ගඟින් එතර වන්නට පාලමක් සාදා පූජා කිරීමේ පුණ්‍ය විපාක

Paalam Edhadu Pooja පාලමක් සාදා පූජා කිරීමේ පුණ්‍ය විපාක“බදිරවනිය රේවත”මහා රහතන් වහන්සේ අතීත භවයකදී නැව් එක්කොට පාලමක් සාදා පූජා කර තිබිණි.
අතීත භවයන් වලදී නිවන් දකින්නටම මහා පිංකම් කර ගනිමින් ආ මෙතුමා පදුමුත්තර බුදුපියාණන් වහන්සේ පහළ වන විට නැව් රැකියාව කරන නිවසක උපත ලැබීය.හිමාලය කන්දෙන් ගලාගෙන එන භාගිරථී ගංගාවෙහි නැවියෙකු ලෙස තරුණ කාලයෙහි කටයුතු කළේය.
දිනක් පදුමුත්තර බුදු පියාණන් වහන්සේ දහසක පමණ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන භාගිරථී ගංගාවෙන් එතරවන්නට එහි වැඩම කරන බව මෙතුම දැන ගත්තේය.ඉක්මනට තමන්ගේ හිතවත් අනිත් නාවිකයන් සමග කථා කළ මෙතුමා හැමදෙනාගේම නැව් එකතු කර පාලමක් සාදා බුදු රජාණන් වහන්සේට වැඩම කරන්නට පූජා කළහ.
රහතන් වහන්සේලා සමග තථාගයන් වහන්සේ එයින් එගොඩ විය .මේ අසිරිමත් ගමන දෙස බලා සිටි මෙතුමාට ඇති වුයේ නිම් හිම් නැති සතුටකි.මෙම නිරාමිෂ සතුටින්ම සිටි මෙතුමා මරණින් පසු දෙව්ලොව උපත ලැබීය.එහිදී නැවක් හා මාන දේව විමානයක් ලැබුණි.
මීට කල්ප අටකට පෙර සක්විති රජ පදවියද හිමි විය.පනස් හත්වන කල්පයෙහි චම්පක නමින් ක්ෂත්‍රීය රජ කෙනෙක් විය.මේ චම්පක රජතුමා එතැනින් මියගිය පසු මිනිස් ලොවම රේවත නමින් බමුණෙක්ව අප සැරියුත් මහ රහතන් වහන්සේගේ බාල සහෝදරයා ලෙසම උපත ලැබීය.
සැරියුත් මහ රහතන් වහන්සේ පැවිදි වූ බව අසා පැවිදි වන්නට සිතා භික්ෂූන් වහන්සේලා වෙත ආවේය.මහ රහතන් වහන්සේල්ගේම මළනුවන් බව දැනගෙන ඒ භික්ෂූන් වහන්සේලා මෙතුමාව පැවිදි කරවිය.අවුරු විස්ස සම්පූර්න වනවිට උපසම්පදා කරවීය.ටික දිනකින්ම විදර්ශනාව වැඩු රේවත තෙරුන් ෂට් අභිඥ්ඥා සහිතව මහා රහත් පදවිය ලැබීය.
දිනක් අප බුදු පියාණන් වහන්සේ භික්ෂ්ස්න් වහන්සේලා මැද දී ආරණ්‍යවන වාසය කරන භික්ෂූන් වහන්සේලා අතර අග තනතුර බදිරවනුය රේවත මහ රාහතන් වහන්සේට ලබා දුන්හ.පසු දිනකදී අතීත භවයන් බලන මෙම මහ රහතන් වහන්සේ අතීත විස්තර කථාව දැක එය විස්තර කළහ.
(අපදාන කථා.බදිරවනිය රේවත ථේරාපදානය)
සාධු… සාධු… සාධු…
තෙරුවන් සරණයි!
*** අතිපූජණීය තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේ විසින් රචනා කළ “පිංකම්හි ආනිසංස” පොතෙන් උපුටා ගන්නා ලදී…***