වන්දනා කිරීමට පෙර වත් පිළිවෙත්

+ මෙම පූජා විදි නිසි පරිදි වතාවත් කොට පිරිසිදුව තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් සිදුකල යුතුයි
+ බුදු කුටිය පිරිසිදු කර ගේ දොර,වෙළෙඳ ආයතනය අතුගා කහ වතුර ඉස සුවඳ දුම් අල්ලා සූදානම් විය යුතුය
+ සිහිනුවණින් නෙළා ගත් මල්, පෙරාගත් සිසිල් පැන්, ගිලන්පස ,පහන්, හඳුන්කූරු, තිබේනම් දැහැත් , උදේ සහ දවල් බුද්ධ පූජාව සඳහා යන දෑ සකසා ගෞරවයෙන් ජීවමාන
බුදුරජාණන් වහන්සේට සිදු කරන උපස්ථානයක් සේ තැන්පත් කළ යුතුය
+ සියලු බාහිර ක්‍රියාවන් පසෙකලා නවතා පැය භාගයක්, බාගයක් පැයක් මේ සඳහා යොමු කළ යුතුය
+ සිහිනුවණින් පහසු ඉරියව්වෙන් වාඩි වී පළමුව විසිරුණු මනස එක්තැන් කරගන්න. සිත සමාධි කරගන්න. සිතට බාධාවන සිතුවිලි අමතක වෙන්න සිතට ශක්තිය දෙන්න. අනතුරුව
හදවතට එකඟව අදහස් හිතට ගෙන වන්දනා කරන්න.
+ මේ වන්දනා සදහා සුදුසු වේලාව උදේ කාලයේ නම් 5.00 සිට 6.00 දක්වා කාලයයි. සවස නම් නිවසේ සියලූ වැඩ නිමකොට පවුලේ ලොකු කුඩා සියලු දෙනා එක්ව සුදුසු පැයක්
පමණ කාලයකින්
+ බොරුවට කන්නනන් වාලේ කළ යුතු නිසා යැයි සිදු කිරීමෙන් සිදු කිරීමෙන් කිසිඳු ඵලයක් ලබා ගත නොහැක

මෙම පූජා පත්‍රිකාව නිසි පරිදි කියවා අවබෝධයෙන් යුතුව සෑම මොහොතකම පාලියෙන් කියන ගාථාවෙහි අර්ථය යටි සිතට ගෙන වන්දනා කළ යුතුය.මුල් දින දිනයන්වල බලාගෙන කිව්වදපසුව නොබලා දෙනෙක් දෙනෙත් පියාගෙන වන්දනා කළ යුතුය. මෙහිදී වැදගත් වනුයේ නිසි අවධානය.

අපි බුදුන් වඳින්නට සූදානම් වෙමු

අහසේ සිටිනා දෙවිවරුන් වඩින්ටයි
මුහුදේ නා රජ වරුන් වඩින්ටයි
සතර වරම් දෙව් පුතුන් වඩින්ටයි
සක් දෙවිඳුන් පින්කමට වඩින්ටයි

ගෞතම සම්බුදු සසුණ රකින්නට දෙවියන් අපහා එක් වේවා
ගෞතම සම්බුදු සසුණ රකින්නට සතර වරුන් දෙවිවරුන් වඩිත්වා
ගෞතම සම්බුදු සසුණ රකින්නට නාරජවරු මෙහි පැමිනෙත්වා
ගෞතම සම්බුදු සසුණ රකින්නට සක් දෙවිඳුන් මෙහි පැමිනෙත්වා

ඈත කල්ප සසර ගණන් පෙරුම් පිරුව හැටි බලන්න
සීත හිමේ බෝ සෙවනේ බුදුරැස් විහිදෙනු බලන්න
දෝත නගා සාදු කියා සම්බුදු සිරිපා වඳින්න
වීතරාගි සම්බුදු හිමි මගෙ හදමඩලට වඩින්න

දස බිම්බර මාර සෙනග පරදා බුදු බව ලබන්න
දම්සක් දෙසුමෙන් පස්වග මහණුන් නිසි මඟ යවන්න
නිමි නැති මේ සසර ගින්න එක බණ පදයෙන් නිවන්න
සම්මා සම්බුදු හිමියනි හදමඩලට දැන් වඩින්න

අරා වීදුරු අසුන් මතින් සසර ඇත්ත හෙළි කරන්න
නිරාමිසර සංසාරය නම් සමදුර එතෙර වන්න
නිරා දුකෙන් සියලු සතුන් ගලවාගත් හැටි බලන්න
පුරා සඳක් වන් බුදු හිමි මගේ හද මඩලට දැන් වඩින්න

සාදු… සාදු… සාදු… දෑත නළලේ තබා ශබ්ද නගා උච්චාරණය කර වන්දනා කරමු

නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දසබලධරස්ස චතුවේසාරජ්ජ විශාරදස්ස සබ්බසත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්ධස්ස !!!

භාග්‍යවත් වූ අරහත් වූ සියලු ධර්මයන්හි නොපැකිල ඥාන හැසිරීම සහිත වූ දසබලධාරී වූ චතුර්වෛශාරදත්ව විශාරද වූ සියලු සත්වයන්ට උත්තම වූ ධර්මයට ඊශ්වර වූ ධර්මරාජ වූ ධර්මස්සාමි වූ තථාගත වූ සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි !!!

01 බුද්ධං සරණං ගච්ඡාමි
02 ධම්මං සරණං ගච්ඡාමි
03 සංඝං සරණං ගච්ඡාමි

04 දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
05 දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
06 දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි

07 තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
08 තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
09 තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.

මේ තිසරණය සමාදන් වන ක්‍ර‍මය යි. සියලු සිල්ම සමාදන් වීමේදී පළමුකොට තිසරණය සමාදන් විය යුතු ය. එබැවින් මතු දැක්වෙන සියලු ශීලයන්ට ම මෙය යොදා ගත යුතු ය. මේ වාක්‍යවල තේරුම අංක පිළිවෙළින් දක්වනු ලැබේ.
01 සකල ධර්ම සමූහය තත්ත්වාකාරයෙන් දැන වදාළා වූ බුදුන් වහන්සේ උතුම් පිහිටක් කොට සේවනය කරමි.
02 පර්‍ය්‍යාප්ති ධර්මය සහිත වූ නව ලෝකෝත්තර ධර්මය උතුම් පිහිටක් කොට සේවනය කරමි.
03 කල්‍යාණ පෘථග්ජනයා සහිත අෂ්ටාර්‍ය්‍ය පුද්ගල මහා සංඝරත්නය උතුම් පිහිටක් කොට සේවනය කරමි.
දුතියම්පි යන්නෙහි තේරුම දෙවනුව ද යනුයි. තතියම්පි යන්නෙහි තේරුම තුන් වනුව ද යනුයි.

සික පද පස

01 පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
02 අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
03 කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
04 මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
05 සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

01 ප්‍රාණඝාතයෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.
02 අදත්තාදානයෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි.
03 කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි.
04 බොරු කීමෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි.
05 මදයට ප්‍ර‍මාදයට හේතු වන සුරාමේරය පානයෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි.