Abanoluwa Rajamaha Viharaya අඔන්ඔලුව රජමහා විහාරය

Abanoluwa Rajamaha Viharaya අඔන්ඔලුව රජමහා විහාරය

0362 258 772 

Dhamma deepa Blog

Location

Call

0362 258 772 

More Photos

Dhamma deepa Blog

Abanoluwa Rajamaha Viharaya අඔන්ඔලුව රජමහා විහාරයකුරුවිට කෝරලේ උඩපත්තුවේ මෝරගල ග්‍රාමසේවා වසමේ අඹන්ඔලුව කන්දේ ගල්ලෙනක පුරාණ විහාරයකි.

කඳුගැටය මධ්‍යයේ අඩි 45 – 50 ක්‌ පමණ උස සමසේ පොළොව මත නොපිහිටි ගල් ලෙනකි. මෙම ලෙන අඩි 35 ක්‌ පමණ උස ලෙන් කුහරය අඩි 30 ක්‌ පමණ දිග, අඩි 20 ක්‌ පමණ පළල කුහරයකි.

මෙහි කටාරම් කොටා ඇති නමුත් කලාත්මක භාවයෙන් තොර පොත්ගුල් විහාරය කූරගල බටකොඹ ලෙන හා බටතොට ලෙනහි කටාරම්වලට සමකල නොහැකිය. වළගම්බා රජ සමයේ ඉදි වූ ලෙන් තුළ වූ කටාරම්වලට සමාන වුවත් එය එතරම් පැහදිලි නොමැත. මෑත කාලයේ සැකසු ස්‌වරූපයක ලක්‌ෂණ ඇත. මෙය පිළිබඳව පුරාවිද්‍යා නිලධාරීන් තුළද සැකයක්‌ මතුව තිබෙන බැව් ප්‍රදේශ භාර නිලධාරියා වරෙක මා සමග පවසා ඇත.

ලෙන තුළ සැතපෙන බුදුපිළිමය උඩ ගලහි මහනුවර සමයේ චිත්‍ර වැලකි. එය කිහිප විටක සකසා ඇති බැව් පෙනේ.Abanoluwa Rajamaha Viharaya අඔන්ඔලුව රජමහා විහාරය

බුදුපිළිමයද මැටියෙන් කළ නිර්මාණයකී. සායම් ආලේප කර සකසා ඇති බැව් පුරාවිද්‍යා නිලධාරීන් පවසයි. බුදුපිළිමය වටා ඇඳි බුදුරැස්‌ වළල්ල රේඛා චිත්‍ර ක්‍රමයකි.

කුටියට පිවිසෙන දොරටුව අසල බිත්තියේ කොණ්‌ඩ බැඳි කඩුවක්‌ අතින් ගත් හේවායෙක්‌ සහ ගිණි අවියක්‌ අතින් ගත් හේවායෙකි.

මහනුවර සමයට අයත් චිත්‍ර ඇති බැවින් සිතාවක රාජ්‍ය සමයේ පිළිසකර කළ ආකාරයක්‌ උසුලයි. දොරටුව සමීපයේ බලි රූපයක්‌ද තිබේ.

වළගම්බා රජ සමයේ ඉදි වූ ලෙන තුළ සිතාවක රාජ්‍ය සමයේ පිළිමය හා චිත්‍ර ඇඳි බවට ද සැකයකි.

ඇහැළියගොඩ නගර මධ්‍යයේ පිහිටි මදරාසිංහාරාමයේ ඇඳි මහනුවර සමයේ චිත්‍රවලට සමානකමක්‌ අඹන්මලුව රජමහා විහාර චිත්‍ර වලද ඇත.

Abanoluwa Rajamaha Viharaya අඔන්ඔලුව රජමහා විහාරයඇහැළියගොඩ මදරාසිංහාරාමයේ පැරණි චිත්‍ර කොටස සහ අඹන්ඔලුව ලෙන් විහාරයේ චිත්‍ර කුටිය ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රැකවරණය මධ්‍යයේ ආරක්‌ෂා වෙමින් පවති.

අඹන්ඔලුව රජමහා විහාරය නම් වූ මේ පින්බර භූමිය බඹරකොටුවේ වාසල මුදළිගෙ දුම්බර රාජකරුණා මහ අධිකාරම් නිළමේ තුමාගේ අත්සනින් ක්‍රි. ව. 1802 දී අංක 865 දරණ සන්නස්‌ පත්‍රය පූජ්‍යපාද හපුqවිට රතනජෝති හිමිපානන්ට පූජා කරන ලද්දකි. එම කාලයේ මෙහි පූජ්‍යපාද උඹයාලේ ගුණරත්න ස්‌වාමින් වහන්සේ වැඩවිසූ බැව් සඳහන් වේ.

ගෞරව පූජ්‍යපාද රතනජෝති හිමියන්ගෙන් පසු මොරතොට ධම්මක්‌නන්ද ස්‌වාමින් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවේ හිමි නමකි.

ශිෂ්‍ය ශිෂ්‍යානු පරම්පරාවෙන් 1910 සිට 1964 දක්‌වා කාලය තුළ පූජ්‍යපාද පරුස්‌සැල්ලේ විමලතිස්‌ස හිමිපාණෝ මෙහි විහාරාධිපති ධුරයට පත්විය.

උන්වහන්සේගෙ කාලයේ මෙහි නව නිර්මාණ නොහොත් ඉදිකිරීම් කිසිවක්‌ කළ බවක්‌ දක්‌නට සඳහන් නොවේ. මෙහි පැරැණි පිවිසුම් දොරටුවෙහි කුලුණු පවා කඩා වැටුනි.

ආවාස ගෘහය සහ ධර්මශාලාව සිංහල උළු සෙවිලි කර තිබූ බවට වර්තමානයේ දක්‌නට ලැබෙන සිංහල උළු කැබලි සාක්‌ෂි දරයි.Abanoluwa Rajamaha Viharaya අඔන්ඔලුව රජමහා විහාරය

සිංහල උළු සෙවිලි කළ ගොඩනැඟිල්ලකට රට උළු සෙවිලි කර තිබේ. පැරැණි සිංහල උළු කැබලි අතර පීලි රහිත උළු කැටද කිහිපයක්‌ දක්‌නට ලැබුණි. එම උළු 1832 දී සෙවිලි කළ උළු විය හැකිය.

මේ පැරැණි නටඹුන් ආශ්‍රයෙන් 1800 – 1900 දක්‌වා කාලය තුළ යම්කිසි දියුණුවක්‌ තිබූ බැව් පැහැදිලි වේ. මෙහි මාගල්හි නිර්මාණය කළ දේව රූපය කැඩී බිදී ගිය කොටස්‌ හමුවිය.

මේ අතර දේවරූප හා නයිපෙන රූප සටහන් ගල් කැබැල්ලක්‌ ද සුරක්‌ෂිතව තබා ආරක්‌ෂා වෙමින් පවතී. වාමන රූප අතර නයිපෙන රූප හතක කොටස්‌ කැබලිද දක්‌නට ඇත. කැඩී ගිය දේව රූපයෙහි ආභරණ පැළඳි වමතින් පුන්කලසක්‌ දරා සිටින රූපයක කොටසක්‌ තිබේ.

පූජ්‍ය හරැස්‌සැල්ලේ නායක හිමියන්ගේ ඇවෑමෙන්a පූජ්‍ය ඉද්දමල්ගොඩ විපුලතිස්‌ස ස්‌වාමින් වහන්සේට විහාරාධිපති ධුරය හිමිවිය. උන්වහන්සේගෙන් පසු රත්නපුර දිසාවේ ද්විතීය අධිකරණ සංඝනායක ගෞරව පූජ්‍යපාද පන්නිල ධම්මතිලක ස්‌වාමින් වහන්සේ විහාරාධිපති ධුරයට පත්විය.

ධම්මතිලක ස්‌වාමින් වහන්සේගේ අභාවයින් පසු විහාර භාරකාරාදී ධුරයේ වැඩවිසූ ගෞරව පූජ්‍යපාද හත්තපිටියේ පියදස්‌සි ස්‌වාමින් වහන්සේ මෙහි අධිපති ධුරයට පත්විය.

වර්තමානයේ විහාරාධිපති ධුරය දරන ගෞරව පූජ්‍ය පාද හත්තපිටියේ පියදස්‌සි ස්‌වාමින් වහන්සේ අප සමඟ මෙලෙස පැවසූහ.

”මාගේ ගුරු ස්‌වාමින් වහන්සේ මට පැවරුවේ විශාල කැලයකින් යුක්‌ත රජමහා විහාරයකි. විහාර මලුවට පැමිණිය යුතු ගමන් මාර්ගයක්‌ද සැකසී නොතිබුණි. ආවාසයක්‌ද නොතිබූ ආවාසය දැඩි අබලන් තත්ත්වයේ වූ කඩා වැටෙන්න තිබූ ස්‌ථානයකී. ප්‍රථමයෙන් ආවාසය සමඟ දාන ශාලාවක්‌ ඉදිකර ගත්තේ දායකයන්ගේ සහ අසල්වැසි පරිත්‍යාගශීලි පින්වතුන්ගේ ආධාරයෙන්.

(Translated by Google)
An ancient temple located in the Ambanoluwa Kanda mountain in the Moragala Grama Seva Division in Udapattuwa, Kuruwita Korale.

In the middle of the mountain there is a rock cave, about 45 to 50 feet high. The cave is about 35 feet high and is about 30 feet long and 20 feet wide.

The pottagul monastery is unparalleled in the Batakomba cave and Batatota cave in Kuragala. Similar to the ditches found in the caves built during the reign of King Walagamba, it is less clear. Recently there has been some formulation. The officer in charge of the area once told me that archeology officers are suspicious about this.

The statue of Buddha resting in the cave is a painting of the Kandyan period. It appears to have been set up several times.

The Buddha statue is also made out of clay. Archaeological officials say that the dye has been painted. The Buddha ring attached to the statue is a line drawing.

On the wall near the entrance to the stall is a soldier with a hairy sword and a firearm in his hand.

The paintings belonging to the Kandyan period have been rebuilt during the reign of a Sithvaka. There is also a Bali image near the entrance.

The cave that was built during the reign of King Walagamba is also believed to have been a statue and paintings of the Sithvaka kingdom.

The Ambanmaluwa Rajamaha Vihara paintings are similar to the Kandyan period paintings of Madarasinharama in the center of Eheliyagoda.

The Eheliyagoda Madarasinharamaya art gallery and the Ambanoluwa cave temple are now being protected under the patronage of the Department of Archeology.

This land which was named as Amban Oluwa Rajamaha Viharaya was signed by the Dumbara Rajakaruna Maha Adhikaram Nilame of the Bambarakotuwa Vasala Mudali. The. In 1802, Sannaspathra, No. 865, was offered to Ven. Ratanajothi Thera. It is said that Venerable Umbayale Gunaratne Thera lived in this area.

Ven. Rathanajothi Thero is a descendant of Ven. Morathota Dhammakanda Nanda Thero.

From 1910 to 1964 Venerable Parusselle Wimalatissa Thera was appointed as the Viharadhipathi.

There is no mention of any innovations or constructions in his time. Even the towers of the old entrance gate collapsed.

The present tile fragments bear witness to the fact that the abode house and the synagogue had roofed Sinhala tiles.

The country has been tiled to a Sinhala tile roofing building. Among the ancient Sinhala tiles were a few tile-free tiles. Those tiles were probably 1832 roofed tiles.

It is evident that there was some development in the period from 1800 to 1900. It was here that the fragments of the goddess Magal were found.

In the meantime, the statues and splendid sketches are preserved and preserved. Seven fragments of dwarf images have been seen. There is a fragment of the image of a broken idol holding ornamenting a left sash with ornaments.

After the death of Ven. Herasselle Nayaka Thera, Ven. Iddamalgoda Wipulathissa Thero became the Viharadhipathi. Pannila Dhammathilaka Thero was appointed as the Chief Incumbent of the Ratnapura District.

After the demise of Dhammathilaka Thero, the Most Venerable Haththapitiye Piyadassi Thero became the head of the temple.

The current Chief Incumbent of the Vihara, Venerable Pada Hattapitiye Piyadassi Thero said,

“My teacher gave me a large forest with a large forest. No way to get to the Vihara Mall was prepared. It was a dilapidated collapse. The alms hall was initially built with the help of donors and philanthropists.

Related Posts

Solosmasthana සොළොස්මස්ථාන

Ape Pudabim අපේ පුදබිම්

Donations

You cannot copy content of this page