Mahaa Mangala Sutta මහා මංගල සූත්‍රය

01 බහූදේවා මනුස්සා ච – මංගලානි අචින්තයුං
     ආකංඛමානා සොත්ථානං – බ්‍රෑහි මංගලමුත්තමං

බොහෝ දෙවි මිනිස්සු ද – සිතුවෝ ය මංගල කරුණු ගැන
යහපන කැමති ඔවුනට – උතුම් මංගල කරුණු ගැන පහදා දෙන්න මුනිඳුනි.

02 අසේවනා ච බාලානං – පණ්ඩිතානඤ්ච සේවනා
     පූජා ච පූජනීයානං – ඒතං මංගලමුත්තමං

නරක අය නොම ඇසුර ද – කළණමිතුරන් සමඟ නිති ඇසුර ද
පිදිය යුත්තන් පිදුම ද – මේවා උතුම් මංගල කරුණු ය

03 පතිරූපදේසවාසෝ ච – පුබ්බේ ච කතපුඤ්ඤතා
     අත්තසම්මාපණිධි ච – ඒතං මංගලමුත්තමං

යහපත් තැනක විසුම ද – පෙර කළ පින් තිබීම ද
තමා යහමඟ යාම ද – මේවා උතුම් මංගල කරුණු ය

04 බාහුසච්චඤ්ච සිප්පඤ්ච – විනයෝ ච සුසික්ඛිතෝ
     සුභාසිතා ච යා වාචා – ඒතං මංගලමුත්තමං

බොහෝ දැන උගත් බව – නොයෙකුත් ශිල්ප දත් බව
විනයකින් යුතු බව – මනා කොට හික්මුන බව
සුභාසිත වූ යම් බසක් වෙද – මේවා උතුම් මංගල කරුණු ය

05 මාතාපිතු උපට්ඨානං – පුත්තදාරස්ස සංගහෝ
     අනාකුලා ච කම්මන්තා – ඒතං මංගලමුත්තමං

මව්පිය උපස්ථානය – අඹුදරුවන්ට සැළකුම
මැනැවින් වැඩ කෙරුම – මේවා උතුම් මංගල කරුණු ය

06 දානඤ්ච ධම්මචරියා ච – ඤාතකානඤ්ච සංගහෝ
අනවජ්ජානි කම්මානි – ඒතං මංගලමුත්තමං

දන් පැන් පිදීම ද – දහම තුළ හැසිරීම ද
නෑයන්ට සැළකීම ද – නිවැරදි දේ කිරීම ද
මේවා උතුම් මංගල කරුණු ය

07 ආරති විරති පාපා – මජ්ජපානා ච සඤ්ඤමෝ
     අප්පමාදෝ ච ධම්මේසු – ඒතං මංගලමුත්තමං

පවෙහි නො ඇලීම ද – හැම පවින් වැළකීම ද
මත් පැනින් දුරු වීම ද – දහම තුළ නො පමාව ද
මේවා උතුම් මංගල කරුණු ය

08 ගාරවෝ ච නිවාතෝ ච – සන්තුට්ඨී ච කතඤ්ඤුතා
     කාලේන ධම්මසවණං – ඒතං මංගලමුත්තමං

උතුමන්ට ගරු කිරීම ද – නිහතමානී වීම ද
ලද දෙයින් තුටු වීම ද – කෙළෙහි ගුණ සැලකීම ද
නිසි කලට බණ ඇසීම ද – මේවා උතුම් මංගල කරුණු ය

09 ඛන්තී ච සෝවචස්සතා – සමණානඤ්ච දස්සනං
කාලේන ධර්මසාකච්ඡා – ඒතං මංගලමුත්තමං

ඉවසන ගුණයෙන් යුතු බව – යහපතට අවනත බව
ශ්‍රමණවරු බැහැ දැකුම ද – නිසි කල දම් සභාව ද
මේවා උතුම් මංගල කරුණු ය

10 තපෝ ච බ්‍රහ්මචරියඤ්ච – අරියසච්චානදස්සනං
     නිබ්බාණසච්ඡිකිරියා ච – ඒතං මංගලමුත්තමං

තපසෙහි විසීම ද – බඹසරෙහි හැසිරීම ද
ආර්ය සත්‍යයන් දැකීම ද – නිවන අවබෝධ වීම ද
මේවා උතුම් මංගල කරුණු ය

11 ඵුට්ඨස්ස ලෝකධම්මේහි – චිත්තං යස්ස න කම්පති
     අසෝකං විරජං ඛේමං – ඒතං මංගලමුත්තමං

අටලෝ දහම එන විට – නො සැලේද යමෙකුගෙ සිත
සෝක නැති කෙලෙසුන් නැති – බියක් නැති තැන සිටි විට
මේවා උතුම් මංගල කරුණු ය

12 ඒතාදිසානි කත්වාන – සබ්බත්ථමපරාජිතා
     සබ්බත්ථ සොත්ථිං ගච්ඡ්න්ති තං – තේසං මංගලමුත්තමන්ති

මේ අයුරින් කටයුතු කොට – අපරාජිත වී හැම තැන
යහපතට ම යති හැම තැන – එය ඔවුන් හට උත්තම මංගල කරුණු ය

Dhamma Deepa