Buddha Pooja බුද්ධ පූජා

බුද්ධ පූජා ගාථා

බුද්ධ පූජාවන් පිළියෙල කොට පූජා කරන්න

තුන් ලොවක් දිනූ තථාගතයාණන් වහන්සේ උදෙසා අප විවිධ පූජාවන් සිදු කරන්නෙමු.එසේ කරන සියල්ල අවබෝධයෙන් කරන්නේ නම් ඉතා යහපත්ය. ඒ නිසා මෙම ධර්ම ලිපිය කියවා නුවැණැසින් අවබෝධ කරගෙන බුද්ධ පූජාවන් පිළියෙල කොට පූජා කරන්න.එය ඔබට යහපත උදාකරාවි.
01. බුද්ධ පූජාව සඳහා යොදා ගනු ලබන භාජන කෙබඳු විය යුතුද ?
බුදුරජාණන් වහන්සේ උදෙසා බුද්ධ පූජාව තැබීමට භාවිතා කරන භාජන ඔබට හැකි පරිදි තෝරාගත් භාජන වූවාට කම් නැත.ඒ මන්ද රජ මැදුරේ දෙන දානය මෙන් දුගී පැලෙහි සිටින අයට නොහැකි බැවිනි.බත් හැන්දක් හෝ බත් මිටක් හෝ ඔබට හැකි පරිදි පූජා කල හැකි භාජන තෝරා ගෙන එයට ආහාර බෙදා පිණ්ඩපාත දානය ලෙස පූජා කරන්න.
02. බුද්ධ පූජාව සඳහා කැප අකැප දේ තෝරා ගන්නේ කෙසේද ?
ඔබට සිතෙන මිනිසුන් ආහාර සඳහා ගනු ලබන දේ බුද්ධ පූජාව සඳහා කැපය.එබැවින් එය ගැටළුවක් කර නොගන්න.ඔබ අභිමත පරිදි පූජා කිරීම යහපත්.
03.බුද්ධ පූජාවට මාංශ තැබීම කැපද ?
බුදුරජාණන් වහන්සේ වදාළේ මිනිසුන් කැමැත්තෙන් දෙන ඕනෑම දෙයක් වළඳන ලෙසයි.නමුත් උන්වහන්සේ පිළිනොගන්නා ලෙස අනුභව නොකරන ලෙස දේශනා කළ මාංශද ඇත.නමුත් මනාපදායි සූත්රයට අනුව මිනිසුන් කැමැත්තෙන් දෙන දෙය පිළිගත යුතු අතර එය වැළඳීම නොවැළඳීම තමා සතු කාර්යයකි.
04. පළතුරු ගෙඩි ලෙසින්ම තැබීම යහපත්ද ?
එය ඔබගේ අදහසට අනුව සිදු කරන්න.වඩා යහපත් එම පළතුරු සුවඳ පැනින් සෝදා කැබලි ලෙස කපා පූජා කිරීම.
05. දානය සකසන විට ලුණු බැලීම යහපත්ද ?
ඔබ දානය පිළියෙල කරනවිට එහි ලුණු බලන්න ප්රමාණවත්ද කියා.එය පාපයක් නොවේ.අප පූජා කරන විට
‘පනීතං මධුරං භෝජනං ඉමං ‘
“ප්රණීත ඉතා රසවත් භෝජනය
යනුවෙන් කියමින් පූජා කරන්නෙමු.නමුත් අප පිසූ ආහාරයෙහි ලුණු අඩුනම් කෙසේනම් එසේ කියම්ද? එය රසවත් අහරක් වේවිද ? නැත එනිසා ලුණු ප්රමාණවත් දැයි බලා පූජා කරන්න.
06.බුද්ධ පූජාව තැබිය යුතු සුදුසුම වේලාව ?
උදෑසන බුද්ධ පූජාව
-පෙ.ව 7.00 ත් 7.30ත්
අතර පූජා කරන්න.
දහවල් බුද්ධ පූජාව
-දහවල් 11.00 ත් 11.30ත්
අතර පූජා කරන්න.
රාත්රි ගිලන්පස
-සවස 6.30ත් 7.00ත්
අතර පූජා කරන්න.
08.මෙසේ ඉතා ගෞරවයෙන් ශ්රද්ධාවකින් බුද්ධ පූජාව පැවැත්වීමෙන් ලැබෙන ආනිශංස මොනවාද ?
(i) දුග්ගතිං නාභි ජානාමි බුද්ධ පූජායිදං ඵලං’ –
දුගතියේ නොයිපදීම බුද්ධ පූජා පැවැත්වීමේ ආනිශංසයයි.
(ii) පටිලද්ධෝම්හි තං පඤ්ඤං බුද්ධ පූජායිදං ඵලං
ප්රඥාව ලැබීම බුද්ධ පූජාව පැවැත්වීමේ ආනිශංසයකි.
(¡¡¡) සත්තරතන සම්පන්නං චක්කවත්ති මහාබලා
සක්විති රජ පදවි ලැබුවේද බුද්ධ පූජාවේ ආනිශංසයනි.
මෙසේ අනන්ත ආනිශංස ගෙන දෙන අසිරිමත් බුද්ධ පූජාව ගෞරවයෙන් සිදු කර පිං රැස් කරගන්න.
තෙරුවන් සරණයි !
ත්රිපිටක විශාරද- වලපනේ රතනවංස හිමි
මනුසත් 💕සමාජ සත්කාරයේ ධර්ම දානයකි !

බුද්ධ පූජාවේ අනුසස්෴

‘බුද්ධ’ යනු චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන, ලෝක සත්ත්වයාට චතුරාර්ය සත්‍ය අවබෝධ කරවූ උතුමන් වහන්සේ යි. උන්වහන්සේ අමතන්නේ බුද්ධ යනුවෙනි.

දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය සතර ලෝකයේ කවදත් තිබෙනවා. එය අවබෝධ කළ යුතු යි. අවබෝධ කර ගැනීමට දාන පාරමිතාව, සීල පාරමිතාව, නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව, පඤ්ඤා පාරමිතාව, වීර්යය පාරමිතාව, ශාන්ති පාරමිතාව, සත්‍ය පාරමිතාව, අධිෂ්ඨාන පාරමිතාව, මෛත්‍රී පාරමිතාව, උපේක්ෂා පාරමිතාව, ආදී දස පාරමිතාවෝ සම්පූර්ණ කළ යුතු ම යි.

පසේ බුද්ධත්වය ලබනවා නම්, උප පාරමිතා වශයෙන් තවත් දහයක් වැඩි විය යුතු යි. දාන පාරමිතා, දාන උපපාරමිතා වශයෙන් විස්සක් වෙයි. ලොවුතුරා බුද්ධත්වය පිණිස පාරමිතා තිහක් පිරිය යුතු යි. එය දාන පාරමිතාව, දාන උප පාරමිතාව, දාන පරමත්ථ පාරමිතාව වශයෙන් කොටස් තුනක් වෙයි. දන් දීම දාන පාරමිතාව යි. අඟ පසඟ ආදිය පරිත්‍යාග කිරීම දාන උප පාරමිතාව වෙයි. ජීවිත පරිත්‍යාගයෙන් දන් දීම දාන පරමත්ථ පාරමිතාව යි. මෙලෙස ඉතිරි කොටස් ද සම්පූර්ණ කළ යුතු යි. මෙලෙස පාරමිතා පුරන්නේ රහතන් වහන්සේලා යි. පසේ බුදුවරු පාරමිතා විස්සක් ද, ලොවුතුරා බුදුවරු පාරමිතා තිහක් ද, සම්පූර්ණ කරනවා. එලෙස අනාදිමත් කාලයක් පාරමී පුරාගෙන එන උතුමා ලොවුතුරා බුදුරජාණන් වහන්සේ නමින් හඳුන්වනවා. අඩුම තරමේ සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පාරමී පිරිය යුතු යි. ඒ ප්‍රඥාවෙන් අග තැම්පත් බෝසත්වරු යි. ඒ උතුමෝ පාරමී ගුණ ධර්ම දියුණුවෙන් බුද්ධ ගයාවේ දී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගත්තා.

බුදුරජාණන් වහන්සේ ප්‍රථම පූජා උපහාරය කරන්නේ බෝධීන් වහන්සේට යි. ලොවුතුරා බුදු වීම සඳහා පිහිට උපනිශ්‍රය වුණ මේ බෝධීන් වහන්සේට ගෞරවය පුද කළ යුතු යි යනුවෙන් උන්වහන්සේ ප්‍රථමයෙන් මහා පූජාවක් දින හතළිස් නවයක් පුරාවටම සිද්ධ කළා. ඉන් අනතුරුව දෙවියෝ ද , බ්‍රහ්මයෝ ද, නාගසුකරණයෝ ද මේ බුද්ධ පූජාව වන්දනාවෙන්, ගෞරවයෙන් සිදු කරන්නට යෙදුණා. එ දවස පටන් මේ බුද්ධ ශාසනය අද දක්වා ම මනුෂ්‍යයෝ , දෙවියෝ, බ්‍රහ්මයෝ අප්‍රමාණ පූජා සත්කාර පවත්වනවා ලොවුතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා. මල්, පහන්, ගිලන්පස , දාන මාන පමණක් නොව වෙහෙර විහාර අති විශාල ධනස්කන්දයක් වැය කරමින් පූජා කරමින් පූජා කරනවා. මැණික්, රත්තරං වැනි වටිනා වස්තු පවා පූජා කරනවා, ඒ බුදුරජාණන් වහන්සේගේ පුණ්‍ය ලාභය අති මහත්. එවැනි මහා උතුමන් වහන්සේ නමකට ඕනෑම කෙනෙක් වන්දනා කරනවා නම්, පූජා සත්කාර කරනවා නම්, එය මෙලොව ජීවිතය සැපවත් කරගෙන, පරලොව සුගතියක වාසය කර නිවන් සම්පත් ලබන්න පුළුවන් පින්කමක්.

මේ ගැන කවුරුත් සිතා කල්පනාවෙන් බහුලව ම බුද්ධ පූජාව කළ යුතු යි. ඇතැමුන් දෙතිස් ව්‍යංජන බුද්ධ පූජාව , ව්‍යංජන දාහක බුද්ධ පූජාව සිදු කරනවා. කැවිලි පෙවිලි, අතුරුපස සීමාවක් නැහැ. මෙවැනි පූජාවන් කරන්නේ කර්ම ඵල විශ්වාස කරගෙන යි. අනේ! අපේ සංසාර ගමන සුවපත් වේවා! සා පිපාසා දී දුකකට කිසිම කලෙක පත් නොවේවා! ඉක්මන් භවයකදී ම දාන පාරමිතාවේ අනුහසින් නිවන් සැප ලැබේවා යන පැතුමෙන් බෞද්ධ ජනතාව මෙවැනි විශාල පින්කම් කරන්නේ. මේවා ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, ඕනෑකමෙන් කරන විට, පින වැඩියි. මේ ගැන කල්පනාවෙන් හැම දෙනාම තුනුරුවන් වන්දනා, පූජාව වැඩි දියුණු කර ගන්න. මේවා සැදැහැ සිතින් කරගත් විට, එය සසරට විපාක ලැබෙයි. බුද්ධ පූජා, වන්දනා මාන පින්කම් කර ගැනීම, ඉතා දුර්ලභ කාරණයක්. ලෝකයේ බුදුවරු අඩුයි. සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයට ම බුදුවරු විසි අට නම යි. තව බුද්ධාන්තරයකින් පසුව මෛත්‍රී බුද්ධ ශාසනය යි. ඉන්පසුව ලෝකයේ බුදුවරු පහළ වන කාලයක සටහනක් නැහැ. ඒ නිසා කවුරුත් මරණය දක්වා ම තුනුරුවන්ට සමීපව වැඳුම් පිදුම් සත්කාර කර ගන්න තුªනුරුවන්ගේ ගුණ ම සිහිපත් කර ගන්න. එය හොඳටම ප්‍රමාණවත්. එවිට තමන්ගේ ශීල ආදිය ගුණ ටික වැඩෙනවා. කරුණා, මෛත්‍රී ගුණ වැඩෙනවා, පූජා සත්කාරයන් ද වැඩෙනවා. එවිට කුමන දෙයකින්වත් අඩු පාඩුවක් , කරදරයක් නැතිව තම ජීවිත පෙළ හොඳින් ගෙන යන්නට පුළුවන්. ඉතාම දුර්ලභ අවස්ථාවක් ලොවුතුරා බුද්ධ ශාසනය. ඒ ගැන කල්පනාවෙන් බුදු සසුනෙන් ලබා ගත යුතු දේ තමන් ලබා ගත යුතු යි.

ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ එක්තරා ආත්ම භාවයක සක්විති රජ කෙනෙක් ව සිටියා. මේ රජතුමා අහසින් ගමන් ගනිද්දී එක්තරා ස්ථානයක ඉහළින් යන්නට නොහැකි වුණා. එහිදී පුරෝහිත බ්‍රාහ්මණතුමා මෙලෙස පැවසුවා. දේවයන් වහන්ස, මේ ස්ථානයට ඉහළින් කාටවත් යන්නට බැහැ. එය ලොවුතුරා බුදුරජාණන් වහන්සේලාගේ නිජ භූමිය යි. එවිට සක්විති රජතුමා, පුරෝහිත බමුණා සමඟින් අහසින් බැස බුද්ධගයා පරිශ්‍රයට පැමිණ වටපිටාව පවිත්‍ර කර, ගෞරවය පුද කර, ළඟ පාත සිටින ඇත්තෝ සවස් කාලයේ හැකිතාක් මල් ගෙන එන්නැ’යි අඬ බෙර යවා ප්‍රකාශයක් සිදු කළා. මෙහි දී කවුරුත් මලින් පිරී ගිය කරත්ත හැටදාහක් පමණ ගෙනවිත් බුද්ධ ගයා භූමියේ අලංකාරවත් අසිරිමත් පූජාවක් සිදු කළා. ඒ පින හේතු කරගෙන සක්විති රජතුමා ගෞතම බුද්ධ ශාසනයේ ‘ආනන්ද’ නමින් මහා රහතන් වහන්සේ නමක් වූවා. උන් වහන්සේ ඉහත ආත්ම භවයන් හි සුගතියක වාසයෙන් සකල සම්පත් ලැබුවා. කුමන දෙයකින්වත් අඩු පාඩුවක් නොවී සුගතිගාමී වන්නට වාසනා සම්පත්තියක් තිබුණා. අතීත ආත්ම භාවයන්හි මහා පුණ්‍යවන්ත රජවරු වුණා. මේ සෑම සම්පතක් ම ලැබුණේ බුද්ධ පූජාවේ අනුසස් නිස යි.

ඇතැම් දිනවල බුදුන් වහන්සේ වඳින්න පුදන්න එන මිනිස්සු බුදුන් වහන්සේ බැහැ දැකීමට නොහැකිව කනගාටුවෙන් සිටිනවා. මේ නිසා ආනන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සැවැත්නුවර ජේතවනාරාමය තුළ බෝධීන් වහන්සේ නමක් රෝපණය කළා. ඒ දෙස බුදුරජාණන් වහන්සේ මදක් සමවත් සුවයෙන් වැඩ හිඳ පූජනීය ස්ථානයක් වශයෙන් ‘ආනන්ද බෝධිය’ නම් වූවා. බුදුරජාණන් වහන්සේ උදෙසා මිනිසුන් ගෙනෙන මල්, පහන්, ගිලන් පස ආදී පූජාවන් බුදුන් වහන්සේ නොමැති වේලාවට මෙහි ගෙනවිත් පූජා කළා. බුදුරජාණන් වහන්සේ ජීවමාන යි. ජීවමාන බුදුන් වහන්සේට කරන පූජාවක් හා සමානයි මේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට කරන පූජාව. ඒ නිසා ශ්‍රද්ධාදී ගුණ යි මෙහි ප්‍රධාන වන්නේ. එදා බුද්ධ ගයාවේ දී කළ අනුහස බෝධීන් වහන්සේලාට දක්වන ගෞරවය නිසා බුදුරජාණන් වහන්සේට, ධර්මයට, සංඝයාට පුදුම ගෞරවයක් දැක්වූවේ. ඒ ගැන කල්පනාවෙන් කවුරුත් වැඩියෙන් පින් දහම් කළ යුතු යි. දාන, ශීල, භාවනා පිළිවෙත් කවුරුත් වැඩි කර ගත යුතු යි. එවිට බුද්ධ පූජාවේ අනුහස් සහ සීලා දී ප්‍රතිපත්ති ඇති වූ විට ලැබෙන්නේ විශාල පිනක්.

සංසාරෙවත් කරගන්නට බැරි පූජාවක් වන්නේ බුද්ධ පූජාව යි. ඒ නිසා ඔබ අප සැවොම කෙතරම් කාර්ය බහුල වුණත් , පූජා පින්කම් සිදු කර , මෙලොව යහපත, සසර සුගතිය සඳහා , නිවන් සම්පත් සඳහා කවුරුත් හොඳින් බුද්ධ පූජාව කර ගත යුතු යි. යන එන විට පවා තුනුරුවන්ගේ ගුණ සිහිපත් කරමින්, සූවිසි ගුණ භාවනාව සම්පූර්ණ කළ යුතු යි. අනිවාර්යෙන් පංච සීලය රැකගෙන පින්කම් සිදු කළොත් , එයින් ලැබෙන පින සීමාවක් නැහැ. මේ ගැන නිතර සිතා කල්පනාවෙන් තුනුරුවන්ට කරන ගෞරවය වැඩිකර ගත යුතු යි. එවිට කිසිවකින් අඩු පාඩුවක් , කරදරයක් වන්නේ නැහැ, සංසාර ගමන දුගී දුප්පත් වන්නේ නැහැ. බුද්ධ පූජාව ලෞකික සම්පත් ලබාදෙන මහා පූජාවක්. ලෝකෝත්තර වශයෙන් නිවන් පසක් කර ගැනීමට හේතුවන මහා පූජාවක්. මේවා ස ංසාරෙවත් කරගන්න පුළුවන්කමක් නැහැ. සමහරවිට අපට අතීතයේ බුදු සසුනක් ලැබුණාදැයි සිතන්න පුළුවන්කමක් නැහැ.

බුද්ධ ශාසනය ලබා ගත්ත ගිහි ,පැවිදි සැවොම හැකිතාක් පින් දහම් කර ගන්න. සිතම හදා ගන්න. එවිට මරණින් මතු සුගතිගාමී විය හැකි යි. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවනට පත් විය හැකි යි. සිත සදාගන්න බැරි වුණොත් කෙතරම් පින් කළත් වැඩක් නැහැ. එසේනම්, සිත හොඳින් කරන පූජාවේ ආනිසංස බිංදු මාත්‍රයක්වත් අඩු වන්නේ නැහැ. ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන පූජාවේ පිනෙන් ම හේතු වෙනවා . බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා, බුද්ධ පූජාව පින්කම. බුද්ධ පූජා පින්කම වර්ණනා කළේ, තමන්ගේ ජීවිතවලට අත්‍යඅවශ්‍ය වන නිස යි. එවැනි පින්කම් කරගෙන ටිකෙන් ටික ඉහළට යා යුතු යි. දානයෙන් ශීලය. ශීලයෙන් සමාධිය, සමාධියෙන් ප්‍රඥාවට යා යුතු යි. මෙවැනි ගුණ ධර්මයන් නිසා ජීවිත හොඳින් බැබළෙනවා. කිසිවකත් අඩුපාඩුවක් නැහැ. හොඳ ජීවිත පෙළක් ලබාගෙන සංසාර සාගරයෙන් එතෙර විය යුතු යි. මේ ගැන කවුරුත් දැන කියාගෙන කියවා තේරුම් ගෙන අන් අයටත් පහදා දී පින්දහම් කරගෙන ශාන්ති ලක්ෂණ නිවන් අවබෝධ වේවා යනුවෙන් කවුරුත් ප්‍රාර්ථනා තබා ගන්න.

අතිපූජනීය කහගොල්ලේ සෝමවංශ හිමි

බුද්ධ පූජාවේ ලුණු ඇඹුල් බැලීම හොඳ ද? නරක ද?

බුදුන් වහන්සේට සමාන උතුමාණන් වහන්සේ නමක් මේ ලෝක ධාතුවේ ම නැත. ඒ නිසාම උන්වහන්සේ අසම සම නම් වන සේක. ඒ උතුමාණන් වහන්සේට භික්ෂු, භික්ෂුණී , උපාසක, උපාසිකා ආදී සිව් වණක් පිරිස විසින් මල්, පහන්, සුවඳ දුම්, කොඩි වැල්, ආහාර පාන, පලතුරු , ගිලන්පස, පැන් ආදිය පිරිනමා වැඳුම් පිඳුම් කරනු ලබති. බෝසතාණන් වහන්සේ දුෂ්කර කි‍්‍රයා කරන කාලයේ දෙව් බඹුන් ආදී පිරිස දිව්‍ය ඕජාවන්ගෙන් පවා බෝසත් සිරුර පෝෂණය කිරීමට සූදානම් වූහ.

බෝසතාණන් වහන්සේ වනගතව වාසය කරන කාලයේ වන සිවුපාවුන් පවා ආහාර පාන පූජා කළ අවස්ථා ද සම්බුදු සිරිතේ සඳහන්ව ඇත. දුප්පත් , පොහොසත්, ජාති , ආගම්, කුල මල භේද ආදී සීමාවන් නැති බුද්ධ පූජාව ජීවමාන බුදුන් වහන්සේගේ කාලයේ සිටම සිදු කරන ලදී. තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පත්වන දිනයේ දී වැළඳූ ප්‍රථම දානය වන සුජාතාවගේ කිරිපිඬු දානයත්, පිරිනිවන් පාන දිනයේදී වැළඳූ අවසන් දානය වන චුන්දසූකරගේ සූකරමද්දවයත් පිරිනැමූ පින්වතුන්ට සමාන ඵල සමානානිසංස ලැබෙන අතර එය සෙසු පිණ්ඩපාතයන්ට වඩා මහත්ඵල මහානිසංස වැඩි බවත් පරිනිර්වාණ සූත්‍රයෙහි වදාරා ඇත.

බුදුන් වහන්සේ අද ජීවමානව නොසිටියත් ජීවමාන බුදුන් වහන්සේ සේ සලකා සම්බුදු පිළිරුවට,සැදැහැති බෞද්ධයෝ ආහාර පාන ආදියෙන් බුද්ධ පූජාව තබන්නේ ගෞරව බහු මානයෙනි. විහාරස්ථානයකදී , නිවසක හෝ දානමය අවස්ථාවකදී උයා පිහා ගත් කොටසේ අග්‍ර වූ ආහාර කොටස බුද්ධ පූජාව වශයෙන් තැන්පත් කරනු ලැබේ.

කෙනෙකු ගේ ශ්‍රද්ධාව වැඩිවෙන තරමට , පුණ්‍ය සිතිවිලි , කුසල සිතිවිලි පෝෂණය වන තරමට,සිතේ පිවිතුරු බව ඇතිවන තරමට බුද්ධ පූජාව අර්ථාන්විත ය. අඳුරට යොමු වූ පාපී සිත මෙවැනි ආමිස පූජාවන්ට මූලික තැන දෙමින් බෞද්ධකම අර්ථවත් කරගැනීමට ඉවහල් වේ. බුද්ධ පූජාවෙන් අපේක්ෂා කරනු ලබන්නේ බුදු පියාණන් වහන්සේ සිහියට නඟාගෙන හෙවත් අරමුණු කරගෙන සිත සාදා ගැනීමේ වැඩ පිළිවෙළකි. ‘මාර්ටිං වික්‍රමසිංහ ශූරීන් බෞද්ධයාගේ බුද්ධ පූජාව , බුද්ධ වන්දනා, දානා මාන පින්කම් බෝධි පූජා කලාත්මක භාවනා වශයෙන් හඳුන්වා ඇත්තේ එහෙයිනි.

ආමිස පූජාවක් වන බුද්ධ පූජාව ප්‍රතිපත්ති පූජාවක් සඳහා පූර්ව කෘත්‍යයක් ද වෙයි. ගසක් සවි බල වීමට නම් එහි ඵලය හා අරටුව වැදගත් ය. බෞද්ධ ජීවිතයේ ඵලය ආමිස පූජාව වන අතර එහි අරටුව ප්‍රතිපත්ති පූජාව යි. බුදුන් වහන්සේ ඇතැම් අවස්ථාවල දී ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම් බවත් ,ආමිස දායාදයට වඩා ධර්ම දායාදය වැදගත් බවත් දේශනා කර ඇත. මේ බුද්ධ වචනය ඇතැම් අය වරදවා අර්ථ කථනය කළ ද එය ධම්ම පදට්ඨ කථා ධම්මාරාම වත්ථුවෙහි මෙසේ සඳහන් කර ඇත. ‘මල් සුවඳ ආදියෙන් මට පුද පූජා පවත්වන්නෝ (නියම ලෙසින්) මා පුදන්නෝ නොවෙත්. ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නෝ (නියම ලෙසින්) මා පුදන්නෝ වෙත් යනුවෙනි.

බුදුන් වහන්සේට ලැබෙන ප්‍රත්‍ය පහසුකමක හෝ බුද්ධ පූජාවේ අඩු ලුහුඬු කමකට හෝ එහි රසයට හෝ නොඇලෙති. එය සම සිතින් විඳ දරා ගැනීම අසම සම වූ බුදුපියාණන් වහන්සේගේ සිරිත ය. එහෙත් පෘතග්ජන අපට ලුණු ඇඹුල් රසය නැතිනම් ආහාර අනුභව කිරීමට අපහසු ය. බුද්ධ පූජාවට තබන ආහාරයෙහි ඇතැම් බෞද්ධයන් ලුණු ඇඹුල් රසය බලන අතර තවත් සමහරෙක් එසේ කිරීම සුදුසු නැති බව දක්වති . එය බොහෝ විට සිදු වන්නේ කරුණු වරදවා වටහා ගැනීම හෝ තම චිත්ත සන්ථානයේ පැන නඟින ශ්‍රද්ධාවේ අඬු ලුහුඬුකම නිසා විය හැකි ය.

සෑම දෙයකටම මුල් වන්නේ තම සිත ය. එය ‘චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි’ බුද්ධ වචනයෙන් පසක් වෙයි. සිතේ ශ්‍රද්ධාව ඇති නම්, තබන බුද්ධ පූජාව පිළිවෙළට, පිළිවෙතින්, ප්‍රණීතව තැබිය යුතු ය. එවන් ප්‍රණීත වූ බුද්ධ පූජාවක් සඳහා පිසින ආහාරයෙහි ලුණු ඇඹුල් රසය බැලීම වරදක් නැත. වරද ඇත්තේ දිවට දැනෙන රසය අල්ලා ගනිමින් ලුණු ඇඹුල් රසය නිතර නිතර බලමින් ආහාරය ගිජු ලෙස අනුභව කිරීම ය. රසය උපාදානය නොකිරීමට උත්සාහවත් කිරීම සෑබෑ බෞද්ධයාගේ පිළිවෙත ය. සෑම පින්කමක්ම කළ යුත්තේ ප්‍රඥාව මූලික කරගෙන ය. ඒ අනුව ආමිස පූජාවක් වන බුද්ධ පූජාව ශ්‍රද්ධාව හා ප්‍රඥාව පදනම් කරගෙන තැබිය යුතු අතර එහි ලුණු ඇඹුල් රස බැලීම ද කළ යුත්තේ ප්‍රඥාගෝචරව ය.

– ජම්මික ප්‍රබෝධනී වැලිකල

ඖෂධ වර්ග 108ක පූජාව

1. උක්ගස් යුෂ
2. කීකිරිදිය යුෂ
3. මොනර කුඩුම්බිය පත්‍ර යුෂ
4. ලුණුවිල යුෂ
5. කෝමාරිකා යුෂ
6. උදුපියලිය පත්‍ර යුෂ
7. කැහිපිත්තං යුෂ
8. තෙබු ⁣පත්‍ර යුෂ
9. හාතාවාරිය පත්‍ර යුෂ
10. ගොනිකා පත්‍ර යුෂ
11. ගස්ලබු කොළ යුෂ
12. කරපිංචා කොළ යුෂ
13. කෙසෙල් බඩ යුෂ
14. වැටකේ ගොබ යුෂ
15. කරවිල කොළ යුෂ
16. කතුරුමුරුංගා කොල යුෂ
17. අක්කපාන යුෂ
18. තුඹ පත්‍ර යුෂ
19. දොඩම් යුෂ
20. දෙහි යුෂ
21. ලෙමන් යුෂ
22. කාමරංගා යුෂ
23. රතු ලූණූ යුෂ
24. දෙළුම් යුෂ
25. උගුරැස්ස යුෂ
26. සියඹලා කරල් යුෂ
27. නෙල්ලි ගෙඩි යුෂ
28. දඹ ගෙඩි යුෂ
29. පේර ගෙඩි යුෂ
30. රට ඉදි යුෂ
31. ඇපල් ගෙඩි යුෂ
32. දිවුල් ගෙඩි යුෂ
33. අඹ ගෙඩි යුෂ
34. මිදි ගෙඩි යුෂ
35. තල් ගෙඩි යුෂ
36. බෙලි ගෙඩි යුෂ
37. ඇටි කෙසෙල් යුෂ
38. මුද්දරප්පලම් යුෂ
39. මී පැණි
40. කිතුල් පැණි
41. තල් පැණි
42. පොල් පැණි
43. කෝපී
44. ග්ලුකෝස් දියර
45. ගම්මාලු කිරි
46. හතාවාරිය මුල් තම්බලා
47. අට්ටික්කා මුල් තම්බලා
48. කොහොඹ පොතු තම්බලා
49. අඹ පොතු තම්බලා
50. කළාදුරු අල තම්බලා
51. බැදපු හාල් තම්බලා
52. බැල තණ මුල් තම්බලා
53. බෙහෙත් බැබිල මුල් තම්බලා
54. මොනර කුඩුම්බිය මුල් තම්බලා
55. කොතල හිඹුටු තම්බලා
56. අරත්ත අල තම්බලා
57. වැල්මී තම්බලා
58. සැවැන්දරා මුල් තම්බලා
59. බුළු පොතු තම්බලා
60. කුඹුක් පොතු තම්බලා
61. කටුපිල තම්බලා

62. කුරුදු පොතු තම්බලා
63. කොහොඹ පොතු තම්බා
64. බෙලි කොළ තම්බලා
65. එරමුසු තම්බලා
66. පොල්පලා තම්බලා
67. පාවට්ටා කොළ/ආඩතෝඩා තම්බලා
68. උදුපියලිය මුල් තම්බලා
69. යකිනාරං පත්‍ර තම්බලා
70. නික කොළ/ පොතු/මුල් තම්බලා
71. සුදු හඳුන් කුඩු තම්බලා
72. රත් හඳුන් කුඩු තම්බලා
73. සූදුරු තම්බාගත් වතුර
74. කරාබු නැටි තම්බලා
75. උලුහාල් තම්බලා
76. මයිල කොළ තම්බලා
77. කුප්පමේනීය මුල් තම්බලා
78. කරල්හැබෝ තම්බලා
79. වල් කොත්තමල්ලි තම්බලා
80. වද මල් තම්බලා
81. බටු මුල් තම්බලා
82. වරකා කොළ තම්බලා
83. හීං බෝවිටියා මුල් තම්බලා
84. මුස්සැන්ද මුල් තම්බලා
85. සුදු ලූණු තම්බාගත් වතුර
86. කොල්ලු තම්බලා
87. බටු මුල් තම්බලා
88. තිප්පිලි තම්බලා
89. වියළි සමන් පිච්ච මල් තම්බලා
90. වද කහ තම්බලා
91. ගංසූරිය පොතු/පිපියා තම්බලා
92. සියඹලා කොළ තම්බලා
93. වේලා ගත් සේපාලිකා මල් තම්බලා
94. කුඹුරු දළු තම්බලා
95. මුකුණුවැන්න නටු තම්බලා
96. පෙරුම්කායම් කැට තම්බලා
97. කරපිංචා පොතු තම්බලා
98. නෙල්ලි මුල් තම්බලා
99. නෙල්ලි පොතු තම්බලා
100. ඉඟිනි ඇට තම්බලා
101. වියළි නෙල්ලි තම්බලා
102. එනසාල් තම්බලා
103. ගොටුකොළ නැටි තම්බලා
104. රසකිඳ වැල් තම්බලා
105. වියළි මුරුංගා කොළ තම්බලා
106. කිතුල් හකුරු දියර
107. අට්ටික්කා පොතු තම්බලා
108. අට්ටික්කා ගෙඩි තම්බලා
109. සේපාලිකා මල් තම්බලා
110. නිල් කටරොළු මල් තම්බලා
111. මාදුරු/කළුදුරු තම්බලා
112. දෙමට පොතු තම්බලා තම්බලා
113. බෙලි මල් තම්බලා
114. දැල්බූටා තම්බලා
115. පප්පාඩගම් තම්බලා
116. සෙනෙහෙ කොළ තම්බලා
117. වෙනිවැල්ගැට තම්බලා
118. කටුවැල් බටු තම්බලා
මෙහි මා සඳහන් කර ඇති ඖෂධ වර්ග ෆේස්බුක් මාධ්‍ය තුළ තිබී උපුටා ගත් බව කරුණාවෙන් සලකන්න ( මෙහි යම් කිසි අඩුපාඩුවක් ඇත්න ම් අනිවාර්යෙන් දැනුවත් කරන්න )

බුද්ධ පූජාව නිවැරදිව තබන්න

බුද්ධ පූජාව එක දවසක් මගහැරුනොත් 
බුද්ධ පූජාව කවදාවත් වැරදිලාවත් සත්තුන්ට 
බුද්ධ පූජාව අවසානයේ එම පූජාවට කුමක්කල යුතුද 
බුද්ධ පූජාවෙන් මහා පිනක් ලබන්න නම්
බුද්ධ පූජාව අපි ආහාරයට ගත්තොත් 
බුද්ධ පූජාව අස් කළ පසු ඊට කුමක් කළ යුතුද?
බුද්ධ පූජාව නැවත පරිහරණය ගැන නිවරැදිව
බුද්ධ පූජාව පස්සේ ඒවට ඔබ මොකද කරන්නේ ? 
බුද්ධ පූජාව සතුන්ට දැම්මට කමක් නැද්ද?
බුද්ධ පූජාව උදෙසා පුජාකරපු දෙයක් ගිහි අපිට
බුද්ධ පූජාව ගැන හරියට අවබෝධ කර ගනී මු
කුඩා භාජන වල බුද්ධ පූජා දානය හෝ ගිලන්පස
බුද්ධ පූජා පිළිබඳ ඔබ නොදත් දේ