22-1 සුන්දරී පරිව්රාජිකාවගේ මරණය
අභූතවාදී නිරයං උපෙති යො වාපි කත්වා න කරොමීති චාහ
උභො’පි තෙ පෙච්ච සමා භවන්ති නිහීනකම්මා මනුජා පරත්ථ.
(පරහට දොස් නැගීම් වසයෙන්) බොරු කියන පුද්ගල තෙම නිරයට යන්නේ ය. තව ද යමෙක් පව් කොට ‘නො කෙළෙමි’යි කියා නම්, හේ ද නිරයට යන්නේ ය. පහත් ක්‍රියා ඇති ඒ මිනිස්සු දෙ දෙන ම මෙයින් මියැ ගොස් පරලොවැ දී (නරකොත්පත්ති හේතුයෙන්) ගති වශයෙන් සම වන්නාහ.
22-2 කාසාවකණ්ඨයෝ
කාසාවකණ්ඨා බහවො පාපධම්මා අසඤ්ඤතා
පාපා පාපෙහි කම්මෙහි නිරයං තෙ උපපජ්ජරෙ.
කසාවතින් වෙළන ලද ග්‍රීවා ඇති (හෙවත් දසරුවෙහි ලූ කසා කඩ ඇති) ලාමක ස්වභාවය ඇති (මහණ පිළිවෙතැ නොයෙදුනු) කායවාක් සංයම රහිත පුද්ගලයෝ බොහෝ වූහ. ඒ පාප පුද්ගලයෝ (තමන්ගේ) පව් කම්වලින් (මරණින් මතු) නිරයට යන්නාහ.
22-3 ගිනියම් කළ යගුළි ගිලීම
සෙය්යො අයොගුළො භුත්තො තත්තො අග්ගිසිඛූපමො
යඤ්චෙ භුඤ්ජෙය්ය දුස්සීලො රට්ඨපිණ්ඩං අසඤ්ඤතො.
සිල් නැති, කාය වාක් සංයම නැති පුද්ගල තෙම (රටවැස්සන්) සැදැහැයෙන් දුන් අහර (‘මමත් මහණෙකිමි’ යි පිළින කොට) වළඳන්නේ ය යන යමක් ඇද්ද, එයට වඩා දිලියුණු ගිනිසුලක් බඳු වූ යවට වළඳන ලද්දේ උතුමි.
22-4 පරඹුවන් කරා ගිය ඛේම
චත්තාරි ඨානානි නරො පමත්තො
ආපජ්ජති පරදාරූපසෙවී.
අපුඤ්ඤලාභං න නිකාමසෙය්‍යං
නින්දං තතියං නිරයං චතුත්ථං.
පරඹුන් සෙව්නා සුලු, පමා වූ පුරුෂ තෙම පළමු වන අකුසල ප්‍රතිලාභය ද, දෙවෙනි වූ නිකාමශ්යාව (කැමැති සේ වැදෑ හීම) නො ලැබීම ද, (හෙවත් මඳ නිදි ඇති බව ද), තෙවෙනි වූ මෙ ලොව ලබන නින්දාව ද, සතර වනු නිරයෙහි ඉපැද්ම ද යන දුක් කරුණු සතරට පැමිණෙයි.
අපුඤ්ඤලාභො ච ගතී ච පාපිකා
භීතස්ස භීතාය රතී ච ථොකිකා
රාජා ච දණ්ඩං ගරුකං පණෙති
තස්මා නරො පරදාරං න සෙවෙ.
ඔහුට අකුශලප්රතිලාභය ද, එයින් වන (නරකෝප්පත්තිසංඛ්යාත) ලාමක විපාක ගතිය ද වේ. බියපත්හුගේ බියපත් ස්ත්‍රිය හා සංසර්ගයෙන් උපදනා කාමරතිය ද ස්වල්ප වේ. රජ ද ගරු වූ දඬුවම් පණවයි. එහෙයින් පුරුෂ තෙම පරඹුවන් නො සෙව්නේ ය.
22-5 ඇවැත් මැඩ විසූ මහණෙක්
කුසො යථා දුග්ගහිතො හත්ථමෙවානුකන්තති
සාමඤ්ඤං දුප්පරාමට්ඨං නිරයායුපකඩ්ඪති.
කිසි කර තණයෙක් වරදවා ගන්නා ලද්දේ (නො පිටට අදනා ලද්දේ) එය ගත් අත ම යම් සේ සිඳී ද, එ පරිද්දෙන් ම මහණදම ද (ඛණ්ඩශීලතාදි වශයෙන්) වරදවා ගන්නා ලද්දේ, නරකයට ඔහු ඇද හෙළයි (නිරයෙහි උපදවයි).
යං කිඤ්චි සිථිලං කම්මං සංකිලිට්ඨං ච යං වතං
සඞ්කස්සරං බ්රහ්මචරියං න තං හොති මහප්ඵලං.
(පසු බැස බැස) ලිහිල් කොට කරන ලද යම් කුශල කර්මයෙක් ඇද්ද, (අගෝචරයෙහි හැසිරීමෙන්) සකිලිටි වූ යම් ව්‍රතයෙක් (ශීලයෙක්) වේ ද, (ලාභාපේක්ෂායෙන් කළ) සකිලිටි වූ යම් (ධුතාංග) ව්‍රතයෙක් ඇද්ද, (රැස් වන සඞ්ඝයා දැක මට දඬුවම් කරන්නට රැස් වූහ යි) සැකයෙන් යුතු ව හැසිරීමට කරුණ වූ (හෝ අනුන් විසින් සැක කටයුතු වූ පැවතුම් ඇති) යම් බඹසරෙක් ඇද්ද, ඒ සියල්ල (ප්රතිසන්ධිප්රවෘත්ති විපාක වශයෙන්) මහත්ඵල ඇත්තේ නො වේ.
කයිරා චෙ කයිරාථෙනං දළ්හමෙනං පරක්කමෙ
සඨිලො හි පරිබ්බාජො භිය්යො ආකිරතෙ රජං.
(එහෙයින්) ඉදින් කුශලයක් කරන්නේ නම් එය කරන්නේ ම ය. ඒ කුශලකර්මය ද තර කොට ම (අවස්ථිත සමාදාන ඇතිව ම) කරන්නේ ය. යම් හෙයකින් ඛණ්ඩාදිභාවයට පමුණුවන ලද ශ්රමණධර්මය වඩා ලා ම (බොහෝ කොට ම) රාගාදි රජස ඔහු සතන්හි වත් කරන්නේ ද, එහෙයිනි.
22-7 ආගන්තුක භික්ෂූහු
නගරං යථා පච්චත්තං ගුත්තං සන්තරබාහිරං
එවං ගොපෙථ අත්තානං ඛණො වො මා උපච්චගා
ඛණාතීතා හි සොචන්ති නිරයම්හි සමප්පිතා.
ප්‍රත්‍යන්තයෙහි (හෙවත් රට කෙළවරැ පිහිටි) (ද්වාරප්රාකාරාදිය තර කිරීමෙන්) ඇතුළත හා සහිත කොට, (දොරටු අටලු පදනම් අගල් ආදිය තර කිරීමෙන්) පිටත සහිත කොට (නොහොත් ඇතුළතින් පිටතින්) සොරුන් නොවැද්ද හැකි සේ රක්නා ලද නුවරෙක් යම් සේ ද, එ පරිද්දෙන් ම ආත්මය (හෙවත් සිත) රකිවු. යම් හෙයකින් ක්‍ෂණසම්පත් ඉක්මියාහු නිරයෙහි පිහිටියෝ (නිරයෙහි උපන්නෝ) ශෝක කෙරෙත් ද, එ හෙයින් (දුෂ්ට ක්ෂණයෙන් මිදුනු) ක්ෂණසම්පත්තිය ඒකාන්තයෙන් තොප නහමක් ඉක්මේවා.
22-8 පසුපස නො වැසූ නිගණ්ඨයෝ
අලජ්ජිතායෙ ලජ්ජන්ති ලජ්ජිතායෙ න ලජ්ජරෙ
මිච්ඡාදිට්ඨිසමාදානා සත්තා ගච්ඡන්ති දුග්ගතිං.
ලජ්ජා නො කටයුතු තන්හි යම් කෙනෙක් ලජ්ජා කෙරෙත් ද, ලජ්ජා කටයුතු තන්හි ලජ්ජා නො කෙරෙද් ද, (ලජ්ජා නො කළ මනා තැන ලජ්ජා කිරීම ය, ලජ්ජා කටයුතු තැන ලජ්ජා නො කිරීම ය යන මේ) තුච්ඡ වූ විපරීත වූ දෘෂ්ටිය ගෙණ වසන අඥාන සත්ත්වයෝ (සතර) අපායට යන්නාහ.
අභයෙ භයදස්සිනො භයෙ චාභයදස්සිනො
මිච්ඡාදිට්ඨිසමාදානා සත්තා ගච්ඡන්ති දුග්ගතිං.
බිය නො දැක්ක මනා තන්හි බිය දක්නා සුලු වූ, බිය දැක්ක මනා තන්හි නොබිය දක්නා සුලු වූ, (මෙසේ) විපරීත දෘෂ්ටි ගෙණ වසන අඥාන සත්ත්වයෝ නරකාදි දුගතියට යන්නාහ.
22-9 දෙව්රම්වෙහෙරට ගිය ලමයි
අවජ්ජෙ වජ්ජමතිනො වජ්ජෙ චාවජ්ජදස්සිනො
මිච්ඡාදිට්ඨිසමාදානා සත්තා ගච්ඡන්ති දුග්ගතිං.
නිරවද්‍ය ධර්මයන් පිළිබඳ වැ මෙය සාවද්‍ය යැ යි හටගත් බුද්ධි ඇති, සාවද්‍ය ධර්මයෙහි නිරවද්‍ය යැ යි දක්නා සුලු වූ, මෙ බඳු විපරීත ලබ්ධිය පිළිගෙණ හැසිරෙණ සත්ත්වයෝ දුගතියට පැමිණෙත්.
වජ්ජං ච වජ්ජතො ඤත්වා අවජ්ජං ච අවජ්ජතො
සම්මාදිට්ඨිසමාදානා සත්තා ගච්ඡන්ති සුග්ගතිං.
සාවද්‍ය ධර්මයන් සාවද්‍ය වශයෙන් ද නිරවද්යාධර්මයන් නිරවද්‍ය ධර්ම වශයෙන් ද තත් වූ පරිදි දැන අවිපරීත වු ලබ්ධිය පිළිගෙණ හැසිරෙන සත්ත්වයෝ සුගතියට පැමිණෙත්.