24. Trushna Waggaya තෘෂ්ණා වර්‍ගය

24-1 කපිල මත්ස්‍යයා

මනුජස්ස පමත්තචාරිනො තණ්හා වඩ්ඪති මාලුවා විය
සො ප්ලවති හුරාහුරං ඵලමිච්ඡං’ව වනස්මිං වානරො.

පමා වැ වසන පුරුෂයාට තෘෂ්ණාව (රුකට) මාලුවා වැලක් මෙන් ඔහුගේ විනාශය පිණිස වැඩෙයි. ඒ තෘෂ්ණාවශග පුද්ගල තෙම වනයෙහි පල කැමැති (වැ රුකින් රුකට පනන) වඳුරකු මෙන් භවයෙන් භවයට දිවැ යන්නේ ය.

යං එසා සහතී ජම්මී තණ්හා ලොකෙ විසත්තිකා
සොකා තස්ස පවඩ්ඪන්ති අභිවට්ඨං’ව බීරණං.

අරමුණෙහි ඇලෙන ලාමක වූ මේ තෘෂ්ණාව යමකු මැඩැ පවතී ද, ඒ පුඟුලාහට මහවැස්සෙන් තෙමුනු හොට තණ (වැඩෙන්නා) සේ ශෝකයෝ වඩනාහු ය.

යො චෙ තං සහතෙ ජම්මිං තණ්හං ලොකෙ දුරච්චයං
සොකා තම්හා පපතන්ති උදබින්‍දූ’ව පොක්ඛරා.

ලාමක වූ ඉක්මිය නොහැකි වූ මේ තෘෂ්ණාව යමෙක් වනාහි මැඩ පවතී ද, ඔහු කෙරෙන් ශෝකයෝ පොකුරුපතින් දියබිඳු සේ ගිලිහෙන්නාහු ය. (පහ වන්නාහු ය).

තං වො වදාමි භද්දං වො යාවන්තෙත්‍ථ සමාගතා
තණ්හාය මූලං ඛණථ උසීරත්‍ථො’ව බීරණං
මා වො නලං’ව සොතො’ව මාරො භඤ්ජි පුනප්පුනං.

යම් පමණ කෙනෙක් මෙහි රැස් වූහු ද, ඒ තොප හැම දෙනාට වැඩෙක් වේ වා. ඒ කාරණයෙන් තොප හැම දෙනාහට මේ අවවාදය කියමි. එ නම්: සුවඳහොටමුලින් ප්‍රයෝජන ඇතියක්හු මෙන් තෘෂ්ණාවගේ මුල (හෙවත් අවිද්‍යාව) කණිවු. ගංතෙර හටගත් රණහුණ හෝ බටහුණ පඳුරක් කැණ ගෙණ යන වතුරක් මෙන් (ක්ලේශ මෘත්‍යු දිව්‍යපුත්‍ර යන ත්‍රිවිධ වූ) මාර තෙම නැවැත නැවැත තොප නහමක් බිඳී වා.

24-2 ඊරියකගේ පෙරැළිය

යථාපි මූලෙ අනුපද්දවෙ දළ්හෙ
ඡින්නො’පි රුක්ඛො පුනරෙව රූහති
එවම්පි තණ්හානුසයෙ අනූහතෙ
නිබ්බත්තති දුක්ඛමිදං පුනප්පුනං.

යම්සේ වෘක්‍ෂයක්හුගේ මූලය උපද්‍රවයකට නොපැමිණ ස්ථිරත්‍වයට පත් කලැ ඒ වෘක්‍ෂය සිඳින ලද්දේ නමුදු යලිත් වැඩේ ද, එසේ මැ තෘෂ්ණාවගේ අනුශය සිඳ නොපියන ලද කල මේ දුඃඛජාතය නැවත නැවතත් උපදී.

යස්ස ඡත්තිංසති සොතා මනාපස්සවනා භූසා
වාහා වහන්ති දුද්දිට්ඨිං සඞ්කප්පා රාගනිස්සිතා.

යම් කිසිවකුහට සතිස් වැදෑරුම් තෘෂ්ණාශ්‍රෝතසින් සමන්‍විත වූ මනාප වූ රූපාදි අරමුණෙහි ස්‍රවණය වන්නාවූ තෘෂ්ණා තොමෝ බලවත් වැ උපදී ද, අඥ වූ ඒ පුද්ගලයා රාගය ඇසුරු කළාවූ විතර්‍කයෝ බලවත් වූවාහු අපායට පමුණුවතී.

සවන්ති සබ්බධි සොතා ලතා උප්පජ්ජ තිට්ඨති
තඤ්ච දිස්වා ලතං ජාතං මූලං පඤ්ඤාය ඡින්‍දථ.

තෘෂ්ණාප්‍රවාහයෝ හැම තන්හි පවත්නාහු වෙති. ලතා නම් වූ තෘෂ්ණා තොමෝ සදොරෙහි ඉපද රූපාදි අරමුණෙහි පවතී. වනයෙහි ජාත වූ ඒ තෘෂ්ණාලතාව දැක මාර්‍ගප්‍රඥාවෙන් මුලින් මැ සිඳ ලවු.

සරිතානි සිනෙහිතානි ච සොමනස්සානි භවන්ති ජන්තුනො
තෙ සාතසිතා සුඛෙසිනො තෙ වෙ ජාතිජරූපගා නරා.

රූපාදි අරමුණෙහි විසිර ගියාවූ තෘෂ්ණාස්නේහයෙන් ගැල්වුන සොම්නස්හු තෘෂ්ණාවශික සත්ත්‍වයාහට වෙති. ඒ පුද්ගලයෝ පස්කම් සුව ඇසුරු කළාහු සැප සොයන සුල්ලෝ වෙති. එබඳු සත්ත්‍වයෝ ජාතිජරාව්‍යාධිමරණයනට ඒකාන්තයෙන් පැමිණෙත් මැ යැ.

තසිණාය පුරක්ඛතා පජා පරිසප්පන්ති සසො’ව බාධිතො
සංයොජනසඞ්ගසත්තා දුක්ඛමුපෙන්ති පුනප්පුනං චිරාය.

තෘෂ්ණාව විසින් පිරිවරන ලද්දාවූ සත්ත්‍වයෝ බඳනා ලද සාවකු මෙන් බිය වෙති. සංයෝජනසඞ්ගයෙන් බැඳුනාහු බොහෝ කල් නැවත නැවතත් දුකට පැමිණෙති.

තසිණාය පුරක්ඛතා පජා පරිසප්පන්ති සසො’ව බාධිතො
තස්මා තසිණං විනොදයෙ භික්ඛු ආකඞ්ඛී විරාගමත්තනො.

තෘෂ්ණාව විසින් පිරිවරණ ලද (හෙවත් වළඳනාලද) මේ සත්හු (වැද්දා විසින්) බඳනා ලද සාවකු මෙන් බිය පත් වන්නාහ. එහෙයින් රාගවිගමනය (නිවන) කැමති වන මහණ තෙම තෘෂ්ණාව රහත්මඟ නැණින් ප්‍රහීණ කරන්නේ ය.

24-3 සිවුරු හළ මහණෙක්

යො නිබ්බනථො වනාධිමුත්තො වනමුත්තො වනමෙව ධාවති
තං පුග්ගලමෙථ පස්සථ මුත්තො බන්‍ධනමෙව ධාවති.

යමෙක් තෘෂ්ණා රහිත වූයේ, තපෝවනයෙහි (දිව්‍යවිහාරයෙහි) ඇලුනේ, තෘෂ්ණාවනයෙන් (ගිහිබැම්මෙන්) මිදුනේ, නැවැත ගිහිබැම්මට ම දිවේ ද, එවු, ඒ පුද්ගලයා මෙසේ ව්‍යසනයට පැමිණියහු බලවු.

24-4 සිරගෙයි ලූ හොරු

න තං දළ්හං බන්‍ධනමාහු ධීරා
යදායසං දාරුජං බබ්බජඤ්ච.
සාරත්තරත්තා මණිකුණ්ඩලෙසු
පුත්තෙසු දාරෙසු ච යා අපෙඛා.

යකඩින් කරණ ලද්දා වූ ද දඬුයෙන් කරණ ලද්දා වූ ද බබුස් තණින් කරණ ලද්දා වූ ද යම් බන්‍ධනයෙක් වේ ද, ඒ සියල්ල ම (කඩු ආදියෙන් සින්දැ හැකි බැවින්) දැඩි බැඳුම් යැ යි පණ්ඩිතයෝ නො කියති. මිණිකොඬොල්හි ඉතා ඇලුනාවු යම් කෙනෙක් වෙත් නම් (ඔවුන්ගේ ඒ රාගය ද,) දූදරුවන් කෙරෙහිත් අඹුවන් කෙරෙහිත් යම් අපේක්‍ෂාවෙක් (තෘෂ්ණාවෙක්) වේ ද,

එතං දළ්හං බන්‍ධනමාහු ධීරා
ඔහාරිනං සිථිලං දුප්පමුඤ්චං
එතම්පි ඡෙත්‍වාන පරිබ්බජන්ති
අනපෙක්ඛිනො කාමසුඛං පහාය.

මේ කෙලෙස් බැම්ම ප්‍රාඥයෝ (අපායෙහි ඇද හෙලන හෙයින්) යට බලා යන්නා වූ, (බැඳි තැන සිවි ආදිය නො සිඳ ලේ නො සොල්ලා බැඳි බව ද නො දන්වා හැම කර්‍මාන්ත ද කරණුවට අවසර දෙන හෙයින්) ලිහිල් වූ, උනා හැරපියන්නට දුෂ්කර වූ දැඩි බැම්ම යැ යි කියත්. (නුවණැත්තෝ) මෙය පවා (නුවණ කගින්) සිඳ, (වස්තුකාම ක්ලේශකාමයෙහි) අපේක්‍ෂා නැත්තෝ කම්සුව හැර පැවිදි වන්නාහ.

24-5 ඛේමා

යෙ රාගරත්තානුපතන්ති සොතං
සයං කතං මක්කටකො’ව ජාලං
එතම්පි ඡෙත්‍වාන වජන්ති ධීරා
අනපෙක්ඛිනො සබ්බදුක්ඛං පහාය.

රාගයෙන් රත් වූ (ද්වේෂයෙන් ද්විෂ්ට වූ මෝහයෙන් මූඪ වූ) යම් සත්ත්‍ව කෙනෙක් තමන් විසින් කරණ ලද දැල අනුව පවත්නා එහි ම වැද හෝනා මකුළුවා මෙන්, තමන් ම උපදවා ගත් තෘෂ්ණාස්‍රෝතයෙහි ම වැටී හෙත් ද, ප්‍රාඥයෝ වනාහි මෙය ද සිඳ පියා විවිධ කාමයෙහි නිරාලය ව සියලු දුක් දුරැ ලා නිවන් පුර යන්නාහ.

24-6 උග්ගසේන සිටුපුත්

මුඤ්ච පුරෙ මුඤ්ච පච්ඡතො මජ්ඣෙ මුඤ්ච භවස්ස පාරගූ
සබ්බත්‍ථ විමුත්තමානසො න පුනං ජාතිජරං උපෙහිසි.

අතීත පස්කඳ කෙරෙහි තෘෂ්ණාව හරු. අනාගත පස්කඳ කෙරෙහි තෘෂ්ණාව ද හරු. වර්‍තමාන පස්කඳ කෙරෙහි තෘෂ්ණාව ද හරු. මෙසේ තුන් භවයේ පර තෙරට ගිය හෝ හැම ප්‍රත්‍යයසමුත්පන්නධර්‍ම කෙරෙන් මිදුනු සිත් ඇත්තෙහි, නැවත ජාතියට ජරාවට නො පැමිණෙන්නෙහි.

24-7 කෙල්ලකගේ බසට රැවටුණු මහණෙක්

විතක්කපමථිතස්ස ජන්තුනො තිබ්බරාගස්ස සුභානුපස්සිනො
භිය්‍යො තණ්හා පවඩ්ඪති එස ඛො දළ්හං කරොති බන්‍ධනං.

කාමවිතර්‍කාදි අකුශලවිතර්‍කයෙන් මැඩුනු, දැඩි කාමරාග ඇති, අරමුණු ශුහ වශයෙන් බලන සුලු වූ සත්ත්‍වයාහට බොහෝ කොට ම තෘෂ්ණාව වැඩේ. මේ පුද්ගල තෙම වනාහි තෘෂ්ණාබන්‍ධනය තර කරන්නේ ය.

විතක්කුපසමෙ ච යො රතො අසුභං භාවයති සදා සතො
එස ඛො ව්‍යන්තිකාහිති එස ඡෙච්ඡති මාරබන්‍ධනං.

යමෙක් අකුශලවිතර්‍කව්‍යුපශමයැ යි කියන ලද දශඅශුභාලම්බනයෙහි උපන් ප්‍රථමධ්‍යානයෙහි ඇලුනේ වේ ද, හැම කල්හි ම සිහි ඇතියේ ඵ් අශුභධ්‍යානය වඩා ද, මෙ තෙම වනාහි තෘෂ්ණාව ක්‍ෂය කරන්නේ ය. මෙ තෙම මාරබන්‍ධනය (හෙවත් ත්‍රෛභූමකවෘත්තය) සිඳැ ලන්නේ ය.

24-8 මරු නැගූ මහාහඬ

නිට්ඨං ගතො අසන්තාසී වීතතණ්හො අනඞ්ගණො
අච්ඡින්‍දි භවසල්ලානි අන්තිමො’යං සමුස්සයො.

යම් මහණෙක් නිෂ්ඨාවට (රහත්පලයට) පැමිණියේ වේ ද, (රාගාදි සන්ත්‍රාස නැති හෙයිනුත් ජීවිතාශා ප්‍රහීණ කළ හෙයිනුත් සිංහාදීන් ගෙන් වන සන්ත්‍රසයක් ද නැතියෙන්) නො තැති ගන්නා සුලු වේ ද, පහ වූ තෘෂ්ණා ඇත්තේ වේ ද, එහෙයින් ම රාගාදි අඞ්ගණ රහිත වේ ද (හෙවත් නිඃක්ලේශ වේ ද), භවගාමී සියලු ක්ලේශශල්‍යයන් උදුරා හැරැ පී ද, ඔහුගේ මේ අන්තිම ආත්මභාවය යි.

වීතතණ්හො අනාදානො නිරුත්තිපදකොවිදො
අක්ඛරානං සන්නිපාතං ජඤ්ඤා පුබ්බාපරානි ච
ස වෙ අන්තිමසාරීරො මහාපඤ්ඤො මහාපුරිසො’ති වුච්චති.

යම් මහණෙක් රහත්මඟින් පහ කළ භවතෘෂ්ණා ඇත්තේ ද, ස්කන්‍ධකාදියෙහි ආත්ම අත්මීය වශයෙන් ගැනුම් නැත්තේ ද, නිරුක්තිපදයන්හි (හෙවත් සිවු පිළිසැඹියාහි) දක්‍ෂ ද, අක්‍ෂරසමුදායයත් පුර්‍වාපරාක්‍ෂරයන් (යෙදෙන සැටි)ත් දන්නේ ද, කෙළවර අත්බව්හි සිටි හෙ තෙම ඒකාන්තයෙන් මහාප්‍රාඥයැ යි ද (සියලු කෙලෙසුන්ගෙන් මිදුනු හෙයින්) මහාපුරුෂයැ යි ද කියනු ලැබේ.

24-9 උපක ආජීවක

සබ්බාභිභූ සබ්බවිදූ’හමස්මි
සබ්බෙසු ධම්මෙසු අනූපලිත්තො
සබ්බඤ්ජහො තණ්හක්ඛයෙ විමුත්තො
සයං අභිඤ්ඤාය කමුද්දිසෙය්‍යං.

මම් සියලු (ත්‍රෛභූමක) ධර්‍මයන් මැඩැලූයෙම් වෙමි. සියලු (චාතුර්භූමක) ධර්‍මයන් දන්නෙම් වෙමි. සියලු (ත්‍රෛභූමක) ධර්‍මයන්හි (තෘෂ්ණදෘෂ්ටිලේපයෙන්) අනුපලිප්තයෙමි. (නො ඇලිනිමි.) සියලු (ත්‍රෛභූමක) ධර්‍ම පහ කොට සිටියෙමි. තෘෂ්ණාක්‍ෂයයෙහි (රහත් පෙලෙහි) (අශෛක්‍ෂ විමුක්තියෙන්) මිදුනෙමි. ඒ මම් (චතුස්සත්‍යයන්) තෙමේ ම ප්‍රත්‍යක්‍ෂ කොට දැන අන් කවරක්හු නම් සිය ගුරුහු කොට කියම් ද?

24-10 දෙවියන් අතර පැන නැගුනු ප්‍රශ්න සතරෙක්.

සබ්බදානං ධම්මදානං ජිනාති
සබ්බං රසං ධම්මරසො ජිනාති
සබ්බං රතිං ධම්මරතී ජිනාති
තණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාති.

ධර්‍මදානය තෙම සියලු ආමිස දානය පරදවයි (ධර්‍මදානය ම උත්තම යී.) (බෝපැකි දහම් නව ලොවුතුරා දහම් නැමැති) ධර්‍ම රසය (ලොව ඇති ලවණාදි) සියලු රස පරදවයි. (ධර්‍මරසය ම උතුමි.) (දම් දෙසන්නහුට ද අසන්නහුට ද උපදනා ප්‍රීතිය වූ) ධර්‍මරතිය (දූ පුත් ආදීන් නිසා ඇති වන තාක්) සියලු රතිය (ප්‍රීතිය) පරදවයි (ධර්‍මරතිය ම උතුමි.) තෘෂ්ණාක්‍ෂයය (රහත්පලය) (සසරදුක් මැඬ ලන බැවින්) සියලු දුක් පරදවයි.

24-11 අපුත්තක සිටු

හනන්ති භොගා දුම්මෙධං නො වෙ පාරගවෙසිනො
භොගතණ්හාය දුම්මෙධො හන්ති අඤ්ඤෙ’ව අත්තනා
.
(වස්ත්‍රාදි උපභෝග වස්තුහු ද දාසිදාසාදි පරිභෝග වස්තුහු ද යන) සියලු භෝගයෝ අනුවණයා නසන්නාහ. නිවන් නැමැති පරතෙර සොයන සුලු නුවණැත්තවුන් නො නසන්නාහ. අඥාන පුද්ගල තෙමේ භෝගයන්හි උපන් තෘෂ්ණාවෙන් (පව් කොට) අනුන් නසන්නක්හු මෙන් තමා නසන්නේ ය. (තමා අපායෙහි හෙළන්නේ ය).

24-12 අඞ්කුරගේ දානය

තිණදොසානි ඛෙත්තානි රාගදොසා අයං පජා
තස්මා හි වීතරාගෙසු දින්නං හොති මහප්ඵලං.

කෙත්හු (මාරතු කුඩුමැටි ආදි) තණ දොස් ඇත්තාහු ය. එසේ ම මේ සත්ත්‍වප්‍රජාව ද රාගය දොස් කොට ඇත්තේ ය. එ හෙයින් පහ වූ රාගය ඇතියන් කෙරෙහි (රහතුන් කෙරෙහි) දුන් දන මහත් පල වේ.

තිණදොසානි ඛෙත්තානි දොසදොසා අයං පජා
තස්මා හි වීතදොසෙසු දින්නං හොති මහප්ඵලං.

කෙත්හු තණ දොස් ඇත්තෝ ය. මේ සත් කැල ද ද්වේෂ සංඞ්ඛාත දෝෂය ඇත්තාහ. එ හෙයින් පහ වූ ද්වේෂය ඇතියන් (ක්‍ෂීණාස්‍රවයන්) කෙරෙහි දුන් දන මහත්පල වේ.

තිණදොසානි ඛෙත්තානි මොහදොසා අයං පජා
තස්මා හි වීතමොහෙසු දින්නං හොති මහප්ඵලං.

ක්‍ෂේත්‍රයෝ (සාමාකාදී) තෘණයන් දොස් කොට ඇත්තෝ වෙත්. (ශෂ්‍යඵල සමෘද්ධ නො වෙයි). මේ සත්ත්‍වප්‍රජාව (තත්ත්‍වප්‍රතිච්ඡාදක) මෝහය දොස් කොට ඇත්තේ ය. එ හෙයින් මෝහය දුරැලූ අශෛක්‍ෂවරයන්හට දෙන ලද්ද මහත්ඵල වෙයි.

තිණදොසානි ඛෙත්තානි ඉච්ඡාදොසා අයං පජා.
තස්මා හි විගතිච්ඡෙසු දින්නං හොති මහප්ඵලං.

ක්‍ෂේත්‍රයෝ (සාමාකාදී) තෘණයන් දොස් කොට ඇත්තෝ වෙත්. (ශෂ්‍යඵල සමෘද්ධ නො වෙයි.) මේ සත්ත්‍වප්‍රජාව ඉච්ඡාව දෝෂ කොට ඇත්තේ ය. එහෙයින් තෘෂ්ණාව දුරැලූ අශෛක්‍ෂවරයන්හට දෙන ලද්ද මහත්ඵල වෙයි.

Donations
You cannot copy content of this page