පාත්‍ර දානයේ ආනිසංස .

පත්තදායක හිමි සිද්ධාර්ථ බුදු හිමිට පාත්‍රයක් පූජා කොට කල්ප අනූහතරක් දුගතියකට නො ගිය බව සඳහන් වේ. (246 වන අපදානය) පිළින්‍දිවච්ඡ හිමිට පාත්‍ර පිනින් අනුසස් දහයක් ලැබී ඇත්තා හ.

බොහෝ වටිනා රන් රිදී තලි ලැබේ.
උපද්‍රව නැත්තෙක් වේ.
අනතුරු නැත්තෙක් වේ.
අන්‍යයන්ගේ ගෞරවයට පාත්‍ර වේ.
ආහාර පාන, වස්ත්‍ර, සයනාසන පහසුවෙන් ලැබේ.
ලැබෙන සම්පත් අකාලයේ විනාශ නො වේ.
ස්ථීර සිත් ඇත්තෙකු වේ.
හැම කල්හි ම ධර්මයට කැමති වේ.
කෙලෙස් අඩු කෙනෙක් වේ.
ආශ්‍රව ද රහිත වෙත්.

තෙරුවන් සරණයි ..!

(උතුම් ධර්මදානය පිණිස බෙදාහැර අප්‍රමාණ පිං රැස්කර ගන්න )

දාන පාරමිතා