801 Views
2019/06/29
දින මොණරාගල ප්‍රාෙද්ශීය සභා කීඩා පිටියේ දී තුන් යාමයක් පුරා සිදු කළ ඓතිහාසික අසිරි මත් බුදු ගුණ දේශනාව
ven balangoda radha thero
සිතින් විමසා දත නොසමත් හෙයින් අචින්තනීය ගුණ ඇති, මුවින් පවසා කෙළ පැමිණි නොහෙන හෙයින් අවාච්‍ය ගුණ ඇති, නෙතින් අසිරි විඳ සොම්නස් නිම් නොවන හෙයින් අසම වූ රූ සිරි ඇති නිමල ලොව්තුරු දහමේ අමරණීය ප්‍රතිමූර්තිය අංගීරස වූ භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ ය. එනිසාම, හද සනහන සිතුවිල්ලකටත්, නෙත් පිනවන රූ සිරියකටත්, මුව සරසනා වදන් වැළකටත් එකම නිමිත්ත වන්නේ ඒ මහා කාරුණිකයන් වහන්සේගේ අසිරිමත් ගුණ රාශිය යි. අප බුදුරදුන් දිවමන් කල ඒ අසිරිය වින්දෝ අපමණ ය. ඇතැමෙක් කෙලෙස් දුක් ගිනි නිවා සසර දුකින් මිදුනහ. තවකෙක් ඒ නියත ආර්ය ප්‍රතිපදා මාර්ගයට පිළිපන්හ. ඇසිල්ලක් නමුදු ඒ මහා බුදු ගුණයට සිත පහදවා ගෙන බොහෝ දෙනා සුගතියට ගියහ. දෙව්ලෝ පිරී යන සතර අපා හිස් වන අසිරිමත් කාලයක් ලොවට උදාවිය. නමුත් බුදු පියාණන් වහන්සේගේ සෙවනැල්ලෙහි පහස විඳි ඇතැමෙක් ඊට භාග්‍ය නොලැබූහ. මහලු සිවලුන්ගේ හූ හඬින් ඒ මහා කේශර සිංහ නාදයට අභියෝග කරන්නට ඔවුහු වෙර දැරූහ. ස්වර්ග මෝක්ෂ දොර තුමූම වසා ගත්හ. ලිච්ඡවී රාජපුත්‍ර සුනක්ඛත්ත ඒ අතරින් එකෙකි. මුලදී හෙතෙම බුදු සසුනේ පැවිදිව සිටියේය. සිල් ගුණ දම් ද පුරුදු කළේය. නමුත් බුදුරජාණන් වහන්සේගේ ගුණ සාගරය හඳුනා නොගත්තේය. කසාවත දරා සිටියත් තීර්ථකයෝ, නිගණ්ඨයෝ සැබෑ රහත්හු යැයි සිතුවේය. එනිසා නොබෝ කලකින්ම සසුන් ගුණෙන් පිරිහී සිවුරු අතහැර, ගිහි සුදු වත් දැරීමට ඔහුට සිදුවිය. අනතුරුව, ලාමක පවිටු අදහස් ඇති සුනක්ඛත්ත මහ පිරිස් මැද ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේට නින්දා කළේය. දිනක් සැරියුත් මහ රහතන් වහන්සේ පිඬු පිණිස විශාලාවට වැඩි විටෙක සුනක්ඛත්තගේ අභූත දෝෂාරෝපණය අසා මහත් සංවේගයට පත්වූ සේක. මහ තෙරණුවෝ ශාස්තෘන් වහන්සේ වෙත ගොස් මෙය සැල කළහ. මහා කරුණාවේ ජීවමාන නිර්මිතය තථාගතයන් වහන්සේ යි. ලොවෙහි සතුනට ඒ ගුණය අසන්නට නැවතත් අවකාශයක් උදාවිය. අපරිමිත වූ අසාධාරණ වූ උතුරු මිනිස් දම් අළලා සැරියුත් තෙරුන් වහන්සේ ඉදිරියෙහි තථාගත ගුණ වරුණ බුදු මුවින් නික්මිය. සර්වඥතා ඥාන, සෘද්ධිවිධ ඥාන, දිව්‍ය ශ්‍රෝත්‍ර ඥාන, චේතොපරිය ඥාන, දසබල ඥාන, චතුවිශාරද ඥාන, අට පිරිස් මධ්‍යයෙහි අකම්පාවන ඥාන, සතර යෝනි පිරිසිඳ දන්නා ඥාන, පඤ්චගති පිරිසිඳ දන්නා ඥාන යන මෙතෙක් ලොව්තුරු ඥාන පිළිබඳ කරුණු හෙළි කළ සේක. තවද, කවදත් ලෝකයා ගරු කරන දුක් නිවන මඟ යැයි වරදවා ගන්නා අත්තකිලමථානුයෝගය පිළිබඳව ද පවසා වදාළ සේක. දුෂ්කර ක්‍රියා සමයෙහි කළ ඒ දැඩි වෘතයන් නිස්සාර දෙයක් වග පෙන්වූ සේක. මරණය හිම් කොට වැඩූ ඒ අප්‍රතිහත වීර්යය ලොවට හෙළි කළ සේක. සැබෑවටම එය හදවත සසල කරන්නකි. ගත ලොමු දැහැ ගන්වමින් බුදු ගුණය පිළිබඳ නොමැකෙන සටහනක් හදවතේ පිහිටුවන්නකි. සිත් පහදා, දොහොත් මුදුන් තබා, තථාගත සිරිපා මුල ඇද වැටෙන්නට හදවත පුබුදුවාලන්නකි. ඒ මහා කේශර සිංහ නාදය එපමණකටම අසිරිමත් ය. ඒ අසහාය බුදු ගුණ අසා සියලු සත්වයෝ සැනසිලි ලබත්වා !!! සාධු ! සාධු ! සාධු!සිතින් විමසා දත නොසමත් හෙයින් අචින්තනීය ගුණ ඇති, මුවින් පවසා කෙළ පැමිණි නොහෙන හෙයින් අවාච්‍ය ගුණ ඇති, නෙතින් අසිරි විඳ සොම්නස් නිම් නොවන හෙයින් අසම වූ රූ සිරි ඇති නිමල ලොව්තුරු දහමේ අමරණීය ප්‍රතිමූර්තිය අංගීරස වූ භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ ය. එනිසාම, හද සනහන සිතුවිල්ලකටත්, නෙත් පිනවන රූ සිරියකටත්, මුව සරසනා වදන් වැළකටත් එකම නිමිත්ත වන්නේ ඒ මහා කාරුණිකයන් වහන්සේගේ අසිරිමත් ගුණ රාශිය යි. අප බුදුරදුන් දිවමන් කල ඒ අසිරිය වින්දෝ අපමණ ය. ඇතැමෙක් කෙලෙස් දුක් ගිනි නිවා සසර දුකින් මිදුනහ. තවකෙක් ඒ නියත ආර්ය ප්‍රතිපදා මාර්ගයට පිළිපන්හ. ඇසිල්ලක් නමුදු ඒ මහා බුදු ගුණයට සිත පහදවා ගෙන බොහෝ දෙනා සුගතියට ගියහ. දෙව්ලෝ පිරී යන සතර අපා හිස් වන අසිරිමත් කාලයක් ලොවට උදාවිය. නමුත් බුදු පියාණන් වහන්සේගේ සෙවනැල්ලෙහි පහස විඳි ඇතැමෙක් ඊට භාග්‍ය නොලැබූහ. මහලු සිවලුන්ගේ හූ හඬින් ඒ මහා කේශර සිංහ නාදයට අභියෝග කරන්නට ඔවුහු වෙර දැරූහ. ස්වර්ග මෝක්ෂ දොර තුමූම වසා ගත්හ. ලිච්ඡවී රාජපුත්‍ර සුනක්ඛත්ත ඒ අතරින් එකෙකි. මුලදී හෙතෙම බුදු සසුනේ පැවිදිව සිටියේය. සිල් ගුණ දම් ද පුරුදු කළේය. නමුත් බුදුරජාණන් වහන්සේගේ ගුණ සාගරය හඳුනා නොගත්තේය. කසාවත දරා සිටියත් තීර්ථකයෝ, නිගණ්ඨයෝ සැබෑ රහත්හු යැයි සිතුවේය. එනිසා නොබෝ කලකින්ම සසුන් ගුණෙන් පිරිහී සිවුරු අතහැර, ගිහි සුදු වත් දැරීමට ඔහුට සිදුවිය. අනතුරුව, ලාමක පවිටු අදහස් ඇති සුනක්ඛත්ත මහ පිරිස් මැද ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේට නින්දා කළේය. දිනක් සැරියුත් මහ රහතන් වහන්සේ පිඬු පිණිස විශාලාවට වැඩි විටෙක සුනක්ඛත්තගේ අභූත දෝෂාරෝපණය අසා මහත් සංවේගයට පත්වූ සේක. මහ තෙරණුවෝ ශාස්තෘන් වහන්සේ වෙත ගොස් මෙය සැල කළහ. මහා කරුණාවේ ජීවමාන නිර්මිතය තථාගතයන් වහන්සේ යි. ලොවෙහි සතුනට ඒ ගුණය අසන්නට නැවතත් අවකාශයක් උදාවිය. අපරිමිත වූ අසාධාරණ වූ උතුරු මිනිස් දම් අළලා සැරියුත් තෙරුන් වහන්සේ ඉදිරියෙහි තථාගත ගුණ වරුණ බුදු මුවින් නික්මිය. සර්වඥතා ඥාන, සෘද්ධිවිධ ඥාන, දිව්‍ය ශ්‍රෝත්‍ර ඥාන, චේතොපරිය ඥාන, දසබල ඥාන, චතුවිශාරද ඥාන, අට පිරිස් මධ්‍යයෙහි අකම්පාවන ඥාන, සතර යෝනි පිරිසිඳ දන්නා ඥාන, පඤ්චගති පිරිසිඳ දන්නා ඥාන යන මෙතෙක් ලොව්තුරු ඥාන පිළිබඳ කරුණු හෙළි කළ සේක. තවද, කවදත් ලෝකයා ගරු කරන දුක් නිවන මඟ යැයි වරදවා ගන්නා අත්තකිලමථානුයෝගය පිළිබඳව ද පවසා වදාළ සේක. දුෂ්කර ක්‍රියා සමයෙහි කළ ඒ දැඩි වෘතයන් නිස්සාර දෙයක් වග පෙන්වූ සේක. මරණය හිම් කොට වැඩූ ඒ අප්‍රතිහත වීර්යය ලොවට හෙළි කළ සේක. සැබෑවටම එය හදවත සසල කරන්නකි. ගත ලොමු දැහැ ගන්වමින් බුදු ගුණය පිළිබඳ නොමැකෙන සටහනක් හදවතේ පිහිටුවන්නකි. සිත් පහදා, දොහොත් මුදුන් තබා, තථාගත සිරිපා මුල ඇද වැටෙන්නට හදවත පුබුදුවාලන්නකි. ඒ මහා කේශර සිංහ නාදය එපමණකටම අසිරිමත් ය. ඒ අසහාය බුදු ගුණ අසා සියලු සත්වයෝ සැනසිලි ලබත්වා !!! සාධු ! සාධු ! සාධු!