Sooriyagoda Royal Temple සූරියගොඩ රජ මහා විහාරය

Sooriyagoda Rajamaha Viharayaශ්‍රී ලංකාවේ වර්තමාන පරිපාලන බෙදීම්වලට අනුව මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි සූරියගොඩ රජමහා විහාරය පිහිටා තිබේ. මෙම විහාරස්ථානය අයත් වන ග්‍රාම නිලධාරී වසම වන්නේ ග`ගපළාත සූරියගොඩ ග්‍රාම නිලධාරී වසමයි. කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කිරිබත්කුඹුර හන්දියෙන් දකුණට හැරී කි.මී. 1 1/2ක් පමණ ගිය විට සූරියගොඩ රජමහා විහාර මාවත හමුවෙයි. එම මාවතෙහි මී. 750ක් පමණ ගිය විට මෙම විහාරස්ථානයට පිවිසිය හැකිය. බස් රථයෙන් ගමන් කරන්නේ නම් මාර්ග අංක 647/1 නුවර දෙහිඅංග බස් රථයෙන් ගොස් සූරියගොඩ හන්දියෙන් බැස සූරියගොඩ විහාර මාවතෙහි මී. 750ක් යා යුතුය.
එසේත් නැතිනම් මාර්ග අංක 642 මහනුවර මුරුතලාව පාර හතරලියද්ද බස් රථයෙන් ගොස් ඉළුක්තැන්න හන්දියෙන් බැස සූරියගොඩ රජමහා විහාර මාවතහෙි කි.මී. 3ක් පමණ යෑමෙන් ද සූරියගොඩ විහාරයට පිවිසිය හැකිය. විහාරය ඉදිරිපිට පවතින කුඹුරු යාය මෙම විහාරස්ථානයේ ඇති පාරිසරික සුන්දරත්වය වර්ධනයට හේතු සාධකයකි.
Sooriyagoda Rajamaha Viharayaසූරියගොඩ රජමහා විහාරයේ ඉතිහාසය
වර්තමානයේ දී මෙම විහාරස්ථානය ප‍්‍රසිද්ධව තිබෙන්නේ මහනුවර යුගයේ දී ඉදිකරන ලද ටැම්පිට පිළිමගෙය නිසාවෙන් සහ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන් පැවිදි ජීවිතයට ඇතුළත් වූ විහාරය නිසාය. ඒ අනුව මෙහි වර්තමාන වැදගත්කම මහනුවර රාජධානි සමයට සම්බන්ධ වේ. නමුත් මූලාශ‍්‍ර විමර්ශනයට ලක් කිරීමේ දී මෙහි ඉතිහාසට ඉන් බොහෝ පෙර අවධිවලට දිවයන බවට හඳුනාගත හැකිය. මෙම විහාරස්ථානය සතු එක් ලේඛනයකට අනුව මෙය පොලොන්නරු යුගය දක්වා ඈතට දිවයන බවට පැහැදිලි වේ. නමුත් එම ලේඛනයේ දැක්වෙන දින වකවානු දෝෂ සහිත බවට එච්. එම්. එස්. තුන්දෙණිය මහතා පෙන්වාදෙයි (ධීරානන්ද හිමි, 2007, පි. 10). එම ලේඛනයෙහි මෙසේ දැක්වෙයි.
”…කුරුණෑගලපුර ප‍්‍රස්ථාවේ දී වනරාජ යාපා මහතෙරුන් වහන්සේය ගම්පළ නුවර අරන්දර අභයරාජ මහතෙරුන්වහන්සේය….’’ (ධීරානන්ද හිමි, 2007, පි. 10)
මේ අනුව පෙනීයන්නේ මෙම විහාරයේ ඉතිහාසය කුරුණෑගල යුගයට සම්බන්ධ වන බවයි. කෙසේ නමුත් මෙම විහාරයේ ඉතිහාසය සම්බන්ධයෙන් විශ්වාසනීයත්වයෙන් යුතුව තොරතුරු හමුවන්නේ කෝට්ටේ යුගයට සම්බන්ධිතවය. කෝට්ටේ යුගයේ දී හයවන පරාක‍්‍රමබාහු රජුගේ (ක්‍රි ව. 1412-1467) රාජගුරු අත්තනායක සෙනරත් මුදලිඳුගේ ආරාධනයෙන් මෙහි විහාරයක් කරවා තිබේ. එකල කිත්සිරිමෙවන් රාජසුන්දර නම් භික්ෂුවක් ද මෙහි සිටි බවට ඇතැම්හු දක්වති (චූටිවොංග්ස්, ප්‍රේමතිලක සහ සිල්වා, 1990, පි. 1). නමුත් විහාරය සතු පැරණි ලේඛනයක දැක්වෙන්නේ හයවන පරාක්‍රමබාහු රජුගේ රාජගුරු වශයෙන් සිටි සූරියගොඩ විහාරේ ගෙදර විජයසුන්දර රාජගුරු රාජකරුණා අත්තනායක සෙනරත් බණ්ඩාරගේ ආරාධනයෙන් මෙම ස්ථානයේ විහාරයක් ඉදිකර ඇති බවයි.
Sooriyagoda Rajamaha Viharayaමෙම ලේඛනයෙහි සඳහන් කාලවකවානු පිළිබඳව විද්වතුන් අතර පවතින්නේ මතභේදාත්මක අදහසකි. එච්.එම්.එස්. තුන්දෙණිය මහතාට අනුව මෙම ලේඛනයෙහි දින වකවානු දෝෂ සහිත ය. මෙහි සඳහන් එක්වාදහස් සසිය සයානු අවුරුද්ද යනු බුද්ධ වර්ෂ 1696 වසරයි. එය බුද්ධ වර්ෂ ගණනය කිරීම ක්‍රි .පූ. 543 සිට සිදුකෙරේ. ඒ අනුව මෙහි දැක්වෙන බු.ධ. වර්ෂ 1696 ක්‍රි ස්තු වර්ෂයට අනුව 1153 වේ. එම වර්ෂය පොළොන්නරු යුගයට අයත් වන්නකි. කෝට්ටේ යුගය ආරම්භ වන්නේ ක්‍රි .ව 1453 සිට ය. මේ ආකාරයට මෙහි සඳහන් දින වකවානුවල දෝෂයන් පවතින බවට එච්.එම්.එස්. තුන්දෙණිය මහතා ඔහුගේ යටිනුවර විහාරවංසය නැමැති ප්‍රකාශිත නිබන්දය මගින් පෙන්වා දෙයි (තුන්දෙණිය, 1984, පි. 72). මහාචාර්ය මහින්ද සෝමතිලක මහතා පෙන්වා දෙන්නේ මෙම ලේඛනය රචනා කිරීමට භාවිත කර ඇති භාෂාව සහ අක්ෂර මාලාව නූතන අවධියට අයත් බවයි. එම නිසා මෙහි කිසිදු සත්‍යතාවක් නැති බවට ඔහු පවසයි (සෝමතිලක, 2013, පි. 14).
තවත් මූලාශ්‍රත ගත තොරතුරුවලට අනුව මෙම විහාරයේ ඉතිහාසය මහනුවර යුගයේ මුල් කාලයට දිවයයි. ඒ අනුව පළමු වැනි විමලධර්මසූරිය රජු (ක්‍රි.ව. 1592-1604) විසින් මෙය ආරම්භ කර ඇති බවට ඇතැම් මූලාශ‍්‍රයක දැක්වේ (සාරානන්ද හිමි හා සරණංකර හිමි, 1956, පි. 240). නමුත් කොටගම වාචිස්සර හිමිගේ සරණංකර සංඝරාජ සමය නැමැති කෘතියෙහි දැක්වෙන්නේ මෙය විහාරස්ථානයක් වශයෙන් ප්‍රකට වන්නේ දෙවැනි විමලධර්මසූරිය රජු (ක්‍රි.ව. 1687-1707) දවස පටන් බවයි. එම කාලයේ දී මෙහි පිළිවෙලින් වෑගම කිත්සිරිමෙවන් රාජසුන්දර සහ ඒදඩුවාවේ කිත්සිරිමෙවන් රාජසුන්දර යනුවෙන් භික්ෂූන් දෙනමක් වැඩ විසූ බවට සඳහන් වේ. මොවුන්ගේ පරපුරෙහි ඊට පසුව එන සූරියගොඩ කිත්සිරිමෙවන් රාජසුන්දර තොරුන් වහන්සේ රක්ඛංග දේශයේ සිට ලංකාවට වැඩම කළ සන්තාන හා ලෝකරාගපුග්ග යන තෙරවරුන් ගෙන් උපසම්පාදව ලබා තිබේ. ඒ සඳහා දෙවැනි විමලධර්මසූරිය රජුගේ අනුග‍්‍රය ද හිමිව තිබේ (වාචිස්සර හිමි, 1960, පි. 151). වර්ෂ 1697 දී සිදුවූ මෙය පිළිබඳව පැරණි ලේඛනයක විස්තර කොට ඇත.
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු දවස මෙම විහාරයේ ම වැඩ විසූ සූරියගොඩ තොරුන් එම රජුගේ උපදේශකවරයකු වශයෙන් ද කටයුතු කළ අයෙකි (රතනසාර හිමි, 1963, පි. 2). එදවස නරේන්ද්‍රසිංහ රජුගෙන් බොහෝ සම්මාන ලැබුණු නිසා මෙම විහාරය ශ්‍රී නරේන්ද්‍රසිංහාරාමය නමින් ප්‍රසිද්ධව තිබේ (රේවත හිමි, 1955, පි. 2). නමුත් මේ තත්ත්වය එනම් රජු ගෙන් ලැබුණු අනුග‍්‍රහය පසුව වෙනස් ව ඇත. ඊට තුඩු දුන් හේතුව වූයේ රජුගේ බිසවක සමග දස්කොන් ඇති කර ගත් පේ‍්‍රම සම්බන්ධයට සූරියගොඩ තෙරුන් උදව් කළ බවට රජු සැක ඇති වීමයි. මේ නිසා රජු සූරියගොඩ හිමිව මරා දමන ලද බවට ජනප‍්‍රවාදයේ දැක්වේ. ඉන් නොනැවතුණු රජු විහාරයට අයත් දේපොළ උඩපල අප්පු නැමැත්තකුට පවරා දී ඇත. සූරියගොඩ තෙරුන්ගේ නෑයන් බිම්තැන්නේ සිරගත කොට ඇත (වාචිස්සර හිමි, 1960, පි. 152). මෙම සිදුවීම වන අවධියේ දී සූරියගොඩ තෙරුන්ගේ ශිෂ්‍ය වූ වැලිවිට සරණංකර හිමි 23 වන වියේ පසුවිය. මේ කාලය වන විට ලක්දිව බෞද්ධ උපසම්පදාව සම්පූර්ණයෙන්ම නැතිව ගොස් තිබුණි. විහාරස්ථානවල සිටියේ ගණින්නාන්සේලාය. ඔවුන් විහාරවල සිටියේ කාමභෝගී ජීවිතයක් ගත කරමිනි. මේ තත්ත්වය පිටුදකිමින් වියැකී ගිය බෞද්ධ භික්ෂු උරුමය නැවත ඇති කර ගැනීමට මූලිකත්වය ගත්තේ වැලිවිට ශ‍්‍රී සරණංකර හිමි ය. උන්වහන්සේ සූරියගොඩ හිමිගේ ගෝලයෙකු වශයෙන් පැවිදි වන්නේ මෙම සූරියගොඩ විහාරස්ථානයේ ය. එනිසා මෙම විහාරයේ ඉතිහාසය පිළිබඳව හැදෑරීමේ දී එම සිදුවීම වැඩි වැදගත්කමක් උසුලයි. අදටත් මෙම විහාරස්ථානය වැඩි ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඒ හේතුව නිසා යැයි කිවහොත් එය සාවාද්‍ය නොවේ.
Sooriyagoda Rajamaha Viharayaසරණංකර හිමිගේ ශාසනික කාර්යය භාර්යයන් සහ දැනුම නිසා පසුව රජ වන ශ්‍රී විජය රාජසිංහ(ක්‍රි .ව. 1739-1747) සහ කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි. ව. 1747-1781) යන රජවරුන්ගේ අනුග‍්‍රහයෙන් මෙම විහාරස්ථානය නැවත දියුණුවට පත්ව තිබේ. සූරියගොඩ ගමෙන් එම විහාරස්ථානයට (නරේන්ද්‍රාරාමයට) ඉටුකළ යුතු කාර්යයන් පිළිබඳව වර්ෂ 1870 අංක 04 දරණ ආඥා පනත යටතේ වූ ප‍්‍රවේණි පංගු හා රාජකාරී වැඩ ලේඛනය යටතේ දක්වා ඇත. ඒ පිළිබඳව මහචාර්ය හ`ගුරන්කෙත ධීරානන්ද හිමිගේ ”සූරියගොඩ රජමහා විහාරය’’ නැමැති කෘතියෙහි මෙලෙස දක්වා ඇත.
”මුළුතැන් පංගුව සඳහා විහාරේගෙදරට හේන් දෙනියේ කුඹුර, ගෙදරවත්ත, විහාරේ ගෙදර වත්ත, මැදකොටුවේහේන, උඩගේවත්ත හේන, පුජාගොඬේ හේන යනාදි ඉඩම් හිමි වූ අතර කළ යුතු රාජකාරිය වූයේ විහාරයේ දවස් පතා බත් මාච මුත් තැන් දෙකක් ඉවීමය. මුදල වූයේ රුපියල් 8 ශත 80 කි.
හේවා පංගුවට අයත් ඉඩම් බරන්මනේ කුඹුර සහ පන්සලේ වත්තයි. මෙය මාරුවෙන නිල පංගුවකි. හේවා නිල පංගුවට අයත් රාජකාරිය මුත්තෙට්ටුවේ සිට පන්සලට පිදුරුකැරලි සියයක් ඇදීම ද විහාර මළුවේ බස්නාහිර පැත්තේ තාප්පෙන් තුන් රියනක් අලූත්වැඩියා කිරීම ද බස්නාහිර පැත්තේ තාප්පය දිගේ මළුවෙන් බඹ හයක් සුද්ධ පවිත‍්‍රව තබා ගැනීම දසතර මංගල්‍ය එකිනෙකෙදී කුඹ හයකුත් පුරුග් ගොබ තුනකුත් ගෙනත් බෝමළුව සැරසිලි කිරීම ද වී අමුණක් කොටාදීම ද ඊට පැලකට වී ලාහක් බැගින් ලැබිම ද වෙසක් මාසයේ තිස් දවසේ දී ගල් ඔරුවේ වතුර පිරවිම ද අවුරුද්දකට හයවතාවකට නොවැඩි ස්තානගත සංඝයාට තම කැටුව හොඳට බත්මාළු දෙවේලක් බැගින් ලැබ ගමන් යාම යන ආදියයි. මෙම රාජකාරි ඉටු නොකළ හොත් රුපියල් 2 ශත 90 බැගින් ගෙවිය යුතු වේ.’’ (ධීරානන්ද හිමි, 2007, පි. 10-11)
සූරියගොඩ විහාරස්ථානයේ විහාරංග
විහාරස්ථානයක තිබිය යුතු සියලූම විහාරංගවලින් සමන්විත වූ අංග සම්පූර්ණ විහාරයක් වශයෙන් සූරියගොඩ විහාරය හඳුන්වාදිය හැකිය. මෙම විහාරයේ දැකිය හැකි විශේෂත්වයන් දෙකකි. ඉන් එකක් වන්නේ ප‍්‍රතිමාඝරය, චෛත්‍ය, සීමාමාලකය, ධර්මශාලාව, සංඝාවාසය යන විහාරාංගයන් එකම ගොඩනැ`ගිලි සංකීර්ණයක් තුළ නිර්මාණය කර තිබීමයි. මහනුවර යුගයේ දී ජනප‍්‍රිය වන සුවිශේෂී පිළිමගෙවල් සම්ප‍්‍රදායක් වන ටැම්පිට විහාර ආකෘතියට මෙහි ඇති පිළිමගෙය ඉදිකර තිබීම මෙම විහාරයේ ඇති දෙවන විශේෂත්වය වේ. මෙම විහාරස්ථනයට ඇතුළු විය යුත්තේ තරමක් උස ශිලාමය පියගැට පෙළක් නැ`ගීමෙනි. එහි කෙළවර අඩි 10ක් පමණ උස් වූ විශාල දැවමය උළුවස්සකි. එය සවිකොට තිබෙන්නේ ශිලාමය පාදමක් සහිත ප‍්‍රාකාරයකට ය. මෙම ප‍්‍රාකාර බැම්මේ වහල පෙති උළු සෙවිලි කිරීමෙන් නිර්මාණය කර ඇත. විහාරස්ථානය ප්‍රතාපවත් බවක් මෙම ප්‍රාකාරය නිසා ලැබී ඇත.
01. දැවමය වාහල්කඩ
වාහල්කඬේ ප්‍රධාන දොරටුව දකුණු දිශාවට මුහුණ ලා නිර්මාණය කර ඇත. දැවයෙන් නිර්මාණය කර ඇති මෙම ප්‍රධාන පිවිසුම් දොරටුව සහ උළුවස්ස මහනුවර යුගයේ පැරණි ගෘහනිර්මාණ ශිල්පයෙහි විශිෂ්ටත්වය විදහාපායි. මෙම උළුවස්ස උළුවහු කණු දෙක, පඩිකඳ, උඩලිපත, බාපත, අ‘ගුල් කණුව යන අංගයන් ගෙන් සමන්විත වේ. තවද මෙහි උළුවහු කණුවෙන් ඉහළට යොදන තිරස් ලෑල්ලක් දක්නට ලැබේ. එය උත්තර ලෑල්ල ලෙසින් හඳුන්වයි (කුමාරස්වාමි, 1962, පි. 131). ආසන්න වශයෙන් මෙහි උස අඩි 10කි. දොර පියන් ඇතුළට විවෘත්ත කළ යුතුය. දොර පියන් විවෘත්ත කිරීමට සරණේරු භාවිත කර නොතිබීම මෙහි ඇති සුවිශේෂත්වයකි. ඉහළින් සහ පහළින් කුඩුම්බි විද දොර සවිකර ඇත. දොරෙහි පළල අ`ගල් 44 කි. උළුවස්සෙහි කැටයම් කපා තිබුණ ද දොර පියන්වල කිසිදු කැටයමක්, සිතුවමක් දක්නට නැත.02. සීමා මාලකය
වාහල්කඩෙන් ඇතුළට පිවිසුණු විට කෙළින් ම සීමා මාලකය සහිත ටැම්පිට පිළිමගෙය දැකගත හැකිය. අද වන විට මෙය විටෙක ධර්මශාලාව ලෙසින් ද භාවිත වේ. ඉපැරණි දැවමය කැටයම් සම්ප‍්‍රදායට අනුව සකස් කරන ලද දැව කණු 18ක් මෙහි සවිකොට ඇත. පියස්ස දරා සිටිනේ ඒවාගෙනි. මෙහි පාදමේ උස අඩි 3ක් පමණ වේ. සීමා ගල් 8කින් සීමා ලකුණු කොට තිබේ. උතුරු සීමා ගල් කණුවෙහි ”ශ‍්‍රී සු`ධ ශකරාජ වෂ_යෙන් එක්වා දහස් සත්සිය හැට දෙකට පැමිණි වෂ_යෙහි,.ජෝති භික්ෂුව විසිනි’’ යනුවෙන් සටහන් කර ඇත.
නැගෙනහිර කණුවක ”වෂ_ 1840 ශ‍්‍රී බු`ධ ශකරාජ,,’’ යනුවෙන් ද සඳහන්ව තිබේ. මේ අනුව මෙම සීමා මාලකයෙහි කාලය පිළිබඳව නිගමනය කළ හැකිය.
03. ස්තූපය සහ බෝධිය
සීමා මාලකයට ඉදිරිපසින් චෛත්‍ය පිහිටා ඇත. මෙහි උස රියන් හතකි (රේවත හිමි, 1955, පි. 😎. ඝණ්ඨාකාර හැඩයෙන් මෙය නිර්මාණය කර තිබේ. මෙම චෛත්‍ය වාහල්කඩ ඇතුළත මැද මිදුලෙහි නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.
04. සිරිපා විහාරය
වහල්කඩින් ඇතුළුවත් ම බටහිරින් සහ නැගෙනහිරින් පිළිම ගෙවල් දෙකක් දැකිය හැකිය. එයින් නැගෙනහිරින් ඇති විහාරය මේ නමින් හඳුන්වයි. බෝධිය අසල පැවති අඩි 5ක් පමණ දිග සිරිපා සටහනක් මෙම ස්ථානයට ගෙනවිත් පිළිමගෙයක් නිර්මාණය කොට ඇත. මෙම පිළිම ගෙයි ඇතුළත බුදුහිමි සිරිපා සලකුණ ශ‍්‍රී පාදස්ථානයේ තැබීම, දිවාගුහව, යක්ෂ දමනය, නාගදීපයට වැඩමවීම ආදී සිතුවම් සිත්තමට න`ගා තිබෙයි. මෙම සිරිපතුල් ගල මගින් මහනුවර යුගයේ සිටි ගල් වඩුවන්ගේ දක්ෂතාවය ප‍්‍රකට වේ.
05. වට ගෘහය
ටැම්පිට පිළිමගෙය, සීමා මාලකය, චෛත්‍ය හා ඝණ්ඨාර කුලූන යනාදිය මැදි කොට ගෙන නිර්මාණය කොට ඇති ගෘහ මාලකය මේ නමින් හඳුන්වයි. මෙහි දිග අඩි 70කි. පළල අඩි 45කි. මුල් කාලයෙි දී පිදුරු සෙවිලි කර තිබූ වහලට අද වන විට පෙති උළු සෙවිලි කොට ඇත. මෙම වට ගෘහයේ ඇතුළු පැත්ත ධර්ම ශාලාවක් ලෙස භාවිත කරයි. වර්තමානයේ දී පොහෝය දිනවලට සිල් සමාදන් වන පිරිස් ධර්මය අසන්නේ මෙහි සිට ය. මෙහි පිට පැත්ත ඇතුළත ඇති විහාරාංගවලට ආරක්ෂාව සපයන පවුරක් ලෙස පවතියි.
06. කෞතුකාගාරය
වර්තමානයේ දී සංඝාවාස ගොඩනැ`ගිල්ලේම කොටසක් කෞතුකාගාරයක් ලෙස පවත්වා ගෙන යයි. මෙහි වැලිවිට සරණංකර සංඝරාජ හිමි සමග සම්බන්ධ වන විවිධ කෞතුක භාණ්ඩ ප‍්‍රදර්ශනයට තබා තිබේ. මෙහි ඇතුළත කෑලි 9යකට සකසන ලද ලී උළුවස්සක් පවතියි. අනර්ඝ කැටයමින් අලංකාර කොට ඇති එය පැරණි දැව කැටයම්කරුවන්ගේ දක්ෂතාව පෙන්නුම් කරන කදිම නිදසුනකි. සරණංකර හිමි භාවිත කළ ලූල්ම අක්ෂර හෝඩිය දැක්වෙන තල්පත (මෙය ගිරා තලන් පත්තුවේ මදුල්ලේ හිමි විසින් ලියා ඇත.), සරණංකර හිමියන් ලිවීම සඳහා භාවිත කළ එක් පන්හිඳක් (පියන් දෙකකින් යුත් ලී කොපුවක මෙය තැන්පත් කොට ප‍්‍රදර්ශනයට තබා ඇත), සරණංකර හිමි විසින් ම කෙටි පත් ඉරුවල ලියන ලද බණදහම් පොත, සරණංකර හිමි දහම් පොත් පත් එකතු කරන කාලයේ දී අමාරුවෙන් සොයා ගන්නා ලද පුස්කොළ ජාකත පොත, සියම් රජුගෙන් සරණංකර හිමිට ලැබුණු ඇත්දත් බුදුරුව හා බඳ පටිය, පෙරහැර හා සම්බන්ධ ඇතැම් උපකරණ, ත‍්‍රිපිටක ධර්මය ලියන ලද පුස්කොළපොත්, භික්ෂූන් ගමනාගමනයට භාවිත කළ පැලැක්කි සහ දෝලා, කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු සූරියගොඩ විහාරයට දුන් ප‍්‍රධානයන් දැක්වෙන තඹ සන්නස යනාදීය මෙම කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා ඇති කෞතුකවස්තු අතරින් ප‍්‍රධාන වේ. 07. ටැම්පිට පිළිමගෙය ලංකාවේ මහනුවර යුගයේ දී වාඩත් ජනප‍්‍රිය වූ පටිමාඝර සම්ප‍්‍රදායක් වශයෙන් ටැම්පිට විහාරයන් හඳුනාගත හැකිය. ”ටැම්පිට විහාර’’ යන්නෙහි සරල වචනාර්ථය ටැම් හෙවත් කුලූණු මත ඉදිකළ විහාර යන්නයි.
උපුටා ගැනීමකි ..!

Donations

You cannot copy content of this page