සසුන් කෙත අස්වද්දමු

ලක්ෂ 10 වියදමකින් අඩි 65 දිගින් යුක්තව මාඋස්සගොල්ල වදකහමඩ ගම් යාකර “සසුන් කෙත අස්වද්දමු” මිතුරන් සකසන පාලමේ වැඩ අවසන් අදියරේ.
මාතලේ දිස්ත්රික්කයේ රත්තොට ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝධිකොටුව ග්රාම නිලධාරී වසම සහ මාඋස්සාගොල්ල ග්රාම නිලධාරී වසම් දෙක යාබදව පිහිටා ඇති බඹරකිරිඇල්ල ඔය හරහා දැනට වදකහමඩ, මාඋස්සාගොල්ල, යන ගම්මාන දෙකක ඍජු ලෙස ද වක්රව තවත් ගම් 03ක් පමණ ද ජීවත් වන ගම් වාසීන් මාතලේ ඉලුක්කුඹුර ප්රධාන මාර්ගයට පැමිණෙන්නේ මෙම ගඟ තරණය කොටගෙනය. එසේම වැසි කාලවල දරුවන් මෙන්ම කුලී වැඩ කරනා මිනිසුන් පවා ගඟ හරහා පැමිණීමට නොහැකිව දැඩි දුෂ්කරතාවයට පත්ව ඇත. බොහෝ කලකට පෙර එවකට ඉංග්රීසි ආණ්ඩුව විසින් ඉදිකළ හෙල්ලෙන පාලම ද දිරාපත්ව සම්පූර්ණයෙන් විනාශව ගොස් ඇත. පසුව කේබලයක් පමණක් දමා ගඟ තරණය කළ ද පසුගිය වර්ෂාවට එයද කඩාගෙන ගොසිනි. ගොවිතැනෙන් යැපෙන මිනිසුන් තම වී අස්වැන්න පවා කරතබාගෙන එන්නේ මෙම ගඟ හරහාය. ප්රදේශයේ අයෙකුගේ මිනී පෙට්ටිය පවා ගෙන යන්නේ මෙය හරහායි. දැනට පාලමක් නොමැතිකමින් ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති අතර ඔවුන්ගේ එකම ඉල්ලීම පයින් ගමන් කළ හැකි පාලමක් සකසා දෙන ලෙසයි. ඉතින් එම අඩුපාඩුව දුරලමින් “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැල අදහස් කරා මෙම ගම්මානයේ මිනිසුන් 200 කට පමණ පරිහරණය කළ හැකි පරිදි අඩි 65ක දිගකින් සහ අඩි හතරාමාරක පමණ පළලකින් යුක්ත ක්රමවත් පාලමක් තනවා දීමට.
මෙම පාලම තැනීම තුළින් ස්වාමීන් වහන්සේලාට සුවසේ මෙම ගම්මානය වෙත ගොස් පිණ්ඩපාතය කර ගැනීමටත්, මෙම මිනිසුන් හට පිනක් රැස්කරගැනීමේ ද දුර්ලභ අවස්ථාව උදා වීම ද මෙයින් වන තවත් යහපතකි.
මේ පිලිබඳ මුහුණු පොත ඔස්සේ දැනුවත් කිරීමෙන් පසු ඉතා ඉක්මනින් ලැබූ ප්රතිචාර හේතුවෙන් මෙම පාලම ඉතා ඉක්මනින් වැඩ කටයුතු සිදුකිරීමට හැකි වූ අතර මේ වන විට මෙම පාලමේ වැඩ කටයුතු අවසන් අදියරේ පවතින අතර නම් සඳහන් කළ නොහැකි තරමක බොහෝ පිරිසක් මෙම පාලම සෑදීම පිණිස දායකත්ව දැක්වූ අතර එම සියලු දෙනාටද “ආහාර පාන ලබා දුන් සියලු දෙනාට ද , මෙම පින්කම සම්බන්ධීකරණය කර දුන් කල්යාණ මිත්ර ලක්ඛන ස්වාමින් වහන්සේ , ලක්ෂාන් මල්ලි ඇතුලු සියලු කල්යාණ මිතුරන්ට ද , රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හට නිවන් පිණිසම හේතු වේවා ! 🙏
තෙරුවන් සරණයි..!
මේ ආකාරයට සසුන් කෙත සංවිධානය විසින් තනා නිම කරන්නට යෙදුණු ඔයාලමට තීන්ත ලීටරයක් ඉෂාන් මල්ලිට සහ මට පූජා කර ගන්න ලැබුණ අවස්ථාව සැලසුණි.
මෙවන් අග්ර ගණයේ පින්කම් කිරීමට සලස්වන සසුන්කෙත නිර්මාණය ඔබට මහත් පිං
February 23, 2021

මාඋස්සගොල්ල වදකහමඩ ගම් යාකර “සසුන් කෙත අස්වද්දමු” මිතුරන් සකසන පාලමේ වැඩ අවසන් අදියරේ

ලක්ෂ 10 වියදමකින් අඩි 65 දිගින් යුක්තව මාඋස්සගොල්ල වදකහමඩ ගම් යාකර “සසුන් කෙත අස්වද්දමු” මිතුරන් සකසන පාලමේ වැඩ අවසන් අදියරේ. මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ