ශ්‍රී මහා ‌බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කරවාගෙන පැමිණි පිරිසෙන් එක් අයකු වූ බෝධිගුත්ත නම් කුමාරයාගේ පරපුරෙන් ඔවුන් පැවැත එන අතර පසු කලෙක මෙරට රාජ්‍යත්වය සඳහා ද එම පරපුර උරුමකම් කී බව වාර්තාගත ය.