Heaven දිවය ලෝක

01 චතුම්මහාරාජිකය

චතුම්මහාරාජික දිව්‍ය ලෝකය
චතුම්මහාරාජිකය යනු දෙව්රජවරු හතර දෙනකු විසින් පාලනය කරන ලෝකය යන තේරුමයි.විරූඩ, විරූපාක්ෂ, ද්‍රඩරාක්ෂ, වෛශවන නමින් හඳුන්වන දෙව් රජවරු සතරදෙනා විසින් මෙම දිව්‍ය ලෝකය පාලනය කරයි.නන්දන උයන අලකමන්දාව සේරිස්සක විමානය ආදිය මෙම දිව්‍ය ලෝකයේ පවතිනබව පැවසේ.මෙම දිව්‍ය ලෝකයට සමභන්ධව නාග ගරුඩ යක්ෂ හා රාක්ෂ යන ලෝකයන් සම්භන්ධ බව පැවසේ.මෙම දිව්‍ය ලෝකයේ එක් දිනක් මිනිස් ලොව වර්ෂ 50 කට සමානය.මෙම දිව්‍ය ලෝකයේ පරමායුෂ දිව්‍ය වර්ෂ 500ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් වර්ෂ අනූ ලක්ෂයකි (50[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 500 = 9, 000, 000)

02 තාවතිංසය

තාවතිංස දිව්‍ය ලෝකය
තවුතිසා දෙවු ලොව නමින්ද හඳුන්වයි.මෙහි අධිපතීත්වය දරන්නේ ශ්‍රක්‍ර දෙවියන් විසිනි. සිළුමිණි සෑය පිහිටා ඇත්තේ මෙම දිව්‍ය ලෝකයේය.සුධර්මා දිව්‍ය සභාව පිහිටියේ මෙහිය.මෙම දිව්‍ය ලෝකයේ එක දිනක් මිනිස් ලොව වර්ෂ 100කි.මෙහි පරමායුෂ පරමායුෂ දිව්‍ය වර්ෂ 1, 000ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් තුන්කෝටි හැට ලක්‍ෂයකි. (100[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 1000 = 36, 000, 000)

03 යාමය

යාම දිව්‍ය ලෝකය
මෙම දිව්‍ය ලෝකයේ අධිපතීත්වය සුයාම නමින් හඳුන්වන දෙව්රජවරයෙකු විසින් දරයි.මෙම දිව්‍ය ලෝකයේ එක දිනක් මිනිස් ලොව වර්ෂ 200කි.මෙහි පරමායුෂ පරමායුෂ දිව්‍ය වර්ෂ 2, 000ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් දාහතරකෝටි හතළිස් ලක්‍ෂයයි. (200[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 2000 = 14 4, 000, 000)

04 තුසිතය

තුසිත දිව්‍ය ලෝකය
මෙම දිව්‍ය ලෝකයේ අධිපතීත්වය සංතුසිත නම් දිව්‍යරාජයකු විසින් දරයි.මෙම දිව්‍ය ලෝකයේ අධිපතීත්වය සැමවිටම මීලඟට ලොවුතුරා බුදුබවට පත්වීමට නියමිත බෝධිසත්වයන් විසින් දරයි.රජු විසින් සුදු පැහැති ඹටුන්නක් පළදියි.එබැවින් ස්වේත කේතු නමින්ද මෙම දිව්‍ය රාජයා හඳුන්වයි.අනෙකුත් දෙවිවරුද බොහෝමයක් බෝධිසත්වයන් හෝ සකෘර්දාගාමී මාර්ගලයට පත් වූ දෙවියන්ය.මෙම දිව්‍ය ලෝකයේ එක දිනක් මිනිස් ලොව වර්ෂ 400කි.මෙහි පරමායුෂ දිව්‍ය වර්ෂ 4, 000ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් පණස්හත්කෝටි හැට ලක්‍ෂකි . (400[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 4000 = 5 76, 000, 000)

05 නිම්මානරතිය

නිමිමානරතී දිව්‍ය ලෝකය
මෙම දිව්‍ය ලෝකයේ රජු සනිම්මිත නම් දෙවු රජ කෙනෙකි.මෙම දිව්‍ය ලොකයේ එක දිනක් මිනිස් ලොව වර්ෂ 800 කි.මෙහි පරමායුෂ දිව්‍ය වර්ෂ 8, 000ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් දෙසියතිස්කෝටි හතළිස් ලක්‍ෂයකි . (800[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 8000 = 2, 3 04, 000, 000)

06 පරනිම්මිතවසවර්තිය

පරනිම්මිතවසවර්තී දිව්‍ය ලෝතය
මෙම ලෝකයේ රජු පරනිම්මිත වසවර්ති නමින් හඳුන්වන දෙවු රජ කෙනෙකි.මාර නමින් හඳුන්වන දේව කොට්ඨාසය ඇත්තේ මෙම දිව්‍ය ලෝකයේය.සැප සම්පත් වලින් අධිකතම දිව්‍ය ලෝකය මෙයයි.මෙහි එක දිනක් මිනිස් ලොව වර්ෂ වලින් 1600කි.මෙහි පරමායුෂ දිව්‍ය වර්ෂ 16, 000ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් නවසිය විසිඑක්කෝටි හැට ලක්‍ෂයකි . (1600[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 16, 000 = 9, 216, 000, 000)

දෙව්ලොව

චාතුම්මහාරාජිකය

තාවතිංසය

යාමය

තුසිතය

නිම්‌මානරතිය

පරනිම්‌මිතවසවත්‌තිය

දිව්‍ය වර්ෂ

500

1 000

2 000

4 000

8 000

16 000

මනුෂ්‍ය වර්ෂ

90 00 000

3 60 00 000

14 40 00 000

57 60 00 000

230 40 00 000

921 60 00 000

අනූ ලක්‍ෂයයි

තුන්කෝටි හැට ලක්‍ෂයයි

දාහතරකෝටි හතළිස් ලක්‍ෂයයි

පණස්හත්කෝටි හැට ලක්‍ෂයයි

දෙසියතිස්කෝටි හතළිස් ලක්‍ෂයයි

නවසියවිසිඑක්කෝටි හැට ලක්‍ෂයයි

Dhamma Deepa