Mahaa Samaya Sutta මහා සමය සූත්‍රය

සිංහලෙන්

මා විසින් මෙසේ අසන ලදී එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යයන් ගේ ජනපදය වන කිඹුල්වත් නුවර මහා වනයෙහි සියළු දෙනා වහන්සේ ම අරහත්වයට පැමිණියා වූ පන්සියයක් පමණ භික්ෂූන් ගෙන් යුක්ත වූ මහත් භික්ෂු පිරිසක් සමග වැඩ සිටින සේක එකල්හී දස දහසක් ලෝක ධාතු වල දෙවිවරු භාග්‍යවතුන් වහන්සේව ද භික්ෂු සංඝයා වහන්සේ ද බැහැ දැකීම පිණිස බොහෝ සෙයින් ම රැස් වූවා හු ය එකල්හී සුද්ධාවාස බ‍්‍රහ්මලෝකයෙහි බ‍්‍රහ්ම රාජයින් සතර දෙනෙකුට මේ අදහස ඇති විය මේ භාග්‍යවතුන් වහන්සේ වනාහී ශාක්‍යයන් ගේ ජනපදය වන කිඹුල්වත් නුවර මහා වනයෙහි සියළු දෙනා වහන්සේ ම අරහත්වයට පැමිණියා වූ පන්සියයක් පමණ භික්ෂූන් ගෙන් යුක්ත වූ මහත් භික්ෂු පිරිසක් සමග වැඩ සිටින සේක එකල් හී දස දහසක් ලෝක ධාතුවල දෙවිවරු භාග්‍යවතුන් වහන්සේව ද භික්ෂු සංඝයා වහන්සේ ද බැහැ දැකීම පිණිස බොහෝ සෙයින් ම රැුස් වූවාහු ය එනිසා අපි ද භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹෙන්නෙමු නම් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි වෙන් වෙන් වශයෙන් ගාථාවක් පවසන්නෙමු නම් ඉතා යහපත් වන්නේ ය එවිට ඒ බ‍්‍රහ්මකායික දෙවිවරු බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිගු කරන්නේ යම් සේ ද දික් කළ අතක් හකුළුවන්නේ යම් සේ ද ඒ ආකාරයෙන් ම සුද්ධාවාසදෙවියන් අතුරෙන් අතුරුදහන් වී භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළ වූවාහු ය එවිට ඒ දෙවිවරු භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව සිටියාහු ය එකත්පස්ව සිටියා වූ එක් දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව පැවසුවේ ය මහා වනයෙහි වැඩ සිටිනා, උතුමන් රැස් වී ඉන්නේ දෙව්ලොව දෙවිවරු බොහො දෙන, මේ රැස්වීමට එන්නේ මේ අපරාජිත මුනිවරු, බැහැ දකිනා රිසියෙන්නේ අප සැම දෙන සිත සතුටින්, මේ රැස්වීමට එන්නේ එවිට තව දේවතාවෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව පැවසුවේ ය මෙහි සිටිනා භික්ෂු පිරිස, සිත සමාධි ගත කළෝ ය තම තමන් ගෙ පවතින සිත, සෘජු මගකට හුරු කළෝ ය අතින් රැහැන් පට අරගත්, රියදුරුවරු මේ වගේ ය තම ඉඳුරන් රැුක ගන්නා, නුවණැතියන් හරි අගේ ය එවිට තව දේවතාවෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව පැවසුවේ ය රාග මුලූත් සිඳලන්නේ, කෙලෙස් යහුල් බිඳලන්නේ මුල් බැස ගත් හැම අකුසල්, උදුරා නිකෙලෙස් වන්නේ සදහම් ඇස් ඇති මුනිඳුන්, දමනය කළ ඒ රහතුන් පිවිතුරු වූ නිමල සිතින්, හැසිරෙන්නේ සිත සතුටින් එවිට තව දේවතාවෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව පැවසුවේ ය බුදු සමිඳු ගෙ සරණ ලැබූ, කෙනෙක් සිටිත් නම් මෙලොවේ සතර අපායට නො වැටෙති, ගිය විට ඒ අය එලොවේ මිනිස් සිරුර අත්හළ විට, ඔවුන් පිරෙත් ම ය දෙව්ලොව එකල්හී භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා අමතා වදාළ සේක පින්වත් මහණෙනි, දස දහසක් ලෝක ධාතු වලින් බොහෝ සෙයින් ම තථාගතයන් වහන්සේ ව දැකීම පිණිස ත් භික්ෂු සංඝයා දැකීම පිණිස ත් දෙවිවරු පැමිණ සිටින්නාහු ය පින්වත් මහණෙනි, ඒ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේලා අතීතයෙහි වැඩ සිටියාහු ද ඒ භාග්‍යවතුන් වහන්සේලාට ද මෙපමණ ම වූ දෙවි දේවතාවෝ දැන් මා හට රැුස් වී ඇති ආකාරයෙන් ම රැස් වූවාහු ය පින්වත් මහණෙනි, ඒ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේලා අනාගතයෙහි වැඩ සිටින්නාහු ද ඒ භාග්‍යවතුන් වහන්සේලාට ද මෙපමණ ම වූ දෙවිදේවතාවෝ දැන් මා හට රැස් වී ඇති ආකාරයෙන් ම රැස්වන්නාහු ය පින්වත් මහණෙනි, ඒ දෙවිවරුන් ගේ නම් ගොත් පවසන්නෙමි පින්වත් මහණෙනි, ඒ දෙවිවරුන් ගේ නම් ගොත් වර්ණනා කරන්නෙමි පින්වත් මහණෙනි, ඒ දෙවිවරුන් ගේ නම් ගොත් දෙසන්නෙමි එය මනා කොට අසනු මැනැව නුවණින් මෙනෙහි කළ මැනැව පවසන්නෙමි ඒ භික්ෂූන් වහන්සේලා ද එසේය ස්වාමීනි යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නාහු ය භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක සිලෝවකින් පවසන්නෙමි, යම් යම් තැන් වල සිටිනා පොළොවේ ඇසුරින් වසනා, නොයෙකුත් දෙවිවරු සිටිත් ද කඳුවල ලෙන්වල වසනා, අරහත් මුණිවරු සිටිත් ද කෙලෙසුන් තවනා වෙර ඇති, සමාධිමත් වූ සිතින් ද ගල් ලෙන් ඇතුලේ සිටිනා, කේසර සිංහයන් විලස ලොමුඩහ ගන්නා හැම දෙය, දමනය කළ සැබෑ විලස පිවිතුරු පිරිසිදු මනසින්, කැළඹිලි නැති පහන් සිතින් කිඹුල්වතේ මහ වනයේ, වැඩ සිටිනා බුදු සමිඳුන් පන්සිය ගණනට වැඩි වූ, ශ‍්‍රාවක සඟ පිරිස ද දැන බුදු සසුනෙහි ඇලී සිටින, ඒ හැම දෙන අමතන්නෙමි පින්වත් මහණෙනි ඔබ හැම, දෙවිවරු ගැන දැන ගන්නේ ඒ ඒදෙව්ලොවින් පැමිණි, දෙවිවරු රැස් වී ඉන්නේ බුදු සමිඳුගෙ වචන අසා, ඒ අරහත් සඟ පිරිස ද දෙවිවරු ගැන දැක ගන්නට, වෙර වීරිය අරඹන්නේ ඒ අරහත් සඟ පිරිසට, දිවැස් නුවණ ඇති වන්නේ නො මිනිස් වූ අය දකින්ට, ඒ හැමට ම හැකි වන්නේ ඇතැම් රහත් මුණිවරු එහි, සිය ගණනින් දැක ගන්නේ දහසක් දෙවිවරු දකින්ට, හැත්තෑදාහක් දකින්ට ඇතැම් රහත් මුණිවරු එහි, දිවැස් නුවණ ලැබ ගන්නේ සියදහසක් දෙවිවරු ගැන, ඇතැමුන් එහි දැක ගන්නේ ඇතැම් රහත් මුණිවරු එහි, අපමණ දෙවිවරු දුටුවෝ සියළු දිසා වල පැතිරී, දෙවිවරු ඉතිරී සිටියෝ සදහම් ඇස් ඇති මුනිඳුන්, ඒ හැම දෙය ගැන දකිමින් බුදු සසුනේ ඇලී වසන, තම සව්වෝ ඇමතුවෝ ය පින්වත් මහණෙනි ඔබ හැම, දෙවිවරු ගැන දැනගන්නේ ඒ ඒ දෙව් ලොවින් පැමිණි, දෙවිවරු රැස් වී ඉන්නේ ඒ නම් අනුපිළිවෙලකට, ඔබ හට මා පවසන්නේ කිඹුල්වතෙහි කල් ගෙවනා, සත් දහසක් යක්ෂයෝ ය ඉර්ධි බලෙන් යුතු ඒ හැම, දිළිහි දිළිහි සිටින්නෝ ය සුන්දර හැඩරුවින් යුතු ව, කිත් යසසින් සිටින්නෝ ය සඟ පිරිසේ රැස්වීමට, සතුටු සිතින් පැමිණියෝ ය හිමාල වනයේ වසනා, නොයෙකුත් පැහැයෙන් සිටිනා හය දහසක් යක්ෂයෝ ය ඉර්ධි බලෙන් යුතු ඒ හැම, දිළිහි දිළිහි සිටින්නෝ ය සුන්දර හැඩ රුවින් යුතු ව, කිත් යසසින් සිටින්නෝ ය සඟ පිරිසේ රැස්වීමට, සතුටු සිතින් පැමිණියෝ ය සාතාගිරි කන්දෙ සිටින, නොයෙකුත් පැහැයෙන් බබළන තුන් දහසක් යක්ෂයෝ ය ඉර්ධි බලෙන් යුතු ඒ හැම, දිළිහි දිළිහි සිටින්නෝ ය සුන්දර හැඩ රුවින් යුතු ව, කිත් යසසින් සිටින්නෝ ය සඟ පිරිසේ රැස්වීමට, සතුටු සිතින් පැමිණියෝ ය නොයෙකුත් පැහැයෙන් සිටිනා, දහසය දහසක් යකුන් ය ඉර්ධි බලෙන් යුතු ඒ හැම, දිළිහි දිළිහි සිටින්නෝ ය සුන්දර හැඩ රුවින් යුතු ව, කිත් යසසින් සිටින්නෝ ය සඟ පිරිසේ රැස්වීමට, සතුටු සිතින් පැමිණියෝ ය වෙස්සමිත්ත කන්දෙ සිටින, නොයෙකුත් පැහැයෙන් බබළන පන්සියයක් යක්ෂයෝ ය ඉර්ධි බලෙන් යුතු ඒ හැම, දිළිහි දිළිහි සිටින්නෝ ය සුන්දර හැඩ රුවින් යුතු ව, කිත් යසසින් සිටින්නෝ ය සඟ පිරිසේ රැස්වීමට, සතුටු සිතින් පැමිණියෝ ය රජගහ නුවර දි ඉපදුන, යකා නමින් කුම්භීර ය ඔහු ගේ අඩවිය තිබෙන්නෙ, වේපුල්ලගිරි පර්වතේ ය සියදහසට වැඩිය යකුන්, ඔහු ගේ පිරිසට අයත් ය රජගහ නුවර දි ඉපදුන, කුම්භීර ද සිත සතුටින් සඟ පිරිසේ රැස්වීමට, මහ වනයට පැමිණුනේ ය පෙර දිග පෙදෙසක රජ වූ, වරම් රජා ධතරට්ඨ ය පෙර දිග සිටිනා හැමට ම, ඔහු ගේ අණ ලැබෙන්නේ ය ගාන්ධර්වයන් හට ඔහු, අධිපති කම් කරන්නේ ය ඒ දෙව් මහ රජා නිතර, කිත් යසසින් දිළෙන්නේ ය මහ බල ඇති ඉන්ද්‍ර නමින්, ඔහු ගේ බොහො දිව්‍ය පුතුන් ඉර්ධි බලෙන් යුතු ඒ හැම, දිළිහි දිළිහි සිටින්නෝ ය සුන්දර හැඩ රුවින් යුතු ව, කිත් යසසින් සිටින්නෝ ය සඟ පිරිසේ රැස්වීමට, සතුටු සිතින් පැමිණියෝ ය දකුණු දිශාවට රජ වූ, විරූළ්හ නම් වරම් රජු ය දකුණු දිශාවේ හැමට ම, ඔහු ගේ අණ ලැබෙන්නේ ය කුම්භාණ්ඩයන් හට ඔහු, අධිපතිකම් කරන්නේ ය ඒ දෙව් මහ රජා නිතර, කිත් යසසින් දිළෙන්නේ ය මහ බල ඇති ඉන්ද්‍ර නමින්, ඔහු ගේ බොහො දිව්‍ය පුතුන් ඉර්ධි බලෙන් යුතු ඒ හැම, දිළිහි දිළිහි සිටින්නෝ ය සුන්දර හැඩ රුවින් යුතු ව, කිත් යසසින් සිටින්නෝ ය සඟ පිරිසේ රැස්වීමට, සතුටු සිතින් පැමිණියෝ ය බටහිර පෙදෙසට රජ වූ, වරම් රජා විරූපක්ඛ බටහිර සිටිනා හැමට ම, ඔහු ගේ අණ ලැබෙන්නේ ය සියළු නාග පිරිසට ඔහු, අධිපතිකම් කරන්නේ ය ඒ දෙව් මහ රජා නිතර, කිත් යසසින් දිළෙන්නේ ය මහ බල ඇති ඉන්ද්‍ර නමින්, ඔහු ගේ බොහො දිව්‍ය පුතුන් ඉර්ධි බලෙන් යුතු ඒ හැම, දිළිහි දිළිහි සිටින්නෝ ය සුන්දර හැඩ රුවින් යුතු ව, කිත් යසසින් සිටින්නෝ ය සඟ පිරිසේ රැස්වීමට, සතුටු සිතින් පැමිණියෝ ය උතුරු දිශාවට රජ වූ, වරම් රජා කුවේර වේ උතුරු දිශාවේ හැමට ම, ඔහු ගේ අණ ලැබෙන්නේ ය සියළු යක්ෂයන් හට ඔහු, අධිපති කම් කරන්නේ ය ඒ දෙව් මහ රජා නිතර, කිත් යසසින් දිළෙන්නේ ය මහ බල ඇති ඉන්ද්‍ර නමින්, ඔහු ගේ බොහො දිව්‍ය පුතුන් ඉර්ධි බලෙන් යුතු ඒ හැම, දිළිහි දිළිහි සිටින්නෝ ය සුන්දර හැඩ රුවින් යුතු ව, කිත් යසසින් සිටින්නෝ ය සඟ පිරිසේ රැස්වීමට, සතුටු සිතින් පැමිණියෝ ය පෙරදිග පෙදෙසට අධිපති, වරම් රජා ධතරට්ඨ ය දකුණු දිශාවට අධිපති, විරූළ්හ නම් වරම් රජු ය බටහිර පෙදෙසට අධිපති, වරම් රජා විරූපක්ඛ උතුරු දිශාවට අධිපති, වරම් රජා කුවේර වෙයි සතරවරම් මහ රජවරු, හතර දිසාවෙන් අවුදින් කිඹුල්වතේ මහවනයේ, දිළිහි දිළිහි සිටින්නෝ ය සතරවරම් දෙවිවරුන්ට, මායා ඇති දාසයෝ ය සටකපට ව සිටින ඔවුන්, වංචාවෙන් සිටින්නෝ ය කුටෙන්ඩු හා වේටෙන්ඩු ද, මහ මායාකාරයෝ ය විටුච්ච විටුඩෝ සමගින්, ඔවුන් ද මෙහි පැමිණියෝ ය චන්දන හා කාමසෙට්ඨ, කින්නුඝණ්ඩු හා නිඝණ්ඩු පනාද හා ඕපමඤ්ඤ, රියැදුරු වූ මාතලී ය චිත්තසේන ගන්ධබ්බ ද, නලරජ හා ජනේසභ ද පංචසික ද පැමිණියේ ය, තිම්බරූ ද පැමිණියේ ය සුරියවච්චසා දෙවඟන, රැස්වීමට පැමිණියා ය මෙසේ නොයෙක් දෙව්රජුන් ද, ගාන්ධර්ව රජවරුන් ද සඟ පිරිසේ රැුස්වීමට, සතුටු සිතින් පැමිණියෝ ය නාභස නම් විලේ සිටින, නා රජවරු පැමිණියෝ ය විසල් පුරේ නාගයන් ද, තච්ඡුක යන නාගයන් ද කම්බල හා අස්සතර ද, නා කුලයේ නාගයන් ද ප‍්‍රයාග නම් තොටේ සිටින, නෑයන් හා නාගයෝ ද යමුනා නම් නාගයෝ ද, ධතරාෂ්ඨ නාගයෝ ද කිත් යසසින් බැබැළුන ඒ, නාගයෝ ද පැමිණියෝ ය ඒරාවණ නමින් සිටින, මහා නාගරාජයා ද සඟ පිරිසේ රැස්වීමට, මහ වනයට පැමිණියෝ ය නාග රජුන් සැහැසි ලෙසින්, අරගෙන යන ගුරුල්ලෝ ය ඉතා තියුණු දෑස් තිබෙන, ඔවුන් දිව්‍ය කුරුල්ලෝ ය අහසින් පියඹා අවුදින්, වනේ මැදින් පැමිණුනෝ ය සුපර්ණ හා චිත‍්‍ර නමින්, ඔවුන්ට නම් තිබෙන්නෝ ය එදා නාග රජවරුන්ට, අභය දාන සැලසුනෝ ය බුදු සමිඳුන් ඒ සැම දෙන, සුපර්ණගෙන් සුරැකුවෝ ය ඉතා මොළොක් වචන වලින්, ඒ හැම කැඳවා ගත් විට සුපර්ණ හා නාගයෝ ද, බුදු හිමි සරණ ම ගියෝ ය සක් දෙව් රජු ජය ගත්තේ, මුහුදෙ සිටින අසුරයන් ව අසුර පිරිස සක් දෙවිඳු ගෙ, සොයුරු බවට පැමිණියෝ ය ඉර්ධි බලෙන් යුතු ඒ අය, කිත් යසසින් බැබළුනෝ ය මහ බිහිසුණු ගතිගුණ ඇති, කාලකඤ්ජ අසුරයා ය වේඝස හා දාන නමින්, සිටිනා තව අසුරයෝ ය වේපචිත්ති හා සුචිත්ති, පහාරාද අසුරයා ය ඔවුන් සමග පැමිණි කෙනා, ලෝ වසවත් මාරයා ය බලි නම් වූ අසුරයාට, සියයක් දරුවෝ සිටිත් ය ඒ හැම දෙන වේරෝචන, කියන නමින් සිටින්නෝ ය ඔවුන් ද බලි සෙනඟ සමග, අවි ආයුධයෙන් සැරසී රාහු අසුර රජු වෙත විත්, මේ අයුරින් පැවසුවෝ ය පින්වත සෙත් වේ ඔබ හට, දැන් යන්නට කල් ආවේ කපිලවස්තු මහ වනයේ, සඟ රුවන ද රැස් වූයේ ආපෝ හා පඨවී යන, දෙවිවරු තේජස් වායො ද වරුණා වාරුණ දෙවිවරු, සෝම දෙවි ද යස දෙවිඳු ද සඟ රුවනේ රැස්වීමට, සතුටු සිතින් පැමිණියෝ ය මෙත්තා හා කරුණා යන, කිත්යසසින් පිරි දෙවිවරු දස පිරිවර බැගින් යුතු ව, නොයෙකුත් හැඩ රුවින් යුතු ව සඟරුවනේ රැස්වීමට, සියළු දෙන ම පැමිණුනෝ ය ඉර්ධි බලෙන් යුතු ඒ හැම, දිළිහි දිළිහි සිටින්නෝ ය සුන්දර හැඩරුවින් යුතු ව, කිත් යසසින් සිටින්නෝ ය සඟරුවනේ රැස්වීමට, සතුටු සිතින් පැමිණියෝ ය වෙණ්හූ සහ සහලි දෙවි ද, අසම නමින් සිටින දෙවි ද දෙදෙනෙක් වෙති යමක නමින්, එමෙන් ම සඳ දෙවි ද ඇවිත් සඳ දෙවි ඇසුරේ සිටිනා, ඒ දෙවිවරු පෙරටු කරන් සඟ පිරිසේ රැස්වීමට, සතුටු සිතින් පැමිණියෝ ය හිරු දෙවි ඇසුරේ සිටිනා, ඒ දෙවිවරු පෙරටු කරන් හිරු දෙවියන් පැමිණුනෝ ය තරු විමාන ඇසුරු කරන, ඒ දෙවිවරු පෙරටු කරන් මන්ද වළාහක දෙවිවරු, රැස්වීමට පැමිණුනෝ ය වසු නම් වූ දෙවිවරුන්ට, නායක වාසව දෙවියෝ ඔහු ම නමින් පුරින්දද ය, ඔහු නම් සක් දිව්‍ය රජ ය දස පිරිවර බැගින් යුතු ව, නොයෙකුත් හැඩරුවින් යුතු ව සියල්ලෝ ම පැමිණියෝ ය සුන්දර හැඩරුවින් යුතු ව, කිත් යසසින් සිටින්නෝ ය සඟ පිරිසේ රැුස්වීමට, සතුටු සිතින් පැමිණියෝ ය ගිණිසිළු විලසට දිළෙමින්, සහභූ දෙවිවරු ආවෝ අරිට්ඨ හා රෝජ නමින්, සිටිනා දෙවිවරු ආවෝ දියබෙරලිය මල් පැහැයෙන්, ඒ දෙවිවරු බැබළුනෝ ය වරුණා සහධම්ම නමින්, යුතු දෙවිවරු පැමිණුනෝ ය අච්චුත හා අනේජකය, සුලෙය්‍ය හා රුචිර දෙවිය වාසවනේසී දෙවියෝ, රැස්වීමට පැමිණුනෝ ය ඒ දෙවිවරු සියළු දෙන ම, නොයෙකුත් හැඩ රුවින් යුතු ව දස පිරිවර බැගින් යුතු ව, සියළු දෙනම පැමිණුනෝ ය ඉර්ධි බලෙන් යුතු ඒ හැම, දිළිහි දිළිහි සිටින්නෝ ය සුන්දර හැඩරුවින් යුතු ව, කිත් යසසින් සිටින්නෝ ය සඟ පිරිසේ රැස්වීමට, සතුටු සිතින් පැමිණියෝ ය සමාන හා මහ සමාන, මානුස මානුසුත්තම කිඞ්ඩාපසික දෙවිවරු, මනෝපසික දෙවිවරු සඟරුවනේ රැස්වීමට, සතුටු සිතින් පැමිණියෝ ය හරි නාමෙන් යුතු දෙවිවරු, ලෝහිත වාසික දෙවිවරු පාරග මහ පාරග යන, නමින් සිටින තව දෙවිවරු කිත්යසසින් බබළන ඒ, දෙවිවරු එහි පැමිණුනෝ ය මේ සිටිනා දස දෙවිවරු, දස පිරිවර බැගින් යුතු ව නොයෙකුත් හැඩ රුවින් යුතු ව, සියළු දෙනම පැමිණියෝ ය ඉර්ධි බලෙන් යුතු ඒ හැම, දිළිහි දිළිහි සිටින්නෝ ය සුන්දර හැඩරුවින් යුතු ව, කිත් යසසින් සිටින්නෝ ය සඟ පිරිසේ රැස්වීමට, සතුටු සිතින් පැමිණියෝ ය සුක්කා කරුම්හා අරුණා, වේගනසා යන දෙවිවරු ඕදාතගය්හා දෙවිඳුන්, සහ ප‍්‍රධාන තව දෙවිවරු නමින් විචක්ඛණ දෙවිවරු, සතුටු සිතින් පැමිණුනෝ ය සදාමත්ත හාරගජා, මිස්සක යන දෙවිවරුන් ද දිසා වලට වැසි ලැබ දෙන, පජ්ජුන්න යන නමින් යුතු ව සිටිනා ඒ දෙවිවරුන් ද, මේඝ ගර්ජනා කරමින් රැස්වීමට පැමිණියෝ ය මේ සිටිනා දස දෙවිවරු, දස පිරිවර බැගින් යුතු ව නොයෙකුත් හැඩ රුවින් යුතු ව, සියළු දෙනම පැමිණියෝ ය ඉර්ධි බලෙන් යුතු ඒ හැම, දිළිහි දිළිහි සිටින්නෝ ය සුන්දර හැඩරුවින් යුතු ව, කිත් යසසින් සිටින්නෝ ය සඟ පිරිසේ රැස්වීමට, සතුටු සිතින් පැමිණියෝ ය ඛේමිය හා තුසිත ලොවේ, යාම ලොවේ ඇති දෙවිවරු කට්ඨක නම් යුතු දෙවිවරු, ලම්භීතක දෙවිවරුන් ද ලාමසෙට්ඨ දෙවිවරුන් ද, ජෝති නමින් යුතු දෙවියො ද ආසව යන දෙවිවරුන් ද, සතුටු සිතින් පැමිණියෝ ය නිම්මාණරති දෙවිවරුන් ද, පරනිම්මිත දෙවිවරුන් ද සතුටු සිතින් පැමිණියෝ ය ඉර්ධි බලෙන් යුතු ඒ හැම, දිළිහි දිළිහි සිටින්නෝ ය සුන්දර හැඩරුවින් යුතු ව, කිත් යසසින් සිටින්නෝ ය සඟ පිරිසේ රැස්වීමට, සතුටු සිතින් පැමිණියෝ ය මේ සිටිනා දස දෙවිවරු, දස පිරිවර බැගින් යුතු ව නො යෙකුත් හැඩ රුවින් යුතු ව, සියළු දෙන ම පැමිණුනෝ ය මෙහි පැමිණුන දිව්‍ය පිරිස, සැටක් පමණ සිටින්නෝ ය ඒ පැමිණුන හැම දෙවිවරු, නොයෙකුත් හැඩ රුවින් යුතු ව තම නම් ගොත් වලින් යුතු ව, සියළු දෙනා පැමිණුනෝ ය අනිත් සියළු දෙවිවරුන් ද, පොදු නමකින් පැමිණුනෝ ය ඉපදෙන ලොව අවසන් කළ, කෙලෙස් යවුල් උදුරා හළ සැඩ දිය කඳ තරණය කළ, නිකෙලෙස් මහ සඟ රුවන ද සැඩ දිය කඳ තරණය කළ, ලොවට උතුම් මුනිඳුන් වූ පුන් සඳ විලසින් බබලන, නිකෙලෙස් බුදු රජාණන් ද බැහැ දැක ගන්නට ආවෙමු ඉර්ධි බලැති බුදු සමිඳු ගෙ, දරුවන් වූ සුබ‍්‍රහ්ම ද පරමත්ත ය යන බ‍්‍රහ්ම ද, නමින් සනංකුමාර බඹු තිස්ස බ‍්‍රහ්ම රාජයා ද, කපිලවස්තු මහ වනයේ රැස්වීමට පැමිණියෝ ය දහසක් බඹ ලොව දෙවිවරු, රැස්වීමට පැමිණියෝ ය මහා බ‍්‍රහ්මයා හැම විට, දිළිහි දිළිහි බබලන්නේ සුවිසල් බඹ සිරුරෙන් යුතු, පැතිරුණු කිත්යසසින් යුතු ඒ මහ බඹු හැම විට දි ම, හැමට ම ඉහළින් ඉන්නේ තම තමන් ගෙ බඹ පිරිසට, වෙන වෙන ම නායක වූ ඉසුරු බරින් පිරි බඹවරු, දහ දෙනෙක් ම පැමිණියෝ ය හැමට මැදින් පිරිවර හා, හාරිත බඹු පැමිණියේ ය සක‍්‍ර දෙවිඳු හා දෙවිවරු, මහ බඹු හා බ‍්‍රහ්මවරු ද සියළු දෙවියෝ එහි දී, රැස්වීමට පැමිණියෝ ය මාර සෙනඟ ඒ මොහොතේ, දෙවිවරු වෙත පැමිණියෝ ය කෘෂ්ණ නැමැති මාරයා ගෙ, අනුවණ බව බලනු මැනව මෙහි පැමිණෙව් අල්ලගනිව්, රාග තොණ්ඩුවෙන් බැඳලව් සැබැවින් මේ හැම දෙවිවරු, මර උගුලේ හිර කරලව් ඒ දෙවිවරු කිසි කෙනෙකුට, පැනයන්නට ඉඩක් නො දෙව් සියළු දෙනා හාත්පසින්, රැුකවල්ලා ගෙන ම සිටිව් මෙලෙසින් එහි වසවත් මරු, මාර සෙනඟ මෙහෙය වී ය අත්ලෙන් පොළොවට ගසමින්, බිහිසුණු හඬ නැංග වී ය වැහි කාලේ විදුලි කොටා, මහා මේඝ ගර්ජන කොට මහවැසි වසිනා විලසින්, ඒ වසවත් මාර තෙමේ වසඟ කරන්නට නො හැකිව, කිපුණු සිතින් හැරී ගියේ සදහම් ඇස් ඇති මුනිඳුන්, මේ සියල්ල වටහා ගෙන සාසනයෙහි ඇළුනා වූ, සව්වන් ඇමතීය මෙසේ පින්වත් මහණෙනී, ඔබත්, මෙය තේරුම් ගෙන සිටින්න මාර සෙනඟ දැන් මෙහි දී, පිරිස මැදට පැමිණුනෝ ය බුදු සමිඳු ගෙ වදන් ඇසූ, ඒ අරහත් ශ‍්‍රාවකයෝ මාර සෙනඟ ගැන දකින්ට, නුවණින් වීරිය කෙරුවෝ වීතරාගි උතුමන් ගෙන්, මාර පිරිස දුරු වුණෝ ය ලෝමයකු ද රහතුන් ගේ, කම්පා කළ නො හැක්කේ ය මාර යුධය ජය අරගෙන, බිය සැකයෙන් එතෙරට ගිය හැම තැන කිතු ගොස පැතිරුණ, හැම තැන හොඳ නම පැතිරුණ ඒ රහතුන් සියළු දෙනා, බුදු සසුනේ සව්වන් හා සැමදා සතුටින් සිටියෝය.

පාලියෙන්

ඒවං මේ සුතං ඒකං සමයං භගවා සක්කේසු විහරති කපිලවත්ථුස්මිං මහාවනේ මහතා භික්ඛුසංඝේන සද්ධිං පඤ්චමත්තේහි භික්ඛුසතේහි සබ්බේහේව අරහන්තේහි දසහි ච ලෝකධාතූහි දේවතා යේභුයේ‍යන සන්නිපතිතා හොන්ති භගවන්තං දස්සනාය භික්ඛුසංඝඤ්ච අථ ඛෝ චතුන්නං සුද්ධාවාසකායිකානං දේවානං ඒතදහෝසි අයං ඛෝ භගවා සක්කේසු විහරති කපිලවත්ථුස්මිං මහාවනේ මහතා භික්ඛුසංඝේන සද්ධිං පඤ්චමත්තේහි භික්ඛුසතේහි සබ්බේහේව අරහන්තේහි දසහි ච ලෝකධාතූහි දේවතා යේභුයේ‍යන සන්නිපතිතා හොන්ති භගවන්තං දස්සනාය භික්ඛුසංඝඤ්ච යන්නූන මයම්පි යේන භගවා තේනුපසංකමෙය්‍යාම, උපසංකමිත්වා භගවතෝ සන්තිකේ පච්චේකං ගාථං භාසෙය්‍යාමා ති අථ ඛෝ තා දේවතා සෙය්‍යථා පි නාම බලවා පුරිසෝ සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්‍ය, ඒවමේව සුද්ධාවාසේසු දේවේසු අන්තරහිතා භගවතෝ පුරතෝ පාතුරහංසු, අථ ඛෝ තා දේවතා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨංසු ඒකමන්තං ඨිතා ඛෝ ඒකා දේවතා භගවතෝ සන්තිකේ ඉමං ගාථං අභාසි ගමහාසමයෝ පවනස්මිං, දේවකායා සමාගතා අගතම්හ ඉමං ධම්මසමයං, දක්ඛිතායේ අපරාජිතසංඝන් ති ග අථ ඛෝ අපරා දේවතා භගවතෝ සන්තිකේ ඉමං ගාථං අභාසි තත‍්‍ර භික්ඛවෝ සමාදහංසු, චිත්තමත්තනෝ උජුකමකංසු සාරථී ව නෙත්තානි ගහෙත්වා, ඉන්ද්‍රියානි රක්ඛන්ති පණ්ඩිතා ති අථ ඛෝ අපරා දේවතා භගවතෝ සන්තිකේ ඉමං ගාථං අභාසි ඡෙත්වා ඛීලං ඡෙත්වා පලිඝං, ඉන්දඛීලං ඌහච්ච මනේජා තේ චරන්ති සුද්ධා විමලා, චක්ඛුමතා සුදන්තා සුසු නාගා ති අථ ඛෝ අපරා දේවතා භගවතෝ සන්තිකේ ඉමං ගාථං අභාසි යේ කේචි බුද්ධං සරණං ගතාසේ, න තේ ගමිස්සන්ති අපායං පහාය මානුසං දේහං, දේවකායං පරිපූරෙස්සන්තී ති අථ ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි, යේභුයේ‍ය්න භික්ඛවේ දසසු ලෝකධාතූසු දේවතා සන්නිපතිතා හොන්ති, තථාගතං දස්සනාය භික්ඛුසංඝඤ්ච, යේපි තේ භික්ඛවේ අහේසුං අතීතමද්ධානං අරහන්තෝ සම්මාසම්බුද්ධා, තේසම්පි භගවන්තානං ඒතපරමා යේව දේවතා සන්නිපතිතා අහේසුං සෙය්‍යථා පි මය්හං ඒතරහි යේපි තේ භික්ඛවේ භවිස්සන්ති අනාගතමද්ධානං අරහන්තෝ සම්මාසම්බුද්ධා, තේසම්පි භගවන්තානං ඒතංපරමා යේව දේවතා සන්නිපතිතා භවිස්සන්ති සෙය්‍යථා පි මය්හං ඒතරහි ආචික්ඛිස්සාමි භික්ඛවේ දේවකායානං නාමානි, කිත්තයිස්සාමි භික්ඛවේ දේවකායානං නාමානි, දේසිස්සාමි භික්ඛවේ දේවකායානං නාමානි, තං සුණාථ සාධුකං මනසිකරෝථ භාසිස්සාමී ති ඒවං භන්තේ ති ඛෝ තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතද වෝච සිලෝකමනුකස්සාමි, යත්ථ භුම්මා තදස්සිතා, යේ සිතා ගිරිගබ්හාරං, පහිතත්තා සමාහිතා පුථුසීහා ව සල්ලීනා, ලෝමහංසාහිසම්භුනෝ, ඕදාතමනසා සුද්ධා, විප්පසන්න මනාවිලා භියේ‍යා් පඤ්චසතේ ඤත්වා, වනේ කාපිලවත්ථවේ තතෝ ආමන්තයී සත්ථා, සාවකේ සාසනේ රතේ දේවාකායා අභික්කන්තා, තේ විජානාථ භික්ඛවෝ තේ ච ආතප්පමකරුං, සුත්වා බුද්ධස්ස සාසනං තේසං පාතුරහූ ඤාණං, අමනුස්සානදස්සනං අප්පේකේ සතමද්දක්ඛුං, සහස්සං අථ සත්තරිං සතං ඒකේ සහස්සානං, අමනුස්සානමද්දසුං අප්පේකේ නන්තමද්දක්ඛුං, දිසා සබ්බා ඵුටා අහු තඤ්ච සබ්බං අභිඤ්ඤාය, වවත්ථිත්වාන චක්ඛුමා තතෝ ආමන්තයී සත්ථා, සාවකේ සාසනේ රතේ දේවකායා අභික්කන්තා, තේ විජානාථ භික්ඛවෝ යේ වෝ හං කිත්තයිස්සාමි, ගිරාහි අනුපුබ්බසෝ සත්තසහස්සා තේ යක්ඛා, භුම්මා කාපිලවත්ථවා ඉද්ධිමන්තෝ ජුතීමන්තෝ, වණ්ණවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්කාමුං, භික්ඛූනං සමිතිං වනං ඡු සහස්සා හේමවතා, යක්ඛා නානත්තවණ්ණිනෝ ඉද්ධිමන්තෝ ජුතීමන්තෝ, වණ්ණවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්කාමුං, භික්ඛූනං සමිතිං වනං සාතාගිරා තිසහස්සා, යක්ඛා නානත්තවණ්ණිනෝ ඉද්ධිමන්තෝ ජුතීමන්තෝ, වණ්ණවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්කාමුං, භික්ඛූනං සමිතිං වනං ඉච්චේතේ සෝළසසහස්සා, යක්ඛා නානත්තවණ්ණිනෝ ඉද්ධිමන්තෝ ජුතීමන්තෝ, වණ්ණවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්කාමුං, භික්ඛූනං සමිතිං වනං වෙස්සාමිත්තා පඤ්චසතා, යක්ඛා නානත්තවණ්ණිනෝ ඉද්ධිමන්තෝ ජුතීමන්තෝ, වණ්ණවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්කාමුං, භික්ඛූනං සමිතිං වනං කුම්භීරෝ රාජගහිකෝ, වේපුල්ලස්ස නිවේසනං භියේ‍යා් නං සතසහස්සං, යක්ඛානං පයිරුපාසතී කුම්භීරෝ රාජගහිකෝ, සෝපාග සමිතිං වනං පුරිමඤ්ච දිසං රාජා, ධතරට්ඨෝ තං පසාසති ගන්ධබ්බානං ආධිපති, මහාරාජා යසස්සි සෝ පුත්තා පි තස්ස බහවෝ, ඉන්දනාමා මහබ්බලා ඉද්ධිමන්තෝ ජුතීමන්තෝ, වණ්ණවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්කාමුං, භික්ඛූනං සමිතිං වනං දක්ඛිණඤ්ච දිසං රාජා, විරූළ්හෝ තං පසාසති කුම්භණ්ඩානං ආධිපති, මහාරාජා යසස්සි සෝ පුත්තා පි තස්ස බහවෝ, ඉන්දනාමා මහබ්බලා ඉද්ධිමන්තෝ ජුතීමන්තෝ, වණ්ණවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්කාමුං, භික්ඛූනං සමිතිං වනං පච්චමඤ්ච දිසං රාජා, විරූපක්ඛෝ තං පසාසති නාගාණඤ්ච ආධිපති, මහාරාජා යසස්සි සෝ පුත්තා පි තස්ස බහවෝ, ඉන්දනාමා මහබ්බලා ඉද්ධිමන්තෝ ජුතීමන්තෝ, වණ්ණවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්කාමුං, භික්ඛූනං සමිතිං වනං උත්තරඤ්ච දිසං රාජා, කුවේරෝ තං පසාසති යක්ඛානඤ්ච ආධිපති, මහාරාජා යසස්සි සෝ පුත්තා පි තස්ස බහවෝ, ඉන්දනාමා මහබ්බලා ඉද්ධිමන්තෝ ජුතීමන්තෝ, වණ්ණවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්කාමුං, භික්ඛූනං සමිතිං වනං පුරිමං දිසං ධතරට්ඨෝ, දක්ඛිණේන විරූළ්හකෝ පච්චමේන විරූපක්ඛෝ, කුවේරෝ උත්තරං දිසං චත්තාරෝ තේ මහාරාජා, සමන්තා චතුරෝ දිසා දද්දල්ලමානා අට්ඨංසු, වනේ කාපිලවත්ථවේ තේසං මායාවිනෝ දාසා, ආගුං වඤ්චනිකා සඨා මායා කුටෙණ්ඩු වේටෙණ්ඩු, විටුච්ච විටුඩෝ සහ චන්දනෝ කාමසෙට්ඨෝ ච, කින්නුඝණ්ඩු නිඝණ්ඩු ච පනාදෝ ඕපමඤ්ඤෝ ච, දේවසූතෝ ච මාතලී චිත්තසේනෝ ච ගන්ධබ්බෝ, නළෝ රාජා ජනේසභෝ ආගුං පඤ්චසිඛෝ චේව, තිම්බරූ සුරියවච්චසා ඒතේ චඤ්ඤේ ච රාජානෝ, ගන්ධබ්බා සහ රාජුභි මෝදමානා අභික්කාමුං, භික්ඛූනං සමිතිං වනං අථාගුං නාභසා නාගා, වේසාලා සහ තච්ඡුකා කම්බලස්සතරා ආගුං, පායාගා සහ ඤාතිභී යමුනා ධතරට්ඨෝ ච, ආගුං නාගා යසස්සිනෝ ඒරාවණෝ මහානාගෝ, සෝපාග සමිතිං වනං යේ නාගරාජේ සහසා හරන්ති, දිබ්බා දිජා පක්ඛි විසුද්ධචක්ඛූ වේහාසයා තේ වනමජ්ඣපත්තා, චිත‍්‍රා සුපණ්ණා ඉති තේසං නාමානි අභයං තදා නාගරාජානමාසි, සුපණ්ණතෝ ඛේමමකාසි බුද්ධෝ සණ්හාහි වාචාහි උපව්හයන්නා, නාගා සුපණ්ණා සරණමගංසු බුද්ධං ජිතා වජිරහත්ථේන, සමුද්දං අසුරා සිතා භාතරෝ වාසවස්සේතේ, ඉද්ධිමන්තෝ යසස්සිනෝ කාලකඤ්ජා මහාභිස්මා, අසුරා දානවේඝසා වේපචිත්ති සුචිත්තී ච, පහාරාදෝ නමුචී සහ සතඤ්ච බලිපුත්තානං, සබ්බේ වේරෝචනාමකා සන්නය්හිත්වා බලිං සේනං, රාහුභද්දමුපාගමුං සමයෝදානි භද්දන්තේ, භික්ඛූනං සමිතිං වනං ආපෝ ච දේවා පඨවී ච, තේජෝ වායෝ තදාගමුං වරුණා වාරුණා දේවා, සෝමෝ ච යසසා සහ මෙත්තාකරුණාකායිකා, ආගුං දේවා යසස්සිනෝ දසේතේ දසධා කායා, සබ්බේ නානත්තවණ්ණිනෝ ඉද්ධිමන්තෝ ජුතීමන්තෝ, වණ්ණවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්කාමුං, භික්ඛූනං සමිතිං වනං වෙණ්හූ ච දේවා සහලී ච, අසමා ච දුවේ යමා චන්දස්සූපනිසා දේවා, චන්දමාගුං පුරක්ඛත්වා සුරියස්සූපනිසා දේවා, සුරියමාගුං පුරක්ඛත්වා නක්ඛත්තානි පුරක්ඛත්වා, ආගුං මන්දවලාහකා වසූනං වාසවෝ සෙට්ඨෝ, සක්කෝපාග පුරින්දදෝ දසේතේ දසධා කායා, සබ්බේ නානත්තවණ්ණිනෝ ඉද්ධිමන්තෝ ජුතීමන්තෝ, වණ්ණවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්කාමුං, භික්ඛූනං සමිතිං වනං ඉර්ධි බලෙන් යුතු එ් හැම, දිළිහි දිළිහි සිටින්නෝ ය අථාගුං සහභූ දේවා, ජලමග්ගි සිඛාරිව අරිට්ඨකා ච රෝජෝ ච, උම්මාපුප්ඵනිභාසිනෝ වරුණා සහ ධම්මා ච, අච්චුතා ච අනේජකා සූලෙය්‍ය රුචිරා ආගුං, ආගුං වාසවනේසිනෝ දසේතේ දසධා කායා, සබ්බේ නානත්තවණ්ණිනෝ ඉද්ධිමන්තෝ ජුතීමන්තෝ, වණ්ණවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්කාමුං, භික්ඛූනං සමිතිං වනං සමානා මහාසමානා, මානුසා මානුසුත්තමා ඛිඞ්ඩාපදුසිකා ආගුං, ආගුං මනෝපදුසිකා අථාගුං හරයෝ දේවා, යේ ච ලෝහිතවාසිනෝ පාරගා මහාපාරගා, ආගුං දේවා යසස්සිනෝ දසේතේ දසධා කායා, සබ්බේ නානත්තවණ්ණිනෝ ඉද්ධිමන්තෝ ජුතීමන්තෝ, වණ්ණවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්කාමුං, භික්ඛූනං සමිතිං වනං සුක්කා කරුම්හා අරුණා, ආගුං වේඛනසා සහ ඕදාතගය්හා පාමොක්ඛා, ආගුං දේවා විචක්ඛණා සදාමත්තා හාරගජා, මිස්සකා ච යසස්සිනෝ ථනයං ආග පජ්ජුන්නෝ, යෝ දිසා අභිවස්සති දසේතේ දසධා කායා, සබ්බේ නානත්තවණ්ණිනෝ ඉද්ධිමන්තෝ ජුතීමන්තෝ, වණ්ණවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්කාමුං, භික්ඛූනං සමිතිං වනං ඛේමියා තුසිතා යාමා, කට්ඨකා ච යසස්සිනෝ ලම්බීතකා ලාමසෙට්ඨා, ජෝතිනාමා ච ආසවා නිම්මාණරතිනෝ ආගුං, අථාගුං පරනිම්මිතා දසේතේ දසධා කායා, සබ්බේ නානත්තවණ්ණිනෝ ඉද්ධිමන්තෝ ජුතීමන්තෝ, වණ්ණවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්කාමුං, භික්ඛූනං සමිතිං වනං සට්ඨේතේ දේවනිකායා, සබ්බේ නානත්තවණ්ණිනෝ නාමන්වයේන ආගඤ්ඡු, යේ චඤ්ඤේ සදිසා සහ පවුත්ථජාතිමඛිලං, ඕඝතිණ්ණමනාසවං දක්ඛේමෝඝතරං නාගං, චන්දංව අසිතාතිගං සුබ‍්‍රහ්මා පරමත්තෝ ච, පුත්තා ඉද්ධිමතෝ සහ සනංකුමාරෝ තිස්සෝ ච, සෝපාග සමිතිං වනං සහස්සං බ‍්‍රහ්මලෝකානං, මහා බ‍්‍රහ්මාභිතිට්ඨති උප්පන්නෝ ජුතීමන්තෝ, භිස්මාකායෝ යසස්සිසෝ දසෙත්ථ ඉස්සරා ආගුං, පච්චේකවසවත්තිනෝ තේසඤ්ච මජ්ඣතෝ ආග, හාරිතෝ පරිවාරිතෝ තේ ච සබ්බේ අභික්කන්තේ, සඉන්දේ දේවේ සබ‍්‍රහ්මකේ මාරසේනා අභික්කාමුං, පස්ස කණ්හස්ස මන්දියං ඒථ ගණ්හථ බන්ධථ, රාගේන බද්ධමත්ථු වෝ සමන්තා පරිවාරේථ, මා වෝ මුඤ්චිත්ථ කෝචි නං ඉති තත්ථ මහාසේනෝ, කණ්හසේනං අපේසයී පාණිනා ථලමාහච්ච, සරං කත්වාන භේරවං යථා පාවුස්සකෝ මේඝෝ, ථනයන්තෝ සවිජ්ජුකෝ තදා සෝ පච්චුදාවත්ති, සංකුද්ධෝ අසයංවසී තඤ්ච සබ්බං අභිඤ්ඤාය, වවත්ථිත්වාන චක්ඛුමා තතෝ ආමන්තයී සත්ථා, සාවකේ සාසනේ රතේ මාරසේනා අභික්කන්තා, තේ විජානාථ භික්ඛවෝ තේ ච ආතප්පමකරුං, සුත්වා බුද්ධස්ස සාසනං වීතරාගේහපක්කාමුං, නේසං ලෝමම් පි ඉඤ්ජයුං සබ්බේ විජිතසංගාමා, භයාතීතා යසස්සිනෝ මෝදන්ති සහ භූතේහි, සාවකා තේ ජනේසුතා ති

Dhamma Deepa