M
01 බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
02 බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
03 ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
04 හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
05 හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
06 හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
07 කන්දෙකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
08 ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
09 මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
10 මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
11 පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
12 රිදීමාලියැද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
13 සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
14 ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
15 වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
විකිපීඩියා වෙතින්
ඌව පලාතේ අගනගරය වන බදුල්ල ශ්‍රි ලංකාවේ පිහිටා ඇත. මහනුවරට ගිණිකොණ දෙසින් පිහිටා ඇති බදුල්ල සිසාරා බදුලු ඔය විහිදී පවතී. මුහුදු මට්ටමේ සිට මීටර 680ක උසින් පිහිටි මෙය තේවතු වලින්ද වටවී පවතියි. මෙම නගරය නමුනුකුල කඳු වැටියෙන් වටවී පැවතීම විශේෂ ලක්ෂණයකි. නමුණුකුල කඳු වැටියේ මුදුන මුහුදු මට්ටමේ සිට මිටර 2016ක උසින් පවතියි. බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයවාදීන්ට යටත් වීමට පෙර මෙම නගරය පාලනය කරන ලද්දේ සිංහල රජවරැන් විසින්ය. පසුව මෙම නගරය බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයවාදීන්ගේ පාලන මධ්‍යස්ථානයක් බවට පත් විය. බ්‍රිතාන්‍යයන් විසින් නිපදවන ලද උඩරට දුම්රිය මාර්ගය අවසන් වන්නේ මෙම නගරයෙනි. මෙහි අරමුණ වනුයේ කොළඹ ප්‍රදේශයට වැවිලි නිශ්පාදන ප්‍රවාහනය කිරීමයි.
බදුල්ල සිට කොලඹ දෙසට මධ්‍යම කඳුකර බැවුමේ සිට කිලෝමිටර් 230ක දුර ප්‍රමාණයක් පවතියි. බදුල්ලේ සිට නුවර, කොළඹ, ගාල්ල දෙසට මාර්ග කිහිපයක් පවතියි. කොළඹ සිට බදුල්ලට රත්නපුර, බලන්ගොඩ, හපුතලේ, බණ්ඩාරවෙල සහ හාලිඇල හරහා ගමන්කල හැක. මෙම ගමන සදහා පැය 5-6 පමණ ගතවෙයි. නුවර සිට බදුල්ල දෙසට දිවෙන මාර්ග දෙකක් පවතියි. එම මාර්ග දෙක වන්නේ රජමාවත හරහා හෝ නුවරඑළිය හරහායි. ගාල්ල සිට බදුල්ලට ගමන් කිරීම සදහා වඩාත් සුදුසුම මාර්ගය වන්නේ මාතර, හම්බන්තොට, වැල්ලවාය, දෙමෝදර සහ හාලිඇල හරහායි. බදුල්ල දෙසට දිවෙන සැම මාර්ගයක්ම දර්ශනීය වන අතර මනා භුගෝලීය වෙනසක්ද දැක ගත හැක. බදුල්ල සහ එහි අවට පිහිටි දෑ විදේශිකයන් සදහා මනා තෝතැන්නක් වෙයි. හෝටන්තැන්න ජාතික වනෝද්‍යානය සහ නකලස් කඳු වැටිය බදුල්ලේ සිට සැතපුම් කිහිපයක් දුරින් පිහිටා ඇත.
+ මුතියංගන රජ මහා විහාරය – ගෞතම බුදුන් වහන්සේ සිය බුද්ධත්වයෙන් අටවන වස වෙසක් පුන් පොහොය දා පන්සියයක් මහ රහතන් වහන්සේලා සමගින් කැළණියට වැඩම කල අවස්ථාවේ ඌවේ නමුණුකුලට අධිපති ඉන්දික දෙවියන්ගේ ආරාධනාව මත මෙහි වැඩම කරන ලදී.
+ බෝගොඩ පැරණි විහාරය – බෝගොඩ පෞරාණික පන්සල සහ දාගැබ හාලිඇල නගරයට ආසන්නවද පිහිටා ඇත.
+ දුන්හිඳ ඇල්ල – බදුල්ල නගරයේ කි.මි 5ක් පමණ දුරින් පිහිටි දුන්හිඳ දිය ඇල්ල ලංකාවේ ඇති සුන්දරතම දිය ඇලි වලින් එකකි. එහි උස අඩි 210 ක් පමණ වේ.
+ බදුල්ල කතරගම දේවාලය – 17 වන සියවසේ මහනුවර යුගයේ රජකම් කල පළමුවන විමලධර්ම සූරිය රජ විසින් බදුල්ල නගර මධ්‍යයෙහි බදුල්ල කතරගම දේවාලය දේවාලය ඉදිකරනු ලැබූ තිබෙයි.[1]
+ බදුලු ටැම් ලිපිය – බදුල්ල නගර මධ්‍යයේ පිහිටි සෙනරත් පරණවිතාන මහජන පුස්තකාල භූමි පරිශ්‍රය තුල බදුලු ටැම් ලිපිය පිහිටුවා තිබේ. එය මෙරට සෙල්ලිපි අතර සුවිශේෂ තැනක් ලබා ගන්නා පුරාවස්තුවක් සේ සැළකේ.
+ බදුල්ල වෙලේකඩේ පැරණි වෙළඳපොළ – බදුල්ල මහ රෝහල අසල බදුල්ල වෙලේකඩේ පැරණි වෙළඳපොළ ගොඩනැගිල්ල ඉදිකොට තිබේ. 1818 උඩරට ගිවිසුමෙන් පසුව ඉංග්‍රීසි ආණ්ඩුව මගින් බදුල්ල නගරයේ සාදන ලද විශේෂ වෙළඳ මධ්‍යස්ථානය ලෙස මෙය හඳුනාගෙන තිබේ.
+ බදුල්ල ඔරලෝසු කණුව – බදුල්ල නගර මධ්‍යයේ වූ බදුල්ල ඔරලෝසු කණුව මෙරට පැරණිතම ඔරලෝසු කණු අතරින් එකකි.
ජන සංඛ්‍යානය
ජන වර්ගය මුඵ ජනගහනය ප්‍රතිශතය % ට
සිංහල 19843 65.23
ශ්‍රි ලාංකීය මුස්ලිම 9422 21.49
ශ්‍රි ලාංකීය දෙමළ 2,717 6.64
ඉන්දියානු දෙමළ 1,989 4.86
වෙනත් ( බර්ගර්, මැලේ)ඇතුළත්ව
735 1.80
එකතුව 40,920 100