෝ ය. මහා සයනයට අයත් වන අසුන් බොහෝ ගණනක් විනයෙහි දක්වා තිබේ. ඒවායින් බොහෝ වක් මෙකල භාවිත කරන අසුන් නො වේ.

නමස්කාර පාඨය තෙවරක් කියා තිසරණය සමාදන් ව මතු දැක්වෙන සික පද අට කියා අෂ්ටාංගශීලය සමාදන් විය යුතුය.

02 අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
03 අබ්‍ර‍හ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

06 විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
07 නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලෙපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
08 උච්චාසයනමහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

සිකපදවල තේරුම

02 හිමියන් විසින් නුදුන් අන් සතු දෑ සොර සිතින් ගැනීමෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.
03 අබ්‍ර‍හ්මචරියා නම් ස්ත්‍රී පුරුෂයන්ගේ ලාමක හැසිරීමෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.
04 බොරු කීමෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.
05 මදයට හා ප්‍ර‍මාදයට හේතු වන සුරා මේරය පානයෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.
06 නො කල්හි අහර වැළඳීමෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.
07 බුදුන් වහන්සේගේ අනුශාසනයට පටහැනි වූ නැටුම් ගැයුම් වැයුම් කිරීමෙන් හා කරවීමෙන් ද, බැලීමෙන් හා ඇසීමෙන් ද, මල් ගඳ විලවුන් දැරීමෙන් ද, ඒවායින් සිරුරේ අඩු තැන්
පිරවීමෙන් ද, සම පැහැපත් කිරීමෙන් ද වැළකීම වූ සික පදය සමාදන් වෙමි.
08 උසසුන් මහසුන්වල හිඳීමෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.

අටසිල් සමාදන් වන්නවුන් විසින් පිළිපැදිය යුතු ආකාරය

පොහෝ දිනයන්හි උදෑසනින් නැගිට ශරීරය පිරිසිදු කර ගෙන අහර වළඳා සුදු වත්හැඳ පොරවා සිල් සමාදන් විය යුතු ය. සුදුවත් නැති කල්හි තමාට ඇති පිරිසිදු වතක් හැඳ සිල් සමාදන් වූවාට වරදක් නැත. පෙරවන්නට වතක් නැතිනම් නො පොරවා සිල් සමාදන් වූවාට ද වරදක් නැත. සිල් සමාදන් වීමෙන් පසු සුවඳ මල් ආදිය ඇතිනම් ඒවා පුදා තුනුරුවන් වැඳීම කළ යුතු ය. මල් ආදිය නැති කල්හි වන්දනාව පමණක් වුව ද කළ යුතුය. ඉක්බිති විවේක ස්ථානයකට එළඹ තමා සමාදන් වූ ශීලය සිකපදයක් පාසා මෙනෙහි කොට ප්‍රීතිය උපදවා ගත යුතුය. ඉක්බිති භාවනා කිරීමෙන් හෝ බණ ඇසීම බණ කීම බණ පොත්පත් කියවීම යන මේවායින් යම් කිසිවක් කරමින් කල් යවා දවල් දානය ගන්නා වෙලාව පැමිණි කල්හි ආහාරය සැපයෙන තැනකට ගොස් සන්සුන් ව ආහාර කිස කොට නිමවා, ක්ලාන්ත ගතිය ඇතිනම් ඇසිල්ලක් සැතපී නැගිට පෙර සේ ම රත්නත්‍ර‍ය වැඳ පුදා, විවේක ස්ථානයකට එළඹ ශීලය මෙනෙහි කොට භාවනා කිරීම් ආදියෙහි යෙදී සවස් වූ පසු කැමති නම් තවත් වරක් සිල් සමාදන් වී රාත්‍රී කාලය ද භාවනා කිරීම් ආදියෙන් හැකි තාක් කාලය ගත කොට සැතපී පසු දින තුනුරුවන් වැඳ පුදා දෙවියන්ට හා මිය ගිය ඤාතීන්ට ද සියලු සත්ත්වයන්ට ද පින් පෙත් දී තෙමේ ද යම් කිසි ප්‍රාර්ථනයක් කොට සිල් පවාරණය කළ යුතු ය.

පිනක් කළ කල්හි කෙලෙස් වැඩීමට හේතු නොවන සසර දික් වීමට හේතු නො වන යම් කිසි ප්‍රාර්ථනයක් කළ යුතු ය. “ඉජ්ඣති භික්ඛවෙ! සීලවතො චෙතො පණිධි විසුද්ධත්තා” යි වදාළ පරිදි ප්‍රාර්ථනය සිදු වන්නේ ද සිල්වතාට ම ය. දුශ්ශීලත්වය ප්‍රාර්ථනය සිදු වීමට බාධාවෙකි.

ජලයෙහි පියවි ඇසට නො පෙනෙන කුඩා සතුන් සමහර විට සිටිය හැකි බැවින් සිල් සමාදන්ව සිටින කාලයේ දී පැන් පෙරා පරිභෝගයට ගත යුතු ය. අනුන් අයිති තණ පතක් පමණ දෙයකුදු හිමියන්ගෙන් නො විචාරා නො ගත යුතු ය. බ්‍ර‍හ්මචරියාව පිරිසිදු වනු පිණිස ඖදාරික මෛථුනයෙන් පමණක් නො ව සප්ත මෛථුනයෙන් ම වැළකී විසිය යුතු ය. කතා කරත හොත් සිල් රකිනවුන් විසින් හළ යුතු දෙතිස් කථාවට අයත් නො වන දැහැමි කතාවක් ම කළ යුතු ය. ඉර මුදුනට එන්නට මත්තෙන් අහර වළඳා මුව පිරිසිදු කර ගත යුතු ය. නැටුම් නො බැලිය යුතු ය. ගීත නාද තූර්‍ය්‍ය නාද නො ඇසිය යුතුය. ඒවායින් සිල් බිඳෙන්නේ ඕනෑ කමින් බැලීම හා ඇසීම කිරීමෙනි. තමා අන් කරුණක් සඳහා යන කල්හි අතර මග දී මුණ ගැසීමෙන් හෝ තමා ඉදිරියට ඇවිත් නටන කල්හි දැකීමෙන් හෝ ශීලය නො බිඳේ. ගැයුම් වැයුම් පිළිබඳව ශීල භේදය වන සැටි ද ඒ නියායෙන් තේරුම් ගත යුතු ය. සුවඳ ඇඟ ගැල්වීම මල් පැළඳීම නො කළ යුතු ය. රන් රිදී ආභරණ ද මල් සංඛ්‍යාවෙහි ලා සැලකිය යුතුය. එක් රියන් හමාරකට වඩා උස් පා ඇති අසුන්වල නො හිඳිය යුතුය. පුළුන් පුරවා කුෂන් කළ ඇඳ පුටුවල ද පුළුන් මෙට්ටවල ගුදිරිවල ද නො හිඳිය යුතු ය. සතුන්ගේ පා වැනි විසිතුරු පා ඇති අසුන්වල නො හිඳිය යුතු ය. ඇවිදීම අඩු කොට විවේක ස්ථානවල විසිය යුතුය.

උපෝසථ නවාංග සීලය

උපෝසථ නවාංග සීලය

  1. පාණාතිපාතා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.

  2. අදින්නාදානා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.

  3. අබ්‍රහ්මචරියා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.

  4. මුසාවාදා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.

  5. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.

  6. විකාල භොජනා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.

  7. නච්ච ගීත වාදිත විසූකදස්සන මාලා ගන්ධවිලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.

  8. උච්චාසයන මහාසයනා වෙරමණි සික්ඛාපදං සමාදියාමි.

  9. සබ්බ සත්තෙසු මෙත්තා සහගතෙන චෙතසා විහරණං සමාදියාමි.

උපෝසථ දසාංග සීලය / දස සිල්

අඞ්ග දහයක් ඇති ශීලය දස ශීලය යි. එය පොහෝ දිනයන්හි රක්නා ශීලයක් සැටියට හා නිත්‍ය ශීලයක් වශයෙන් ද රැකිය හැකි ය. එහි සිකපද මෙසේ ය.

07 නච්ච ගීත වාදිත විසූක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
08 මාලා ගන්ධ විලෙපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
09 උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
10 ජාත රූප රජත පටිග්ගහණා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

මේ සික පදවල තේරුම අෂ්ටාංග ශීලය දැක්වීමේ දී දක්වන ලදි. අෂ්ටාංග ශීලයේ සත්වන සික පදය මෙහි සික පද දෙකක් වශයෙන් ගෙන තිබේ. දස වන පදයේ තේරුම, රන් රිදී හා ඒවා වෙනුවට පාවිච්චි කරන මිල මුදල් පිළිගැනීමෙන් ද වැළකීම වූ සිකපදය සමාදන් වෙමිය යනුයි. මේ ශීලය රක්නවුන් විසින් මුදල් පරිහරණය නො කළ යුතු ය.

Tab 2

සිල් සමාදන් වූවන් විසින් හළ යුතු දෙතිස්කථාව

(1) රජුන් පිළිබඳ කථා ය,
(2) සොරුන් පිළිබඳ කථා ය,
(3) රජ ඇමතියන් පිළිබඳ කථා ය,
(4) සේනා පිළිබඳ කථා ය,
(5) භය පිළිබඳ කථා ය,
(6) යුද්ධ කථා ය,
(7) කෑම පිළිබඳ කථා ය,
(8) බීම පිළිබඳ කථා ය,
(9) ඇඳුම් පිළිබඳ කථා ය,
(10) යහන් පිළිබඳ කථා ය,
(11) මල් මාලා පිළිබඳ කථා ය,

(12) සුවඳ පිළිබඳ කථා ය,
(13) නෑයන් පිළිබඳ කථා ය,
(14) රථ වාහන පිළිබඳ කථා ය,
(15) ගම් පිළිබඳ කථා ය,
(16) නියම් ගම් පිළිබඳ කථා ය,
(17) නගර පිළිබඳ කථා ය,
(18) ජන පද පිළිබඳ කථා ය,
(19) ස්ත්‍රීන් පිළිබඳ කථා ය,
(20) ශූරයන් පිළිබඳ කථා ය,
(21) වීථි පිළිබඳ කථා ය,
(22) වැව් පොකුණු ආදි ජල ස්ථාන පිළිබඳ කථා ය,

(23) මියගිය නෑයන් පිළිබඳ කථා ය,
(24) නො කියවුණු නොයෙක් දේ පිළිබඳ නිර්ථක කථා ය,
(25) විතණ්ඩ කථා නම් නුවණැතියන්ගේ සිත් තැළෙන කථා ය,
(26) මුහුද පිළිබඳ කථා ය,
(27) ශාස්වත වාදය පිළිබඳ කථා ය,
(28) උච්ඡේද වාදය පිළිබඳ කථා ය,
(29) දියුණුව පිළිබඳ කථා ය,
(30) පිරිහීම පිළිබඳ කථා ය,
(31) පස්කම් සැප පිළිබඳ කථා ය,
(32) ආත්ම පෙළීම පිළිබඳ කථා

ශීලය මෙනෙහි කරන ක්‍ර‍මය

01 රහතන් වහන්සේලා දිවි හිමියෙන් ප්‍රාණඝාතයෙන් වැළකී සියලු සතුන් කෙරෙහි අනුකම්පා සහගත සිතින් වාසය කරන්නාහ. මම ද අද ප්‍රාණඝාතයෙන් වෙන්ව සියලු සතුන්
කෙරෙහි අනුකම්පා සහගත සිතින් රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.
02 රහතන් වහන්සේලා දිවි හිමියෙන් සොරකමින් වෙන්ව ඇද නැති පිරිසිදු සිතින් වාසය කරන්නාහ. මම ද අද සොරකමින් වෙන් ව ඇද නැති පිරිසිදු සිතින් රහතන් වහන්සේලා
අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.
03 රහතන් වහන්සේලා දිවි හිමියෙන් ස්ත්‍රී පුරුෂයන්ගේ ලාමක හැසිරීමෙන් වෙන්ව පිරිසිදුව වාසය කරන්නාහ. මම ද අද ස්ත්‍රී පුරුෂයන්ගේ ලාමක හැසිරීමෙන් වෙන්ව රහතන්
වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.
04 රහතන් වහන්සේලා දිවි හිමියෙන් බොරු කීමෙන් වැළකී සෑම තැනදී ම සත්‍යය පාවිච්චි කරමින් අවංක ව වාසය කරන්නාහ. මම ද අද බොරු කීමෙන් වෙන් ව රහතන්
වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.
05 රහතන් වහන්සේලා දිවි හිමියෙන් සුරාමේරය පානයෙන් වෙන්ව වාසය කරන්නාහුය. මම ද අද සුරාමේරය පානය හැර රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා
විසින් කරන ලද්දක් කරමි.
06 රහතන් වහන්සේලා දිවි හිමියෙන් නො කල්හි අහර වැළඳීමෙන් වෙන්ව වාසය කරන්නාහු ය. මම ද අද නො කල්හි ආහාර වැළඳීමෙන් වෙන් වී රහතන් වහන්සේලා අනුව
හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.
07 රහතන් වහන්සේලා දිවි හිමියෙන් කුශල පක්ෂයට පටහැනි වූ නැටුම් ගැයුම් වැයුම් ආදිය කිරීමෙන් ද කරවීමෙන් ද බැලීමෙන් හා ඇසීමෙන ද මල් පැළඳීමෙන් ද සුවඳවලින් හා
විලවුන්වලින් ශරීරය සුවඳ කිරීමෙන් ද වර්ණවත් කිරීමෙන් ද අඩු තැන් පුරවා සැරසීමෙන් ද වැළකී සිටින්නාහු ය. මම ද අද එසේ රහතන් වහන්සේලාට අනුව පිළිපදිමි. රහතන්
වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.
08 රහතන් වහන්සේලා දිවි හිමියෙන් උසසුන් මහසුන් පරිභෝගයෙන් වැළකී සිටින්නාහ. මම ද අද උසසුන් මහසුන් පරිභෝගයෙන් වෙන් ව රහතන් වහන්සේලා අනුව හැසිරෙමි.
රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.
මෙසේ සික පදයක් පාසා මෙනෙහි කරනු. මෙසේ මෙනෙහි කිරීමෙන් ශීලමය කුශල රාශියක් සිදුවේ

සිල් රැකීමේ අනුසස්

“පඤ්චිමේ භික්ඛවේ! ආනිසංසා සීලවතො සීල සම්පදාය. කතමේ පඤ්ච? ඉධ භික්ඛවෙ සීලවා සීල සම්පන්නො අප්පමාදාධිකරණං මහන්තං භොගක්ඛන්ධං අධිගච්ඡති. අයං භික්ඛවෙ පඨමො ආනිසංසො සීලවතො සීලසම්පදාය. පුන ච පරං භික්ඛවෙ සීලවතො සීල සම්පදාය කල්‍යාණො කිත්ති සද්දො අබ්භූග්ගච්ඡති. අයං භික්ඛවෙ දුතියො ආනිසංසො සීලවතො සීල සම්පදාය. පුන ච පරං භික්ඛවෙ සීලවා සීලසම්පන්නො යඤ්ඤදෙව පරිසං උපසඞ්කමති යදි ඛත්තිය පරිසං වා යදි බ්‍රාහ්මණ පරිසං වා යදි ගහපති පරිසං වා යදි සමණ පරිසං වා විසාරදො උපසඞ්කමති අමඞ්කුභූතො, අයං තතියෝ ආනිසංසො සීලවතො සීලසම්පදාය. පුන ච පරං භික්ඛවෙ සීලවා සීල සම්පන්නො අසම්මූළ්හො කාලං කරොති. අයං භික්ඛවෙ චතුත්ථො ආනිසංසො සීලවතො සීල සම්පදාය, පුන ච පරං භික්ඛවෙ සීලවා සීලසම්පන්නො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති. අයං භික්ඛවෙ පඤ්චමෝ ආනිසංසෝ සීලවතෝ සීල සම්පදාය.”

මෙයින් ශීලයෙන් ලැබෙන අනුසස් පසක් ප්‍ර‍කාශිත ය.
01 මහත් වූ භෝගස්කන්ධයක් ලැබිය හැකි බව
02 යහපත් කීර්තියක් ඇති වන බව
03 ඕනෑම පිරිසකට නිර්භීත ව යා හැකි බව
04 නො මුළා වී කාල ක්‍රියා කරන බව
05 මරණින් මතු ස්වර්ගයට පැමිණෙන බව යන මේ පස එයින් ප්‍ර‍කාශිත ශීලානිසංසයෝ ය.

සාසනෙ කුල පුත්තානං – පතිට්ඨා නත්ථි යං විනා

ආනිසංස පරිච්ඡේදං – තස්ස සීලස්ස කො වදෙ.

මේ ශාසනයෙහි කුල පුත්‍ර‍යනට ශීලය හැර අන් පිහිටෙක් නැත. ඒ ශීලයාගේ ආනිසංස පරිච්ඡේදය කවරෙක් කීමට සමත් වේද? කිසිවෙක් සමත් නොවේ ය යනු මෙහි අදහස ය. ශීලයෙන් කිය නොහෙන තරමේ අනුසසක් ලැබෙන බව එයින් ප්‍ර‍කාශිත ය. කෙටියෙන් කියත හොත් සකල ලෞකික ලෝකෝත්තර සම්පත්තිය ම ශීලයෙන් ලැබෙන බව කිය යුතු ය.

ධුතාඞ්ග සමාදන් වීමේ පිළිවෙළ

සිල් රක්නා පින්වතුන්ට වැඩි දුරටත් අල්පේච්ඡතාදි ගුණ දියුණු කර නිවන් ළංකර ගැනීමට ධුතාංගයෝ උපකාරක වෙති. ධුතාංග තෙළෙසකි. ඒ සියල්ල ම රැකිය හැක්කේ පැවිද්දන් විසිනි. ඒකාසනිකාංගය, පත්ත පිණ්ඩිකාංගය යන දෙක උපාසකෝපාසිකාවන්ට ද රැකිය හැකිය. වැඩි දුරටත් ගුණදම් පුරුදු කරනු කැමති පින්වතුන් විසින් සිල් සමාදන් වීමෙන් පමණක් නො නැවතී සිල් සමාදන් වන දිනයන්හි ඒකාසනිකාංග, පත්තපිණ්ඩිකාඞ්ග දෙකින් එකක් හෝ දෙකම හෝ සමාදන් වී රක්ෂා කිරීම ද මැනවි. ඒකාසනිකාංගය සමාදන් වන්නේ මෙසේ ය. උදෑසන යම්කිසි ආහාරයක් නො වළඳා සිල් සමාදන් වී “නානාසන භෝජනං පටික්ඛිපාමි, එකාසනිකංගං සමාදියාමි” යන වාක්‍යය තුන් වරක් කියා හෝ සිතා හෝ ඒකාසනිකාංගය සමාදන් විය යුතු ය. නොයෙක් ඉඳුම්වලින් ආහාර වැළඳීම අතහරිමි, එක් හිඳීමකින් වළඳන්නා වූ අංගය සමාදන් වෙමිය’ යනු එහි තේරුම යි. මෙහි නානාසනය යි කියනුයේ නොයෙක් වර හිඳ ගන්නා හිඳුම්වලට ය. ඒකාසනය යි කියනුයේ එක්වර හිඳ ගැනීමට ය. මෙය සමාදන් වූ තැනැත්තා විසින් එක් වරකට ම මුළු දවසට ම සෑහෙන ආහාර වැළඳිය යුතු ය. එදින නැවතත් ආහාරයක් ගතහොත් ධුතාංගය බිඳේ. ගිලන්පස වැළඳුවාට වරදක් නැත.

‘දුතියක භාජනං පටික්ඛිපාමි, පත්තපිණ්ඩිකංගං සමාදියාමි’ යන වැකිය තුන් වරක් කියා හෝ සිතා පත්තපිණ්ඩිකාංගය සමාදන් විය යුතුය. ‘දෙවන භාජන ප්‍ර‍තික්ෂේප කරමි. පත්තපිණ්ඩිකාංගය සමාදන් වෙමිය’ යනු එහි තේරුම ය. මෙය රක්නා තැනැත්තා විසින් වළඳන අහර සියල්ල ම එකවර එක් භාජනයකට ගෙන වැළඳිය යුතුය. මිශ්‍ර‍ වූ කල්හි වැළඳිය නොහෙන ආහාරයක් වේ නම් එය වළඳන භාජනයට ගෙන පළමු ව හෝ පසුව වැළඳිය යුතු ය. දෙවන භාජනයක් වශයෙන් කෙසෙල් පතකුදු ගතහොත්, ධුතාංගය බිඳේ. ආහාරය පිළිගන්නා කල්හි ද පමණ ඉක්මවා නො ගෙන සෑහෙන පමණට පිළිගත යුතු ය. මේ ධුතාංග දෙක ම එකවර සමාදන් වී රැකිය හැකි ය.

සප්ත මෛථුනය

සප්ත මෛථුනය

01 ස්ත්‍රීන් විසින් කරන නෑවීම් ඇඟ ඉලීම් අත්පා පිරිමැදීම් ආදිය පිළිගැනීම ඒවාට සතුටු වීම.
02 ස්ත්‍රීන් හා කෙළි කවටකම් කිරීම ඔවුන්ගේ ඇඟේ සැපෙමින් ක්‍රීඩා කිරීම ඔවුන් හා මහත් කොට සිනාසීම යන මේවායින් සතුටු වීම.
03 ස්ත්‍රීන්ගේ රූපය බල බලා සතුටු වීම.
04 ස්ත්‍රීන්ගේ හඬ අසමින් සතුටු වීම.
05 පෙර ස්ත්‍රීන් හා කළ කෙලි සිනා ආදිය සිහි කරමින් සතුටු වීම.
06 පස් කම් සැප විඳින්නා වූ අන්‍යන්ගේ සම්පත් බලා සතුටු වීම.
07 රක්නා වූ මේ ශීලයෙන් දෙවියෙක් වෙම්වායි පතා ඒ දිව්‍ය සම්පත්තියට සතුටු වීම, ලෝභ කිරීම.

මේ කරුණු සතට සප්ත මෛථුනය යි කියනු ලැබේ. මෙය පුරුෂ පක්ෂයට ගැලපෙන සැටියට දක්වන ලද්දකි. ස්ත්‍රීන්ගේ සප්ත මෛථුනය ද පුරුෂයන්ගේ වශයෙන් කිය යුතුය. ඖදාරික මෛථුනයෙන් වැළකුණේ ද මේ කරුණුවලින් නො වැළකෙන තැනැත්තාගේ බ්‍ර‍හ්මචර්‍ය්‍යාව අපරිශුද්ධය.

අෂ්ට පානය

පානයන් අතුරෙන් අෂ්ටපානය හා එයට සමාන වන කුඩා ඵලවලින් කරන ලද පානයක් ද භික්ෂූන් වහන්සේලාට විකාලයෙහි ද දිය හැකිය. භික්ෂූන් වහන්සේලාට විකාලයෙහි කැප වූ පාන වර්ගවලට ගිලන්පස යයි ද කියති. අෂ්ට පානය යනු

01 අම්බ පානය
02 ජම්බු පානය
03 චෝච පානය
04 මෝච පානය
05 මධු පානය
06 මුද්දික පානය
07 සාලුක පානය
08 ඵාරුසක පානය

මේ පානයන් භික්ෂූන්ට විකාලයෙහි කැප වන්නේ ඇල් පැනින් හෝ හිරු රැසින් කකාරවා හෝ කළ ඒවා පමණකි. ගින්නෙන් පැසවා කරන ලද්ද කාලයෙහි මිස විකාලයෙහි කැප නො වේ. එහි අම්බ පානය යනු ඉදුණු අඹ ඇල් පැනින් මැඩ පෙරා සීනි සකුරු ආදිය මුසු කොට කරන ලද්දා වූ ද, අමු අඹ කුඩා කැබලිවලට කපා සීනි ආදිය හා ඇල් දියෙහි ලා හිරු රැසින් කකාරා කරන ලද්දා වූ ද පානය යි. ජම්බු පානය යනු දඹපල (ඉදුණු ජම්බුගෙඩි) ඇල් පැනින් මැඩ සීනි සකුරු ආදිය යොදා කළ පානය ය. චෝච පානය යනු ඉදුණු ඇටිකෙසෙල් ගෙඩි ඇල් දියෙන් මැඩ කළ පානය ය. මධු පානය යනු අමු මිදි පල ඇල් පැනින් මැඩ කළ පානය ය. මුද්දික පානය යනු වියළි මුදරප්පලම් ඇල් පැනින් මැඩ කළ පානය ය. සාලුක පානය යනු හෝලු ගෙඩි ඇල් පැනින් මැඩ කළ පානය ය. ඵාරුසක පානය යනු බොරලු දමනු (මසන්ගෙඩි) ඇල් පැනින් මැඩ කළ පානය ය. මෙසේ ම දෙහි දොඩම් සියඹලා ආදි කුඩා ඵලවලින් කළ පානය ද විකාලයෙහි කැප ය.

සුරාපානය

මත්කොට මනුෂ්‍යයාගේ ප්‍ර‍කෘති ස්වභාවය නැති කරන්නා වූ රා අරක්කු ආදි පාන වර්ග බීම ද, දුම්වර්ග බීම ද, කෑම වර්ග කෑම ද යන මේ සියල්ල සුරාපානකර්මයට අයත් ය. මෙය සත්ත්වයන්ගේ දෙලෝ වැඩ නසන්නා වූ මහත් අනර්ථකාරී වූ කර්මයකි. සුරාවෙන් මත් වූ කල්හි සත්ත්වයා පිස්සකු වැනි වේ. සුරාපානය නිසා ස්වකීය සිත කය දෙක හසුරඅවා ගැනීමේ ශක්තිය ඔහු කෙරෙන් තුරන් වේ. එ බැවින් මත්වූයේ ජනයා මැද නො සරුප් බස් බිණීම්, ගී කීම්, නැටීම්, නග්න ව හැසිරීම් ආදිය කොට ජනයාගේ පිළිකුලට භාජන වේ. සමහර විට ක්ලාන්ත වී තැන තැන වැටෙයි. සමහර විට ගත් ආහාරය වමනය කරයි. සමහර විට දුටුවන් හා කලහයට එයි. ස්වකීය අඹු දරුවන්ට පවා නොයෙක් විට හිරිහැර කරයි. ස්වකීය භාණ්ඩ විනාශ කර ගනී, නො ලැබූ දෑ ලබා ගැනීමේදී ද ලැබූ වස්තුව ආරක්ෂා කර ගැනීමේ ද ඥානය ඔහු කෙරෙන් තුරන් වේ. එ බැවින් හේ දිළින්දකු නම් දිළිඳු බවින් නඟින්නට නො සමත් වේ. පොහොසතකු නම් වස්තු භංගත්වයට පැමිණ දිළිඳු වේ. සුරාව අධික කොට පානය කිරීමෙන් ඇතමෙක් නොයෙක් රෝගයන්ට භාජන වී අකාලයෙහි මැරෙති. මේවා අපට පෙනෙන්නට ම ඇත්තා වූ සුරා පානයේ දෝෂයෝ ය. සුරාපානයෙන් මරණින් මතු ලැබෙන විපාක මෙසේ වදාළ සේක.
“සුරාමේරය පානං භික්ඛවෙ! ආසෙවිතං භාවිතං බහුලීකතං නිරය සංවත්තනිකං හොති, තිරච්ඡාන යොනි සංවත්තනිකං හොති, පෙත්තිවිසය සංවත්තනිකං හොති, යො සබ්බලහුසො සුරාමේරය පානස්ස විපාකො මනුස්ස භූතස්ස උම්මත්තක සංවත්තනිකො හොති”

“මහණෙනි, සේවනය කරන ලද්දා වූ වඩනා ලද්දා වූ බොහෝ කොට කරන ලද්දා වූ සුරා මේරය පානය නරකයෙහි ඉපදීම පිණිස පවත්නේ වේ. තිරිසන් යෝනියෙහි ඉපදීම පිණිස පවත්නේ වේ. ප්‍රේත විෂයෙහි ඉපදීම පිණිස පවත්නේ ය. සුරාමේරය පානය කිරීමේ ඉතා ම අල්ප විපාකයාගේ වශයෙන් මිනිස් ලොව උපන්නහුට උමතු බව ඇති කරන්නේ වේ.” ය යනු එහි තේරුම යි.

“උම්මත්තා විගත ලජ්ජගුණා භවන්ති
දීනා සදා ව්‍යසන රෝග පරායනා ච,
ජාතා භවේසු විවිධෙසු විරූපදෙහා
පීත්වා හලාහලවිසංව සුරා විපඤ්ඤා”

නුවණ නැත්තා වූ පුද්ගලයෝ හලාහල විෂයක් (කෑ සැටියේ මැරෙන විෂයක්) බඳු වූ සුරාව පානය කොට අනාගතයෙහි උම්මත්තකයෝ වන්නාහ. ලජ්ජා ගුණය නැත්තෝ වන්නාහ. දිළින්දෝ වන්නාහ. සෑම කල්හි නොයෙක් ව්‍යසන හා නොයෙක් රෝග ඇත්තෝ වන්නාහ. නොයෙක් ජාතිවල උපන්නාහු විරූප ශරීර ඇත්තෝ වන්නාහ යනු එහි තේරුමයි.

සුරාපානය නිසා මෙලොව විනාශයට පත්වූවෝ බොහෝ ය. එක් කලෙක මුළු දඹදිව ම යටපත් කර සිටීමට සමත් වූ වාසුදේවාදි රාජ කුමාරවරු දසදෙන සුරාපානයෙන් නැසුණෝ ය. පෙර එක් රජ කෙනෙක් සුරාපානයෙන් මත් වූයේ සිය පුතු මරවා ඔහුගේ මස් කා සිහි වූ පසු මහත් ශෝකයට හා ලජ්ජාවට ද පැමිණියේ ය. සතළිස් කෝටියක් ධනය ඇති ව සිට අනේපිඬු මහ සිටුහුගේ බෑනා කෙනෙක් සුරාපානය නිසා ධන හානියට පැමිණ සිඟා කමින් ජීවත් වී අන්තිමේ දී අනුන්ගේ ගෙයක බිත්තියක් අද්දර මළේය. ගෙහිමියෝ බලු කුණක් සේ මල සිරුර වනයට ඇද දැමූහ. සැවැත් නුවර අසූකෙළක් ධනයට හිමියකු ව සිට මහා ධන සිටු පුත්‍ර‍යා සුරාපානය නිසා සියල්ල නැති වී හිඟමනට පත්ව අන්තිමේ දී අනුන්ගේ ගෙයක බිත්තිය අද්දර මැරී ගෙහිමියන් විසින් බලු කුළක් සේ වනයට ඇද දමන ලද්දේ ය. පෙර තව්තිසා දෙව්ලොව විසූ අසුරයෝ ද සුරාපානය නිසා ඒ දෙව් ලොවට අහිමි වූහ.

අතිපූජනීය රේණුකානේ චන්දවිමල හිමියන්ගේ බෞද්ධයාගේ අත්පොත කෘතිය සහ ආතාපි වෙබ් අඩවිය ඇසුරෙන් බොහෝ කරුණු පළ කර ඇත.
පොතෙහි PDF සංස්කරණය : https://tipitaka.lk/library/462
පොත් මිලදී ගැනීමට : https://www.fb.com/1358438437680062

ආජීවාෂ්ටමක සීලය /ආජීව අෂ්ටමක සීලය

ආජීවාෂ්ටමක සීලය

  1. පාණාතිපාතා වෙරමණි සික්ඛාපදං සමාදියාමි

  2. අදින්නාදානා වෙරමණි සික්ඛාපදං සමාදියාමි

  3. කාමේසු මිච්ඡාචාරා වෙරමණි සික්ඛාපදං සමාදියාමි 

  4. මුසාවාදා වෙරමණි සික්ඛාපදං සමාදියාමි

  5. පිසුණාවාචා වෙරමණි සික්ඛාපදං සමාදියාමි

  6. ඵරුසාවාචා වෙරමණි සික්ඛාපදං සමාදියාමි

  7. සම්පප්ඵලාපා වෙරමණි සික්ඛාපදං සමාදියාමි

  8. මිච්ඡා ආජීවා වෙරමණි සික්ඛාපදං සමාදියාමි

Dhamma Deepa