බෙහෙත් ඖෂධ පිදීමේ ආනිසංස

මෙත්ත ගුත්ත හිමි සුමේධ බුදු රජුන්ට ගිතෙල් පිදූ පිනින් අට වරක් සක් දෙවිඳු වුණේ ය. පනස් එක් වරක් සක්විති රජකම ලැබුවා. එසේම සෑම ජීවිතයක ම පාහේ අප්‍රමාණ භෝගසම්පත් ලැබුවා හ. අවසානයේ ඒ පින නිවනටද උපනිශ්‍රය වු බව 403 වන අපදානයේ පෙන්වා ඇත.
පිළින්‍දිවච්ඡ හිමිට බෙහෙත් පිදීමෙන් අනුසස් දහයක් ලැබුණා හ.
දීර්ඝායුෂ ලැබේ.Awshada Pooja බෙහෙත් ඖෂධ පිදීමේ ආනිසංස
බලවන්තයෙකු වේ.
වීර්යය වන්තයෙකු වේ.
වර්ණ සම්පත් ලැබේ.
යශස් ඇත්තේ වේ.
සැප ඇත්තේ වේ.
උපද්‍රව නැත්තේ වේ.
අන්තරා නැත්තේ වේ.
හැම කල්හි ම ගරු කරන ලද්දේ වේ.
ප්‍රිය විප්පයෝග දුක් නො ලැබේ.
තෙරුවන් සරණයි !
(කර්ම විපාක )