සංඝරත්නය ගැන සිත පහදවා ගැනීමේ පුණ්ය විපාක.

සම්පසාදක තෙරුන් වහන්සේ සංඝරත්නය ගැන සිත පහදවා ගෙන තිබුණි. අතීත භවයන් වලදී බුදු බුදුපියාණන් බුදුපියාණන් වහන්සේලා මුණගැසෙමින් මෙතුමා නිවන් දකින්නට හේතු සම්පත් කරමින් ආවේය. සිද්ධාර්ථ බුදු බුදුපියාණන් වහන්සේ පහළ වන කාලයේදී මෙතුමා උපත ලැබීය. මාරාන්තික අසනීපයකින් පීඩායට පත්වෙමින් සිටි මෙතුමා ගැන අනුකම්පාවෙන් තථාගතයන් වහන්සේ වැඩම කළහ.
සිද්ධාර්ථ බුදු පියාණන් වහන්සේ දුටු මෙතුමා මෙසේ කීහ . “සියලු කෙලෙස් වලින් මිදුණු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! මේ අසනීපය නිසා මං බොහොම දුකින් ඉන්නෙ. මට පිහිට වෙන්න.” මේ මොහොතෙහි බුදුපියාණන් වහන්සේ මෙසේ දේශනා කළහ. “මහා සංඝරත්නය මහ මුහුද වගේ. විශාල ගුණ සමුදායක් තිබෙනවා. අනුත්තර ගුණ ඇති ඒ සංඝරත්නය ගැන ඔබ සිත පහදවාගන්න. කුසල් නමැති බීජය සිටිය රෝපණය කරගන්න.”
මෙසේ දේශනා කර තථාගතයන් වහන්සේ අහසින් වැඩම කළහ . මෙතුමා වේදනාව ගැන නොසිතා බුදුපියාණන් වහන්සේ කල දේශනාවම හිතමින් අහසින් වැඩම කළ ආකාරය ම සිහි කරමින් සිටින විට මිය ගියේය.
මරණයෙන් පසු උපත ලැබුවේ තුසිත දෙව්ලොවයි . සංඝරත්නය ගැන පැහැදීම නිසා කල්පයක් ම දෙව්ලොව වාසය කර එය මීට අනූහතර කල්පයකට පෙර කරගත් එම පින්කම නිසාම අප බුදුපියාණන් වහන්සේගේ කාලයෙහි උපත ලබා පැවිදි වී රහත් විය . අතීත භවයන් බලමින් බලමින් ඒ අතීත පින්කම් පින්කම් විස්තර කළේය .
(අපදාන කථා , සම්පත් සාධක ථේරපදානය)
සාධු සාධු සාධු
තෙරුවන් සරණයි!
*** අතිපූජණීය තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේ විසින් රචනා කළ “පිංකම්හි ආනිසංස” පොතෙන් උපුටා ගන්නා ලදී…***